IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ජනමත විචාරණයකට රජය සූදානම්’

(බිඟුන් මේනක ගමගේ) 

විසි වැනි සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට අමතරව ජනමත විචාරණයක් ද අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළහොත් ඒ අනුව ක්‍රියා කිරීමට රජය අපේක්ෂා කරන්නේ යැයි අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පැවැසී ය.

කිසිදු අවස්ථාවක නීතියට පිටින් කටයුතු කිරීමට රජය අදහස් නොකරන්නේ යැයි කී හෙතෙම රජය අධිකරණයට මෙන්ම පාර්ලිමේන්තුවට ද සාවධාන වන්නේ යැයි අවධාරණය කළේය.

විසි වැනි සංශෝධනයෙන් සිදුවන්නේ නැවතත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යෑම යැයි ද වේගවත් ආර්ථික සංවර්ධනයක් රටට අත්පත් කරගැනීම එහි මූලික අරමුණක් යැයි ද අධිකරණ ඇමැති අලි සබ්රි මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 
 



අදහස් (46)

‘ජනමත විචාරණයකට රජය සූදානම්’

fasmy Monday, 28 September 2020 08:08 AM

ඔබලා 1978 ව්‍යවස්ථාවට නැවත යන්නේ නම් ඔබලාගේ නායකයන්ගේ උපදෙස් අනුව එම ජේ.ආර්.ගේ ව්‍යවස්ථාවට විරුද්ධ වීම හේතු කරගෙන මැරුණු අයට ඔබලා පළ දෙන්නද?

:       4       54

Kamal Monday, 28 September 2020 08:27 AM

ජේ ආර්ගෙ ව්‍යවස්තාවට විරුද්දව මැරෙන්න හදපු එදා ශ්‍රීලනිප වත්මන් පොහොට්ටු ඡන්ද දායකයන්ට කීමට යමක් තිබේද?

:       2       60

sena Monday, 28 September 2020 08:33 AM

ජේ.ආර්. ගේ 78 ව්‍යවස්ථාවට යනවානම් කළ යුත්තේ ඊට පස්සේ ආපු සංශෝධන සියල්ලක්ම අහෝසි කරන එක එතකොට 13ත් අහෝසි වෙනවා.

:       1       34

BamunuarachchiMonday, 28 September 2020 12:12 PM

පැහැදිලිව අහගන්න අලි සබ්‍රි මහතා ටීවී නාලිකාවක කළ සංවාදය... ඔහු කිව්වා 19 ඉවත් කර 18ත් ආපසු යනවා. නමුත් 18 තිබුණු ජනාධිපතිගේ කාල සීමාව සහ පත්වීමේ අවස්ථා ගණන පමණක් වෙනස් කරන බව. 13 අහෝසි වෙන්නේ නැත. විය යුත්තේ එයයි.

:       38       7

ranaTuesday, 29 September 2020 03:43 AM

"19 ඉවත් කර 18ට අාපසු යනවා" පෙරදා මුලු ජනතාවට අවිධිමත් හොර පුරවැසි සහතික පෙන්නපු මොහු මේ දැන් කියන්නේ මොනවද? 19 ඉවත් කිරීමට 20 ගෙන ආ යුතුයි නේ? ඉතින් කාටද මේ තවත් බොරු? ඔය කලු කෝට් එකේ උරුමයද? 69 ටම "අනේ පව්".

:       0       4

BamunuarachchiTuesday, 29 September 2020 12:48 PM

පිස්සු කරන්න එපා හලෝ.. ජනාධිපතිගේ පුරවැසිකම.. ගැන ඔහේට තිබෙන රුදාව මොකක්ද? දෙන දෙයක් කාලා බුදියගන්න හලෝ. මෙයා ජෙප්පන්ගේ සටන්පාඨ කියවනවා. ජෙප්පොත් දැන් කට වහගෙන ඉන්නේ..

