IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘මහ නාහිමිවරු ඉල්ලීමක් කළොත් ඥානසාර හිමියන්ට සමාව දීම ගැන ජනපති සළකා බලාවි’

(ඩයනා උදයංගනී)

 

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදෙන ලෙස මහ නායක හිමිවරුන් ඉල්ලීමක් කළහොත් ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් පියවරක් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලැබුණු තීන්දුව පිළිබඳව තමන් කණගාටුවට පත්වන බව කී අමාත්‍යවරයා කෙසේ වෙතත් රටේ නීතිය භික්‍ෂූන් වහන්සේලාටත් අදාළ බව සඳහන් කළේය.

 

ඥානසාර හිමියන්ට එම තීන්දුව ලැබී ඇත්තේද නීතිය අනුව බව ඇමතිවරයා කීවේය.

 

උන්වහන්සේට ක‍්‍රියාත්මක වූ නීතිය අනෙකුත් අයටත් ක‍්‍රියාත්මක විය යුතු බව ද ඇමැතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

 



අදහස් (27)

‘මහ නාහිමිවරු ඉල්ලීමක් කළොත් ඥානසාර හිමියන්ට සමාව දීම ගැන ජනපති සළකා බලාවි’

Buddika Friday, 10 August 2018 02:26 PM

වැඩක් කළ අයට නීතිය නීතිය ලෙස ඉටුවිය යුතුයි. සමාවක් දීම වැරැදි පූර්වාදර්ශයක් වේවි.. උසාවියකට ගිහින් කට අරින්න කළින් ඔළුව පාවිච්චි කළා නම් මේක වෙන්නේ නැහැ.

:       67       307

SakwithiSaturday, 11 August 2018 06:19 AM

බුද්ධික, ඥාණසාර හාමුදුරුවෝ කතා කළේ ඔබත්, මමත්, රටත්, බේරාගත් රණවිරුවන් වෙනුවෙන්. බුද්ධියෙන් හිතන්න.

:       511       238

Sapumal.Saturday, 11 August 2018 08:20 AM

සක්විති මහතාණෙනි, ඔබතුමාගේ කතාව හරි. ඒත් අධිකරණයකදී විනිසුරුතුමාට බැණ වැදීමෙන් අධිකරණයට අපහාස වෙනවා. එය පූර්වාදර්ශයක් කරගෙන රටේ අවනීතිය රජවෙනවා. ඒ නිසා එය විශාල වරදක්... ඔය හාමුදුරුවන්ගේම කට්ටිය තමයි අධිකරණයට අපහාස කරා කියා රන්ජන්ට නඩු දැම්මෙත්. රන්ජන් වැරදි නම්, ඔහුටත් දඬුවම් ලැබේවි!!!

:       0       252

SamanSunday, 12 August 2018 05:14 AM

හැබැයි නඩු තීන්දුවේ තියෙනවා, ඔය කියන සැකකාර හමුදාවේ අය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයාත් , ඥාණසාර හාමුදුරුවන්ට විරුද්ධව කටයුතු කරන හැටියට මහේස්ත්‍රාත් වරයාට කිව්වා කියලා..

:       0       0

rahulSaturday, 11 August 2018 09:28 AM

ඥානසාර හාමුදුරුවෝ කට ඇරියට බුද්ධික නම් කට අරින්න එපා. ඔයත් කියාවි අපේ හමුදාව දෙමල ජනතාවට රසායන අවි වලින් පහර දුන්නා කියලා.

:       188       24

JCN Friday, 10 August 2018 02:49 PM

ශාසනයට නිගරු වන දුස්සීල භික්ෂූන් වෙනුවෙන් පෙනී සිටින්න එපා හාමුදුරුවනේ... එහෙම කළොත් ඔබ වහන්සේලාටත් නිගාවක්...

