IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘ඒකාධිපති වියරුවෙන් - ආඥාදායකත්වයෙන් ක්‍රියාත්මක වූ රටවල් විනාශවුණා’

(නිමල කොඩිතුවක්කු)

ජාතිවාදය ආගම්වාදය විකුණමින් බලය වෙනුවෙන් කෑදර ඇමරිකානු පුරවැසියෙකු මෙරට ජනාධිපති ලෙස පත් කරනවාද, ජාති ආලයෙන් ආගම් ආලයෙන් කටයුතු කරමින් රට ප‍්‍රජාතන්ත‍්‍රවාදය කරා ගෙනයන සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති කරන්නේද යන තීන්දුව රටේ ජනතාව ගත යුතුව ඇතැයි එක්සත් භික්ෂු පෙරමුණේ සභාපති බෝපිටියේ ධම්මිස්සර හිමියෝ  (10) පැවසූහ.

සිංහල, බෞද්ධ ජනතාව මෙන්ම රටේ වෙනත් ජාති ආගම් අදහන ජනතාව සජිත් පේ‍්‍රමදාස මහතා වටා එක් රොක් වන්නේ සියලුදෙනාට නිදහසේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කළ හැක්කේ ඔහුට පමණක් නිසා යැයිද උන්වහන්සේ සඳහන් කළහ.

කොළඹ වෝක්ෂෝල් වීදියේ පිහිටි නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බෝපිටියේ ධම්මිස්සර හිමියෝ මෙසේද සඳහන් කළහ.
 
‘‘ඒකාධිපති වියරුවෙන්, අඥාදායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ රටවල්, ලොකයේ විනාශ වු බව අපි දන්නවා. හිට්ලර් ජර්මනියත්,  මුසොලනි ඉතාලියත්,  මාර්කොස් ඉන්දියාවත්,  පොල්පොට් කාම්බෝජයත්,  ඉඞී අමීන් උගන්ඩාවත්, සදාම් හුසේන ඉරාකයත් පාලනය කළා. මේ අය බලකාමය මුල්කර ගෙන, ඒකාධිපති වියරුවෙන් මහජනතාව පාලනය කළා. මේ නිසා ඒ රටවල් විනාශ වුණා.
 
අපේ රටේ ජනතාවගේ බලාපොරොත්තුව, රටට ජනතාවාදී පුරවැසියෙක් පත් කරගන්නයි. ඒ වෙනුවෙන් සජිත් පේ‍්‍රමදාස මහතා ජයග‍්‍රහණය කිරීමට අපි සියලූ දෙනා කැපවිය යුතුයි.

සජිත් පේ‍්‍රමදාස මහතාගේ ප‍්‍රතිවාදී අපේක්ෂකයා වන  ගෝඨාභය රාජපක්ෂ මහතා  මෙරට පුරවැසියෙක් නෙවෙයි. ඒ නිසා අපිට ඔහු ගැන විශ්වාසයක් තැබිය නොහැකියි. එතුමාගේ දරුවන්, බිරිය  ඇමරිකානු ජාතිකයන්. ඒවැනි නායකයෙක් ගැන අපට විශ්වාසය තැබිය නොහැකියි.
 
ඇමරිකන් පුරවැසියකු වූ ගෝඨාභය රාජපක්ෂ මහතා  මෙටර ජාතික උරුමය, ජාති ආලය, ආගම් ආලය ගැන කතා කරනවා.  ඇමරිකානු පුරවැසියකුට මේ ගැන  කතාකරන්න අයිතයක් තියනව ද කියළා අපි අහනවා.
 
රටේ පොදු ජනතාවම, ත‍්‍රිසිංහලයම ඒක්රොක් කර ගෙන, මහා සංඝරත්නයෙන් සහ අනෙකුත් ආගම්වල ආශිර්වාදයෙන්, ලබන 16 වැනිදා පවත්වන ජනාධිපතිවරණයෙන් සජිත් පේ‍්‍රමදාස මහතා මේ රටේ ජනාධිපති බවට පත් කරනවා’’ යැයිද උන්වහන්සේ එහිදී පැවැසූහ.
 
