(ඩයනා උදයංගනී)
පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට පෙර රටේ ගැටළු විසඳිය හැකි පුළුල් දේශපාලන සන්ධානයක්, එහි දේශපාලන, ආර්ථික, සමාජ වැඩපිළිවෙළ, සහ එය ක්‍රියාවට නංවන නායකත්ව මඩුල්ල රටට ප්‍රකාශ කළ යුතු යැයි මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එම වැඩපිළිවෙළ ඉදිරිපත් වූ පසු ඒ මත පොදු අපේක්ෂකයකු ගොඩනැගෙනු ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය.
රටේ අනාගත නායකයා තීරණය කරන්නේ දේශපාලන පක්ෂයක් නොව ලක්ෂ 50ක් වන කිසිම පක්ෂයකට නොබැදුණු මධ්‍යස්ථ ජනතාව බවද ඇමැතිවරයා කීවේය.
ඒ නිසා එක එක පක්ෂවලින් අපේක්ෂකයින් ඉදිරිපත් කරනවාට වඩා වැදගත් වන්නේ එම ලක්ෂ 50 ට අවශ්‍ය වැඩපිළිවෙළක් හා ඒවා ක්‍රියාත්මක කරන්නේ කවුද යන්න තීරණය කිරීම බව ද පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ ගාල්ල කොටුවේ, ‘ගෝල් දි ගොල්’ ශාලාවේ පැවැති ‘ජාතික මග’ ගාල්ල දිස්ත්‍රික් සමුළුවට එක් වෙමිනි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘පොදු අපේක්ෂකයාට පෙර රටට ගැළපෙන වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි’
amila Sunday, 21 July 2019 09:54 AM
මෙවලට රැවටිලා ඇති වෙලා තියෙන්නේ එත් අපේ මිනිස්සු පාඩමක් ඉගෙනගන්නේ නෑ. රටට ඕන වෙන කව්රුත්ම නෙමේ ඊළඟ අවුරුදු 5 ම හරි අරගෙන කමක් නෑ දේශපාලන ව්‍යුහය වෙනස් කරලා දේශපාලනේට පිවිසෙන්න අවම සුදුසුකමට උපාධියක් තිබීම අනිවාර්ය කරන්න පුළුවන් හැකියාවක් තියෙන නායකයෙක්. ඊට පස්සේ ජන්දෙකින් උගතුන් ටිකක් පාර්ලිමේන්තු ගියායින් පස්සේ රට හැදිල්ල ගැන අපි කතා කරමු. පාසලෙන් කට්ටි පැනල සාමාන්‍ය පෙළවත් සමත් නැති නූගතුන්, මැරයන්, ජඩයන්, පාතාලයන්, හොරුන්, ස්ත්‍රී දූෂකයන්, හැම තැනම නිදි කිරා වැටෙන බල ලෝභී සීයලගෙන් සමන්විත පිරිසක් පාලනය කරන රටකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් සංවර්ධනයක් නැත.
Ravindra Balangoda Sunday, 21 July 2019 10:07 AM
මෙයත් රට වටේ රැස්වීම් තිය තිය යන්නේ අපේක්ෂකයෙක් වෙන්න තමයි, මෙයා කියන ඔය ඡන්ද ලක්ෂ 50න් මෙයාට ලක්ෂයක්වත් ලැබෙන්නේ නෑ.
ලසන්තMonday, 22 July 2019 01:15 AM
කරන වැඩය හරියට කරන වැඩියෙන් ප්‍රසිද්ධියක් නොකරන නාස්තිය හා දූෂණයෙන් තොර මෙතුමා ගැන අශුභවාදී අදහස් දැරීම සුදුසු නැහැ. මෙතුමා වැනි කෙනෙක් රටේ නායකත්වයට ආවොත් මේරට ලොව සුරපුරක් වෙන්ව පුළුවනි.
Asanka Sunday, 21 July 2019 10:16 AM
අනේ බොරු ආත්මාර්ථකාමී කටුසු දේශප්‍රේමියෝ ඔහේ පැත්තකට වෙලා ඉන්නවා , මේ පර රටේ මිනිස්සු අවශ්‍ය දේ කරයි. යන එන මන් නැති බොරු දේශප්‍රේමියා කටුස්ස පරාදයි. එක එක පැතිවලට මුක්කු ගහනවා දිව හැරෙන හැරෙන අතට දේශ ප්‍රේමි කතා කියනවා. අපි ඔහේ අදුනගෙන බොහෝ කල්
Raveendra Sunday, 21 July 2019 10:35 AM
අම්මපා.... මෙයත් දැන් " තල් අත්තට බොරළු හලනවා " වගේ එකපාරටම කෑකෝ ගහන්නේ මොකද ???
Prabha Sunday, 21 July 2019 01:39 PM
මෙතෙක්කල් වැඩ කරේ ප්‍රතිපත්තියක් නැතුවද?
indra Sunday, 21 July 2019 05:20 PM
මොන වැඩ පිළිවෙලවල් ගෙනාවත් මේ රජය රටට කරපු විනාශය වහන්න බෑ, සන්ධාන හදාන කොහොම එකතු උනත් ඡන්දය දෙන්නේ ජනතාව. මේ සන්ධාන ගත වෙන නායකයන් රට හදන්න එන අය නෙවේ, තමන්ගේ සැප විහරණය හොයමින් ඉන්න අය. අහිංසක මිනිසුන්ගේ බදු මුදලින් මේ නටන නාඩගම කාටද පුළුවන් නතර කරන්න? මගේ රට ඉපදෙන්න සිටින පරම්පරාව ගැන හිතනකොට දුකයි. රටේ සියලු ජනතවගෙන් ඉල්ලන්නේ ඔබේ කැමැත්ත රැකියාවකට, ගෙයකට , ඉඩමකට පාටකට මුල් කර ගන්න එපා නුපන් දරුවට හොද රටක් දැයක් ඉතිරි කරන්න.
Vidya Sunday, 21 July 2019 11:28 PM
නගානන්ද කොඩිතුවක්කු එම ප්‍රකාශය දැනටමත් කරලනේ තියෙන්නේ
sisira Sunday, 21 July 2019 11:31 PM
ඕක ඉතින් මෙයා ආපු දා ඉඳන් ගහන බයිලා එකනේ. තව ඔහේ ටික දවසක් බයිලා ගහයි. වේදිකාවෙන් හූ හඬ මැද බැසයන දවස බොහොම ලඟයි.
AHINSAKA Sunday, 21 July 2019 11:58 PM
අර පහු ගිය දවසක රාජගිරියේ ඒකචාරී නිශාචර දඩාවතේ යනකොට වාහනයට යට කළ බව කියන අබ්බගාත වී ජීවිතයේ සොදුරු තාරුණ්‍ය ගත කරණ අහිංසක දරුවා එහෙම බලන්න ගියේ නැතෙයි ලොක්ක?
Chanak los angeles Monday, 22 July 2019 04:51 AM
ඕවා කරන්න නොවේද ඔබලා මහජන මුදල් වලින් යැපෙමින් සියලුම වරප්‍රසාද ලබමින් පාලන බලයේ ඉන්නේ ?