:       3       0

ChampaTuesday, 29 September 2020 04:16 PM

rana - හරියට හරි. නාමයෝජනා දෙනකොට විතරක් නෙමෙයි ජනාධිපතිවරණය තියෙන කොටත් ඇමරිකන් පුරවැසියෙක්... ඔහු වෙනුවෙන් හොර සහතික දීපු නීතිඥයා අද අධිකරණ ඇමති... කොන්ද නවාගෙන නීතීඥයා කියන විදිහට නටනවා හැර වෙන විදිහක් නැහැ. අද රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්නේ කිසිම අවංක භාවයක් නැති පුද්ගලයන්... අපරාධකාරයින්ගේ කළු සල්ලි වෙනුවට ඩොලර් දැන්...

:       0       1

pathirana Monday, 28 September 2020 08:43 AM

සර්, ජනමත විචාරණ නොවෙයි, රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හොඳද, නරකද කියන එක උගතුන් සහ බුද්ධිමතුන් තීරණය කළ යුතුයි. අපේ රටේ බහුතරයක් ඡන්ද දායකයෝ ආවේගශීලියි. ඡන්දෙ දෙන්නේ හොඳම සටන් පාඨය ඉදිරිපත් කරපු කෙනාට. ඒ අයට දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් අවශ්‍ය නැහැ. ඉතින් දැනට ජනාධිපතිතුමාගේ තිබෙන පුද්ගලික ජනප්‍රියතාවය ප්‍රයෝජනයට අරගෙන රටට අයහපතක් කරන්න උත්සාහ කිරීම අපරාධයක්.. ඔබතුමාලා විතරක් නොවෙයි ඔබතුමාලගේ දරුවොත් මේ රටේ ජීවත් වෙන්න ඕනේ... ඒක මතක තියාගන්න.

:       2       63

de silva Monday, 28 September 2020 08:46 AM

ජනමත විචාරණයේදී 20 පරදිනවා. ඒකට හේතුව තමන් සතු බලය ජනාධිපතිට දෙන්න පොහොට්ටු මන්ත්‍රීවරු උඩින් කැමැත්ත පෙන්නුවට යටින් කැමැති නැහැ. ඒ නිසා ජනමත විචාරණේ දිනන්න ඔවුන්ට අවශ්‍යතාවයක් නැහැ.

:       4       44

De Monday, 28 September 2020 09:27 AM

78 ආයෙමත් ද.? පොල්, පොල් ලාබයි.?

:       3       34

Priyans Karunaratne Monday, 28 September 2020 09:34 AM

ජනමත විචරනයක් උවමනා නැත.

:       17       17

sam Monday, 28 September 2020 09:56 AM

ජනතා සල්ලි කන්න...

:       1       20

Ranjith Monday, 28 September 2020 10:04 AM

වැඩක් නෑ. ජනතා මුදල් නාස්තියක් විතරයි. මේ වේලාවේ රජය තමාගේ වත්තේ අසූචි දැම්මත් ඡන්දය දුන් අය ඒවා පොහොර ලෙස බාරගන්නවා. මේ බව රජයත් හොඳින් දන්නවා..

:       1       44

uditha Monday, 28 September 2020 10:29 AM

ඔය හැම සෙල්ලමක්ම තව ටික දවසයි. රටට ජාතියට හොඳක් කරන්න ඕවා අවශ්‍ය නැහැ.

:       1       23

දිමුත් Monday, 28 September 2020 10:30 AM

ඒ කියන්නෙ 13 අහෝසියි?

:       2       9

Bamunuarachchi Monday, 28 September 2020 12:08 PM

බයවෙන්න එපා... අපි අත් දෙකම උස්සලා 20ත් ඡන්දය දෙනවා.

:       29       5

BamunuarachchiTuesday, 29 September 2020 05:34 AM

හිර ගෙවල්වල සැප විඳින පාතාලයන්ට කවුරුවත් අත තිබ්බේ නැහැ නේද.?