එහිදී අදහස් දැක්වූ මතුරට ධර්මාලංකාර හිමියෝ මෙසේ පැවසූහ.
 
 ‘‘මේ රට නව මාවතකට ගෙන යන්න පුළුවන්, සුදුස්සා කව්ද කියා තෝරා ගැනීම අපේ ප‍්‍රධාන කටයුත්ත බවට දැන් පත්ව තිබෙනවා.
 
රට නව ලෝකයට ගෙන යන්න ඉදිරිපත් වී තිබෙන් ප‍්‍රධාන අපේක්ෂකයන්ගෙන් ගෝඨාභයගේ සහ සජිත්ගේ වයස පිළිබඳව සිතුවාම, මේ නවලොව හදන්න පුළුවන් වසය 72 පුද්ගලයාට ද, වයස 52 කේ පුද්ගලයාට ද, කියල මෙරට ජනතාව තේරුම් ගත යුතුයි.
 
සජිත් ප්‍රේමදාස, ජාතිවාදී හෝ අගම්වාදී නයකයෙක් නොවෙයි. ඒ වගේම වර්ගවාදී බේදයක් නැතිව, රටේ ආරක්ෂාව ජාතියේ ආරක්ෂාව, ආගමේ ආරක්ෂාව මුල්කර ගෙන තමයි ඒතුමා මේ සටනට බැහැලා තියෙන්නේ.
 
රාජපක්ෂ කඳවුර වෛරී කඳවුරක්, සජිත් කඳවුර ඇවිල්ලා මෛත‍්‍රියෙන් වැඩකරන කදවුරක්, ඔවුන්ගේ හැසිරීම අපි නිවැරදිව තේරුම් ගත යුතුයි. මෙරට අන්තවාදීන් පෝෂණය කළේ මොන කඳවුරද, අන්තවාදීන්ට පඩි ගෙව්වේ මොන කඳවුරද කියලා අද රටේ ජනතාව දන්නවා.

එවැනි මිනීමරු පාලනයක් නැවත නිර්මානය නොවන් වගබලා ගන්නා ලෙස මේරටේ තරුණ තරුණියන්ගෙන් අපි ඉල්ලා සිටිනවා’’ යැයිද උන්වහන්සේ එහිදී පැවසූහ.



අදහස් (57)

‘ඒකාධිපති වියරුවෙන් - ආඥාදායකත්වයෙන් ක්‍රියාත්මක වූ රටවල් විනාශවුණා’

chamath Sunday, 10 November 2019 10:31 AM

හාමුදුරුවෝ කියන්නත් බැහැ වගේ.... කොන්ත්‍රාත්තුවට කීයද?

:       4554       4582

තම්බි මරික්කාර්Sunday, 10 November 2019 11:35 AM

නොම්මර එකේ ඇත්ත කතාව...

:       0       21

Chanak los angelesSunday, 10 November 2019 07:45 PM

සාටකයින්ට පමණක් කඩේ යන අය විතරමයි වහලුන්ට කැප..

:       34       111

wasulaMonday, 11 November 2019 03:04 AM

ආචාර්ය ගෝඨාභය රාජපක්ෂ කියන්නේ තොරතුරු තාක්ෂණයට 1992දී ගත්ත විද්‍යාපති උපාධියක් තියෙන කෙනෙක්. කොතලවල ආරක්ෂක විද්‍යාලයේ ප්‍රධානියා වෙලා හිටපු කෙනෙක්. ප්‍රධාන පෞද්ගලික ආයතනයක පරිපාලන නිලධාරියා විදියට වැඩ කරපු කෙනෙක්. හිටපු ආරක්ෂක ලේකම්, ලුතිනන් කර්නල්, රණවික්‍රම, රණ ශූර පදක්කම් ලාභියෙක්...

