IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘මන්දිරවල නොසිට වීදි ගානේ ගොස් සෞභාග්‍යමත් ලංකාවක් හදනවා’

(අංජුල මහීක වීරරත්න සහ ක්‍රිෂාන් ජීවක ජයරුක් මාතර සිට)

“තමා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තව තවත් ස්ථීර බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මාතර දී අද (23) පැවසීය.

එම ජනාධිපතිවරණය අනාගතයේ හැරවුම් ලක්ෂය වනු ඇති බව කී සජිත් ප්‍රේමදාස මහතා මන්දිරවල නොසිට වීදී ගානේ ගොස් ජනතා ශක්තිය සමඟ එක්ව සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කරන බවද අවධාරණය කළේය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීවේ මෙවර ජනපතිවරණය සදහා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා නම් කර ගැනීම වෙනුවෙන් සංවිධානය කරන“සජිත් එනවා”දෙවන ජන රැළියට සහභාගී වෙමිනි.

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ අද (23) සවස පැවති මෙම ජන රැළිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පැවැත්විණි.

පැය 15 කට අධික කාලයක් තිස්සේ මාතරට ඇදහැලුණු අධික වර්ෂාව නිසා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනය මඩ ගොහොරුවක් බවට පත් වී තිබුණ ද එය නොතකා අති විශාල ජනකායක් සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.

මෙම අවස්ථාවට සුජීව සේනසිංහ, අශෝක අබේසිංහ, එරාන් වික්‍රමරත්න, බුද්ධික පතිරණ, චන්ද්‍රානී බණ්ඩාර, නලින් බණ්ඩාර, හෙක්ටර් අප්පුහාමී, හර්ෂණ රාජකරුණා, අජිත් පී.පෙරේරා, හරීන්ප්‍රනාන්දු, නිරෝෂන් පෙරේරා, බන්දුලලාල් බණ්ඩාරිගොඩ, තුෂාර ඉදුනිල්, හේෂා විතාන, ඉන්දික බණ්ඩාරනායක, ආචාර්ය හර්ෂ ද සිල්වා යන මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද සිවිල් සංවිධාන නියෝජියෝ සහ පළාත් පාලන නියෝජිතයෝ විශාල පිරිසක් ද රැළියට සහභාගී වූහ.

ඡායාරූප - ශාන්ත රත්නායක

 



අදහස් (46)

‘මන්දිරවල නොසිට වීදි ගානේ ගොස් සෞභාග්‍යමත් ලංකාවක් හදනවා’

සමන් - ඕමානය Friday, 23 August 2019 02:25 PM

අනේ අනිච්චං, බදුල්ලට ගිය කට්ටියමනේ මාතරටත් ඇවිත් තියෙන්නේ!!! ආපු සෙනගත් බදුල්ලට ආපු සෙනග ම වෙන්න ඇති...!!!

:       4715       5328

RaveendraFriday, 23 August 2019 04:14 PM

කට බොරු කිව්වත් දිව බොරු නොකියන බව පැහැදිලිය..// මන්දිරවල සිට නිධන්වදුලු ගල්තාලා බැහැ නොව සොයන්නට..// කොළඹ සිටද දඩයම් කිරුමට රිංගන්නට බැහැ නොව කැලේට..// එබැවින් ගොයියා සත්‍යම පවසා ඇත්තේ රටවැසියන්ටම නොවේද..//

:       3189       4523

WasudewaSaturday, 24 August 2019 02:15 AM

රවින්ද්‍ර මයා...සජිත් රට පුරාම ගමේ පොඩි මිනිහට ගෙයක් දීල දුප්පත් මිනිසුන්ට විසාල යමක් කරගෙන යනවා.අයි මේ හැම දෙයක්ම වපර ඇහෙන් බලන්නේ.එතුමා මන්දිරවල නොසිට වීදි ගානේ ගොස් පැය 24 රේම වැඩ කරලා අවංකව යමක් කරනවා.ලොකු වගකීමක් පවරුනොත් දැන් ඉන්න කම්බ හොරුන්ට වඩා රටට යමක් කරය්.නැවත කම්බ හොරුන්ට රට ගියොත් වෙන දෙය දන්නවනේ.

