(ඡායාරූප - ප්‍රදීප් පතිරණ)
(ඩයනා උදයංගනී)
ඡන්දය ප්‍රකාශකරන ඡන්ද පොළ සියල්ල 100%ක් කොරෝනා අවදානම නොමැති ස්ථාන බවට තහවුරු කර ඇති නිසා බිය නැතිව පැමිණ ඡන්දය ලබාදෙන්නැයි ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඡන්දපොලේදී වයිරසය ආසාදනය විය හැකි සියලු ආකාර වැළැක්වීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව කී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඡන්දය ජනතාවගේ අයිතියක්, වගකීමක් මෙන්ම ඔවුන්ගේ හඬ ද වන නිසා බිය නැතිව ඡන්දය දීමට කටයුතු කළ යුතු බව ද සඳහන් කළේය.
මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමිනි. එහිදී අදහස් දක්වමින් මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද කීවේය.
“ඡන්ද දායකයින් ඡන්ද මධ්‍යස්ථානයට එනවිට මුහුණු ආවරණය පැළඳ සිටීම අත්‍යාවශ්‍යයි. ඔවුන් එයට ඇතුළු වන විටම අත් පිරිසිඳුකාරකයකින් අත් පිරිසිඳු කරවනවා. ඉන්පසු එහි සිටින පළමු නිලධාරියාට තම හැඳුනුම්පත පෙන්වා මුහුණු ආවරණය පසෙකට කර අනන්‍යතාව තහවුරු කළ යුතු අතර, ඉන්පසුත් අත් පිරිසිඳුකාරක ඔවුන්ට ලබාදෙනවා. ඉන්පසු ඇඟිල්ලේ නොමැගෙන ආලේපනය ගල්වන්නේත් ඉටි තැවරූ කඩසියකින්. එම කඩදාසි එක් අයකුට එකක් බැගින් භාවිතා කරනවා. ඒ නිසා ඡන්ද පොලේදී කිසිම ආකාරයකින් වයිරස ආසාදනයක් වන්නේ නැහැ. ඡන්දය ප්‍රකාශ කර මධ්‍යස්ථානයෙන් පිටව යද්දීත් ඔබේ අත් පිරිසිඳු කරනවා.
හැකි නම් ඡන්දයදීමට යන විට නිල් හෝ කළු පැහැ පෑනක් රැගෙන එන්නැයි අපි ඉල්ලා සිටිනවා. නොගෙනෙන අයටත් විෂබීජ නාශකවලින් පිරිසිඳු කළ පෑනක් අප ලබාදෙනවා. ඒ වගේම පිළිගත් හැඳුනුම්පතක් ගේන්නත් අමතක කරන්න එපා. ඡන්ද මධ්‍යස්ථානයේ දී සැමවිටම මීටරය පවත්වා ගැනීමටත් කටයුතු කළ යුතුයි.
ඒ වගේම ඡන්ද පත්‍රිකාව ලැබුණු පසු පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ සලකුණ ඉදිරියේ කතිරය ලකුණු කර ඉන්පසු පහළ ඇති මනාප අංක මත උපරිම තුනක් වන පරිදි කතිර ගැසිය හැකියි. ඉන්පසු හොඳින් නවා ඡන්ද පත්‍රිකාව පෙට්ටියට දමා ඡන්දපොළ අවට රැඳී නොසිට හැකි ඉක්මණින් නිවසට හෝ රැකියා ස්ථානයට යන ලෙසත් අප ඉල්ලා සිටිනවා.
ඡන්දය ඕබේ අයිතියක්, වගකීමක් මෙන්ම ඔබේ හඬ නිසා බිය නැතිව ඇවිත් ඡන්දය දෙන්නැයි අපි ජනතාවගෙන් ඉල්ලනවා. අපේ ඡන්දපොල 100% ක් කොරෝනා අවදානම නැති ස්ථානයක් බව තහවුරු කර තිබෙනවා. අපේ නිලධාරීන් ඔබ හා කතා කරන්නේත් මුහුණ හොඳින් ආවරණය කරගෙනයි. ඔවුන් මුහුණු ආවරණ පමණක් නොව ඉදිරියෙන් ඉටිකොළ ආවරණ පවා යොදා තිබෙනවා. ඒ නිසා කිසිසේත්ම ඡන්දය භාවිතා කිරීමට බිය විය යුතු නැහැ.”
පින්තූර සඳහා පිවිසෙන්න - ‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘බය නැතිව ඡන්දය දෙන්න එන්න’
Nihal Tuesday, 04 August 2020 04:08 AM
ඡන්ද මධ්‍යස්ථානය ආරක්ෂිත උනත් ඡන්දය දැමීමට එන අය ගැන සහතිකයක් දිය හැකිද ?
Kooralage Tuesday, 04 August 2020 06:24 AM
මේ ඡන්දයේදී ඔඉතුමා ගත්ත සෑම පියවරක්ම ඉතාම නිවැරැදි සහ අතිවිශිෂ්ඨයි. මේ දේශපාලන හොරකල්ලි ඔබතුමාට මොනතරම් අවලාද නැගුවාද? ඔබතුමාට මේ රටේ මහජනතාව උතුම් සම්මානයක් දියයුතුයි. මේ හොරුන් අස්සේ මේ ඡන්දය මෙලෙසින් ඉතාම විනීතව කිරීම ගැන. ඔබතුමාගෙන් පස්සේ මේ ස්වාධීන කොමිෂන් කුණු කූඩෙට තමයි. රටට දෙයියන්ගේම පිහිටයි.
Raveendra Tuesday, 04 August 2020 07:38 AM
රජයේ සේවකයකු වන ඔබගේ පණනල රැකුමට මෙන්ම සිය පවුල රැක ගැනුමට වැටුප් මෙන්ම සියලු සැපපහසුකම් ලබාදීමට බදුගෙවන සියලුම ලාංකිකයන් මෙන්ම මාද ඍජුවම දායක වූ බැවින් ඔබ කරන අවංක සේවය වෙනුවෙන් අප ඔබට හදවතින්ම සැමවිටම යහපතක් වේවා යන්න නිරතුරුවම ප්‍රාර්ථනා කරන්නෙමු. ඔබ සහ සිය පවුලටම යහපතක්ම වේවා.!!! මෙම අදහස් අපගේ බදුමුදල්වලින් ජීවිකාව රැක ගන්න සියලුම රජයේ සේවකයින්ට මෙන්ම දියවන්නාව අසුචි වලේ " අසුචි පණුවන්ටද " කියවීමට හැකිවේවා..!!!
Bamunuarachchi Wednesday, 05 August 2020 03:49 AM
කාට බයේද ඡන්දේ නොදා ඉන්නේ.?
BamunuarachchiWednesday, 05 August 2020 11:43 AM
අපි කාටද බය? අපිට කවුද බය?