:       1       0

Champa Monday, 28 September 2020 12:09 PM

20 ගැන සිංහලයෙක්ට නැති අමාරුවක් මුස්ලිම් ජාතිකයෙක්ට මොකද කියලා කාටහරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ෂාපි ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්නයක් ඇහැව්වාම පරල වෙච්ච හැටියෙන් තේරුම් ගන්න පුළුවන්... ගෝඨාභය සිංහලයෙක් නැතුව මුස්ලිම් ජාතිකයෙක් අධිකරණ ඇමති කලේ සිංහල අධිකරණ ඇමතිවරයෙක් කවදාවත් 20 කියන විදිහට රට පාවා දෙන්න කැමති නැති නිසා. මේ ගොල්ලෝ ගැන සිංහල ප්‍රස්ථාපිරිළු තියෙනවා ඕනෑතරම්...

:       10       31

pradeepa Monday, 28 September 2020 12:10 PM

ජේ.ආර්. ගේ ව්‍යවස්ථා කවදාවත් ඉවත් කරන්නේ නැහැ මේ ආණ්ඩුව... ඔය අලුත් ඒවා ගෙනාවා කියන කතා බොරු.. ජනතාව රැවැට්ටුවා... අපේ ජනතාව ගොනාට ඇන්දා මම ඇතුළුව..

:       2       28

johan Monday, 28 September 2020 12:19 PM

ජනමතය පැරදුණොත් ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව විසුරුවා හැරිය යුතුයි නේද? ඒකට කට්ටිය ලෑස්තිද?

:       2       29

Champa Monday, 28 September 2020 12:19 PM

ජිනීවා ගිවිසුම වගේම 20 ආකෘතියත් හදලා දීපු එකක්. සිංහල, බෞද්ධ ඡන්දෙන් බලයට ඇවිල්ලා සිංහලයිනුයි, සිංහල රටයි පාවාදෙන අයගේ විස්තර කරන්න වචන නැහැ. මහින්දට නම් ගුත්තිල, මූසිල ජාතකය මතක් වෙනවා ඇති මේ දවස්වල. රනිල් ගෙනාපු ෆෙඩරල් ව්‍යවස්ථාවේ ඒකීය වචනය නැහැයි කියලා මහා ඝෝෂාවක් කරපු හාමුදුරුවරු අද නිහඬයි. හේතුව ජනාධිපතිවරයා හාමුදුරුවන්ව කේවට්ට සභාවකට හිර කරගෙන ඉන්න නිසා... ඒකේ ඉන්නවා නම් කරන්න පුළුවන් ප්‍රශස්ති ගායනාව විතරයි. තනතුරු සහ අනාගත දේශපාලන පදවි වෙනුවෙන් රට පාවා දෙන තැනට හාමුදුරුවරු ඇවිල්ලා තියෙන හැටි පුදුම වෙන්න දෙයක් නැහැ. අතීත සිංහල පොතපත් වල කියලා තියෙනවා. මේ වගේ විපරිත කාලයක් එනවා කියලා. ටිකක් හරි කතා කරන්නේ හැමදාම තමන්ගේ වචනය වෙනස් නොකළ ඇල්ලේ ගුණවංශ හාමුදුරුවෝ විතරයි. හැබැයි මේ දවස්වල මම හිතන්නේ ජීවිතයත් පරදුවට තියලා කතා කරන්නේ... අභයාරාමයෙන් නම් ඇහෙන්නේ එකම අඳෝනාවක්...

:       3       26

ChampaMonday, 28 September 2020 01:01 PM

මෙතන සමහර නම් දාන්න බය වෙලා. දූෂිත අපරාධකරුවන්ගේ කළුසල්ලි වලින් ජීවත් වෙච්ච පුද්ගලයෙක් රාජ්‍ය ආයතන විගණනයෙන් ඉවත් කිරීම සාධාරණය කරන්නේ ඇයි කියන එක සාමාන්‍ය දැනීම තියෙන ඕනෑම පුද්ගලයෙකුට තේරෙනවා.

:       2       13

ආන්ජලෝ නුගාරා Monday, 28 September 2020 01:13 PM

පාර්ලිමේන්තුව ශක්තිමත් වීම ප්‍රජාතන්ත්‍රවාදී අර්ථයෙන් රටකට සුබ වුණත්, ශ්‍රී ලංකාව වැනි බෙදුම්වාදී ප්‍රශ්න, භාෂා ප්‍රශ්න ඇති රටකට විධායකය ශක්තිමත් වීම කළයුතු බවයි මාගේ හැඟීම. නැතිනම් පාර්ලිමේන්තුවේ විවිධ ජාතීන්ගේ න්‍යාය නිසා රට අනාරක්ෂිත, අස්ථාවර වීමට පුළුවනි...

