IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘මගේ නියෝගයක් නිසා ලලිත් - අනූෂ නිකරුණේ දඬුවම් විඳිනවා‘ - හිටපු ජනපති

(ඉෂාන් සංජීව)

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීන් කිහිප දෙනෙක් අද(11) වැලිකඩ බන්ධනාගාරයට ගොස් බන්ධනාගාර රෝහලේ සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ අනූෂ පැල්පිට යන මහත්වරුන්ගේ සුවදුක් විමසූහ.

එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් හිටපු ජනපතිවරයා කියා සිටියේ තමන්ගේ නියෝගයක් අනුව කළ දෙයකට ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට යන දෙදෙනා නිකරුණේ දඬුවම් විඳින බවත් සිල් රෙදි බෙදා දීම වරදක් නොවන බවත් එය මැතිවරණ සමයේ බෙදාදීම නිසා මෙසේ දඬුවම් විඳීමට සිදුවී ඇති බවත් ය.



අදහස් (87)

‘මගේ නියෝගයක් නිසා ලලිත් - අනූෂ නිකරුණේ දඬුවම් විඳිනවා‘ - හිටපු ජනපති

kap Monday, 11 September 2017 08:49 AM

එහෙනම් මෙයාව ඇතුළට දාලා අර මිනිස්සු දෙන්නව එළියට දාන්න. නඩුවේ තීන්දුව දෙනකම් හිටියේ මොකද? ඒ කාලෙම ඕක කියලා වගකීම බාර ගන්න තිබ්බනේ.

:       18661       19149

samaMonday, 11 September 2017 12:19 PM

ඔය වගේම අර මහබැංකුව කොල්ල කාපු අයටත් කීවානම් වගකීම බාරගන්න කියලා... හොඳයි නේද?

:       945       8806

Chanak Los angelesMonday, 11 September 2017 04:27 PM

ඔබ කලබල නොවී ඉන්න ... ඉස්සෙල්ල ඔය හොරුන්ව හිරේට දමලා ඊට පසුව බලමු .

:       0       55

nishanTuesday, 12 September 2017 03:15 AM

මහා බැංකුව කොල්ල කාපු එක ගැන පරීක්ෂණ තවම පවත්වනවානේ. එය ස්වාධීනව සිදුකළ යුතු නිසයි ඇමති ඉල්ලා අස් උනේ. මෙතන එහෙම දෙයක් උනේ නැහැ නේ. නඩුව යනකොට හැංගිලා ඉඳලා දැන් ප්‍රකාශ නිකුත් කරනවා.

:       53       247

[email protected]Tuesday, 12 September 2017 03:50 AM

ඒකට තාම නඩු දාල නෑනේ මහත්මයා.මේක ඔප්පුවුණ හොරකමක්.

:       64       233

Ruwan Monday, 11 September 2017 08:51 AM

මැතිවරණ කොමසාරිස් කිහිප වතාවක් අවවාද කර තිබියදී එසේ කිරීම වරදක් බව නොතේරීමම දුකට කරුණකි. බොරුවට මිනිසුන් රැවටීම දැන්වත් නතර කරන්න.

:       6748       9760

Suranimala Monday, 11 September 2017 08:51 AM

වරද තිබෙන්නේ එතරම් උගත් පළපුරුදු රාජ්‍ය නිලධාරියෙක් වග කීමක් නැති ආත්මාර්ථකාමී දේශපාලකයෙක් දෙන නියෝග පිළිපැදීමයි.

:       5038       5205

mahee Monday, 11 September 2017 08:55 AM

ඒ සත්‍යය පිළිගන්නවා නම් ඔබතුමා නම් ඒ දඩයත් ගෙවලා දාලා ඒ ගොල්ලන් වෙනුවෙන් හිරේට යන්න එපායෑ. අපිත් පිළිගන්නවා සිල් රෙදි බෙදා දීමේ කිසි වරදක් නැහැ කියලා. මේ දෙන්නා සිරගත වූයේ මහජන මුදල් ඔබතුමාගේ ඡන්ද වැඩට යෙදෙව්වට මිසක් සිල් රෙදි බෙදුවට නෙමෙයිනේ....

:       3669       4019

aravinda Monday, 11 September 2017 08:59 AM

මෙතුමා කිව යුත්තේ, "මගේ නියෝගයක් නිසා" නොව, "මගේ වැරදි නියෝගයක් නිසා" යයි කියායි. ඒ නියෝගය සම්බන්ධයෙන් තමන් වගකීම ගන්නා බවත් මහජනයාට කිව යුතුයි.

:       3836       4116

assangaa Monday, 11 September 2017 09:00 AM

මේ වැඩ නිසා මුළු රටම ඉවරයි..

:       3118       2505

kumar (galf) Monday, 11 September 2017 09:07 AM

කියන්නකෝ ඉතුරු ටිකත්, ඔයාගේ නියෝග වලට සුදු වෑන් වල ගිහිපු අය, මෝරු සමග පීනපු අය, දිග ලිස්ට් එකක් තියෙනවා ඇති.

:       5091       3120

Chandana - Australia Monday, 11 September 2017 09:11 AM

මහින්ද මහත්මයාණනි මහාධිකරණයක නඩු විභාගකින් වැරදි කරුවන් වුවත් පසුව මෙය වරදක් නොවෙයි ඔබ පවසන්නේ කෙසේද? ඔබ නැවත නැවතත් පවසන්නේ ඔබ සිටියානම් වැරදි කරුවන්ට දඬුවම් නොදෙන බව නොවේද? රජයේ නිලධාරීන් සිටින්නේ දේශපාලඥයන් කියන කියන දෙය කිරීමට නොව. හරි දෙය කිරීමට බව ඔබට නොතේරීම කනගාටුවට කරුණකි.