:       1268       1810

BamunuarachchiFriday, 10 August 2018 05:06 PM

සාසනය රැකගන්න මෙවැනි හාමුදුරුවරු දුසිම් ගණනක් මෙරට ඕනේ.

:       0       0

savanthSaturday, 11 August 2018 09:29 AM

දුස්සීල කියන එකේ තේරුම දන්නවද? විනය පිටකය කියවලා දන්නා දේ කියන්න.

:       155       68

චාර්ලිස් Saturday, 11 August 2018 05:48 PM

ඇයි ඔබතුමා දන්නවානම් කියන්නකෝ.

:       0       0

isurandiSunday, 12 August 2018 08:53 AM

ඔබ දන්නවා නම් දුශ්ශීලය පැහැදිලි කරන්න. මොකද හැමෝටම විනය පිටකය තියා ආගමක් දහමක්වත් හදාරන්න කාලයක් නැහැනේ අද කාලේ...

:       0       0

වසන්ත Friday, 10 August 2018 03:40 PM

අද මහ නාහිමිවරුන්ට විශේෂ වගකීමක් තිබෙනවා. සංඝ විනය පවත්වාගෙන යාම. මෙය අතපසු වීම නිසා බුද්ධාගමේ නියම හරයන්ගෙන් ජනතාව ඈත් වෙමින් පවතිනවා. බුද්ධාගම වැනි සෞම්‍ය ආගමක් අද චණ්ඩින් අතට පත්වෙමින් තිබෙනවා. අද මහ නාහිමිවරුන්ගේ කාර්යය විය යුත්තේ දුස්සීල මහණුන් සිවුරු හරවා ශාසනයෙන් යැවීමයි. මහ නාහිමිවරුන්ගේ නිහැඬියාව කණගාටුදායකයි.

:       56       635

ravi Friday, 10 August 2018 03:57 PM

චම්පික මහත්තයෝ ... බොරුවට කියන්නේ නැතුව සම්පූර්ණයෙන්ම අහෝසි කරලා දාන්න. ඊට පස්සේ අපි ඔක්කොටම ඕන ඕන විදිහට හුදකලාව ගතකරන්න පුළුවන්නේ...

:       61       39

dingirala Saturday, 11 August 2018 01:46 AM

නීතිය කාටත් එක සමානව ක්‍රියාත්මක විය යුතුබව කව්රුත් පිලිගන්නවා. එහි විවාදයක් තිබිය නොහැකියි. එහෙත් සංඝයා වහන්සේලා ප්‍රචණ්ඩත්වයට තල්ලු වන්නේ රට ජාතිය සහ ආගම පිලිබඳ වැදගත් ප්‍රශ්නවලදී කපටි දුෂිත දේශපාලුවන් විසින් සැමටම නීතිය සාධාරණව ක්‍රියාත්මක කිරීම පසෙක තබා අවස්ථාවාදී ලෙස අසාධාරණ ලෙස ක්‍රියා කරමින් කල් මැරීම සහ මග හැරීම නිසයි. එවැනි අවස්ථාවලදී නිර්භීත ස්වාමින් වහන්සේලා ප්‍රමාණය ඉක්මවා අවේගශීලීව කටයුතු කිරීමට යාමෙන් අමාරුවේ වැටෙනවා.

:       0       0

rocky Saturday, 11 August 2018 03:31 AM

දුස්සීල මහණුන් ශාසනයෙන් පලවා හැරීම නොකලොත් වැඩි කලක් නොගොස් ශාසනයත් මේ ආණ්ඩුව මෙන්ම පීචන් වන බව ශාසනාලයෙන් කිව යුතුව ඇත! පහු ගිය දා රැකී රක්ෂා ඉල්ලා උපාධිකාරයින්ගේ විරෝධතා පෙළපාලියේ හාමුදුරුවන් වැඩමකළේ" කළු පටි" බැඳගනයි! මේ චීවරධාරීන් මහණ වුනේ රැකීරක්ෂා අපේක්ෂාවෙන්ද? ඉතාමත්ම කණගාටුදායක තත්වයකි. මහා නායක හාමුදුරුවරුන්ට මේවා පෙනිය යුතුය. අර හාමුදුරුවන්ට හිර දඬුවම් ලැබීම ගැන කිසිම බෞද්ධයෙක් කණගාටු විය යුතු නැත.