:       60       111

chinthakaSaturday, 24 August 2019 03:56 AM

වීදි ගානේ ඇවිදින්නේ එක්කෝ පිස්සෝ, නැත්නම් හිඟන්නෝ. රට වටේම නිධන් කඩලා පිස්සෙක් වෙලාද? නැත්නම් අර "රට දියුණු වුනොත් විදේශ ආධාර ලැබෙන්නේ නැති වෙයි" කියලා ප්‍රකාශයකුත් කරපු එකේ හිඟන්නෙක් වෙලාද?

:       948       2081

ගල්කටස් Friday, 23 August 2019 02:26 PM

සමනළයින් එක්කද ඔයාගේ ගමනත්.... මහත්මයා අර බදුර්දීන්, හිස්බුල්ලා, සාලි වැන්නවුන් ගැනත් ඔබගේ අදහස රටට පවසන්න.

:       892       1061

siraj Friday, 23 August 2019 02:41 PM

කෙහෙල් කොලේ බත් කාලා බෝල්පොයින්ට් පෑනෙන් ලියපු කෙනාම වගේ...

:       240       1105

Prabha Friday, 23 August 2019 03:07 PM

කියන කතා වලින් හිතාගන්න පුළුවන් කෙරුවාව කොහොම වේවිද කියලා...? මෙයා දින්නොත් තව අවුරුදු 5ක් විනෝද සමය බැලිය හැකිය.

:       2590       4051

ChathuriFriday, 23 August 2019 03:55 PM

අවුරුදු 5කින් විනෝද සමය බලන්න පුලුවන්නම් කොයිතරම් වාසනාවක්ද? සුදු නැතිනම් මාස හයක් යන්නත් ප්‍රථමයෙන් සුදුවෑන් යනකොට, හැංගෙන්නත්, තමන්ගේ අයිතිවාසිකම් කියනකොට පැහැරගෙන යන්නත්... අනේ දෙවියනේ!!! එහෙම කාලයක් නම් උදාවෙන්න එපා. අපිට විනෝද සමයම දෙන්න, යුද්ධයෙන් බැටකාපු අපි කණාමැදිරි එළියටත් බයයි..

:       3822       3486

Prabha Friday, 23 August 2019 05:22 PM

යුද්ධයෙන් බැටකෑව චතුරි ඉල්ලන්නේ සජිත්ව.. මගේ හිතේ මෙයා ඉපදිලා වැඩි කලක් නැතිව ඇති.

:       2068       3153

Lal Friday, 23 August 2019 03:11 PM

මෙයාගේ පියාණන් වගේම මෙයාත් හොඳ ඩබල්ගේම් කාරයෙක් තමයි.

:       3426       3767

sirimal Friday, 23 August 2019 03:20 PM

අනේ අනිච්චන්... හම්බන්තොටින්, තිස්සමහාරාමයෙන් එපිටට අඩියක් නොතියපු කෙනෙක් කියනවා ලංකාව පුරා වීදි ගානේ යනවා කියලා. අදට පක්ෂය දෙකට කඩලා 2025දී දිනන්න කියලා ඔය දිරච්ච ලණුව දුන්නේ කවුද කියලා අපි නම් දන්නවා. ඔහොම ඉඳලා එයා අනිත් තරඟකාරයා එයාගේ පක්ෂයෙන් ඉදිරිපත් කරපුදාට තමයි සජිත් මහත්තයට එලොව පොල් පෙනෙන්නේ...

:       4038       3050

SENASaturday, 24 August 2019 12:18 PM

එයා ඔය කියන්නේ ලංකාවේ පාරවල් ගැන නෙවෙයි ආර්යාවත් එක්ක පිටරට වල පාරවල්වල රවුම් ගහන ඒවා ගැන...

:       0       57

Deepal Friday, 23 August 2019 03:44 PM

අනේ රජතුමනි,...

:       128       273

සේනක Friday, 23 August 2019 03:55 PM

අනේ සමනළයෙකුගේ කතාවකට අනිත් සමනල්ලු ටිකත් කට ඇරගෙන බලාගෙන ඉන්නවා. මහත්තයෝ සමනලුන්ට රට දීලා මේ කරගත් වින්නැහිය හොඳටම ඇති නේද? අපේ දේශපාලකයන් බලයට එන්න කලින් කියන දේ ඇවිල්ලා කෙරුණා නම් අද අපේ රටේ දුගී, දුප්පත් ජනතාවක් නැහැ. හැමදාම රටේ ජනතාව මෝඩයින්ට අන්දවන එක තමයි කලේ... ලංකාවේ දේශපාලකයන් ඉතිහාසයේ ඉගෙන ගත් නැති පාඩමක් රටේ ජනතාවගෙන් ඉගෙනගන්නේ මෙදාපාර තමයි.