:       4298       2684

nilmini Monday, 11 September 2017 09:14 AM

මහත්තයෝ... වචන කීපයක් මගහැරිලා නේද ? සිල් රෙදි බෙදා දීම වරදක් නොවන බවත් එය මැතිවරණ සමයේ බෙදාදීම වරදක් නිසා මෙසේ දඬුවම් විඳීමට සිදුවී ඇති බවත් නොකියා වරදක් කිරීමට නියෝග දුන් වැරදි කරුවා තමුන්ය කියල කීව නම් සම්පූර්ණයි නේද?

:       2629       2910

Prabhath Monday, 11 September 2017 09:15 AM

ඕක තමයි කියන්නේ නරක මිතුරු ආශ්‍රයෙන් වෙන් වෙන්න කියල.

:       1901       2102

sampath Monday, 11 September 2017 09:38 AM

බොරුවට මිනිසුන් රැවටීම දැන්වත් නතර කරන්න. මෙතුමා කිව යුත්තේ, "මගේ නියෝගයක් නිසා" නොව, "මගේ වැරදි නියෝගයක් නිසා" යයි කියායි. වරද තිබෙන්නේ එතරම් උගත් පළපුරුදු රාජ්‍ය නිලධාරියෙක් මේ නියෝග පිළිපැදීමයි.

:       1613       1807

maim game banda Monday, 11 September 2017 09:44 AM

මේ වගේ අය ලංකා ඉතිහාසයේම බිහිවෙලා නැහැ කියලයි මම හිතන්නේ... බොහෝ රදලයෝ වසලයෝ බව නම් පේනවා...

:       1616       1825

මම1 Monday, 11 September 2017 09:56 AM

ඔබේ නියෝගයක් නම් විදුලි සංදේශ කොමිසමට වෙච්ච මිලියන 600 ඔබ ගෙවන්න. එතකොට බැඳුම්කර පාඩුවත් ඒ නියෝග දුන්න අයට ගෙවන්න කියල අපිටත් ඔබටත් ඉල්ලන්න පුළුවන්......අදාළ අයගෙන්

:       819       1272

Ravi Monday, 11 September 2017 10:03 AM

ඔයාගේ වැරදි නියෝග තව කොපමණ ඇතිද නේද ?

:       750       1070

sumith Monday, 11 September 2017 10:09 AM

මම සුදනා... මම සුදනා.... කිව්වට ඉස්සාගේ ඔලුවේ තියෙන්නේ මොනවාද?

:       822       1119

Hafeel Monday, 11 September 2017 10:11 AM

දැන් හරි මෙතුමා අවබෝධ කරගත්ත එක ලොකු දෙයක්. මෙතුමා කවදත් තමන්ගේ හෝ පවුලේ වරද්ද පිළිගන්න පුද්ගලයෙක් නොවෙයි. මෙතුමාම දැන් කියනවනේ "සිල් රෙදි බෙදා දීම වරදක් නොවන බවත් එය මැතිවරණ සමයේ බෙදාදීම නිසා මෙසේ දඬුවම් විඳීමට සිදුවී ඇති බවත්...."

:       2611       3072

Hafeel Monday, 11 September 2017 10:13 AM

ඉදිරියේදී තවත් කී දෙනක්ගේ වැරැද්ද සහ දඬුවම් බාරගන්න වේවිද?

:       2117       2335

kamani Monday, 11 September 2017 10:17 AM

දැන් එතකොට වැරැද්ද කරලා තියෙන්නේ ගරු විනිශ්චයකාර තුමන්ලාද...? හිටපු එහෙම නැතිනම් මහජන ඡන්දයෙන් පැරදුණු මහත්මයාණෙනි, මිනිස්සුන්ගේ ඔළුවලට බොරු අදහස් දමන්නේ නැතිව ජීවිතයේ අවසන් කාලයේ බණ පොතක්වත් කියවාගෙන ගෙදරට වෙලා ඉන්න.

:       3606       2052

ලුම්බිණි Monday, 11 September 2017 10:18 AM

සිල් රෙදි බෙදා දීම වරදක් නොවන බව ඇත්ත. ඒත් ඒවා කල යුත්තේ තමන්ගේ මුදලින් මිස රජයේ මුදලින් නොවෙයි. අනෙක ඡන්දෙ කාලේ එහෙම කලේ තමන්ට වාසි ගන්න නේද? ඇයි දැන්වත් වරද පිලිගන්නේ නැත්තේ?

:       2725       1239

Nalin Monday, 11 September 2017 10:18 AM

මුලින්ම කිව්වා යන අයගේ ෆයිල් තියෙනවා කියලා, ඊට පස්සේ කිව්වා හොරු ආරක්ෂා කළ නිසා පැරදුණා කියලා. දැන් මෙහෙම කියනවා යුද්ධයෙන් පස්සෙත් අවංක නායකයෙක් විදියට වැඩ කළානම් අදටත් ඔබතුමා රටේ ජනාධිපති. එහෙම වුණානම් ඔබතුමාටත් හොඳයි.. රටටත් හොඳයි.