:       62       253

jayasekara Saturday, 11 August 2018 04:15 AM

වසන්ත සහ ඉහළින් කමෙන්ට් කරපු කෙනාට.... ඕගොල්ලෝ දෙන්න කියන විදියට මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි... වාරියපොළ ශ්‍රී සුමංගල හිමි වගේ අපේ එඩිතර හාමුදුරුවරු ඔක්කොම විනය විරෝධී හාමුදුරුවරු... දුස්සීල හිමිවරු... මොකද ඉංග්‍රීසි කොඩිය බිම දාල පාගපු අයනේ... එතකොට අපේ රට ගැන කැක්කුම තියන අතීත එඩිතර හිමිවරු චන්ඩිද? සිංහල බෞද්ධයෝ හැටියට ඔය දෙන්නම ලැජ්ජාවෙන්න ඕනෑ... මහනාහිමිවරු නිහඬවෙන එක ගැන කණගාටු වෙන්න ඕනෑ... ශාසනය වෙනුවෙන් කතා නොකරන එක ගැන.. ඒක නිසා තමයි ශාසනය ගැන කැක්කුමක් තියෙන හාමුදුරුවරු ඒ ගැන කැක්කුමකින් කතා කරන්නේ...

:       150       124

niresh Saturday, 11 August 2018 05:02 AM

මොකක්ද මේ ලැජ්ජා නැති වැඩේ. දඬුවම් දුන්නම ඕනම කෙනෙක්ට එකයි. වෙනසක් නැහැ. හිමුදුරුවො කෙනෙක් නම් ඉන්න ඕනෙ ඒ විදිහට...

:       9       155

ramaniSaturday, 11 August 2018 09:32 AM

නිරේෂ්, නිරයට යන ගමන් ප්‍රභාකරන්ටත් කියාගෙන යන්න මිනිහෙක් වුනාම මිනිහෙක් විදිහට ඉන්න කියලා. අනික් අයටත් හම්බවුනාම කියන්න සිංහලයෙක් නම් එහෙම ඉන්න කොටි වෙන්නේ නැතුව කියලා. එයා එහෙම හිටියා නම් අපේ හමුදාව යුද්ධයට යන්නේ නැහැ. ඊට පස්සේ කොහෙවත් ඉන්න අයගෙන් රසායන අවි පාවිච්චි කළා කියලා බොරු අහගන්නත් වෙන්නේ නැහැ..

:       223       145

pawan Saturday, 11 August 2018 05:14 AM

ඔන්න ගෝලයා වෙනුවෙන් ගුරා කතා කරනවා. ඔය බොදු බලේ හදලා පෝෂණය කලේ ඔබතුමායි.

:       1       145

nimaSaturday, 11 August 2018 07:18 AM

හරියට කිව්වා ඔයා. මෙයා එකේ නොපෙනන බලවත් සාමාජිකයෙක්. ළමයා කොනිත්තනවා තොටිල්ල නලවනවා.

:       0       85

samSaturday, 11 August 2018 07:29 AM

එතකොට මොකද රාජිත ඒක ගෝඨාභය පිටින් ඇරියේ. ඒ විතරක් නෙවෙයි. ජේ සී වැලිඅමුණ කියන පුද්ගලයා ඕස්ට්‍රේලියාවේ එස් බී එස් රූපවාහිනී සේවයේ සම්මුඛ සාකච්ඡාවකට ඇවිත් ප්‍රසිද්ධියේම බොදුබලය සහ ගෝඨාභය එකතු කර සිංහල බෞද්ධයින්ටත් බැන්නා. ඔහු සමග හිටි දෙමල ජාතිකයෙක් පවා ඒ ගැන පුදුමයෙන් බලා හිටියේ. පස්සේ තමයි චම්පික සහ බොදු බලයේ සම්බන්ධය එළියට ආවේ.