:       2120       1152

Thilina Friday, 23 August 2019 04:05 PM

අද කිව්වා කියලා ලියලා තියාගන්න. මෙයා ජනාධිපති වුණොත් සිරිසේනට වඩා හපන් කෙනෙක් වෙනවා ඒකේ දෙකක් නැහැ. මෙයා ජනාධිපති වුණු ගමන් ආධාර සමුළුවක් තියලා මේ රට දුප්පත් හිඟන රටක් කියලා පෙන්නලා ආධාර අරගෙන රට සුඛිත මුදිත කරනවලු. දෙයියනේ මෙච්චර අවම මානසිකත්වයක් තියෙන කෙනෙක්ද? මේ ජනාධිපති කරන්න දඟලන්නේ...

:       2112       2646

AmilaSaturday, 24 August 2019 05:26 AM

සිරිසේන කියන්නේ ඇමතිකාලේ මෙලෝ වැඩක් කරලා නම් නැහැ. ඒකයි ඔහු රටේ ඉහළම පුටුවට ගියත් අසාර්ථක වුනේ. අනික ඔහුට භාෂා ප්‍රශ්නයත් තියෙනවා. නමුත් සජිත් ඇමතිවරයෙක් විදියට නිවාස ප්‍රොජෙට් හරහා වැඩක් කරන්න පුලුවන් පලපුරුද්ද හදාගෙන තියෙනවා. අනික ඉංග්‍රීසිත් හොඳට පුළුවන් නිසා වැඩකරන්න පහසු වෙනවා. ආණ්ඩුවේ ඉන්න අනිත් ඇමතිවරු අතරින් වැඩක් කරන්න පලපුරුද්ද තියෙන්නේ පාඨලීට සහ මංගලට විතරයි. රනිල්ලා, කරූලා වයසත් වැඩියි.

:       215       173

ok kumara Friday, 23 August 2019 04:25 PM

රටට හොඳක් වෙනවා නම් පක්ෂ, පාට අපිට වැඩක් නෑ. හොඳ නායකයෙක්...

:       2453       4277

Chanak los angelesFriday, 23 August 2019 04:55 PM

එක තැනක කියනවා සජිත්ව නම්කරගන්න රැලි සංවිධානය කරනවා කියලා.. තව තැනක කියනවා පක්ෂයේ සහයෝගයෙන් සජිත් අපේක්ෂකයාට නම් කර අවසානයි කියලා.. තවත් තැනක කියනවා අපි ගෝල්ෆේස් පිටියේ අපේක්ෂකයාව හඳුන්වා දෙනවා කියලා. අන්තෝ ජටා බහි ජටා කියන්නේ මේවට තමයි...

:       1756       1237

SankaSaturday, 24 August 2019 08:59 AM

චානක ලොසන්ජලිස් මයා නම් හොඳ ගොට්ටෙක් වගේ තමයි පේන්නේ. මොකද මෙයා පාට කණ්ණාඩි දාලා බලනකොට පේන්නේ අනිත් ඔක්කොම ඇදේට...

:       125       13

Chanak los angelesSaturday, 24 August 2019 06:08 PM

සංක පාට කන්නාඩි දමලා බලා තිබෙනවාද ? එවිට ඔබට දේවල් පෙනෙන්නේ ඇදේටද?බලන් ඉන්න හොඳ නැහැ අක්ෂි වෙද මහතෙක් හමුවෙන්න.

:       0       0

ගගන Friday, 23 August 2019 04:44 PM

වීදි ගානේ යන්නේ යාචකයෝනේ? ප්‍රතිපත්ති හදලා ක්‍රියාත්මක කරන්න පුළුවන් කරන කෙනාට මන්දිරයේ බැරි නම් ගුහාවක ඉඳන්හරි...