:       1542       1348

NishanWednesday, 13 November 2019 02:24 AM

ආචාර්ය උපාධිය දීපු ආයතනයක් නම් නැහැ. උපාධිය දීපු ආයතනයක් නැහැ. ඒවායේ සහතික නැහැ. ඕනෑම කෙනෙක්ට කියන්න පුළුවන් මට උපාධි තියෙනවා, ආචාර්ය පට්ටම් තියෙනවා කියලා ලෙහෙසියෙන්ම. කොතලාවල ඇකඩමියේ කුලපති වෙලා ඉඳලා නැහැ කවදාවත්. ආරක්ෂක ලේකම් නිසා නිළ බලයෙන් ලැබුන දෙයක් මිස උගත්කමෙන් ලබා ගත්තු දෙයක් නැහැ. සරත් ෆොන්සේකා නම් කිව්වේ ඔහු ඇමරිකාවේ කොම්පුටර් ඔපරේටර් කෙනෙක් විදියට වැඩ කළා කියලයි. එහෙදි කොම්පුටර් ඔපරේටර් කරපු අය මෙහෙදී පරිගණක ඉංජිනේරුවෝ වෙනවද දන්නේ නම් නැහැ.

:       2       30

Raveendra Sunday, 10 November 2019 10:32 AM

අවසරයි අපේ හාමුදුරුවනේ..., ඔබවහන්සේ මේ නොකියා කියන්නේ ගෝඨා හොඳ නැහැ සජිත් හොඳයි කියාද? අපට නම් කවුරුත් එකයි... මේ ඔක්කොම කබර මාංශ, තලගොයි මාංශ ලෙස අනුභව කිරීමට අති දක්ෂයින් බැවින් ඔබවහන්සේලාටද එය නොතේරීම පිළිබඳව අප අවංකව කණගාටු වන්නෙමු.

:       545       550

MaheeSunday, 10 November 2019 11:59 AM

රවීන්ද්‍ර මහතා, ඔබ සමග මුළුමනින්ම එකඟයි. අපේ මිනිස්සු වහල්කම නිසා තේරුම් නොගන්න. තේරුම් ගන්න වුවමනාවක් නැති සත්‍ය තමයි මේ මහ පක්ෂ දෙකේම ලොක්කෝ සදහටම අවුරුදු 71ක් තිස්සෙම අපිව රවටපු බව. කොහොමද දැන් අපේ කටට වක්කරන පොරොන්දු මීපැණි? රැවටෙන්නමයි හිතෙන්නේ අප්පා. අනික් පක්ෂ කවදාවත් රජවුණේ නැති නිසා අපි දන්නේ නැහැ ඒ ගොල්ලෝ ගැන...

:       111       252

ananda Sunday, 10 November 2019 10:41 AM

මේකට අදහස් මොකවත් නැත්තේ සියයට සීයක්ම මේ අදහසට එකඟ හින්දා හාමුදුරුවනේ... අන්තවාදීන්ට ගෙවලා තියෙන නිසා තමයි ඒ අය ඔබවහන්සේලා වගේ සුචරිතවාදීන්ට එකතුවෙලා තියෙන්නේ...

:       338       315

සේන Sunday, 10 November 2019 10:47 AM

සංඝරත්නයට මම ගරු කරමි. ඒ අරහත් ධජය දරා සිටින බැවිනි. නිවැරදි මහා සංඝරත්නය රටට, ජාතියට මෙන්ම සම්බුදු ශාසනයටද ආදරේ කරති. පක්ෂයක් මිස මෙවැනි අයට වෙනත් දෙයක් නැත.

:       292       390

සංජීව Monday, 11 November 2019 06:59 AM

ඇත්ත තමයි.. සිවුරු පෙරවගෙන පක්ෂ වලට කඩේ යන හැටි දැක්කම කළකිරෙනවා.

:       18       42

sirimal Sunday, 10 November 2019 10:49 AM

අවසරයි අපේ හාමුදුරුවනේ... ඔබ වහන්සේ ඔහොම වදාලාට " හිට්ලර් කෙනෙක් වෙලා හරි අපේ රට හදන්න" කියලා දේශනා කර වදාළ අනුනායක ස්වාමීන් වහන්සේලාත් මේ රටේ වැඩ සිටිනවානේ... අපේ හාමුදුරුවනේ. "ඒ අනුශාසනාව තමා නියම අනුශාසනාව" කියලා පිළිගන්නා පිරිස වැඩියි වගෙයි පෙනෙන්නේ...

