(නිමල කොඩිතුවක්කු)
විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් කළ ප්‍රකාශය මගින් 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ පාර්ලිමේන්තු පනතේ 81 වන වගන්තිය උල්ලංගනය කර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ අද(29) කොළඹදී පැවසූහ.
මිනීමරුවෙකු, ත්රාස්තවාදියෙකු ලෙස තමන් විසින්ම සාපරාධී ක්‍රියා කළ බවට ප්‍රතිඥා දෙන කරුණා අම්මාන් සමග සන්ධානගතවන සියලු දෙනාම මේ සම්බන්ධයෙන් වගකියුතු බවත් පැවසූ උන්වහන්සේ කරුණා අම්මාන් වරදක් කර නොමැති බවට සුදුහුනු ගාන දේශපාලන නායකයින් පිළිබඳ කනගාටුවට පත් වන බවද සඳහන් කළහ.
කරුණා අම්මාන් මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාවෙන් අද දිනයේ ලිඛිතව ඉල්ලීමක් කළ බවද නාරාහේන්පිට රාමඤ්ඤ නිකාය මූලස්ථානයේදී ජාතික විද්වත් සංඝ සභාව කැඳවූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පැවසූහ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මෙසේද පැවසූහ.
“විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් එල්. ටී. ටී. ඊ සංවිධානයේ නැගෙනහිර පළාත් සන්නද්ධ නායකයා විදියට කරපු අපරාධ ඔහුගේ කටවචනයෙන්ම ප්‍රකාශ කළා. යුද්ද හමුදාවේ තුන්දාහක් පමණ මරා දැමු බවට ඔහු ප්‍රකාශ කළා. ඔහුගේ ප්‍රකාශය පිලිබඳ අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටත් පොලිස්පතිටත් පැමිණිලි කළා.
කරුණා අම්මාන් කළ මේ ප්‍රකාශයන් මගින් 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්විමේ පනත උල්ලංගනය කරලා තියෙනවා. ඒවගේම පාර්ලිමේන්තු පනතේ 81 වන වගන්තිය උල්ලංගනය කරලා තියෙනවා. මේ ආකාරයෙන් නීතිවිරෝධීව කටයුතු කරපු පුද්ගලයෙක් මෙවර මහමැතිවරණයට තරඟ කරනවා.
මෙබදු සාපරාධී ක්‍රියාකළ, එසේ ක්‍රියා කළ බවට තමන් විසින්ම ප්‍රතිඥා දෙන මිනීමරුවෙක්, ත්රාස්තවාදියෙක් මෙවර මැතිවරණයට තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබන්නේ නැහැ. ඔහු බරපතල ලෙස අපරාධ කළ කෙනෙක් බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් කළ යුතුයි. මේ පිළිබඳ අපි මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කළා.
දෙමළ ජනතාවගේ විවිධ විදියේ දේශලපාලන නායකත්වයන් තියෙනවා. සම්බන්ධන්ලා, විග්නේෂ්වරන්ලා නොයෙක් ආකාරයෙන් තම තමන්ගේ දේශපාලන අදහස් ප්‍රකාශ කරනවා. ඔවුන් ෆෙඩරල් ඉල්ලයි, දෙමල ජනතාවට වෙනම පාලන තන්ත්රයක් ඉල්ලයි. නමුත් අපි මිනීමැරුවා කියලා ඔවුන් කවදාවත් ප්‍රතිඥා දීලා නැහැ.
තමන් අතීතයේ කරපු වැරදි පිළිබද සංවේගයට පත්වෙලා වැරදි තේරුම්ගෙන ඉදිරියේදී එවැනි වරදක් කරන්නේ නැහැ කියන ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ආවා කියන මතය යටතේ තමයි කරුනා අම්මාන් දේශපාලනයට පිවිසිලා තියෙන්නේ. ඒ අනුව ඔහුට දේශපාලන පක්ෂවල උපසභාපති කම් ලැබුණා. නියෝජ්‍ය ඇමතිකම් ලැබුණා. එහෙමනම් මේ පුද්ගලයා දේශපාලන ක්ෂේත්රයේ අනික් නායකයන් මෙන්ම ආණ්ඩුව රවටා තමන්ගේ ත්‍රස්තවාදි අරමුණු ඉදිරියටත් ක්‍රියා කිරීමේ අරමුණින් තමයි මේ ප්රජාතන්ත්රවාදී ප්රවාහයට ආවයි කියන බොරුව කළේ. එහෙමනම් කරුනා අම්මාන් කියන්නේ බැටලුහම පොරවා ගත් බයානක කොටියෙක් බව ඔහුගේ මේ ප්‍රකාශයත් එක්ක පැහැදිලි වුණා.
