(රන්න චන්ද්‍රසේන ගමගේ)
අපරාධ රැසකට සම්බන්ධ බවට චෝදනා ලැබූ සරත් ආනන්ද නොහොත් ‘මරු ආනන්ද‘ අද (17) දහවල් පොලිස් විශේෂ කාර්ය බලකායේ තංගල්ල කඳවුරේ සෙබළුන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
බෙලිඅත්ත පොලිස් වසමේ පළපොත පිහිටි සිය නිවසේදී මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔහු සන්තකයේ තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක්ද ඊට යොදන ජීව උණ්ඩ 08ක් පොලිස් අත්අඩංගුවට පත්විය.
වයස අවුරුදු 61ක් වන මෙම සැකකරු මනුෂ්‍ය ඝාතන රැසකට මෙන්ම මංකොල්ල කෑම් රැසකට සම්බන්ධ බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
සැකකරු බෙලිඅත්ත පොලිසියට බාරදුන් අතර වැඩිදුර විමර්ශන වලින් අනතුරුව ඔහු තංගල්ල මහේස්ත්‍රාත්වරයා වෙතට ඉදිරිපත් කිරීමට නියමිතය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.
ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ
දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා
පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘මරු ආනන්ද‘ අත්අඩංගුවට
රිතික් Saturday, 17 October 2020 11:15 AM
මාරානන්ද කියලා දැම්මා නම් වඩාත් ගැලපෙනවා..