:       420       870

Saththaya Friday, 23 August 2019 04:46 PM

ඇනස්ලි ඩයස්, සැමුවෙල් රොඩ්රිගූලව මතක් වෙනවා. ඒ ගොල්ලෝ නැති නිසා දැන් කව්රුහරි ඉන්න එපෑයෑ ජනතාව හිනස්සන්න...

:       2718       3769

Chanak los angeles Friday, 23 August 2019 04:47 PM

අහසේ තරුත් ගෙනත් දෙනවා. මුහුදේ මඩත් ගෙනත් දෙනවා.

:       2255       1418

NDK Friday, 23 August 2019 05:28 PM

පුංචි සිරිසේන..

:       3725       2145

Nanda Friday, 23 August 2019 06:46 PM

ලංකාවේ ගොඩ දෙනෙක් අමාරුවෙන් ගත කරනවා කියලා හිතෙන්නේ මට විතරද​? මහින්දත් හිටියේ ඔහොම තමයි.

:       6       24

MP Saturday, 24 August 2019 01:49 AM

මේවට අහුවෙන මෝඩයන් තවමත් ඉන්නවා. යො ජනපති වුනොත් ඒ එන්නෙත් මේ කාලකණ්ණි ආංඩුවම තමයි කියල මේ මෝඩයන්ට නොතේරේද?

:       0       0

suranjith Saturday, 24 August 2019 02:59 AM

ඔබතුමාට දුප්පත් ජනතාවගේ සහයෝගය අසිර්වාදය හදපත්ලෙන්ම ලැබෙනවා. මේ රටේ සියට 50 ට වැඩිය ඉන්නේ දුප්පත් ජනතාව. අදහස් පළකරන්නට පරිගණක ඔවුන් ළඟ නැහැ. ඔවුන්ගේ හදවත් වලින් ඔබට අසිවාදයක් මිස මඩ ගැසිලි නැත. මෙතන ලියපු සමහර ය මම හොඳට දන්නවා පක්ෂය ඇතුලේ ඉඳන් සෑම නරක වැඩක්ම කරලා ඔබතුමාගේ චරිතයටත් මඩ ගහන්න ඒ අය දක්ෂයි රටට සේවය කරන ඔබතුමා නොසැලී ඉදිරියට යන්න

:       0       0

kamal Saturday, 24 August 2019 04:38 AM

“සජිත් එනවා” ආමර් විදියට...!!! 

:       3       14

Raman Saturday, 24 August 2019 04:50 AM

සජිත් මොනවා කිව්වත් අන්තිමට කුමාර වෙල්ගම යූ.එන්.පී. කොඩියෙන් ආවොත් පුදුම වෙන්න එපා. ගියසුමානේ වෙල්ගමගේ සහෝදරයාගේ අයි.ඩී.එල්. මහින්ද්‍රා කාර් ෆැක්ටරිය විවෘත කළේ රනිල්... වෙල්ගම ඉන් පස්සේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා එයා ජනාධිපතිකමට ඉල්ලන්න බලාපොරොත්තු බව කිව්වා. හිරුනිකා විවාහවෙලා ඉන්නෙත් වෙල්ගමගේ ලඟම නෑයෙක් එක්ක. අන්තිමට රනිල් වෙල්ගමව දානකම් දන්නෙම නැහැ.

:       52       64

Amila Saturday, 24 August 2019 05:33 AM

දැන් ඔය මහින්දව වීරයෙක් වගේ කරේ තියන් යන මිනිස්සුන්ට අමතකයි 2000, 2001 ආසනෙත් පැරදුණු ටෙලි ප්‍රොම්ටර් දාගෙන කතාකරපු මනුස්සයෙක් කියලා මහින්ද. නමුත් 2004න් පසු ඔහු දක්ෂ කථිකයෙක් වුණා වගේම නැවතිලා තිබුණු වැඩ... ඒවත් කරා. කොහොමත් රටට වැඩක් කරේ සේනානායකලා, ප්‍රේමදාසලා සහ මහින්ද රාජපක්ෂලා විතරයි. බණ්ඩලා, ජයවර්ධනලා, වික්‍රමසිංහලා කරේ රට කාපු එකයි. සජිත්ගේ වයසත් එක්ක බලද්දී ඔහුට අනිවාර්යයෙන්ම අවස්ථාවක් දෙන්න ඕනෑ. ගෝඨාභය කියන්නේ 70ත් පැනලා.. සිරිසේනටත් වඩා භයානකයි. අනික තනියෙන් වැඩක් කරලා කිසිම පලපුරුද්දක් නෑ. ඒවගේම විකල්ප බලවේග කියලා එන අයත් කිසිම පලපුරුද්දක් නැති අය.