කරුනා අම්මාන් එදා කොටි ත්‍රස්තවාදී නායකයෙක් හැටියට කරන ලද ත්‍රස්ත ක්‍රියාවලට මුලු රටම ඔහුට සමාව දුන්නා. ඒ සමාව දීපු අවස්ථාවේ දකුණින් වෙනත් දේහපාලන පක්ෂවලින් විරෝධතාවයක් ඉදිරිපත් වුණේ නැහැ. ඔවුන් පුනරුත්තාපනය වෙලා සමාජගතවීම අපි බාරගත්තා. නමුත් අපි හිතුවේ නැහැ කරුනා අම්මාන් ත්රස්තවාදයක් පිළිබඳව අභිමානයෙන් කතාකරන තත්වයට පත්වේවි කියලා.
යටපත්වූ ත්‍රස්තවාදය යළිත් මතුකරමින් ඔහු වීරත්වයක් ආරෝපනය කරගෙන තමයි මේ ප්‍රකාශය කරලා තමයි මේ ඡන්දය ඉල්ලන්නේ. මෙවැනි මිනීමරු ත්‍රස්තවාදින්ද අපේ පාර්ලිමේන්තුවට අපි පත්කරගන්නේ කියලා තීන්දුවක් ගත යුතුයි.
ඔහුත් එක්ක සන්ධානගතවන සියලු දෙනාම මේකට වගකියන්න ඕන. විශේෂයෙන්ම කරුනා අම්මාන් කරපු මේ බරපතල ප්‍රකාශය ගැන අපි අතිශයින්ම සංවේගයට දුකට පත්වෙනවා. කරුනා අම්මාන් වරදක් කලේ නැහැ කියලා ඔහුට සුදුහුනු ගාන දේශපාලන නායකයින් පිළිබඳ අපතුළ ඊටත් වඩා කනගාටුවක් ඇතිවෙනවා.
මේ වෙලාවේ මැතිවරණයය සම්බන්ධයෙන් දැඩි නීති රීති ක්‍රියාත්මක කරනවා. එහෙමනම් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මේ නීතිවිරෝධී මනුෂ්‍ය ඝාතකයා පිළිබඳව ගනු ලබන ක්‍රියාමාර්ග පිලිබඳ නීතිගරුක සමාජයක් විදියට අපි බලාගෙන සිටිනවා.
තමා සන්තකයේ නීති විරෝධී ආයුධයක් තිබිම පිළිබඳ ඌවතැන්නේ සුමන කියන හාමුදුරුනමක් පසුගියදා ජිවිතාන්තය දක්වා සිරගත කලා. එවැනි තීන්දුවක් දුන් අධිකරණය දහස් ගණනක් රණවිරුවන් මැරුවා කියලා තමන්ගේ කටින්ම සාක්ෂිය දෙන මේ මිනිමරු ඝාතකයා සම්බන්දයෙන් අනුගමනය කරන ක්‍රියාමාර්ගය මොකක්ද කියලා සාධාරණ සමාජය ප්‍රශ්න කරනවා”යයිද උන්වහන්සේ එහිදී පැවසූහ.
(ඡායාරූප - ඉෂාන් සංජීව)
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘කරුණා අම්මාන් මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉවත් කරන්න’
rama Monday, 29 June 2020 12:12 PM
සජිත්ගෙන් කීයක් විතර ලැබුණද කඩේ යනවට..?
sena Monday, 29 June 2020 01:12 PM
මට පෙනෙන විදිහට සමහර දේශපාලකයින් කරුණාට සුදුහුණු ගාන්නේ අපේ හාමුදුරුවෝ සුදුහුණු ගාන්නේ බොරු දේශප්‍රේමීන්ට... කරුණා කියන්නේ එක කොටියෙක් විතරයි, නමුත් බොරුදේශප්රේමය ඔඩු දුවන තුවාලයක්.. ඒ අනුව ජරාම වැඩේ කරන්නේ දේශපාලකයෝද? කියන එක ඔබවහන්සේම තේරුම්ගත යුතුයි.
