IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘කුමන ‘ වසා ඇතැයි පැතිරෙන ප්‍රවෘත්තිය අසත්‍යයි‘

(අජිත්ලාල් ශාන්තඋදය සහ ප‍්‍රියනාත් චන්‍ද්‍රපාල )

කුමන නැගෙනහිර ජාතික උද්‍යානයේ මාර්ග ප‍්‍රතිසංස්කරණ කටයුතුවල නිරතව සිටි ට‍්‍රැක්ටර් රියදුරෙක් උද්‍යානයේ කොටියෙකුගේ පහරකෑමට ලක්වීමේ සිද්ධියෙන් පසු සංචාරකයන් සඳහා උද්‍යානයේ වසා ඇතැයි පැතිරයන තොරතුරු අසත්‍ය බව උද්‍යානයේ වැඩබලන භාරකාර චන්දන වික‍්‍රමසිංහ මහතා අද ( 19)  පැවසීය.
 
එම කොටියාගේ ම ප‍්‍රහාරයකට ලක්වූ වනජීවී නිලධාරීන්ගේ උදව්වට පැමිණි සංචාරකයන් ගෙන යන සෆාරි ජීප් රියදුරාට අද දහවල් විශේෂ සැත්කමක් කළ බව අම්පාර රෝහලේ ප‍්‍රකාශකයෙක් පැවසුවේය.
 
 පානම ග‍්‍රාමීය රෝහලට 18දා සනධ්‍යාවේ ඇතුළු  කළ ඔහු වහාම අම්පාර මහ රෝහලට මාරුකර යැවිනි. බරපතල තුවාල ලබා සිටි ඔහු අම්පාර මහ රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කරනු ලැබිණි.
 
මියගොස් ඇත්තේ පොතුවිල් තිරුක්කෝවිල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් වූ සෙල්ලදොරේ රවිචන්‍ද්‍රන් නැමැත් හතළිස් පස් හැවිරිදි විවාහකයෙකි.

මියගිය තැනැත්තා පෞද්ගලික කොන්ත‍්‍රාත්කරුවකු යටතේ සේවය කරන ට‍්‍රැක්ටර් රියදුරෙකි. තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ මොනරාගලදඹගල්ල ප‍්‍රදේශයේ පදිංචි අබේසිංහ හේරත් මුදියන්සේලාගේ චමීර අබේසිංහ නැමැති විසි හය හැවිරිදි අවිවාහකයෙකි. ඔහු කුමන ජාතික  උද්‍යානයේ  සෆාරි ජීප් රථයක් පදවන පෞද්ගලික රියදුරෙකි.
 
සිද්ධිය වී ඇත්තේ කුමන ජාතික උද්‍යානයේ බාගුරා කලපු ප‍්‍රදේශයේ බඹරගස්තලාව මාර්ගයේ කිරිපොකුණ ප‍්‍රදේශයේ දීය. කුමන ජාතික උද්‍යානයේ වෙසෙන මෙම කොටියන් හඳුන්වන්නේ පැන්තරාපාඩස් කොටියා නමිනි.
 
මෙම සිදුවීම කුමන ජාතික උද්‍යානයේ සංචාරකයන්ට කිසිසේත් බල නොපාන බව වනජීවී නිලධාරීහූ අවධානය කරති. තුවාල ලැබූ සෆාරි ජීප් රියදුරා ද සංචාරකයන් පිරිසක් ගෙනගිය අයකු නොව වනජීවී නිලධාරීන්ගේ උදව්වට ගිය පුද්ගලයෙක් බව ද වනජීවී නිලධාරීහූ කියති. ඒ නිසා කුමන ජාතික උද්‍යානයේ සංචාරය කරන්නන්ට මෙම සිද්ධිය බලනොපාන බවද ඔවුහු කියති.

 සිද්ධිය වු ස්ථානයේ  සිතියම



අදහස් (2)

‘කුමන ‘ වසා ඇතැයි පැතිරෙන ප්‍රවෘත්තිය අසත්‍යයි‘

sirimal Friday, 19 April 2019 04:28 PM

" කුමන " හේතුවක් නිසා මේවගේ බොරු ප්‍රචාර ගෙනයනවද මන්දා ....

:       0       27

kule Friday, 19 April 2019 10:47 PM

කුමන වනෝද්‍යානයේ පාලකතුමා මේ සිද්ධියට වගකිවයුතුයි කියා මගේ හැගීමයි. දරුනු වනසතුන් සිටින මහා ගැන වනාන්තරයක් තුල මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරනවානම් ඒ කටයුතු කරන කම්කරු නිලධාරීන්ට ආරක්ෂාව අනිවාර්යයෙන්ම සැපයිය යුතුව තිබුනා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 477 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 96 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 758 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 753 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1176 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1071 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site