:       0       43

නාසා Saturday, 11 August 2018 05:15 AM

නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක විය යුතුය.. මහ නාහිමියන් මෙවනි ඉල්ලීමක් කළහොත් එය ඉතාම නරක පූර්වාදර්ශයක් වනු ඇත...

:       7       118

ravi Saturday, 11 August 2018 07:08 AM

යම්කිසි වරදකට, කෙනෙක් වැරදිකරුවෙක් වුණා නම්.. ඊට පස්සේ ජනධිපතිට කියලා හෝ මැතිඇමැති, මන්ත්‍රීලාගෙන් බලපෑම් කරවන එක නීතියක්ද?

:       2       27

sampath Saturday, 11 August 2018 07:15 AM

මහනාහිමියනි, භික්ෂුන්ට දඬුවම් කිරීම බුද්ධ ධර්මයේ විනය පිටකයට අනුව මහා නාහිමිවරුන් විසින් සිදුවිය යුත්තක්. ඔබ වහන්සේලාගේ අධිකරණ සංඝ නායක තනතුරු පවත්වාගෙන යාමේ අරමුණ කුමක්ද? ගිහියන් විසින් භික්ෂූන්ට දඬුවම් ලබාදීම යනු බුද්ධ ශාසනයට වන විශාල නිගාවක්... බුද්ධ ධර්මයට නිගාවීමට ඉඩ නොහැර ඔබ වහන්සේලා ඉදිරියට පැමිණ ඥානසාර හිමියන්ව මෙම ගිහියන්ගේ හිර ගෙදරින් මුදාගෙන වරදක් ඇතොත් බුද්ධ ධර්මයේ විනය පිටකයට අනුව දඩුවම් කරන්න.. නැත්නම් ගිහි නීතිය ඉදිරියේ බුද්ධ ධර්මය හා විනය පිටකය හෑල්ලුවට පත්වනු ඇත.

:       292       275

senarath Saturday, 11 August 2018 07:41 AM

නීතිය කාටත් එක වෙන්න ඕනේ කියලා මෙයා කියනවා. ඒ වුණාට මෙයාගේ වැරදි වලට නීතිය ක්‍රියාත්මක වුණාද? අර ළමයට බරපතල තුවාල කර වාහනේ හප්පලා. කෝ නීතිය ක්‍රියාත්මක වුණාද? මේ හාමුදුරුවොත් මේ තත්වෙට පත් කලේ මේ ඇමතිතමයි. මෙයාගේ ජනාධිපති හීනෙට උරදෙන්න ගිහිල්ලා අද හාමුදුරුවෝ අමාරුවේ වැටිලා. දැන් මහනාහිමිලාගෙන් ඉල්ලීමක් කරලා බේරගන්න බලනවා. මේ ආණ්ඩුවේ ඉන්න පින් ඇමති කෙනෙක්. ලොකු කතා විතරයි. හැබැයි වැඩ නැහැ.

:       111       134

ravi Saturday, 11 August 2018 01:11 PM

මේක තමයි අපේ රටට වෙලා තියන හෙනේ.. ! නඩුත් රජුගේ.. බඩුත් රජුගේ.. !

