IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘රටේ වගකීම බාරගන්න මම සූදානම්’

(අංජුල මහික වීරරත්න)
 
මිලිටරි ආරක්ෂාවෙන් පමණක් රට ඉදිරියට ගෙන යා නොහැකි බවත්, සාමකාමී, සංවර්ධිත රටක් නිර්මාණය කිරීම සඳහා මිලිටරි ආරක්ෂාව සමග ආර්ථික, සමාජ, දේශපාලන ආරක්ෂාව තහවුරු කළ යුතු බවත්, එකී සෑම අංශයකින්ම රට ආරක්ෂා කිරීමේ හැකියාව තමා සතුව පවතින බැවින් රටේ වගකීම බාර ගැනීමට තමන් සුදානම් බවත් එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අද (19) පැවැසීය.
 
නවීන ලෝකයේ පුළුල් විග්‍රහයට අනුව ජාතික ආරක්ෂාව යනු මිලිටරි ආරක්ෂාව පමණක් නොව ආර්ථික, සමාජ, දේශපාලන ආරක්ෂාව ඊට එකතු විය යුතු බවද අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය. 
 
1971 සහ 87 - 88 කාලවලදී ආර්ථික අසමානතාවන් නිසා ආර්ථික ආරක්ෂාව ජනතාවට නොලැබීමේ ප්‍රතිඵලයක් ලෙස ආර්ථිකය පදනම් කරගත් කැරළි රටතුළ නිර්මාණය වූ අතර, එමගින් ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් එල්ල වූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ජතතාවගේ අයිතීන්, ගැටළු, වේදනාවන් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කළ විට ජාතික ආරක්ෂාවට කොතරම්  තර්ජනයක් එල්ල වෙනවාද කියා හොඳින් සිතා බැලිය යුතු බවත් ප්‍රකාශ කළේය.
 
පසුගිය රජය මෙරට ආරක්ෂක අංශ නගර සභාවේ කුණු ඉවත් කරන පිරිසක් බවට පත්කර ඔවුන්ගේ ගෞරවයට හානි කළ බවත්, තමන්ගේ රජයක් යටතේ ආරක්ෂක අංශ වලට අභිමානවත් ලෙස මෙරට ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේ අවස්ථාව ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.  
 
සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ මාතලේ දිස්ත්‍රික්කයේ, ඊරියගොල්ල ඉදි වූ “ශ්‍රීමත් ඇලික් අලුවිහාරේගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (19) සහභාගී වෙමිනි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 257 වන ආදර්ශ ගම්මානය මෙය වේ. 



අදහස් (24)

‘රටේ වගකීම බාරගන්න මම සූදානම්’

sirisena Monday, 19 August 2019 10:12 AM

වගකීම බාර ගැනීමට ප්‍රථම ජනතාව වගකීම ඔබට පැවරිය යුතුය. එවැනි පැවරීමක් නැතිව බාරගැනීමට ඉදිරිපත්වීම ලැජ්ජා නැතිවැඩකි.

:       25       322

කෝ.දහනායකMonday, 19 August 2019 01:52 PM

ජනතාව වගකීම් පැවරීමටත් පක්ෂයෙන් වගකීමට සුදුස්සා කියා නම්කළ යුතුයි නේද? නැත්නම් ජනතාව වුණත් වගකීම් පවරන්නේ නැහැ...

:       1       53

Ravi Monday, 19 August 2019 10:12 AM

විභාග ප්‍රශ්න පත්තරේ දැක්කම කකුල් පණ නැතිවෙලා යන කෙනෙක් කොහොමද රටේ වගකීම් බාරගන්නේ?

:       598       807

විනිවිද Monday, 19 August 2019 11:00 AM

රටේ වගකීම බාරගන්න මම සූදානම් කියමින් රටවටා යන ඔබ ඔබගැනම, අධිතක්සේරුවක සිටින බවක් පෙනෙන්නට තිබේ. නවීන ලෝකයට සරිලන ආකාරයට රට ගෙනයන බව කීවත් පසුගිය රජය සමයේ ඇති දුශිත වූ පාසල් නිල ඇඳුම් ක්‍රමය වෙනුවට වර්තමාන අධ්‍යාපන ඇමැතිවරයා ක්‍රියාත්මක දූෂණයෙන් තොර මුදල් ලබාදීමේ ක්‍රමය අහෝසිකොට යලිත් දූෂිත අතරමැදියා පොහොසත් කරන දූෂිත ක්‍රමය ගෙන එන බව යලියළිත් ප්‍රකාශ කිරීම නිසා ඔබ යන්නේ ඉදිරියටද? නොඑසේනම් ඔබ යනගමන ඔබටම නිවැරදිව පෙනේද කියා ජනතාවට සැකයක් තිබේ.