:       32       338

p.d goonenardena Monday, 11 September 2017 10:20 AM

ඔය කමෙන්ට් කරන කට්ටිය එදා ප්‍රේමදාස මහතාගේ ලේකම් අවි ආයුධ බෙදපු කාලේ ඉපදිලා ඉඳල නැහැ වගේ ..... එතකොට ඒවා මහජන මුදල් නෙමේද? ඒවා ප්‍රේමදාස මැතිතුමාගේ බූදලයද?

:       1167       3595

NalinMonday, 11 September 2017 10:57 AM

ඒවත් වැරදි, මේවත් වැරදි, රටේ පිරිහීම මෙයයි.

:       0       248

jayasekaraMonday, 11 September 2017 11:22 AM

අවූරුදු 20 ක් විතර පලන කාලේ ඇයි සොයා බැලුවේ නැත්තේ වර්ධරාජපෙරුමයි (පසුව පොදු පෙරමුණේ ජතික ලයිස්තු සමාජික) සහ ඩයන් එකතුවෙලා ඉන්දියාවේ ඉගැන්වීමට වෙනම රාජ්‍ය ප්‍රකාශ කරන කොට කවුද ඉපදිලා හිටියේ?

:       2       73

HafeelMonday, 11 September 2017 11:40 AM

චන්ද්‍රිකා මැතිනියත් 1994 බලයට ආවේ, ඔබ කිව්වා වගේ කොටින්ට අවි දුන්නෙක, බටලන්ද සිද්ධිය ගෙන දඬුවම් දෙනවයි කියල. ආපු ගමන් ඔක්කොම අමතක් වෙලා.

:       2       94

sahan Monday, 11 September 2017 10:25 AM

ඔය විදියට තමයි සුනාමි සල්ලිත් ගහ ගත්තේ... වෙලාවට නන්ද සිල්වා මහතා ඉඳලා වැඩේ ගොඩ දැම්මා...

:       33       559

ජනක අලහප්පෙරුම ලන්ඩන් Monday, 11 September 2017 11:01 AM

නන්ද සිල්වාගේ අනුදැනුම ඇතිව සුනාමි ආධාර සොරකම් නඩුව ඇසු විනිසුරුවරයාට මහින්ද මහතාගෙන් ලැබුණු තිළිණය තමයි ඔහුව එංගලන්තයේ තානාපති ලෙස පත් කිරීම.

:       2       373

sathyayaa Monday, 11 September 2017 04:51 PM

ජනක අලහප්පෙරුම මහත්මය ලංකාවේ දේශපාලනය හොඳින්ම දන්නා කෙනෙක් වෙලත් ඇයි මේ නම් ගම් පටලව ගෙන? සරත් නන්ද සිල්වා මහින්දට උදව් කලේ "හම්බන්තොට හෙල්පින්ග් " සිද්ධියේදී. ඒකට මහින්ද, සරත් නන්දට මොනවා දුන්න ද කියල ඒ දෙන්න තමයි දන්නේ. ලන්ඩනයේ මහා කොමසාරිස් කම ට නිහාල් ජයසිංහ කියල තමන්ටත් වැඩක් නැති රටටත් වැඩක් නැති මිනිහෙක් පත් කරේ කාන්තාවක් සම්බන්ධ නඩුවකින් මහින්ද මන්ත්‍රී කෙනෙක් ව සිටි කාලේ බේර ගත්ත වැඩේට කළ ගුණ සලකන්න. පසුගිය කාලේ "බඩුත් හාමුදුවන්ගේ - නඩුත් හාමුදුරුවන්ගේ " න්‍යායට අනුව කළ පාලනයට එයා "මහින්ද චින්තනේ" කියල නමකුත් දාගෙන තිබුන. ලලිත් වීරතුංග වැනි ඉතා යහපත් ගුණාංග වලින් හෙබි මනුෂ්‍යයෙක් වැරදි වැඩකට යොමුකළ "චින්තනයේ" ඇති බංකොලොත් බව දැන්වත් ජනතාව තේරුම් ගත යුතුයි.

:       0       72

Chanak Los angelesTuesday, 12 September 2017 01:55 AM

ඔය මනුස්සය මේ තරම්ම උපහාසයට අපහාසයට ලක් වෙවී වීර්ය කරන්නේ එයාගේ .. මල් බෙබිව රටේ රජකරවන්නයි . එයාගේ එම සිහිනය ජනවාරි 8 පැන්සල් කොටයක් මගින් සුනුවිසුනු වුනේ රටේ භාග්‍යකටයි ..

:       0       208

sahan Monday, 11 September 2017 10:25 AM

බලාගෙන ඉන්න ඔය කියන බොරුවලට මයික් කටට වෙලාවක හෙන වදිනවා..

:       1368       302

රවිඳු Monday, 11 September 2017 10:46 AM

දැන්නම් මිනිස්සුන්ට යුද්ධය අවසන් කිරීමත්, සංවර්ධනයත් වැරදි නියෝග වෙයි. සුළුදේවල් අල්ලාගෙන කරපු හොඳ අමතක කරලා මහ වැරැද්දක් කළා වගේ බනින නරක මිනිස්සු ඉන්න රටක් මේක....

:       1127       4045

ravin Monday, 11 September 2017 10:50 AM

ඔන්න ඔහොම කොන්ද පණ ඇතුව මුලින් කථා කරානම් කවුරු කවුරුත් ගොඩනේ..... අර අනිත් අය බේගල් ඇදබාන්නේ නැහැනේ.

