පාලිත ආරියවංශ
ජනබලයට සහාභාගී වු ඇතමුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට හූ කිවු එක කිසිසෙත්ම අනුමත නොකරන බවත් එය තමන්ගේ අම්මාට අපහාස කළාට ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පැවසීය.
බදුල්ලේ පැවැති මාධ්‍ය හමුවක දී ඔහු මෙසේ කීවේය.
හැබැයි හූ කියපු අයට ඇගිල්ල දික්කරන්න මහින්ද අමරවීර මහත්තයාට අයිතියක් නැහැ. සිරිකොතේ වැසිකිලි සෝදන ගමන් අසූචි කන ගමන් තමයි කාටහට වාතයක් ගියොත් ගදයි කියනේනේ. කොහොම නමුත් පක්ෂ මුලස්ථානය හූ කියපු එක අපි හෙළා දකිනවා.
අපි 16 දෙනා ඒකාබද්ධයේ ඉදගත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා පක්ෂයේ නායකයා හැටියට එතුමාගෙන් අවසර අරගෙන. දුමින්ද දිසානායක මහත්තයා පක්ෂයේ මහලේකම් නොවන නිසා අපි අයින් කරන්න එයාට කොහොමටවත් බැහැ.
පක්ෂයේ දැන් ඉන්න මහ ලේකම්ටත් අපි අයින් කරන්න බැහැ මොකද එතුමා තවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය අරගෙන නැහැ. ඒ නිසා දුමින්ද දිසානායක මහත්තයා හීන දකිනවා දවාලටත් හීන දකිනවා.
ජාතික හා ආගමික සංහිඳියාවට හානි කිරීමේ චෝදනාට වසර හතරක සිරදඩුවම් නියවී වැලිකඩ බන්ධනාගරයේ සිරදඩුවම් විදින බොදුබල සේනා සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානස
කෘමි නාශක කළවම් කළ කල් ඉකුත් විමට ආසන්න කෝටි 15ක් පමණ වටිනා විස පාන්පිටි ගෝනි 10.000ක ආසන් ප්‍රමාණයක් ගනේවල්පොළ ප්‍රදේශයේ විශාල ගබඩාවක සඟවා තිබියදී සොයාගත
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘ජනබලයට ආ අය ශ්‍රීලනිප මුලස්ථානයට හූ කීම අනුමත කරන්න බෑ’
OMG Sunday, 09 September 2018 07:10 AM
වස කුප්පියක් කතා කරයි.....
Shan Sunday, 09 September 2018 07:22 AM
අපෙන් පිනට කන ගමන් තව කයිවාරු ගහන්න හදනවා
ලුම්බිණි Sunday, 09 September 2018 07:25 AM
තමන් තමන්ටම ගහ ගන්න මේ කාලේ තමන්ටම හූ කියා ගන්න එක ගැන මොන කතාද?
Saman Sunday, 09 September 2018 08:33 AM
ලඟක් වෙනකම් මෙයත් ඔය කියන වැසිකිළිය හේදුවනේ...
OMGSunday, 09 September 2018 12:30 PM
වැසිකිළි හැදුවත් කමක් නැහැ එක පැත්තක ඉඳන් ප්‍රතිපත්තියක් ඇතිව. එහාට මෙහාට පනින්නේ නැතුව....
banda Sunday, 09 September 2018 08:48 AM
මෙවැනි අය ගෙදර යැව්වත් අාපහු පාර්ලිමේන්තුවට එන ක්‍රමය නවත්වන්න ඕන
kap Sunday, 09 September 2018 09:49 AM
බදුලු ජනතාව වෙතයි. මේ වගේ නිකමුන්, පිංගුත්තරයන් ආයිමත් පාර්ලිමේන්තුවට නම් එවන්න එපා.
OMGSunday, 09 September 2018 12:32 PM
ගෙදර යවලත් පාර්ලිමේන්තුවට රිංගලා පෙනේ පුප්පනවා..
HafeelSunday, 09 September 2018 02:53 PM
මෙයාලාට දේශපාලනය අත් හැරලත් බැහැ. ජීවත්වන්න වෙන මාර්ගයක් නැත්නං, වෙන මොනවා කරන්නද?
samMonday, 10 September 2018 05:13 AM
මෙයාලව බදුලු ජනතාව ගෙදර ඇරියාට දැන් ඉන්න ලොක්කා ජනතා කැමැත්තට පයින් ගහලා පස්ස දොරෙන් ගෙට ගත්තානේ. ඒ නිසා ජනතාවට කරන්න දෙයක් නැහැ.