IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘පොහොට්ටුව සමඟ සාකච්ඡා අසාර්ථක වුණොත් වෙනත් සන්ධානයක් හදනවා’

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ පවත්වන සාකච්ඡා අසාර්ථක වුවහොත් වෙනත් නව සන්ධානයක් ගොඩනැගීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය කටයුතු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.

එම සාකච්ඡා අසාර්ථක වුවහොත් තම පක්‍ෂයේ මන්ත‍්‍රීවරු එජාපයට හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වන්නේ නැතැයි ද සඳහන් කළේය.

ඒ අනුව පොදුජන පෙරමුණ සමඟ මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ, පාඨලී චම්පික රණවක මහතාගේ පාර්ශවය ආදිය සමඟත් ඉදිරියේ දී සාකච්ඡා කරන බව කී මහලේකම්වරයා විජේදාස රාජපක්‍ෂ මහතා සමඟත් මේ ගැන අදහස් හුවමාරු කරගෙන ඇතැයි කීවේය.

කෙසේ වෙතත් තම පක්‍ෂය මෙතෙක් ජනාධිපති අපේක්‍ෂකයෙක් නම් නොකර සිටින්නේ දෙපාර්ශවය අතර සාකච්ඡා සාර්ථක කරගෙන දෙපාර්ශවයෙන්ම එක් අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීමේ අරමුණක සිටින නිසා බව ද මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරන පළමු හෝ දෙවැනි වරට පාර්ලිමේන්තු ආ ඇතැම් මන්ත‍්‍රීවරු ශ්‍රීලනිපයේ වගකීම ඔවුන්ගේ අපේක්‍ෂකයාට සහයදීම බව කියා ඇතැයි කී අමරවීර මහතා තම පක්‍ෂයේ වගකීම කුමක්දැයි ඔවුන් කියා දිය යුතු නැතැයිද කීවේය.

තම පක්‍ෂය කළ යුත්තේ කුමක්ද යන්න තීරණය කරන්නේ රටේ අවශ්‍යතාවය අනුව බව කී මහලේකම්වරයා මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් මෙම සාකච්ඡා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන නිසා තවදුරටත් එම සාකච්ඡා ඉදිරියට ගෙන යන බව ප‍්‍රකාශ කළේය.

මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔවුන් සමඟ එකඟතාවකට පත්වීමකට නොහැකි වුවහොත් නිදහස් පක්‍ෂය වසා දැමීමට හෝ එහි අනන්‍යතාවය අහිමි කරගැනීමට නොහැකි බවද  හෙතෙම පැවසීය.



අදහස් (16)

‘පොහොට්ටුව සමඟ සාකච්ඡා අසාර්ථක වුණොත් වෙනත් සන්ධානයක් හදනවා’

දමින්ද Thursday, 11 July 2019 11:40 AM

හදපල්ලා.. ඕන සන්ධානයක් හදපල්ලා. අපි අහුවෙන්නේ නෑ. එකම බලාපොරොත්තුව නාගානන්ද විතරයි.

:       136       119

saaliThursday, 11 July 2019 12:49 PM

එයා "හිටන් 2".....

:       35       73

aseFriday, 12 July 2019 05:33 AM

ඔබ කියන නාගානන්ද ද්විත්ව පුරවැසියෙක් නේද ?? එහෙනම් එයත් අපිව ගොනාට අඑන්දුව නේද ?? මම වැරදිනම් ඔහුගේම මුහුණු පොතේ ඔහුම ලිය තියන දේ බලන්න .

:       0       3

Raveendra Thursday, 11 July 2019 11:43 AM

අහිංසක මිනිසුන්ගේ බදුමුදල්වලින් යහමින් පවුල් සමගින් ජිවිතේ සැප විදපු සහ විඳිමින් සිටිනා මේවගේ හරකුන් අනාගතේදීත් එසේ සැප විඳීමට පිඹුරුපත් සැකසීමට අප ඉඩදිය යුතුද..? රිලවුන් 225ම දියවන්නා ඔය කැලයෙන් පන්නා දැමිය යුතුයි..

:       1       107

hira Thursday, 11 July 2019 12:17 PM

ඒ ඔබලාගේ අවසානයයි. රටේ මිනිස්සු ඉල්ලන දේ දෙන්න පුරුදුවෙන්න. අපිට නැවතත් එපා හලෝ පඹයෙක්.