:       958       40

පිටිගල මිලානෝ Monday, 11 September 2017 10:52 AM

ඔබලා තමයි මෙවැනි රාජ්‍ය නිලධාරීන් තම වංචාසහගත පටු සහ රටවැසියා නොමඟ යවන අවශ්‍යතාවයන් ඉටු කර ගන්න ඉහළට ඔසවා තබන මෙවැනි තනතුරු දුන්නේ. ඔබ නියම ජනහිතකාමී නායකයෙක් නම් රටවැසියාට සිදු කළ මේ වංචාවට සමාව ගත යුත්තේ ඔවුන් දෙදෙනාගෙන් නොව මුළුමහත් ශ්‍රී ලාංකික ජනතාවගෙනි. මහජනයා වරක් නොව දෙවරක් ඔබට හිසනමා ඔබව ඉහළම පුටුවට යැව්වා. දෙවැනි වර ඒ මහා පුටුව සිංහාසනයක් කරගත් ඔබ සිතුවේ රට ඔබටත් ඔබේ ඥාතීන්ටත් ලියා දී ඇති බවයි. ඒ නිසාම ඒ ජනතාවම අවිහිංසාවාදීව පැන්සල් කොටයකින් කඩදාසි කැබැල්ලක කාටවත්ම නොපෙනෙන්න කතිරයක් ගසා සිංහාසනයෙන් බිමටම ඇද දැම්මා.....

:       974       1068

leslyjayawardana Monday, 11 September 2017 10:54 AM

වැරදි වැඩේ කලා මදිවට හත්පොලේ ගාගන්නවනේ...

:       997       436

buddika Monday, 11 September 2017 10:58 AM

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කරලා තියෙද්දී තමන්ගේ රූපය දාපු සිල් රෙදි බෙදන්න බැරි බව දන්නේ නැත්ද? මේ රටේ කරන්න දහසක් වැඩ තියෙද්දී සිල් රෙද්දක් බෙදුවේ ඡන්දය නිසා නෙවෙයිද? රටේ ධනය හොරකම් කරලා තව සුදනා වෙන්න කතා කරන්නේ. අපට පුදුමේ හොරු එළියේ ඉද්දි කොහොමද එහෙම වෙන්නේ කියන එකයි. හොරු නොදන්නවට ඒ අය හොරු බව රටම දන්නවා.

:       965       1016

sunil Monday, 11 September 2017 11:08 AM

උපාසක අම්මලා සිල් ගන්නවා කියාලා මේ බැතිමතාට මතක් වෙලා තියෙන්නේ හරියටම ඡන්දෙ ඔන්න මෙන්න තියාලනේ!!

:       969       1020

Riyas Monday, 11 September 2017 11:42 AM

ඔබතුම ඔක්කොම කේරේ සිංහල මිනිහට විතරයි. මුස්ලිම් මිනිස්සු අපිට කිසිම දෙයක් කරලා නැ.

:       1805       225

siri Monday, 11 September 2017 11:48 AM

මැතිවරණයක් නැති දවස් වල මහින්ද මහත්තයා සිල් රෙදි කීයක් බෙදල තියෙනවද? අරලිය ගහ මන්දිරයේ එක වතාවකට මිනිස්සු 5000 කට දන්සැල් කීයක් දීල තියෙනවද? ලිත් කීයක් බෙදල තියෙනවද? හිනාවෙලා ඉන්න පින්තුරය තියෙන ඔරුලෝසු කීයක් බෙදල තියෙනවද? හිරේ ඉන්න යාළුවො බලල එලියට එනකොට මාධ්‍ය වේදීන් සාධාරණ ප්‍රශ්නයක් ඇහුවාම මොකද අප්පා මල පනින්නේ?

:       172       458

Riyas Monday, 11 September 2017 11:52 AM

සිල් රෙදි බෞද්ධයාට විතරද? ව්‍යවස්ථාව වෙනස් කරලා මුස්ලිම්ලටත් මුලිකත්වය දෙන විදියට හදන්න ඕනේ. දැන් ඉස්සරට වැඩිය මුස්ලිම් මිනිස්සු ලංකාවේ ඉන්නවා.

:       4340       141

Rohana Monday, 11 September 2017 12:30 PM

මේ නිලධාරීන් ආණ්ඩුව මාරු වුණොත් නඩු අහලා වරදකරුවන් වෙයි කියල නිකමටවත් හිතුවේ නැහැ... මහින්ද තමයි නැවතත් ජනපති කියල දැඩි විශ්වාසයක් තියෙන්න ඇති... එහෙම වුණා නම් ඔක්කොම මොකුත් වුණේ නැතුව වගේ ඉන්න තිබුණා.

:       1070       128

Bimal Monday, 11 September 2017 12:33 PM

ඔබතුමාගේ පාලන සමයේ තරම් රජයේ නිලධාරින් තනතුරු අවභාවිතා කල යුගයක් තවත් නැහැ. තානාපති කාර්යාල, බැංකු වල පවා සිටියේ පස්සා දොරින් රිංගපු නුසුදුස්සෝ. ඉතින් දැන් බොරු කණගාටු ප්‍රකාශ නොකර නිකන් ඉන්න.

:       948       994

de silva Monday, 11 September 2017 01:01 PM

ඔවුන්ට දඩුවම් දීම සාධාරණයි

:       1751       316

බද්රානි Monday, 11 September 2017 01:18 PM

අනේ පව්!! හිරගෙදරට ඇතුල් වෙද්දීම වැළදෙන බෝවෙන රෝගය ඒ දෙන්නටමත් වැළඳුනා නේද? ඔතනට එන අයට රෝග බෝකරන , බන්දනාගාර රෝහලේ තියන ප්‍රධානම විෂබීජය වන, රෝග නිර්දේශ කරන වෛද්‍ය වරුන්වත් මෙම රෝහලේම ප්‍රතිකාර ගැනීමට සැලැස්වීමට මෙරට අධිකරණය කටයුතු කරනු දැකීම නීතිගරුක ජනතාවගේ අභිලාෂයයි. මේ සඳහා රටේ උගත් බුද්ධිමත් යුක්තිගරුක ජනතාව පෙළගැසිය යුතුයි....

