IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘ගල් අඟුරු වංචාව ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න‘- පාඨලී

(ඩයනා උදයංගනී)

එකම සමාගමක් හරහා වංචනික ලෙස ගල් අඟුරු ගෙන්වීම හේතුවෙන් 2009 සිට 2016 දක්වා කාලයේදී මහ බැංකු බැඳුම්කරය මෙන් කිහිප ගුණයක වංචාවක් සිදුවී ඇති බවත්, විශේෂ බලැති ජනාධිපති කොමිසමක් වහාම පත්කර ඒ ගැන සොයා බලන ලෙස තමා ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින බවත් මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

මෙම ගල් අඟුරු වංචාව පිළිබඳ නිකුත් වී ඇති විගණකාධිපති වාර්තාවේ සඳහන් කරුණු මත කොමිසම හරහා සොයා බැලිය හැකි බව කී අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් තමන් සතු සියලූ කරුණු කොමිසමට ලබාදීමට සූදානම් බව ද ප‍්‍රකාශ කළේය.

මෙම වංචාවෙන් ප‍්‍රතිලාභ ලැබූ නිලධාරීන්, දේශපාලනඥයින්, මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අති විශාල පිරිසක් සිටින අතර විදුලි බිල හරහා දෙකෝටියක් ජනතාව අදටත් මෙයින් දුක් වි`දින බව  අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ බත්තරමුල්ල, සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී අද (13ෙ) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 



අදහස් (6)

‘ගල් අඟුරු වංචාව ගැන සොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න‘- පාඨලී

nuwan Wednesday, 13 June 2018 12:50 PM

ගල් අගුරු බලාගාරයක් ලංකාවට ගෙනාපු අයට ගහන්න ඕන මඩු වලිගෙන්. දියුණු රටවල් පිලිකා කාරක,පරිසර විනාශකාරී ගල් අගුරු බාවිතය සහමුලින්ම නවත්වන්න කටයුතු කරනවා. මෙහෙ එකේ අනිත් පැත්ත.

:       186       72

nuwanThursday, 14 June 2018 05:54 AM

යුරෝපයේ ගල් අගුරු වෙනුවට සුළගින් ක්‍රියා කරන විදුලි ජනක මුහුදු තීරයේ මහා පරිමාණයෙන් ස්ථාපිත කරලා තියෙන හැටි ඒ වගේම විශාල සුර්ය ජනක ව්‍යාපෘති දැනටමත් ක්‍රියාත්මක තත්වයේ තියෙන්නේ.දේශපාලන අන්ධ බාවයට පත් උනු අයට මේවා තේරෙනකොට රට විනාශ වී හමාරය.

:       3       1

de silva Wednesday, 13 June 2018 01:36 PM

ඔය කොමිසම පත්කරලා ක්‍රියාත්මක කරන්න අඩු ගන්නේ කෝටි 10 වත් යාවි , අන්තිමට කිසිම තීරණයක් නැතිව කොමිසම් වාර්තාව , ලේඛනාගාරයට යවලා කියාවි එක ප්‍රසිද්ධ කරන්නේ අවුරුදු 30 කින් කියලා, ඕව සැලසුම්කරණ , හදන කාලෙ විදුලිබිල, සහ පරිසර ඇමතිකම වගේ ඇමතිකම් දැරුවේ ඔබතුමා. දැන් කොමිසම් වලට මුවා වෙලා ඔය වගකීම් වලින් කර අරින්න ඔබට බැහැ

:       235       127

Raveendra Wednesday, 13 June 2018 02:17 PM

මේ හදිසියේම රඟදක්වන්නේ වීදි නාට්‍යයක්ද?

:       71       12

Kumar Wednesday, 13 June 2018 04:40 PM

ඇමතිතුමා බලශක්ති ඇමති කාලේ නේද මේ විදුලි බලාගාරය ගොඩනැගුවේ. ඒ දවස්වල ගල් අඟුරු ගැන කිසිම ප්‍රශ්නයක් තිබුනේ නැද්ද? අපේ ශ්‍රී මහා බෝධියටත් ඒකෙන් හානිවෙන්න යන වග ඇත්තද.

:       54       2

de silva Wednesday, 13 June 2018 06:52 PM

ඕක සැලසුම් කරන කලේ තිබෙන්නේ ඇත්තේ පරිසරයට කිසිම හානියක් නැති , පුච්චනකොට කළු දුම් නොදමන සුපිරි ගල් අඟුරු , දැන් ඒවා අපේ කරුමෙට ඉවරවෙලා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යලේ වී වගා සල්ලි ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට
2024 අප්‍රේල් මස 24 65 0

2024 යල කන්නයේ වී වගා කටයුතු සඳහා රජය ලබා දෙන මුල්‍යමය සහනාධාරය ලබන සතියේ සිට ගොවි ගිණුම් වලට බැර කරන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.


පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 346 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 1143 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 594 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 94 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1607 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 289 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1521 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site