IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


‘මොන්ටිසෝරි ළමයි ක්‍රීඩා කරනවා වගේ රටේ විදේශ ප්‍රතිපත්ති සකස් වෙලා’

 

(නිමල කොඩිතුවක්කු)

මොන්ටිසෝරි දරුවන් ක්‍රීඩා කරනවා මෙන් රටේ විදේශ ප්‍රතිපත්තිය සකස් වී  ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා කොළඹ දී පැවසීය.

රටේ ආර්ථිකයට, කොවිඩ් පාලනයට, විදේශ ප්‍රතිපත්තියට ආණ්ඩුවට නිසි ප්‍රතිපත්තියක් නොමැතිවීමේ බලපෑම් ඉදිරියේ දී රටට භුක්ති විදීමට සිදුවනු ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි පක්ෂ විපක්ෂනායක කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා මෙසේද කීය.  

“අපේ රට තීරණාත්මක තැනකට ඇවිත් තිබෙනවා. එක පැත්තකින් ජිනීවා මානව හිමිකම් සම්මේලනය ආරම්භ වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් අපේ හිත මිත්‍ර රටක රාජ්‍ය නායකයෙක් වන පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙනවා. තවත් පැත්තකින් රටක් ජාතියක් විදිහට අපි අර්බුද රැසකට මුහුණ දී සිටිනවා.

රට මුහුණ දී තිබෙන මේ තීරණාත්මක අභියෝගයන් පිළිබඳ අපි ජනතාවත් එක්ක අවංක සංවාදයක යෙදිය යුතුයි. අපි ජනතාවට බොරු කතා කියලා සුරංගනා ලෝක මවල වැඩක් නෑ. රට මුහුණ දීලා තියෙන ප්‍රශ්න වල සැබෑ තත්වය පිළිබඳව සංවාදයක්  ඇති කරන්න කියලා මාධ්‍යයෙනුත් අපි ඉල්ලා සිටිනවා.

අද ජිනීවා සම්මේලනයේදී අපි ගැන මොනවද ප්‍රශ්න කරන්නේ කියලා සොයා බැලිය යුතුයි. අතීත සිදුවීම් ගැනද ප්‍රශ්න කරන්නේ එහෙම නැත්නම් වර්තමාන ගමන් මාර්ගය ගැන ද ප්‍රශ්න කරන්නේ කියලා විමසා බැලිය යුතුයි.

අපිට වඩාත්ම හිතමිත්‍ර රටක රාජ්‍ය නායකයා වන පකිස්ථානු අග්‍රාමාත්‍යවරයා දිවයිනට එනවා. මුලින් මාධ්‍ය වාර්තා කළා ඔහු පාර්ලිමේන්තුව අමතනවා කියලා. දැන් ඒක අවලංගු කරලා තියෙනවා. විදේශ ප්‍රතිපත්තියේ එක්ක මොන්ටිසෝරි ළමයි වගේ සෙල්ලම් කරන්න බැහැ. නිදහස ලැබූ දා සිටම අපේ හිටපු නායකයෝ ඉන්දියාවේ, පකිස්ථානයේ වැදගත්කම පිළිබඳව සළකා බැලුවා.

ඉම්රාන් ඛාන් පාර්ලිමේන්තු සැසිය අමතන එක අවලංගු කළේ පකිස්ථානයත් එක්ක සාකච්ඡා කරලද කියලා අද සමාජ මාධ්‍ය වල වාර්තා පළ වනවා. සැබෑ හේතුව මොකක්ද කියලා ජනතාවට  වහාම හෙළිදරව් කළ යුතුයි.

ජාත්‍යන්තර දේශපාලනය හරියට තුලනය කර ගන්නේ නැතුව අපේ රට කොහාට ගෙනියන්න හදනවද කියලා අපි දන්නෙ නැහැ. අපේ විදේශ ප්‍රතිපත්තිය අද කලාපීය වශයෙන් අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ජිනීවා සම්මේලනයේදීත් ලෝකය ඉදිරියේ දීත් අපේ විදේශ ප්‍රතිපත්තිය අද අභියෝගයට ලක් වෙනවා.

මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව දිහා බැලුවාම එයා ප්‍රශ්න කරන්නේ අතීතය ගැන නෙවෙයි. ඇය ප්‍රධාන වශයෙන් කරනු 6ක් මතු කරනවා.