:       401       180

Thilina Saturday, 24 August 2019 08:36 AM

රටකට අවශ්‍ය වෙන්න නිවැරැදි දැක්මක් තියෙන නායකත්වයක් දෙන්න පුලුවන් කෙනෙක් මිසක් පාලම්, බෝක්කු හද හද පම්පෝරි ගහන පෙට්ටි ගෙවල් හදලා රටේ දුප්පත්කම පෙන්නලා ආධාර හිඟාකන පොරක් නෙමෙයි. අපිට වඩා විශාල රටවල් පවා තනි තනි ගෙවල් හදන එක නවත්තලා ගොඩක් කල්.. පහුගිය අවුරුදු 4 මෙයා හිටියේ ආණ්ඩුවේ නෙමෙයිද? එක වචනයක් කතා කළාද රටට අහිතකර තීන්දු තීරණ ගනිද්දී?

:       2       129

AmilaSaturday, 24 August 2019 02:33 PM

ඔහුට දැක්මක් තියෙන නිසා තමයි වටේ ඉඩ ටිකක් තියෙන කුඩා නිවාස ඒකක හදලා තියෙන්නේ... අනික ඔහු නිවාස ඉදිකරන්නේ බොහෝමයක් නාගරික ප්‍රදේශ වලින් පිට. ඕනෑතරම් ඉඩ තියෙනවා නිකන් මොකටද කුකුලු කූඩූ වගේ තට්ටු නිවාස හදන්නේ...? නාගරික ප්‍රදේශවලට ඔබින ලෙස වෙනම ප්‍රොජෙට් යනවනේ. උදාහරණයකට කොළඹ රනවක හදන්නේ තට්ටු නිවාස ඉඩ කඩ ප්‍රශ්න තියෙන නිසා. ගම්බදව ඉඩ කඩ තියෙන නිසා ගෙදර මිනිස්සුන්ට වත්තේ පිටියේ මොනවාහරි වවාගන්න පුලුවන්, කුඩාවට ගෙදරම ස්වයං රැකියාවක් කරන්න පුලුවන්. ඒ වගේ දේවල් ගැන හිතලා තමයි එවැනි ප්‍රොජෙක්ට් යන්නේ. අනික දේශපාලනය කරනවා නම් අනිවාර්යයෙන්ම තමන්ව මාර්කට් කරගන්න ඕනෑ මේ වගේ රටවල. එහෙම නැතුව කරහම තමයි මිනිස්සු අහන්නේ මොනවද හලෝ කරේ කියලා. අන්තිමට ඡන්දත් නෑ.. වායුසමනය කරපු කාමරවලින් එළියට බැහලා වට පිටේ ටිකක් ඇවිදින්න..

:       0       1

wimal Saturday, 24 August 2019 06:23 AM

මෙයාගේ බොළඳ දේවල්වලට ජනතාව රැවටෙන්නේ නැහැ. ගල්යුගයේ හිටිය 20%ක් විතර සිංහල මෝඩයන් තවමත් ලංකාවේ ඉන්නවා. එයාලා හැමදාම රැවටෙනවා.

:       520       949

sisira Saturday, 24 August 2019 06:51 AM

වීදි කොනේ මාවත අද්දර හඬනා කිරි දරුවෝ...

:       65       245

Rata Perata Saturday, 24 August 2019 07:04 AM

තව සූත්තර පුංචෙක් රට කන්න දඟලවා වගේ. මෙයා ආවොත් යන්න වෙන්නේ හොම්බෙන්.

:       106       429

Ari Saturday, 24 August 2019 07:14 AM

නාගානන්දගේ පුවත් එහෙම නැද්ද ?

:       0       17

Dilum Saturday, 24 August 2019 07:43 AM

සජිත් ආවොත් රටේ ඉතුරු ටිකත් ඉවරයි. ආයේ දෙකක් නැහැ. අපි අනාථයි මෙයා ආවොත්...