:       9       163

chinthaka Monday, 19 August 2019 10:29 AM

රණවිරුවෝ හිරේදාද්දී නොදැක්කා වගේ හිටපු, හාමුදුරුවරු හිරේදාද්දි නොදැක්කා වගේ හිටපු, මහබැංකුව හොර කද්දී නොදැක්කා වගේ හිටපු, වරායවල්, එයාර්පෝර්ට් නොරටුන්ට විකුණද්දී නොදැක්කා වගේ හිටපු, කොටින්ම "සිරා" අගමැතිකම ගන්න කියද්දී නායකතුමාට බයේ මේ කියවන්නේ මොන වගකීමක් ගැනද?

:       538       1129

Bandara Monday, 19 August 2019 10:52 AM

අපි ඔයාට දෙන්නේ නැහැනේ...

:       825       857

රවින් Monday, 19 August 2019 10:54 AM

එක ප්‍රශ්න පත්තරයකට ලියා ගන්න බැරි නම් කොහොමද ප්‍රශ්න පොත් ගණනකට උත්තර හොයන්නේ? සිරා හදන්නේ මෑන්ස්ට වැඩිය විකාර කරන කෙනෙක්ව පත්කරගන්න සපෝර්ට් කරන්නයි. එතකොට මෑන්ස් කරපු දේවල් නිකම්ම හොඳවෙනවා, අමතක වෙනවා. බලමුකෝ අපි හොඳේ...

:       256       277

ගල්කටස් Monday, 19 August 2019 10:55 AM

ඉස්සෙල්ලා අපේක්ෂකයා වෙන්නකෝ බලන්න. ඊට පස්සේ අර සහරාන්ද කව්ද එකාට උදව් කරපු අය එක්ක ලගිනවද කියලා බලලා අපි තීරණයක් ගන්නම්. තවත් කටින් බතල කෙනෙක් අපිට එපා...

:       119       222

wimal Monday, 19 August 2019 11:09 AM

"ගෝඨා අපිට අපි ගෝඨාට." ජයවේවා 1000%ක් දිනනවා.

:       2206       2032

pmj Monday, 19 August 2019 11:13 AM

කට විතරයි වැඩ නැහැ.. අවුරුදු 4කට වඩා ආණ්ඩුවේ නේද හිටියේ? නිදාගෙනද හිටියේ? නැත්තන් දැක්කේ නැහැ වගේ හිටියද අනාගන්න දීලා?

:       234       316

නදුන් Monday, 19 August 2019 11:23 AM

ගම් මට්ටම බිම් මට්ටම තම්මැට්ටම.. අපේත් වගකීම බාරදෙන්න තමයි ඉන්නේ.

:       0       0

Bandula. Monday, 19 August 2019 11:25 AM

වගකීම බාරගන්න ලොක්කා කකුලෙන් අදිනවා නේද? අනික දෙන්නේ ජනතාවනේ එ්නිසා ඔය 225ම පරිස්සමින්...

:       0       20

සෙනෙවී Monday, 19 August 2019 11:27 AM

ඒ වුණාට පක්ෂ නායකයා ඒකට ඉඩදෙන්නේ නෑනේ...

:       15       86

casmir Monday, 19 August 2019 01:12 PM

කොහොමත්ම වැඩක් නැහැ. අපිට නිකන් කන්න දෙන, නිකන් ගෙවල් හදලා දෙන නායකයන් අවශ්‍යම නැහැ. අපිට ඕනේ කොන්ද පණ තියෙන ලංකාවේ, ලෝකයේ ඉස්සරහට ගන්න පුළුවන් පිට කොන්දක් තියෙන කෙනෙක්... කොහොමත්ම වැඩක් නැහැ . අපිට නිකන් කන්ද දෙන, නිකන් ගෙවල් හදල දෙන නායකයන් අවශ්‍යම නැහැ. අපිට ඕනේ කොන්ද පණ තියෙන ලංකාවේ ලෝකයේ ඉස්සරහට ගන්න පුළුවන් කොන්දක් තියෙන කෙනෙක්...