:       372       658

Suranjith Sunday, 10 November 2019 11:00 AM

සජිත් කියන්නේ ලේ වලින්ම පොඩි දුප්පතාගේ මනුස්සයා.. ඒ ගැන කිසිවක් කිසි කෙනෙකුට කිව නොහැකිය. ඔහු අා ගමනේ සියල්ල කළේද දුප්පතාටමයි. රටට දැන් අවශ්‍ය වන්නේද එවැනි කෙනෙකි. ඔහු මිනීමැරීම් වලට, හොරකම් වලට, කුඩු ව්‍යාපාරවලට නැත. දුප්පත් ජනතාවනි, ඔහු වෙනුවෙන් පෙරට එන්න.

:       2877       2504

රජින්දSunday, 10 November 2019 01:26 PM

රාජකීය විද්‍යාලයෙන් සා.පෙළ අසමත්ව එංගලන්තයේ ගිහින් සානුකම්පිත උපාධියක් අරන් ආව කෙනාටද පොඩි, දුප්පත් මනුස්සයා කියන්නේ. මේ රටේ ඉන්නේ ගොන්නු කියලද හිතාගෙන ඉන්නේ..?

:       1240       1618

sugathSunday, 10 November 2019 02:02 PM

රටක නායකයා විය යුත්තේ රටේ සාමාන්‍ය මිනිසුන් නියෝජනය කරන, ඔවුන්ගේ දුක හඳුනන පුද්ගලයෙක්... සා.පෙළ අසමත්වීම නුසුදුසු කමක් නොවේ.

:       699       425

K PereraSunday, 10 November 2019 02:39 PM

ගොන්නු කියන්නේ වැරැදි වලට සම්බන්ධ වූ අයව රටේ ජනාධිපති කරන්න දඟලන අයට...

:       420       352

සංජීව Monday, 11 November 2019 07:05 AM

හැමෝම නෙවෙයි හැබැයි ඔහෙලා වගේ අයත් මේ රටේ ඉන්නවා.

:       0       0

MasjeedSunday, 10 November 2019 03:23 PM

කුඩු කාරයෝ, පාතාල කාරයෝ, සොත්ති උපාලි වගේ කට්ටිය හිටියේ ගෝඨා එක්කද? අනේ මන්දා අපි හීනෙන් නැගිටලා වගේද දන්නේ නැහැ අපේ හාමුදුරුවනේ..

:       528       394

RaveendraMonday, 11 November 2019 01:50 AM

Suranjith ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු. ඔබ පැළඳ සිටින වර්ණ කන්නාඩිය අනුව ඔබට නම් සජිත් යනු සියලු වැරදිවලින් තොර අවංක සත්ගුණවත් අයෙක් බවයි. අප කිසිවෙකුට පුද්ගලිකව පරිභව කරනවා නොවේ. එපමණක් නොවේ එකල සොත්ති උපාලි, මාළු නිහාල්ලා, කොම්පඤ්ඤවීදියේ කුඩු මුදලාලිලාගේ ඇයි හොඳයිකම් ගැනද ඔබනොදැන සිටීමත් පුදුමයකි. අපට නම් අවංකවම "දැනට බලු පොරයේ සිටින එකෙක් "ගැනවත් කිසිඳු පැහැදීමක් නැති බවත් සඳහන් කිරීමට කැමැත්තෙමු.

:       1       8

niroshaMonday, 11 November 2019 03:17 AM

ප්‍රේමදාස ආණ්ඩුවෙන් රැකියාවක් ගන්න ජනසවි සහතිකය අනිවාර්ය කළා. ඒ නිසා ඒ කාලේ පාරවල්වල බෝක්කු ගානේ කොච්චර මධ්‍යම පාන්තික තරුණයින් රස්තියාදු ගැහුවද?

:       156       195

Thilina Sunday, 10 November 2019 11:08 AM

පහුවදාට ඡන්දය දාන්න බැරි වෙන්න වැඩ කරන්න කියලා වදාරණ එක මොන ආගමට අනුවද කියලා පැහැදිලි කරනවද?