:       1189       222

NIRESH Monday, 11 September 2017 01:36 PM

අනේ මහත්තයෝ, අපි මෝඩයෝ නෙමේ. පොට්ටේයොත් නෙමේ. මොන මෝඩ හරක් කතාවක්ද ඔය කියන්නේ. මුළු රටටම විහිලු සපයන්න එපා. ගෙදරට වෙලා අවසාන කාලේ බණක් කියාගෙන ඉන්න. නැත්තන් අබයාරාමෙට ගිහින් ගිහිගෙය අතාරින්න. ලැජ්ජයි.

:       0       114

rocky Monday, 11 September 2017 01:44 PM

බෙනිටෝ මුසොලිනිට කවදාවත් වරදින්න බැරි යයි සිතු පිරිසක් එදා ඉතාලියේ සිටියහ! අද මොහු සිතන්නේ මොහු කරපු, එමෙන්ම කරන , කරන්න බලාපොරොත්තුවන හැම දෙයක්ම හරි බවය. එහෙත් ඔබත් ඔබේ පවුලේ අයත් සහචරයනුත් මේ රට උලා කාපු බවට නොයෙක් චෝදනා තිබෙනවා නොවේද මහත්තයෝ?

:       0       124

Upaasaka-Berlin Monday, 11 September 2017 02:17 PM

මේ අය ඔක්කොමල සිල් රෙද්දේ එල්ලිලා හිටපු දුස්සිලයෝ. සිල් රෙදි දෙන්න ඉස්සර වෙලා බෞද්ධයෝ සිල් ගත්තේ නැද්ද? කෝටි හැටකින් මොන තරම් දේවල් රටට කරන්න තිබුනද? මේවා ඒ අයට කරන්න තිබුනේ ගෙදරින් ගෙනල්ලනේ. ලලිත් වීරතුංගට කල්පනාවක් වෙලා නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සිල් රෙදි බෙදාදීම සිදුවෙන බව ලියුමේ ගහන්න. නඩු යනකොට රාජපක්ෂ කියනවා උසාවියේ තියෙන දේවල් ගැන කියන්න බැහැ කියල , හිරේ දැම්මහම කියනවා තමන් නිසා අර දෙන්න හිරේ ගිය කියල. හරි දේ හරි විධියට දකින්න බැරි අය අන්ධයෝ රැලක් වගේ. මුල යන කෙනයි, මැද යන කෙනයි, අග යන කෙනයි යන එක් කෙකෙකුටවත් කොහෙද යන්නේ කියල පෙන්නේ නැහැ. මේ අය පස්සේ යන සේරෝටෝම කණ වැල අල්ල ගත්ත අන්ධයෝ කියල තමා කියන්න තියෙන්නේ.

:       985       1061

කරුණාපාල Monday, 11 September 2017 02:20 PM

ඔබතුමා එතරම්ම කලබල විය යුතු නැහැ. ඔවුන් දෙපල මදකට අසනීප වුවා පමණයි.. මෙවැනි රෝගීන්ව ජනාධිපති අරමුදලෙන් සිංගප්පුරුවට ගෙනගොස් ප්‍රතිකාර කිරීම ගැන අදාළ බලධාරීන්ව උනන්දු කරවන්න.

:       1632       87

priyankara Monday, 11 September 2017 02:20 PM

ඔය සිල් රෙදි වලට මෙතුමාගේ ස්ටිකර් එකක් අලවල බෙදුවේ ඇයි, තමන්ගේ චන්ද ගොඩ වැඩි කර ගන්න රෙදි බෙදන්න නියෝග දෙන්න ඕනේ තමාගේ මුදල් වලින්.එකත් චන්දෙ ලග තියන් නෙමෙයි.මේ දෙන්න හිරේට යනකම් ඉදල දැන් වරද බාර ගන්නේ කොහෙන් හරි මෙතුමාට රිංගල යන්න තැනක් ඇති.සිල් රෙදි බෙදලයි මෙහෙම උනේ කියල ජනතාව මුලාකර ඔඋන්ගේ හිත්වල වෙයිරය වපුරන්න එපා.

:       590       98

Upul Monday, 11 September 2017 02:48 PM

මේ ප්‍රකාශයෙන්ම ඇපෑල පරාදයි... කතා දෙකක් නැහැ.

:       819       149

සම්පත් Monday, 11 September 2017 03:03 PM

ජනාධිපතිවරණයක් පැවැත්වෙන දිනට දින කිහිපයකට කලින් එක් අපේක්ෂක‍යෙකු‍ගේ නම සහ රුව ‍යොදා දේශපාලකයන් විසින් සිල් ‍රෙදි ‍බෙදා දීම බුදුදහමට කල අ‍ගෞරවයකි. ර‍ටේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීමකි. ‍මේ ගැන තවත් ‍මේ ‍මොනවා කියනවා ද?

:       607       83

deva Monday, 11 September 2017 03:09 PM

කුම්බලා මාළු කෑවා නම් දුක්විඳහන් පූසෝ කිව්වලු....