:       111       527

සනත් Monday, 19 August 2019 01:37 PM

එම වගකීම ඔබට බාරදීමේ වගකීම අයිති ජනතාවටයි.

:       0       48

chandima Monday, 19 August 2019 02:25 PM

ඔය ඔය කයිවාරු ගහ ගහ ආර්ථික, සමාජ, දේශපාලන ආරක්ෂාව තහවුරු කළ යුතු බව කිව්වට, එ්ක ඔබතුමාගේ සිහිනයක් විතරයි. මැතිවරණයෙන් පස්සේ ඔය කියන විධායක බලතල තියෙන්නේ රනිල් අතේ. එ්කත් අලුත් ජනාධිපති ආණ්ඩුව විසුරුවනකල් විතරයි. ඉන්පස්සේ අලුතින් ජනමත විචාරණයක්වත් දාලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කළොත් එයාගේ සිහිනයත් ඉවරයි. ඒ ව්‍යවස්ථා වෙනසට පැරදුණු අපේක්ෂකයෙකුට නොඑසේනම් ජනතාව ප්‍රතික්ෂේප කළ අපේක්ෂකයෙකුට අායෙත් ඉල්ලන්න බැහැ කිව්වොත්, නැතිනම් ඇමෙරිකාවේ ක්‍රමයට මූලික මැතිවරණයකින් ඒ ඒ පක්ෂවල ජනාධිපති අපේක්ෂකයා තේරිය යුතුයි කියලා කෑල්ලක් අඩංගු කළොත්, කැබැල්ලෑවෝ රොත්ත පිටින්ම විනාශයි...

:       16       104

rohana Monday, 19 August 2019 02:59 PM

මෙතන අදහස් දාලා තියෙන අයගේ කොන්ද පණ නැති විය යුතුයි. අපිට මිනීමරුවන්, හොරුන් අවශ්‍ය නැත.

:       36       21

ශෙහාන් Monday, 19 August 2019 03:09 PM

මේක දන්නේ තමන්ගේ දිස්ත්‍රික්කයේ ඉන්න අපියි හොඳටම. කිසිම දැක්මක් නැති මාධ්‍ය සංදර්ශන කරන්න කෝටි ගණන් වියදම් කරන තමන්ගේ වැඩක්වත් හරියට කරන්න බැහැ.

:       196       232

appuhaami Monday, 19 August 2019 03:42 PM

එයට නොමිනේෂන්වත් හම්බ නොවන බව මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි! ආවත් අපි නම් ඡන්දෙ නොදෙන බවත් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි..!

:       0       29

Chanak los angeles Monday, 19 August 2019 03:44 PM

මේ යුගයක් යලිත් රටට එපා. පක්ෂයෙන් නාමයෝජනා දෙන්න හදනවා නම් බරපතල අපරාධයක්....

:       0       51

Saththaya Monday, 19 August 2019 04:35 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225ම මම එනවා කිව්වොත් ඉවරයි. කාටද අපි ඡන්දෙ දෙන්නේ? මොකද හැමෝම හිතන්නේ ඔවුන් සුදුසුයි කියලා....

:       0       364

Prabha Monday, 19 August 2019 05:42 PM

රටේ වගකීම ගන්න කලින් පක්ෂයේ සාමුහික වගකීම රැකලා පෙන්වන්න.

:       0       7

කෝ.දහනායක Tuesday, 20 August 2019 01:14 AM

මෙම අදහස හරි කියල හිතෙනවා.උදාහරණයකින් කියනවානම් හිතවතුන්ගේ ආධාරයෙන් පසුගිය කාලයේ හම්බන්තොට පාසැල්වලට බස්රථ දීමක් කලානේ.ඒ පරිත්‍යාගශීලීන් ඒවා එහෙම කළේ කවදා හෝ ඒවාට පොළියත් සමග ගැනීමට විය හැකියි. පැරණි කියමනක් තියෙනවානේ අත ලෙවකන්නවත් නැත්නම් මීයක් කැඩීමෙන් වැඩක් නැහැ කියල.එවැනිදේත් ඉදිරියේදී සිදුවිය හැකිබව සිතීම ඡන්දදායකයාට භාරයි.

:       0       0

Nimal Tuesday, 20 August 2019 04:58 AM

ඔයාලගේ කට්ටිය හැත්ත අවුරුද්දක් වගකීමෙන් කරපු හින්ද තමා අද අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ. අපි නාගව ගේනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 4 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 120 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 150 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 656 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 201 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 911 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1622 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site