:       0       133

Ranga Thursday, 11 July 2019 12:30 PM

අපේ ඊලඟ ජනාධිපතිතුමා චමින්ද පීරිස්ට ජයවේවා..රට මේ ප්‍රපාතෙන් ගොඩගත හැකි එකම නායකයා චමින්ද පීරිස් වටා එක් රොක් වෙමු...!

:       15       11

de silva Thursday, 11 July 2019 12:53 PM

දැනට අවරුදු 25-30 විතර ඉඳන් ඔබතුමා ඇතුළු ඔය ලොකු ලොකු පක්ෂ නායකයෝ එකතුවෙලා එක එක සන්ධාන හැදුවනේ ? එකෙන් රටට ජාතියට කිසි වැඩක් වුනේ නැත . ඔබලාගේ පවුල් වල ආර්ථිකය නම් විශාල ලෙස ඉහළ ගිහින් , පාපැදියෙන් ගමන් ගිහිපු මිනිස්සු අද යන්නේ ප්‍රාඩෝ වල , හැමෝටම මාලිගා වගේ ගෙවල් කොළඹ තිබෙනවා . අපට ඔබල එපා වෙලා , මේපාර , රාජපක්ෂ පවුල , රනිල් , මෛත්‍රී සම්බන්ධ නැති වෙන කෙනකුට දීල බලමුද ?

:       0       25

Bishan Thursday, 11 July 2019 12:54 PM

මෙයාල සහය දෙන අපේක්ෂකයාට ඇපත් නැති වෙනවා. පොහොට්ටුවටයි යූඑන්පී එකටයි මෙයාලව අවශ්‍ය නැත.

:       0       130

Mahesh Thursday, 11 July 2019 01:04 PM

එයත් එක්ක බුදියගන්න බැරිනම් වෙන එක්කෙනෙක් එක්ක හරි බුදියනවා. ඒ වගේ කතාවක්නේ මේ කියන්නේ. නිකන් ජවිපේ වගේ...

:       0       35

saaliThursday, 11 July 2019 02:17 PM

ගැරඬි වගේ ... ඕන සරුපයෙක් එක්ක ...

:       0       0

isurandi Thursday, 11 July 2019 01:27 PM

කරුණාකරලා මේ එන ඡන්දෙදිවත් මොලේ හොදට හෝදගෙන රටේ අනාගතය උදෙසා සුදුසු පුද්ගලයෙක්ව රටේ නායකයා හැටියට පත්කරගන්න සැමදෙනාම එක්වී කටයුතු කරමු.

:       0       2

Chanak los angeles Thursday, 11 July 2019 03:40 PM

රටේ නමගිය පක්ෂයකට බංකොලොත් පොහොට්ටුවක් මාට්ටු කරගෙන කරන විගඩමක්... නිදහස් පක්ෂයට සෙතක් වෙන්නේ හොර සාටකයින්ව.. පොහොට්ටුවත් එක්කම සම්පූර්ණයෙන්ම එළවලා දැමුවොත් පමණයි...

:       0       0

Nimal Thursday, 11 July 2019 05:52 PM

එල්ලෙන්න තවමත් වැලක් හම්බ උනේ නැතැයි?

:       0       72

Chathuri Thursday, 11 July 2019 09:20 PM

වෙන පක්ෂ හදන්නේ නැතිව සේරම එකතු කරගෙන කැඳ හැලිය හෝ හත් මාළුව යන නමින් නම් කෙරුවනම් නරකද.

:       0       0

chandra Friday, 12 July 2019 04:15 AM

කොන්ද ඇතිව කෙලින් එන්න.

:       0       0

මුණසිංහ Friday, 12 July 2019 04:42 AM

පවු මොනව කරන්නද? ලබන සැරේත් පාර්ලිමේන්තුවට එන්න හිතෙනව ඇතිනේ? දෙමළ සංධානේවත් පිහිට පතන්න. අඩු ගානේ ජාතික ලැයිස්තුවෙන්වත්? නැත්නම් මනාප ගන්න නම් බැරිවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 113 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 288 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 846 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 734 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 628 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 315 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 215 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1529 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site