:       84       251

ඡන්දදායකයා Saturday, 24 August 2019 10:59 AM

අනිත් අමාත්‍යවරුන්ට වඩා මෙතුමා අවංකව යම් කාර්යයක් කළ බව පැහැදිලිය. අපේ පුංචි රටේ ඉඩම් සීමා සහිතයි. ඒ නිසා ගම්උදා, ව්‍යාපෘති පවා විනාශවීමට ඉඩ ඇත. එබැවින් චීනයේ මෙන් මහල් නිවාස සංකීර්ණ ඉදි කරනවා නම් වඩාත් සුදුසුයි. එමෙන්ම එතුමා ජනාධිපතිව දේශීය කර්මාන්ත සඳහා දිරිගැන්වීම රටේ ආර්ථිකයට මෙන්ම රැකීරක්ෂා ප්‍රශ්නයට විසඳුමක් විය හැක.

:       138       12

Bandula. Saturday, 24 August 2019 01:00 PM

අනේ එච්චර දුර ඇවිදින්න පුළුවන්ද? කකුල රිදේවි නේද? මේ අවුරුදු හතරෙන්ම කළ දේවල්වලට මහන්සිත් ඇතිනේ, ලොක්ක දේවිද නොවරදවාම?

:       1       15

Bishan Saturday, 24 August 2019 02:15 PM

ගෝඨාට වඩා නම් ඉදිරියෙන් ඉන්නවා. මිනිස්සු පෙට්ටි ගෙවල් ගැන කථා කරනවා. එහෙමවත් ගෙයක් ලැබෙන එක දුප්පත් මිනිහෙක්ට මදිද? පෙට්ටි ගෙවල් ගහලා හොරා කාලා තියෙනවද? තමන්ගේ අම්මා, අප්පාගේ සොහෙනෙන් හොරා කාපු අයට වඩා නම් හොඳයි. ජයවේවා අනාගත ප්‍රේමදාස යුගයකට...!!!

:       0       2

kumara Saturday, 24 August 2019 04:32 PM

මෙවැනි කථාවක් මට කළිනුත් ඇහිලා තියේ...!!

:       0       0

Ravindre r Saturday, 24 August 2019 05:03 PM

ඔයා රැස්වීමට අපේ නැන්දා කෙනෙකුත් ගියා . එයාව එක්කගෙන ගිහින් තිබුණේ සමෘධි ලිස්ට් එකට නම දාලා. ඔය ඉස්සරහ හුරේ දාන ගොඩක්අ ය මාතර අය නෙමෙයි . ස්ටේජ් එකේ ඉන්න අය එයාලගේ පැතිවලින් ම එක්කන් ආපු අය. ලැජ්ජයි . කාවද මේ රවට්ටන්නේ

:       1       0

kapSunday, 25 August 2019 08:56 AM

නැන්දට සමෘද්ධි ගන්න වෙලා තියෙන්නේ බෑනා හරියට සලකන්නේ නැතුව වගෙයි.

:       0       2

Bamunuarachchi Sunday, 25 August 2019 03:27 AM

හැබැයි ගම පලාත්වලට ගියාම ඒදඬුවල යන්න තිබෙනවා. ඒදඬුවල යන්න පුලුවන්ද? ඒදඬුවල ගිය හැටි අපි දැක්කා. ඒදඬුවල යන්න ඇඟ බැලන්ස් කරගන්න බැරි එකා කොහොමද රටක් බැලන්ස් කරගෙන යන්නේ කියලා මට හිතෙනවා.

:       1       13

Bandara Sunday, 25 August 2019 10:10 AM

බිෂාන්ට ප්‍රේමදාස යුගයක් ඕනෑවෙලා.. ටයර් එකක් උඩ යන්න ඔච්චර ආසද?

:       1       37

Ruwan Tuesday, 27 August 2019 01:09 AM

මෙයා ඔක්කොම දෙනවලු දෙසැම්බර් වලින් පස්සෙ... යල් පැනපු පොරොන්දු දීල දිනන්න... හිතන් ඉන්නෙ පාවෙන ඡන්ද මෝඩයන්ගෙ ඒව කියල නම් ඔයා ට වැරදිල පුතේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 128 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 271 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 336 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 424 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 139 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1629 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site