IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘කෙරවලපිටිය චීනයට දුන්නොත් බිලියන 40ක පාඩුවක්‘

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කෙරවලපිටිය ප‍්‍රදේශයේ ඉදිකිරීමට නියමිත ස්වභාවික තාප විදුලි බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගමකට පැවරීමට රජය ක‍්‍රියා කිරීම තුළින් රුපියල් බිලියන 40 ක පාඩුවක් සිදුවන බවත් , තවදුරටත් රුපියල අවප‍්‍රමාණය වුවහොත් එය රුපියල් බිලියන 80 දක්වා වැඩිවිය හැකි බවත් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය.

එබැවින් මෙම ටෙන්ඩරය අවම ලංසුවකට චීන සමාගමකට ලබාදුනහොත් මහජනතාවට විශාල අගතියක් සිදු වන්නේ යැයිද ජනාධිපති නීතීඥවරයා  වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා එසේ කියා සිටියේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් ගොනු කරන ලද පෙත්සම අද (11) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ  අවස්ථාවේදීය.

ඊවා වනසුන්දර, ප‍්‍රියන්ත ජයවර්ධන සහ මුර්දු ප‍්‍රනාන්දු යන ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවූණි.

එහිදී නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා  අධිකරණයට දන්වා සිටියේ මෙම ටෙන්ඩරයේ අදාල සියලූ නිර්දේෂයන් සිදුකරන්නේ තාක්ෂණික කමිටුව මගින් බවයි.    අවසාන නියෝගය ක‍්‍රියාත්මක සිදුකරන්නේ මහජන උපයෝගිතා මණ්ඩලය බව ද ඔහු කීවේය.

මේ අනුව පෙත්සම වැඩිදුරටත් සලකා බැලීම ලබන 17  වන දා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා , විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුළු  අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු 82කු නම් කර තිබේ.



අදහස් (4)

‘කෙරවලපිටිය චීනයට දුන්නොත් බිලියන 40ක පාඩුවක්‘

rocky Wednesday, 11 July 2018 01:11 PM

රටට මොනොව වුනාම මොකද ඇඟට දැනෙන හොඳ කොමිස් පාරක් වදිනවා නම්?

:       0       6

sirimal Wednesday, 11 July 2018 03:13 PM

නොදුන්නොත් පාඩුව කීයක් විතර වේවිද?

:       0       6

Kumar Wednesday, 11 July 2018 04:21 PM

සිල්වා මහත්මයි කටුගම්පොල මහත්මයි කියන විදියට ටෙන්ඩරය චීනයට දුන්නොත් ලංකාවට පාඩුවෙන එක ඇත්ත. ඒක නොදුන්නොත් අනාගත සිහින මවන ලොකු ලොක්කන්ට හිගමනේ යන්න වෙනවා.

:       19       9

kalani Thursday, 12 July 2018 05:03 AM

2050 වසරේදී පුර්ණ සංවර්ධිත රටක් වෙනුවෙන් පාඩුවට හෝ දෙමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විල්ගමුව පොලිසියෙන් අතුරුදන් වූ ගිනි අවිය බුදු කුටියකින් මතුවෙයි
2024 අප්‍රේල් මස 24 130 0

මාතලේ - විල්ගමුව පොලිසියේ මුර කුටියේ රාත්‍රී සේවය කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගිනි අවිය අතුරුදන් වී මසකට පසු හමුවු බැවි විල්ගමුව පොලිසිය කියයි.


වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 326 1

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 315 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 335 1

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 627 1

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 507 5

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1667 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1527 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site