IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘රටේ ආරක්ෂාව ගැන කිසි පැහැදීමක් නෑ’


 
 
විනීතා එම් ගමගේ
 
රටේ ආරක්ෂක කටයුතු සිදුවන අන්දම පිළිබඳ තමන්ගේ කිසිම පැහැදීමක් නැතැයි තිරසර සංවර්ධන වනජීවී හා ප‍්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේය. 


තමන් හමුදාපතිවරයාව සිටියදී හමුදාවේ පැවැති ජවය හෝ ශක්තිය අද දකින්නට නැති බවත් යුද්ධය පරදින අවස්ථාවල පවා අදට වඩා ජවයක් තිබු බවත් හෙතෙම කියා සිටියේය. 


2015 ජනවාරි 8 වැනිදාට පෙර තමන් සමඟ ආරක්ෂක කටයුතු පිළිබඳ  වත්මන් බලධාරින් සාකච්ඡා කළ නමුත් එදායින් පසු කිසිදු අවස්ථාවක ඒ ගැන එක වචනයක් හෝ කථා නොකලේ යැයි ද අමාත්‍යවරයා කීවේය.


ආරක්ෂක කටයුතුවලදී තමන් දෙකේ කොලේ වෙන්නට ඇතැයි පැවසූ ෆොන්සේකා මහතා තම උපදෙස් හෝ අදහස් වත්මන් බලධාරින්ට වැඩක් නැතිවා වෙන්නට ඇතැයි ද පැවැසුවේය. 


අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ රාජගිරියේ පිහිටි තිරසර සංවර්ධන වනජීවී සහ ප‍්‍රාදේශිය සංවර්ධන අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවක දීය. එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවැසිය. 


‘‘අද යුද්ධය නැති නිසා හොඳයි. නැත්නම් ඇත්තටම රටේ ආරක්ෂාව ගැන සෑහීමකට පත්වෙන්න බැහැ. 


යුද සමයේ 40,000 ක් මිය ගිය කථා ඇහෙනවා. නමුත් හිටියේ එල් ටී ටී ඊ භටයින් 35,000 ක් පමණයි. එයින් 12000 ක් අත් අඩංගුවට ගත්තා. මිය ගිය පිරිස මම හිතන්නේ හාර පන්දාහක් වෙන්න ඇති කියලයි. අවසන් සටන් සමයේ උතුරේ රතුකුරුස සංවිධානය හිටියා. සාමාන්‍ය ජනතාවගේ ආරක්ෂාවට නැවක් තිබුණා. ඔය කියන විදියට හතලිස් දාහක් මියගියා නම් පුදුකුඩි ඉරුප්පුවල උදැල්ලක් ගහන ගහන ගාණෙ ඇට කටු අහු වෙන්න එපායැ. 
 
   



අදහස් (20)

‘රටේ ආරක්ෂාව ගැන කිසි පැහැදීමක් නෑ’

gunarathna Friday, 07 September 2018 01:10 PM

මට ෆොන්සේකා ගැන තිබුණේ ලොකු තරහක්. මේ කතා දැක්කට පස්සේ මගේ හිත ටිකක් වෙනස් වුණා. නමුත් මේ කතා විශ්වාස කරන්නට ටිකක් ප්‍රමාද කරන්න වෙනවා.

:       4       87

BamunuarachchiFriday, 07 September 2018 03:08 PM

එහෙම එකපාරට වෙනස් වෙන්න එපා. බලමු ඊළඟට කියන්නේ මොකක්ද කරන්නේ මොකක්ද කියලා.

:       16       237

Bamunuarachchi Friday, 07 September 2018 01:30 PM

රටේ ආරක්ෂාව ගැන කිසිම පැහැදීමක් නැහැ.. මේ කැලවැද්දෝ මොනවා කරනවාද දන්නේ නැහැ..

:       220       352

Raveendra Friday, 07 September 2018 02:53 PM

අවංකව කියනවා නම් අපට කිසිම දෙයක් ගැන පැහැදීමක් නැහැ. තම තමන්ගේ බඩගෝස්තරය හා බලපරාක්‍රමය ගැන පමණක් හිතන දේශපාලුවන් ඉන්නා රටක මහජනතාවට එවන් කලවැද්දන්ගෙන් හා අම්බරුවන්ගෙන් මොනවා බලාපොරොත්තු වන්නද?