pradeepa Monday, 29 June 2020 02:55 PM
ඔබ වහන්සේට අපේ නමස්කාරය... අපේ අනෙකුත් ස්වාමීන් වහන්සේලා බහුතරය කරුණාගේ නින්දිත ප්‍රකාශයට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ... නමුත් ඔබවහන්සේ විතරයි මේ ගැන අද කතා කරන්නේ...
isuru Monday, 29 June 2020 04:51 PM
මහින්දව ඉවත් කළත් කරුණාව ඉවත් කරන්නේ නෑ... කරුණා අපේ එකම ජාතිකවීරයා..
SankaTuesday, 30 June 2020 07:12 AM
කෝ මේ අර ටීවී එක නිව්ස්වලට වොයිස්කට් දෙන දේශප්‍රේමී හාමුදුරුවරු කට්ටිය...? ඒ ගොල්ලෝ දැන් හැංගි මුත්තම් කරනවා. අපි අහනවා මේකද ජාති ආලය කියලා..? අපේ ඕමල්පේ සෝභිත හිමිට ගොඩාක් පින් මේ කරුණා අපේ වීරෝදාර සෙබළුන්ට කරපු අපහාසයට ඉදිරිපත් වීම ගැන..
රොෂාන් Monday, 29 June 2020 09:22 PM
ඕක කෙරෙන්නේ නෑ අපේ හාමුදුරුවනේ... බලන්නකෝ..!!!
Buddika Tuesday, 30 June 2020 12:15 AM
ගරු ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ පමණි කරුණාට විරුද්ධව කියන්නේ. එක එක බලසේනා නම් දාගත්තා බිස්නස්කාරයෝ මේවා දන්නෙත් නැහැ. ඒ තරමට ආණ්ඩුවේ කුණු හොදනවා. ඒක එයාලගේ කැමැත්ත. ඒත් උතුම් බුදුදහමට, චීවරයට මුවාවෙලා දේශපාලන බිස්නස් කරන වංචනිකයින් එළවා දැමිය යුතුයි. කරුණා ඡන්දෙ ඉල්ලන්නේ එජාපය හරි, සජිත්ගෙන් හරි වුණා නම් අද අර කිව්ව බලසේනාකාරයෝ තමයි පාරට බහින්නේ...
Wca Tuesday, 30 June 2020 12:20 AM
ඔහොම කියන්නේ කොහොමද? වැරදි ආදර්ශ රටට දෙන්න එපා. රටෙ වැරදිකරුවෙක් හරි නිවැරදිකරුවෙක් හරි කරන්න උසාවියෙන්... ඔහොම කැකිල්ලේ තීන්දු ගන්න බෑ. මාධ්‍ය සංදර්ශන විතරයි අන්තිමට... ගොඩක් අයට රටේ මූලික නීතියවත් දන්නෑ වගේ තමයි කතාකරන්නේ... සමහරු රජකාලේ වගෙයි හිතාගෙන එයාට නීතිය තමයි නීතිය වෙන්න ඕනෑ කියලත් හිතෙනවා..
Dinesh Tuesday, 30 June 2020 07:32 AM
කරුණාට විරුද්ධව කතාකරනවට මම විරුද්ධයි.. කරුණා ජාතික වීරයෙක්..
de silva Wednesday, 01 July 2020 08:27 PM
තුම්මුල්ලේ විමලේගෙන් ඇහුවොත් කියාවි විනයාගමූර්ති මුරලිදරන් කියන මනුස්සයා අංගුලිමාලවගේ සියලු පව්වලින් වැළකිලා සෝවාන් වෙලා සැමට කරුණාව දක්වපු නිසා ඔහුට මිනිස්සු කරුණා කියලා නමක් පටබැඳලා කියලා. දැන් කොරෝනා හැදිලා ඇමෙරිකාවේ හිටපු අධිරාජ්‍යවාදී බිල්ලන් සියලු දෙනාවම මැරුණු නිසා ඇමෙරිකාව දැන් හොඳයි කියලා...