:       708       89

dasuni Monday, 11 September 2017 03:43 PM

තාත්තාගෙන් පස්සේ පුතාලා, ඊට පස්සේ මුණුබුරෝ රජ වෙයි කියලා හිතාගෙන කරපු වැඩනේ මේවා...

:       0       0

SAMANTHA Monday, 11 September 2017 04:11 PM

තමුන්ගේ මුදල් වලින් සිල් රෙදි අරන් දුන්නා නම් අපි දොස් කියන්නේ නැහැ.. මේවා වංචා සහගත මුදල්.. තවත් ජනතාව රවටන්න එපා මහත්තයෝ .. ඒකෙන් වෙන්නේ තවත් පව් පුරවා ගන්න එක විතරයි.

:       0       0

chandana Monday, 11 September 2017 04:19 PM

වෙන මොනවත් ඕන නැහැ, සිල්රෙදි බෙදීමට දඬුවම මේකනම් මහා බැංකුව හොරා කෑම, හම්බන්තොට විකිණීම, ආණ්ඩුවේ පෙට්රෝල් සෙඩ් හිතවතුන්ට පමණක් බෙදාදීමට දිය යුත්තේ "මරණ දඬුවමයි" කෝ බලන්න ලලිත්ව, අනුශව හිරේ දාන්න අත්පොලසන් දුන්නු අපේ පාටකයෝ කී දෙනෙක් මේකටත් අත්පොලසන් දෙයිද කියල?

:       1040       1642

සම්පත් Monday, 11 September 2017 04:30 PM

පිංපතා දන් දිය යුත්‍තේ තමන් විසින් දැහැමින් උපයා ගත් දෙයිනුයි. දුප්පත් ජනතාවගේ මුදල් මං‍කොල්ල කා සිල් ‍රෙදි ‍බෙදා ජන්දය දිනීමට යාම මහත් පාප කර්මයකි. මේ ඉහල රාජ්‍ය නිලධාරීන් මෙය තේරැම් ‍නොගැනීම ර‍ටේ අවාසනවාකි. රජ‍යේ ‍සේවකයන් ‍දේශපාලකයන් ‍දෙන වැරදි නි‍යෝග පිලිපැදිය යුතු නැත. ඔවුන් කර ඇත්‍තේ ‍දේශපාලකයන් පින වීමට ඔවුන්ට පන්දන් ඇල්ලීමයි.

:       0       1

Chanak Los angeles Monday, 11 September 2017 04:36 PM

මෙයා මෙහෙම කයිවාරු ගහන්නේ විවස්ථාව අනුව ජනාධිපතිට නඩු දමන්න නොහැකිය යන මුක්තිය වාසියට අරගෙනයි. ඒවුනාට අධිකරණය මෙයාට කන පැලෙන්න නඩු තීන්දුව ප්‍රකාශ කර තිබෙන්නේ .. අනේ පව් ...

:       0       0

වින්සන්ට් Monday, 11 September 2017 06:27 PM

පක්ෂ පාට ගැන නොසිතා, දුෂිතයන් සහ අපරාධකරුවන් ප්‍රතික්ෂේප කිරීමට ජනතාව යම් ප්‍රමාණයක් හෝ පෙළගැසෙන බවක් ඉහත ප්‍රතිචාර වලින් පෙනෙන්නට තිබීම රටේ වාසනාවක් බව කිවහැකිය. මාධ්‍ය ආයතන හිමිකරුවන් කව්රු වුනත් මාධ්‍ය වෘත්තිකයන්ද ජනතාව යම් නිවැරදි තැනකට ගෙනයාමේ උත්සාහයක් මේ මොහොතේ පැවතීමද අපි අගය කළ යුත්තෙමු.

:       0       0

Vichi Monday, 11 September 2017 07:46 PM

මැතිවරණ උල්ලංගනයක් නම් මැතිවරණ නීතිය අනුව නඩු දැමිය යුතුය. එසේ නම් මහාධිකරණයේ නඩු පැවරුවේ මන්ද?

:       0       0

ranjith Monday, 11 September 2017 11:23 PM

චන්දන ඔයා වගේ එක පැත්තකට කත් අදින ඡන්දදායකයෝ රැලක් මේ රටේ ඉන්න නිසා තමයි දෙපැත්තේම දේශපාලකයෝ රටේ ජනතාව මෝඩයෝ කියල හිතාගන හිතේ හැටියට රටේ ධනය මංකොල්ල කන්නේ.මෙතැන කවුරුවත් කොමෙන්ට් දාල නැහැ ඔයා මෙහි කියා තියෙන වැරදි කරපු මේ ආණ්ඩුවේ අය නිවැරදියි කියල. ඒ අයත් කවද හරි ඒගොල්ලෝ කරපු වැරදි වලට දඬුවම් විඳිය යුතුමයි. වැරැද්ද කවුරු කරත් එකයි.

:       0       0

lion Monday, 11 September 2017 11:55 PM

මේ අය හිරේ විලංගුවේ දාන්නේ කවදද

:       0       0

hasantha Tuesday, 12 September 2017 12:51 AM

තමන්ගේ පුද්ගලික ධනයෙන් සහ ඡන්ද නැති කාලෙක සිල් රෙදි බැරි නම් වෙන රෙද්දක් බෙදුවත් කිසිදු ප්‍රශ්නයක් නැහැ.

:       0       0

BERTY Tuesday, 12 September 2017 12:52 AM

පසුගිය පාලන සමයේ තරම් රජයේ නිලධාරින් තනතුරු අවභාවිතා කල යුගයක් තවත් නැහැ.