:       0       112

ගලබොඩ ඇත්තේ චමින්ද Friday, 07 September 2018 03:59 PM

මේ පාලකයෝ රටක් ගැන හිතන්නේ නැහැ. සංගක්කාරව ටීම් එකේ තියාගන බැට් කරන්න දෙන්නේ නැතුව බෝල් කරන්න කියනවා වගේ වැඩක්. ඔහුට දැනුමක් ඇති ක්ෂේත්‍රයට ඔහුව පත්කළ යුතුයි. නිකන් හිතන්න නීතිය හා සාමය අමාත්‍යංශය ඔහුට දුන්නොත් මේ රටේ විනය කොතරම් තැනකට එයිද?

:       525       77

ජනිත්Friday, 07 September 2018 05:37 PM

තමන් එක්ක ඉන්න පාතාලේ මිනිස්සු ටික කියලා දන් නැති මිනිහට රටේ නිතිය හා සාමය රකින්න දුන්නොත් හොදට තියෙයි

:       12       166

dasaFriday, 07 September 2018 08:52 PM

විනය මොනවා වුනත් ඉන්න කල වැද්දන් ව දාන්න අලුතින් හිර කුඋඩු හදන්න වෙය්

:       0       62

BamunuarachchiFriday, 07 September 2018 11:07 PM

වදුරෙකුට දැලිපිහියක් දුන්නොත් කොහොම හිටීද කියලා වඳුරා නටවන්නා දන්නවා.

:       88       120

විජිත්Saturday, 08 September 2018 12:45 AM

චමින්ද ඔබ හරි, නමුත් මෙයාව ආරක්ෂක ඇමති කලොත් .." ගම්කබරයා " ඇතුළු පවුලම කුඩු වට දමනවා. රටේ ලොකුම තැන් එකට කැමති නැහැ.

:       315       406

sudarshana - ragama Saturday, 08 September 2018 02:55 PM

ඔබ කියන එකත් ඇත්ත..මෙයාගේ පරණ තරහ හිත ඇතුලේ තියාගෙන ඉන්නේ.අවස්ථාවක් ලැබුනොත් හිටපු ලොක්කා ඉවරයි.

:       0       25

ජයන්ත මිලානෝ Friday, 07 September 2018 04:33 PM

රටක ආරක්ෂාව සම්බන්ධයෙන් බාර දිය යුත්තේ ඒ සම්බන්ධයෙන් මනා අත්දැකීමක් පලපුරුද්දක් ඇති කෙනෙකුට නොවේද? භෝජනාගාරයේදී එකට කන බොන මගුල් තුලාවලදී හමුවෙන, පැතිමාරු කරනකොට සුහදත්වය තබා ගන්න ඕනෑ නිසා මේ දේශපාලකයන් කරන්නේ ජනතාවට බොරුව කරලා කාටත් පොදු රූකඩයක් වැනි කෙනෙකුට මෙම අමාත්‍යධුරය සිදුකිරීමයි.

:       209       1

Geeth fernando Friday, 07 September 2018 04:37 PM

අනිවාර්යයෙන් මෙතුමාට නීතිය, සාමය අමාත්‍යාංශය දිය යුතුමයි. මෙතුමා එඩිතරයි, අවංකයි... කිසිම කෙනෙකුට බයත් නෑ. අපි බලාගෙන ඉන්නේ එය ඉෂ්ටවෙයි කියා...

:       321       116

BamunuarachchiSaturday, 08 September 2018 07:27 AM

ඔය ඔක්කොම හමුදාවට හොඳ සුදුකම් නමුත් දේශපාලනයට තව එක සුදුසු කමක් ඕනේ... ඒ කූඨ බුද්ධිය. ඒක මෙයාට නැහැ. ප්‍රබාකරන් අල්ලා දෙන්නම් කියල මෙරටට පැමිණි ඇමරිකානුවන් එයාපෝර්ට් එකෙන්ම හරවායවන්න බුද්ධියක් මෙයාට නැහැ. ඒක කලේ වෙන කව්රුත්. දෙවන ලෝක යුද්ධයේදී බ්‍රිටිෂ් හමුදාව මෙහෙය වූ ෆීල්ඩ් මාෂල් බර්නාඩ් මොන්ට්ගොමරි දේශපාලනයට ආවේ නැත.

:       0       0

Bamunuarachchi Friday, 07 September 2018 11:37 PM

එයාට කළ හැකි දේ එයාට වඩා අනික් අය දන්නා නිසයි වැඩ දන්නා අය එයාගෙන් ප්‍රයෝජනය ගත්තේ... සංගක්කාරට බෝල් කරන්න දෙන්නේ නැහැ වගේම මෙයාටත් බැරිවැඩ කවුරුත් දෙන්නේ නැත. කොටින්ම ජනතාව මෙයාව ටීම් එකට ගන්නත් අකමැති වුණානේ.