ඒ අනුව සිවිල් පාලනය මිලිටරීකරණය කිරීම, ව්‍යවස්ථා සංවරණ ඉවත් කිරීම, අපරාධ සහ මානව හිමිකම් කඩ කිරීම සදහා දේශපාලන බලපෑම් සිදුකිරීම, බහුතරවාදී වී අනිකුත් ජන කොටස් ඉවත් කිරීමේ ප්‍රවණතාවය, පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වයට සහ නිදහසට හානි වන විදියට රජය විසින් නිරීක්ෂණය කිරීම සහ  සිවිල් සමාජයට බලපෑම් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය සීමා කිරීම, අළුත් මානව හිමිකම් ප්‍රශ්න පිලිබඳ එයින් ප්‍රශ්ණ කරනවා.

අපි අතීතය අමතක කරලා තියෙනවා කියලා කොමිෂන් සභා වාර්තාව පැහැදිලිවම කියලා තියෙනවා. අපි කතා කරන්නේ වර්තමාන ප්‍රශ්න ගැන කියලා කොමසාරිස්වරිය කියනවා. සංහිඳියාව සහ ජාතික එකමුතුව වැනි කරුණුවලින් ක්‍රමානුකූලව ඉවත් වෙලා කියලා තියෙනවා. මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි බැඳිලා ඉන්නවා.

මේ කතා කරන්න අපේ රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගැන. ඒ නිසා අපට මෙවයින් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ.

අපේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වලට දාන තහංචි ගැන තමයි ඇය ප්‍රශ්න කරන්නේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පැවැත්මට ඇතිවෙලා තියෙන බාධා ගැන තමයි ඇය මතු කරන්නේ. අපි ජනතාව ගැන හිතමින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගත යුතුයි.

මේක විශ්ව ගම්මානයක්. අපි ලෝකයත් එක්ක බැඳිලා ඉන්නේ. අපිට ප්‍රශ්න වලින් ගැලවිලා යන්න බැහැ. අපට වගවීමක් තිබිය යුතුයි. දේශප්‍රේමී කියන ලේබල් ගහගෙන පුරවැසියන්ගේ අයිතිවාසිකම් වලට බලපෑම් කරන්න අපිට බැහැ.

කොවිඩ් කළමනාකරණය ගැන අද වෛද්‍ය සංගමය ඇතුළු සෞඛ්‍ය අංශ ප්‍රශ්න කරලා තියෙනවා. මුලින්ම අපි කොවිඩ් ගැන කතා කරහම ආණ්ඩුව ඒ ගැන උපහාසයට ගත්තා. එන්නත් වෙනුවට මිත්‍යාව පසුපස දිව්වා. තවම කොවීඩ් එන්නත දීලා තියෙන්නේ  ලක්ෂ හමාරකට දෙකට වගේ පිරිසකටයි. අඩුගානේ මේ වෙනවිට රටින් භාගයක්වත් එන්නත දීල තියෙන්න ඕන. අනිත් රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු බලවත් රටවල් එක්ක සාකච්ඡා කරලා තමන්ගේ රටට මේ එන්නත ලබා ගන්න ඉක්මන් වුණා. මේ ප්‍රමාදවීම රටට බලපානවා.

ආර්ථිකමය අතින් අපි ඉතාමත්ම තීරණාත්මක කඩඉමකට පත්වෙලා තියෙනවා. අපේ රටේ ආර්ථිකය ණය පොලී ගෙවීම් ගැන විදේශ සංචිත ආදිය ගැන අවංක සංවාදයක් ඇති විය යුතුයි. පාර්ලිමේන්තුව කියන සුරංගනා කතා වලට අපේ ජනතාව මුළා වෙලා හිටියොත් අපිට යන්න වෙන්නේ රුවන්ඩාව වගේ තත්ත්වයකටයි. මේ රට මෙහෙම යන්න දෙන්න බැහැ ප්‍රබුද්ධ සමාජය අවදි විය යුතුයි.

අපි ඉදිරියේ තියෙන මේ අභියෝග ජය ගන්න පටු පක්ෂ භේදයකින් තොරව විවෘතව කටයුතු කරමු කියලා අපි මේ රජයෙන් ඉල්ලා සිටිනවා. මාධ්‍යයටත් එතැනදි විශාල වගකීමක් තියෙනවා. ඇතැම් මාධ්‍ය කරනවා වගේ රජයට ප්‍රශස්ති ගායනා කරලා රජයට ආවඩන්නේ නැතිව විවෘත සංවාදයක් ඇති කරන්න කියලා අපි මාධ්‍යයෙන් ඉල්ලා සිටිනවා.