:       0       0

chamara Tuesday, 12 September 2017 12:56 AM

චන්දන ඔයාට ඕනෙ විදීයට දඩුවම් නියම කරන්න බැහැ. ඒක නිති පොතේ තියෙන ප්‍රකාරව සිදු කල යුතුයි. කවුරු කලත් වැරැද්ද වැරැද්දමයි. නමුත් අරයා කලා මෙයා කලා අරයා කල එක ලොකු නිසා පොඩි එක හොයන්න එපා කියන ගොන් තර්කය ගෙනාවොත් එකකටවත් දඩුවම් නැහැ. එහෙම රටක් හදන්න බැහැ

:       0       0

jagath Tuesday, 12 September 2017 01:00 AM

පසුගිය කාලයේ එක්ප්‍තරා ආයතනක ප්‍රචාරක අංශයේ වියදම පමණක් රුපියල් මිලියන 362 ක් බවද පුවත්පත් වල ගියා. මේවා මොනතරම් වංචාද? අහිංසක මහජන මුදල් කාගේ සාක්කු වලටද ගියේ. ඒ අයට දඩුවම් කෝ.

:       0       0

malaka Tuesday, 12 September 2017 01:28 AM

වකුගඩු රෝගින්, ලියුකේමියා රෝගින් රටේ වැහිවැහැලා. සමහරුන්ට විදුලිය, ජලය නැහැ. හිසට නිවහනක්ර නැහැ. තාම ණයට දුවන්නේ. මෙහෙම තියාගෙන බෙදුවනේ කෝටි 600 ක සිල් රෙද්දක් ඡන්දයට කලින් දවසේ.

:       0       2

rithik Tuesday, 12 September 2017 01:33 AM

බෞද්ධ. හින්දු මුස්ලිම් සහ වෙනත් ආගම් ඇති රටේ සිල්රෙදි විතරක් මහජන මුදලින් බෙදිමම මොනතරම් කැතද? ඇයි වැඩිපුර තියෙන්මේනේ ඒ ඡන්වාදනේ. මෙවා බෙදන්න අපි කාගෙත් බදු මුදලින්. අපෙන් නාහා පුද්ගලික වාසියට කෝටි 600ක රෙදි බෙදනවා .මෙහෙම රටක් ලොව කොහේවත් නැතුව ඇති

:       0       0

rohana Tuesday, 12 September 2017 01:35 AM

බලය තිබෙනකොට මොලේ නැත.

:       0       0

blu.bulu Tuesday, 12 September 2017 01:47 AM

ඔබ තුමා රජයේ නිලදාරින්ට බල පාම් කල බව පිළිගත් එකේ හොඳයි. නෙව් කරනා අබිආචනයත් සමග උසාවියට කරුණු දක්වා උසාවිය ඉදිරියේ සමාව ගතහොත් නීඩ්ස් හොඳ. ඔබ තුමා කල වර්ඵරේ පිළිගැනීම හොඳ වැඩක්. රතුපස්වල ඇතුළු අනෙක් කාරකම් සම්බන්දවත් ප්‍රකාශ කර පව් සෝදා අරින්ඩ.

:       0       0

rohana Tuesday, 12 September 2017 01:51 AM

වැරදි නියෝග දිමේ විපාක. නව ආණ්ඩුක්‍රම විවස්ථාවට ඇතුලත් කරන්න දේසපාලකයන්ට රජයේ දේපොළ මංකොල්ල කෑමට නොහැකි අනපනත් ඇතුල්කරන්න

:       0       0

wasantha Tuesday, 12 September 2017 01:53 AM

ඔබතුමාට දැන් පොඩි ළමයි අමතකද? දැන් ළමයි වඩා නොගන්නේ ඇයි?.

:       0       1

dias Tuesday, 12 September 2017 01:55 AM

JR හේ විවස්තාව වෙනස් නොකොට 18 වනු සංසෝදනය හරහා ඔබ සදාකාලිකව බලයේ සිටීමට උත්සහ ගැනීම ලැජ්ජාව නොවේද?

:       0       0

abaran Tuesday, 12 September 2017 01:58 AM

ඔබ පාලන සමයේ මරා දැමුණු පුද්ගලින්ගේ මරණ ගැන ඔබ තුමාට කිවහැක්කේ කුමක්ද?

:       0       0

pathima Tuesday, 12 September 2017 02:01 AM

ඔබතුමාගෙ ඡන්ද වැඩවලට නීති විරෝදිව කොපමන වෙනත් දෑ බෙදුවද.ඒවායේ වටිනාකම පමණක් අපට දැන ගැනීමට සලස්වන්ඩ . ඔබ තුමා අරලිය ගහ මන්දිරය සඳහා කල වියදම කියන්ඩ?.

:       0       1

sumudu Tuesday, 12 September 2017 02:15 AM

මේ පිරිහීමට වග කියා යුත්තේ රටේ ජනතාවයි . මෙම වැරදි ක්‍රියා අනුමත කරන පිරිසක් රට තුළ සිටීම නිසා මෙවැනි වැරදි ක්‍රියා නැවැත්විය නොහැක .

:       1       23

sensa Tuesday, 12 September 2017 02:43 AM

සිල් රෙද්දෙන් වහල තියෙන්නේ කුණු ගොඩක්නේ.