:       34       225

Bamunuarachchi. Saturday, 08 September 2018 01:37 AM

අපිට මුළු රජය ගැනම පැහැදීමක් නැත. ඔබ ඔපමනම රටට ආදරේනම් ඔය ගෙනෙන අලුත් ව්‍යවස්ථාවට ඉඩ දෙන්න එපා. ඒක ඔබලා අවුරුදු 4 යුද්ද කර ගත් ජයග්‍රහණය පාවා දීමක්. දමිලයින් කරන්න හදන්නේ කෙක්කෙන් බැරි උනදේ මේ අමනයින් කවා කොක්කෙන් කර ගන්නයි

:       37       140

shanthaSaturday, 08 September 2018 08:38 AM

දැන් කොහොමත් දෙමළාට ඕන විදිහටනේ කරන්නේ. එ්කාධිපති ජනාදිපති කෙනෙක් ඕනේ. ජවිපයට පිස්සු...

:       0       0

OMG Saturday, 08 September 2018 05:27 AM

නොකිය කියන්නේ මට ආරක්ෂක අමාත්‍යාශය දෙන්න කියලද?

:       43       103

කමනි Saturday, 08 September 2018 09:15 AM

නරියට කුකුල්ලු දුන්නා වගේ හිටීවි.ආමි එකේ හිටපුකාලේ කරපු හොරකම් වලට කුඩුවෙත් හිටියා මතකද.දැන් ඉතින් කලවැද්දෝ අල්ල අල්ල ඉන්න.

:       1       24

senarath Saturday, 08 September 2018 08:09 AM

අබාධිත රණවිරුවන් පාරවල් ගානේ යනවා උද්ඝෝෂණ කරමින් විශ්‍රාම වැටුප ඉල්ලා , ආණ්ඩුව ඔවුන්ට පහරදීලා ඔලු පැලුව. අදටත් කොටසකට විශ්‍රාම වැටුප නැහැ. මෙයා අවිස්සාවේල්ලේදී සුදුකොඩි කතාවක් කියල අහිංසක ද්‍රවිඩ ජනය ලක්ෂ 3 කගේ ජිවිත බේරපු හමුදාව පිටරට්ටුන්ට පාවා දුන්න . දැන් හමුදාවේ ජවයක් ගැන කතාකරනවා නින්දෙන් නැගිටලා වගේ.

:       0       0

shantha Saturday, 08 September 2018 08:34 AM

දැන් කොහොමත් ත්‍රි ෆෝර්සස් ගැන එතරම් සලකන්නේ නැහැනේ... ඒ වගේම රණවිරුවෝ.. මේවා දකිද්දි ඇඟේ මාළු නටනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 181 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


ඩොලරය දින 16 කට පසු හිස ඔසවයි
2024 අප්‍රේල් මස 18 598 0

ඇමෙරිකානු ඩොලරයට සාපේක්‍ෂව ශ්‍රී ලංකා රුපියල දින 16 කට පසුව අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.


විදුලි පනතේ ගැසට්ටුව නිකුත්වේ
2024 අප්‍රේල් මස 18 217 0

විදුලි බල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත


ඉරිදා විනාඩි 2ක් නිශ්ශබ්ද වන්න
2024 අප්‍රේල් මස 18 149 0

‘පාස්තු දින’ ත්‍රස්ත ප්‍රහාරයට වසර පහක් සම්පූර්ණ වන අවස්ථාවේදී එම විනාශකාරී ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනාට පිං අනුමෝදන් කිරීමට ලබන ඉරිදා (21) පෙරවරු 8.45


පරිසර හානි දන්වන් දුරකතන අංකයක්
2024 අප්‍රේල් මස 18 161 0

පාරිසරිකව සිදු කරන වැරදි සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා 1997 සහ 1981 යන කෙටි දුරකථන අංක හඳුන්වා දී තිබේ.


කැබ්-ලොරි අනතුරින් හතරක් රෝහලට
2024 අප්‍රේල් මස 18 314 0

හොරණ අඟුරුවාතොට ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය පාසල ඉදිරිපිට අද (18) බොල්රෝ වර්ගයේ කැබ්රථයක් සහ ඩිමෝ බට්ටා සැහැල්ලු ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවූ අනතුරින


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1395 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site