අදහස් (6)

‘මොන්ටිසෝරි ළමයි ක්‍රීඩා කරනවා වගේ රටේ විදේශ ප්‍රතිපත්ති සකස් වෙලා’

Senarath Tuesday, 23 February 2021 09:22 AM

අපොයි, ඔබතුමාට ගරුකරනවා. තුන්වැනි පන්තියට වැටුණු දේශපාලකයකු නොවන නිසා.. ඒ වුණාට ඔය කතාව කිව්වද මංගල සමරවීර 2017දී සම අනුග්‍රහය දීලා අපේ රටට විරුද්ධව ගෙනා යෝජනා බාරගන්නකොට. හිටපු අගමැති රටේ ආර්ථිකය 6% වර්ධනයේ සිට 2018 වෙනකොට 4%ට අඩුකරලා.. මම රට සංවර්ධනය කළා.. දැන් තියෙන්නේ ආර්ථිකය හදන්න.. කියනකොට..

:       16       96

SUNIL MILANO Tuesday, 23 February 2021 10:39 AM

පුතාණෝ සහ නඩයේ මොන්ටිසෝරි කතා...

:       12       53

Raveendra Tuesday, 23 February 2021 10:56 AM

මාකර් ගොයියා හිතාගෙන ඉන්නේ ඒ ගොල්ලෝ දියවන්නාව පට්ටියේ රජ වෙලා ඉන්නකොට එකටඑක අනුපාතයට කොන්ක්‍රීට් දැම්මා වගේ විදේශ ප්‍රතිපත්ති තිබුණා වගේනේ.. අම්මපා මාකර් ගොයියෝ මුන්නැහේ කොයි පැත්තෙන්ද කතාකරන්නේ කියලා අපිට පහදා දෙන්නකෝ...

:       11       74

Kakiyana Lea Tuesday, 23 February 2021 01:55 PM

රුවන්ඩාව ගැන මොනවද දන්නේ? ඒකද පල්ලිවල කඩු ගෙනත් හංගලා තිබුණේ? 1994දී රුවන්ඩාවටත් වුණේ ඕකම තමයි...

:       3       45

කපුරු හාමි Tuesday, 23 February 2021 02:15 PM

බලය තියෙන කොට නොකියපු කතා බලය නැති වුණාම කියනවා. දේශපාලුවෝ කවුරු කවුරුත් ඔහොම තමයි.

:       4       46

Bandara Tuesday, 23 February 2021 09:31 PM

මහත්තයෝ මංගලලාගේ කාලේ ඔබතුමා නිදාගෙනද හිටියේ...?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සය දරු පියා අකුණු සැරෙන් මරුට
2024 අප්‍රේල් මස 16 0 0

ඇතිමලේ කොටියාගල හතේඇල ප්‍රදේශයේ කුඹුරක වැඩකරමින් සිටි ගොවියෙකු අකුණුසැර වැදීමෙන් මියගොස් ඇතැයි ඇතිමලේ පොලීසිය පවසයි.


නව හැවිරිදි දරුවා ළිදට බිලි
2024 අප්‍රේල් මස 16 59 0

ගම්පොළ අඹගමුව පාරේ අතහැර දමා තිබූ අනාරක්ෂිත ළිඳකට වැටී නව හැවිරිදි පිරිමි දරුවෙකු මිය ගොස් ඇතැයි ගම්පොළ පොලිසිය පවසයි.


දවසේ කාලගුණ
2024 අප්‍රේල් මස 16 80 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව ක


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 3160 0

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


ඉන්දීය ලූනු අපනයන තහනම ලංකාවට ඉවත් කරයි
2024 අප්‍රේල් මස 15 1532 0

ලොකු ලූනු අපනයන කිරීමට ඉන්දියාව පනවා ඇති තහනම ශ්‍රී ලංකාව සඳහා පමණක් නිල වශයෙන් ඉවත් කර ඇතැයි මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.


අගරදගුරු මාරි තුමන්ට සිඩ්නි නුවරදී පිහි පහරක්
2024 අප්‍රේල් මස 15 2927 0

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේ දේව මෙහෙයක් පවත්වන අතරතුරදී අගරදගුරු මාරි එමානුවෙල් පිහි ඇනුමකට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 133 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1402 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1341 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site