:       13       7

senaMonday, 28 September 2020 02:15 PM

ඒ කතාව සම්පූර්ණයෙන්ම වැරැදියි. මොකක් හරි හොඳ සටන් පාඨයක් අරගෙන සිංහල බෞද්ධයෙක් නොවන පුද්ගලයෙක් ඡන්දයෙන් දිනලා ආවොත් මොකද වෙන්නේ? උදාහරණයක් හැටියට ඉන්දියානු- ලංකා ද්විත්ව පුරවැසියෙක් ජනාධිපති වුණොත් අපේ රට කිසිම ප්‍රශ්නයක් නැතිව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරයි. මේක කරන්න ඕනෑම රටකට පුළුවන්. අවශ්‍ය වන්නේ ඡන්දෙට වියදම් කරන්න ලොකු මුදලක් ඕන වෙන එක විතරයි.

:       2       16

Hafeel Monday, 28 September 2020 01:51 PM

මේ අලි සබ්‍රි ජනතාව ගොනාට අන්දනවා. 20ටත් වේගවත් ආර්ථික සංවර්ධනයටත් මොන සම්බන්ධයක්ද? 20 කියන්නේ තනි පුද්ගලයෙකුට බලය ලබාදීම... අධිකරණ ස්වාධීනත්වයට විශාල පහරක්. රාජ්‍ය ආයතනවල මූල්‍ය සම්බන්ධව විගණනයක් කරන්න බැහැ.

:       1       24

BamunuarachchiTuesday, 29 September 2020 05:15 AM

එතකොට ජේ ආර් විධායක බලතල තියාගෙන ඉන්නකොට හොඳයිද.?

:       4       0

siri Monday, 28 September 2020 01:52 PM

සාමාන්‍යයෙන් නඩුවකට පෙනී ඉන්න නීතීඥයින්ට නඩුවට අදාළ සියලුම තොරතුරු චූදිත පක්ෂය විසින් බොරු නැතිව කියන්න වෙනවා නේද? නොමිලයේ නඩුවලට පෙනී ඉඳලා දැන් බෙල්ල ළඟටම හිරකරගෙන වගෙයි පේන්නේ... කියලා සමහරු කියනවා ඇහෙන්නේ මොකද මන්දා...

:       1       20

de silva Monday, 28 September 2020 02:43 PM

ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව ඕනේ නම් ඒක එපා කියමින් පාරවල් දිගේ පාද යාත්‍රා ගියේ කුමකටද?

:       1       14

Punyasoma Monday, 28 September 2020 02:53 PM

මෙතන චම්පා දාලා තියෙනවා මුස්ලිම් එක්කෙනෙක් දාලා තියෙන්නේ රට පාවලා දෙන්න කියලා. එතකොට බහුතර ආණ්ඩුවේ මන්ත්‍රීවරු, අගමැතිතුමා, ජනාධිපතිතුමා ඔක්කොම සිංහල නෙමෙයිද? අලි සබ්රි හදපු එකක්ද මේ ව්‍යවස්ථාව..? ඒ කියන්නේ අනිත් කට්ටිය ඔක්කොම උඩ බලාගෙන මේකට අනුමැතිය දෙන්නද හදන්නේ? නිකන් ජාතිවාදය අවුස්සන කතා කියන්න එපා. ඔයාලා වගේ නූගත් කට්ටිය හින්දා තමයි මිනිස්සු නිකං රණ්ඩු වෙන්නේ.