:       0       39

rocky Sunday, 12 August 2018 12:06 PM

සම්පත්. නොදන්න දේවල් ගැන කතා කරන්න එපා. බුද්ධ නීතිය කියා එකක් කොහෙවත් නැහැ. විනය සම්බන්ධ වෙන්නේ භික්ෂූන්ගේ චර්යා පැවතුම් වලටයි. බුදුන්වහන්සේ ඒවා පනවන්න පටන්ගත්තෙත් ශාසනය පිහිටුවලා අවුරුදු 20 ක් විතර ගියාට පස්සේ... අපරාධ නීති සංග්‍රයක් බුදුහාමුදුරුවෝ සකස් කරලා නැහැ. මහාවංශයේ, නිකාය සංග්‍රහය, ශාසන ඉතිහාසය එහෙම නිකමට පෙරලලා බලන්න. අඩු ගන්නේ පොළොන්නරු කතිකාවත ගැනවත් දන්නේ නැත්නම් කතා නොකර ඉන්න. රජවරු දුසිල් මහණුන්ට හංවඩු ගහලත් තියනවා. මොන ආගමක පූජකයන් වුණත් ජීවත් වෙන්නේ ජන සමාජය තුළ නම් ඔවුන් කවුරුත් වෙනසක් නැතුව රටේ පොදු නීතියට යටත් විය යුතුයි. එ්ක අනිවාර්යයෙන්ම විය යුතු දෙයක්. අද භික්ෂු සමාජය තදින්ම පිරිහිලා. රස්සා ඉල්ලා ගෙන විරෝධතා පෝලිමේ යනවා සමහරු කළුපටි බැඳගන. මේ උන්නැහේලා මහණවුනේ පිනට කාලා, පිනට ඉගෙනගෙන, ගිහියන්ට ලැබියයුතු රස්සාවල් වලටත් ගිහිල්ලා ජාතියේ පරපෝෂිතයන් දේශපාලුවන්ගේ ගැත්තන් වීමටද?

:       0       0

rocky Sunday, 12 August 2018 12:36 PM

ජයසේකර උන්නැහේ මොනවද උන්නැහේ මේ කතා කරන්නේ...? ඔහෙලා මේ මිගෙට්ටුවත්ත ගැන කතාකෙරුවට ඒ හාමුදුරුවන්ගේ නම වත් හරියට දන්නේ නැතුවනේ කතා කරන්නේ. ඔය කියන්නේ කොටහේනේ දීපදුත්තමාරාමයේ වැඩ වසපු මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ ගැන නේද? උන්වහන්සේ නම ලිව්වෙත් අත්සන් කලෙත් මොහොට්ටිවත්තේ ගුණානන්ද කියලයි. මම මේ ගැන මීට පෙර පත්තරවලට ලියලත් තියනවා, හොඳට කරුණු හොයල බලලා. පහුකාලෙක මිගේට්ටුවක් ගහලා උන්වහන්සේට අවමන් කිරීම අපේ උන්නැහේලගේ හැටියක්නේ! වාරියපොළ හාමුදුරුවෝ ඉංගිරිසි කොඩිය බිම දාලා පෑගුවා කියන කතන්දරේ අහුලා ගත්තේ කොහෙන්ද? ඉතිහාසේ පොඩ්ඩක් හරි පෙරලලා බලන්නකෝ මේ මෝඩ කොමෙන්ට් ගහන්නේ නැතුව. පෝල් ඊ පීරිස් මහත්තයා කාලෙකට ලියපු ත්‍රි සිංහලේ කියලා (මේකේ මේ ඉංගිරිසි නම ගහන්න අමාරුයි) පංකාදු පොතක් තියනවා. කියවන්න. උඩරට රාජධානිය අල්ලගන්න ඩොයිලිට ඔත්තු සපයපු ජාතික වීර හාමුදුරුවරුන් ගැනත් තොරතුරු දැන ගන්න පුළුවනි ඩොයිලිගේ දිනපොත් කියෙවුවොත්. පාලකයන්ට අනුශාසනා කිරීම ප්‍රශ්නයක් නෙවෙයි. රජුන් හදන්න යාම උන්වහන්සේලාට අයිති නැති වැඩක් බවත් ඉන් රජ පෙළපතේ පළමුවෙනි මිනීමැරුම සිදුවූ බවත් සිතන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 935 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 184 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1090 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1128 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1404 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1250 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site