:       0       9

maim game banda Tuesday, 12 September 2017 03:10 AM

අපේ රට අන්ත දරිද්‍රතාවයකට ඇඳ දැමූ හැම දේශපාලඥයෙක්ම, හැම රාජ්‍ය නිළධාරියෙක්ම නීතිය ඉදිරියට ගෙනවිත් ඔවුන්ගේ දේපළ වලින් මෙම අලාභය ගෙවිය යුතුයි.

:       0       37

shamen Tuesday, 12 September 2017 03:38 AM

මෙතුමාගේ වැරදි නියෝග තව කොපමණ ඇතිද ? නියෝග නැතුවම මහජන මුදල් විනාශ කරපු ලොක්කෝ තව කීයක් හිටියද? තාම ඔවුන් වැඩ හැබැයි.

:       1       98

upali Tuesday, 12 September 2017 03:53 AM

කලකට ඉහතදී ඔබ වහන්සේ ඉතාමත්ම විටින සම්පතක් වුණා ශ්‍රී ලංකාවට. ධර්ම කරුණු සම්බන්ධව සහ ඉතාමත්ම හොදින් ධර්මය දේශනා කරන හිමිනක් ලෙස ජනතාවගේ අප්‍රමාණ ගෞරවයට පාත්‍ර වූ කාලයක් තිබුණා..නමුත් ඔබ වහන්සේ පෙර කල යම්කිසි කර්මයකට ඔබගේ ගමන වෙනත් මගකට යොමිවී තිබීම පිළිබඳ මගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරමි..ඔබ තවමත් ප්‍රමාද නැත දේශපාලය ඕන කෙනෙකුට කරගන්න කියලා හිමිවරුන් ප්‍රර්ථනා කරන නිවන් මාර්ගයට නැවත ඔබ වහන්සේ ප්‍රවිෂ්ඨ වෙනවා නම් අපිට ඉතාමත්ම සතුටුයි. ඔබ වහන්සේ සිල් රෙදි සම්බන්ධව ඔය ගන්න ක්‍රියා මාර්ගය ඔබගේ හෘද සාක්ෂියට එකඟ නොවන බව ඔබ වහන්සේම දන්නවා..සිල් රෙදි දුන්න හේතුවත් ,බෙදපු ආකාරයත් එහිදී සිදුවුණු වංචා ගැනත් ඔබ වහන්සේ දන්නවා..එහෙම දැනගෙනත් අහිංසක මිනිසුන්ගෙන් සල්ලි එකතු කිරීම නිසා ඔබ වහන්සේ මේ ආත්මයෙත් විශාල කර්මයක් කරගන්න නේද හදන්නේ..අවසාන වශයෙන් ඔබ වහන්සේට විශේෂයෙන් සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්ප පහළ වේවායි ප්‍රර්ථනා කරමි..

:       30       88

ආදර්ශය Tuesday, 12 September 2017 04:34 AM

ජනපතිගේ සහෝදරයා අතින් සිදුවූ හදිසි අනතුරු නිසා ඔහු අත්අඩංගුවට ගන්නදැයි අසු විට ජනපති දුන් උත්තරය ? ජනපති රටට ආදර්ශයක් .

:       0       47

Sampath Tuesday, 12 September 2017 04:47 AM

තස්ත්‍රවාදීන් ප්‍රශ්නය විසදුවා. බටලන්දත් සුදු රෙදි වලට වඩා පුළුල්ව විමසන්න ඕනේ කාරණයක්. එතැනදී සිංහල තරුණ තරුණියෝ 10000 ක් පන පිටින් පිච්චුව. මේ ඔක්කොම සිංහල බෞද්ධයෝ.

:       21       50

nimal Tuesday, 12 September 2017 04:56 AM

මේ මහත්තයා කියල තියෙන කතාවට කටේ මසුරන් දන්නා ඕනේ, අනික මේ ඕක මේ ඔයා විතරක් කියන කතාවක් නොවෙයි , ග්‍රාමීය මට්ටමේ , නුගත් අන්තවාදී පිරිස් හැරෙන්නට ලංකාවේ 75 සියයට ඉන්නේ ඔය මතයේ තමා. ඔයා මොනවා කීවත් බල ලෝබය කියන එක නවත්වන්න බෑ නෙ.කාපු අය තමයි ඒකේ රස දන්නේ.

:       0       28

රට සැදීම Tuesday, 12 September 2017 04:58 AM

හිටපු ජනපති වරද පිළිගනී. ව්‍යවස්ථාව අනුව නිතිය සැමට සමානයි. නමුත් විධායකය ට එය අදාළ නැත . 2/3 හෝ ජනමත විචාරණයකින් මෙය වෙනස් කර යුතුයි. එසේ නොකර මෙම රට සැදිය නොහැක. වහාම ව්‍යවස්ථාව වෙනස් කරන්න.

:       0       0

sunil Tuesday, 12 September 2017 05:01 AM

එච්චර ලස්සනට උසාවියෙන් එළියට බැහැපු ජෝඩුව බන්ධනාගාරයේදී ලෙඩ වීම සම්බන්ධව බන්ධනාගාරයේ ලොක්කන්ගෙන් නිදහසට කරුණු ඇසිය යුතුයි .

:       0       3

rohana Thursday, 14 September 2017 02:27 PM

චන්දන ඔයා පා.ම. මහින්දගේ කෙනෙක් බව පේනවා.ඔයා දන්නවද හම්බන්තොට වරාය 30% අයිති වෙලා තිබුනේ කාටද කියලා එතකොට මාගම්පුර ports private limited කාගේද කියල දන්නවද? එකේ මොනවද කලේ වුනේ මොනවද කියල දන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 48 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 138 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 684 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 69 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 235 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 225 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site