:       16       9

ChampaMonday, 28 September 2020 03:57 PM

ඇයි මොකද අපි කතාකරන කොට විතරද ජාතිවාදය? අලි සබ්‍රිට විතරද කතාකරන්න පුළුවන්. මෙයාගේ ඉතිහාසය බලන්න. ගිය අවුරුද්දේ සහරාන්ව සුද්ද කරපු පුද්ගලයා මේ අවුරුද්දේ ලංකාවේ අධිකරණ ඇමති. ජාතිවාදය ආයේ අවුස්සන්න දෙයක් නැහැ. අධිකරණ අමාත්‍යාංශය වැනි රටේ ස්වාධීනත්වයට ඉතාම වැදගත් අමාත්‍යාංශයක් අසිංහලයෙක්ට දුන්නේ ජාතිවාදය නිසා නෙමෙයිද? ඔහුගේ කතා හැම එකෙන්ම පෙන්වන්නේ ඔහු සිංහල ජාතියට ඉහළින් ඉන්නවා කියන එක. ජාතිවාදියෙක් නෙමෙයි නම් ෂාපි ගැන ප්‍රශ්නයක් ඇහැව්වාම පරල වෙන්නේ මොකද? ජනාධිපතිවරයාගේ නඩුවලට පෙනී හිටපු නීතිඥයා අද රටම පාලනය කරන්න හදන්නේ ඔහු මුස්ලිම් ජාතිකයෙක් නිසා. පොහොට්ටුවේ මන්ත්‍රීවරු සහ විවිධ ජාතික සංවිධානවල සංශෝධනවලට විශාල විරෝධයක් පෙන්වන්න ඔහු කවුද? මේ රටේ හැමදාම රට වෙනුවෙන් කතා කලේ නූගත්තු තමයි. උගත්තු කලේ රට පාවා දෙන ජාතිවාදීන්ට විරුද්ධව කට වහගෙන හිටපු එක.

:       7       16

ChampaMonday, 28 September 2020 04:37 PM

පොහොට්ටුව බලයට ආවහම තමන්ට අපර් හෑන්ඩ් එකක් ගන්න පුළුවන් විදිහට අලි සබ්රි ලස්සණට හැමදේම සැලසුමකට අනුව කරගෙන ආව. ඒකාබද්ධ විපක්ෂයේ නඩු වලට පෙනී හිටියා. ජනාධිපතිගේ නඩු වලට පෙනී හිටියා. දැන් සිංහල දේශපාලකයන්ට ඇටි කෙහෙල් කෑව වගේ කට වහන් ඉන්න වෙලා තියෙන්නේ ඒකයි. හැම ජාතිවාදී සුළු ජාතිකයාම ඉතාම සූක්ෂම විදිහට සිංහලයන්ගේ විශ්වාසය දිනාගෙන තමන්ට අවශ්‍ය තනතුර ගන්නවා. ඉතිහාසයේ වුනු දේවල් අදත් වෙනවා.

:       0       1

පුන්‍යකාන්තිTuesday, 29 September 2020 02:02 AM

මම ජාතිවාදයට මෙසේ කියනවා නොවෙයි. චම්පා හරි කියලා හිතෙන්නේ පසුගිය කාලෙකත් දැනට අධිකරණ ඇමතිගේ ජාතියේ කෙනෙකු අධිකරණ ඇමතිවෙලා සිටි කාලයේ නීතිවිද්‍යාලයට වැඩි පිරිසක් ගත්තේ ඇමතිගේම කට්ටිය කියලා කථාවක්... ඒ කාලේ පැතිරුණා ප්‍රභාකරන් කිව්වලු නේද? සිංහලයාට යමක් මතකයේ තියෙන්නේ සතියයි කියලා. පුණ්‍යසෝමත් සිංහලයෙක්නේ..

:       0       1

BamunuarachchiTuesday, 29 September 2020 12:51 PM

සිංහලයෙක් නම් ජාතිවාදී කියන්න බය වෙන්න එපා. මම සිංහල ජාතිවාදියෙක් කියන්නේ ආඩම්බරයෙන්.

:       1       0

ChampaTuesday, 29 September 2020 02:13 PM

ඒක ඇත්ත. මමත් 2015 ඉඳන් කියනවා. සම්බන්ධන් තරමටම, සුමන්තිරන් තරමටම, රවුෆ් හකීම් තරමටම, බදියුදීන් තරමටම, අසාද් සාලි තරමටම, විග්නේශ්වරන් තරමටම, මමත් ජාතිවාදී කියලා. දැන් ඒ ලැයිස්තුවට අලි සබ්‍රිවත් එකතු කරලා කියන්න ඕනේ... අලි සබ්‍රි තරමටම සිංහල අපිත් ජාතිවාදී කියලා. ජාතිවාදී ලේබලය අලවන්නේ සිංහලයන් බයකරලා කට වහන්න...

:       0       1

PrasadTuesday, 29 September 2020 03:03 AM

ඔය කියන අය කොහොමත් මුදලට ජාතිය, ආගම විතරක් නොවේ බිරිඳ වුණත් පාවලා දෙනවා ඒ අය..

:       0       3

chandanaWednesday, 30 September 2020 06:08 PM

පුණ්‍යසෝම ඔබ නිවැරදිය. ඇයගේ නොදන්නාකම සහ ඒවා කොතරම් වැරදිද යන්න ඇයගේ පැරණි අදහස් විමසා බැලූවිට වටහාගත හැකියි. ඇය සැබවින්ම පදනමක් නැති උග්‍ර ගෝඨාභය විරෝධියෙකි. ඇයගේ අදහස් වල හිතළු මිස කිසිඳු පදනමක් නැත. මුදලට කොන්ත්‍රාත්තුවක් ඉටු කරන්නෙක් වැනිය.

:       0       0

shantha Monday, 28 September 2020 04:02 PM

ලංකාව රාජපක්ෂ කොළනියක් වෙන්න ඉඩතියන්න එපා.

:       0       2

Demuni Uduwara Monday, 28 September 2020 04:35 PM

ජනමත විචාරණයක් පැවැත්වීමට අරමුදල් කෝ?

:       0       1

abc Monday, 28 September 2020 04:56 PM

පරණ දේවල් කතාකරලා වැඩක් නැහැ. 20 දිනවමු අසීමිත බලය දෙමු.

:       0       1

Perera Tuesday, 29 September 2020 03:56 AM

ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවත් සූදානම්ද?

:       0       2

Punyasoma Tuesday, 29 September 2020 04:33 AM

හරි අලි සබ්‍රි පත්කලේ කවුද? ජනාධිපතිතුමානේ, එතුමාට කියන්න. අලි සබ්‍රි අයින් කරලා වෙන කෙනෙක් දාන්න කියලා. කාටහරි පත්වීමක් දීලා එහෙම කරන්න දෙන්න බෑ. මෙහෙම කරන්න දෙන්න බෑ කියන්නේ නැතිව... අලි සබ්‍රි ආපු එක ගොඩක් කට්ටියට ප්‍රශ්නයක් නම් ජනාධිපතිතුමා එ්ක නිවැරදි කරයි.

:       0       1

නෙවිල් Tuesday, 29 September 2020 04:35 AM

ජනමත විචාරණය හරි... තියන මගුලක් මහින්ද දේශප්‍රිය යන්න කලින් තිබ්බොත් හොඳයි. දැන් හූල්කාරයා පෙත්සමකුත් දාලානේ...

:       1       1

k.a.k.perera Tuesday, 29 September 2020 12:17 PM

දැනටම සංශෝධන 20ක්.. ජනමත විචාරණ මේ මහජන මුදල් වැය නොකර කරන එකක් එකපාර කරන්න.

:       0       1

rocky Tuesday, 29 September 2020 01:31 PM

ශා..!!! බමුණු උන්නැහේ නියම ‘‘ලයන් බ්‍රෑන්ඩ්‘‘ ඔරිජිනල් පොරක්නේ.!!! ඔන්න බොලේ ජාතික වීරයෙක්..!!! 

:       0       1

BamunuarachchiSaturday, 03 October 2020 01:56 AM

අපි සිංහල ජාතිය නමින්ම කියවෙනවා ලයන් බ්‍රෑන්ඩ් කියලා.

:       0       0

BamunuarachchiSaturday, 03 October 2020 02:00 AM

මම සිංහල නමක් තිබෙන සිංහල ජාතිවාදියෙක් කියන්න පැකිලෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 834 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 162 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1025 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1056 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1363 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1215 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site