:       54       635

Thilina Sunday, 10 November 2019 11:08 AM

එතකොට රෑට අනිත් අයට පොවලා පහුවදාට ඡන්දය දාන්න බැරි වෙන්න වැඩ කරන්න කියලා කියන එක මොන ආගමට අනුවද කියලා පැහැදිලි කරනවද? ඒ කතා කරපු වචන ටික මේකේ දාන්න බැරි තරම් අප්‍රසන්නයි.

:       108       641

Pradeep Sunday, 10 November 2019 11:17 AM

බුද්ධ චීවරේ ගරුත්වයවත් තිබ්බා නම් හොඳයි නේද හාමුදුරුවනේ...?

:       349       657

සල්මන් ඛාන් Sunday, 10 November 2019 11:36 AM

ප්‍රදීප් ඇත්ත කියනකොට තදවෙන්නේ අැයි?

:       0       1

thilak Sunday, 10 November 2019 11:23 AM

ඕනෙම කෙනෙක් තමන්ගේ සිතේ ඇති අදහස ප්‍රකාශ කිරීම..., තව කෙනෙකුට කඩේ යාමක්ද?

:       118       128

AnandaSunday, 10 November 2019 03:15 PM

මෙවැනි අය හිටියාම ප්‍රශ්න ගොඩයි. මොකද දැන් කවුරුත් සිවුරු ඇඳන් ඔහොම වැඩ කරන්න ගනියි.

:       36       93

ගැමුණු Sunday, 10 November 2019 11:37 AM

හාමුදුරුවනේ බුදුරජාණන්වහන්සේ දේශනා කළ සතර අගතිය ගැන අහලා තියනවද? 1. ඡන්ද- යමකට ඇති ඇල්ම නිසා අයුක්ති සහගතව, තම වාසියට, අනෙකෙකුට අවාසිවන පරිදි කටයුතු කිරීම. 2. දෝස - ද්වේෂය නිසා විරුද්ධකාරයාට අවාසිවන පරිදි අයුක්තිසහගතව කටයුතු කිරීම. 3. භය - කිසිවෙකුට බියෙන් ඔහුට වාසිවන පරිදි යුක්තියට පිටුපා ක්‍රියා කිරීම 4. මෝහ - යුක්තිය අයුක්තිය විසඳා ගැනීමට නුවණක් නොමැති කමින් අයුක්තිසහගතව කටයුතු කිරීම

:       0       1

kalpani Sunday, 10 November 2019 11:39 AM

සජිත්ගේ ආරක්ෂක ලේකම් අාඥා දායකත්වයෙන් ඒකාධිපති වියරුවෙන් වැඩකළ දවසට තමයි හාමුදුරුවනේ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ඉපදුණු කෙනෙක් කියලා මතක් වෙන්නේ...

:       1       0

P. Ilangaratne Sunday, 10 November 2019 11:40 AM

අමාරුවට බෙහෙත් ගත්තොත් හොඳයි. නැත්නම් 17 වෙනිදායින් පස්සේ තවත් අමාරුව තදවෙයි...

:       1       0

ruvan Sunday, 10 November 2019 11:42 AM

මේකේ කොමෙන්ටු දැක්කම කොයිතරම් වහල්ලු ඉන්නවද කියලා තේරෙනවා... විරුද්ධ මත ප්‍රකාශකරන භික්ෂූන් සිලවත් නැහැ කියලනේ වහල්ලු කියන්නේ...

:       0       1

Mf Sunday, 10 November 2019 11:50 AM

ජනාධිපතිවරණයක් නිසා ජනතාව හිතන්න. තමන්ගේ බිරිඳ, දරුවගේ ඡන්දෙවත් නැති ඇමෙරිකාවට ගැති කෙනෙකුට ඡන්දෙ දෙනවද? ජනතාවගේ දහඩිය, මහන්සිය තේරෙන කෙනෙකුට ඡන්දය දෙනවද?

:       646       516

ඉන්දික Sunday, 10 November 2019 11:52 AM

චීනය, මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවලත් ඒකාධිපතියන් තමයි දියුණු කරේ..!

:       265       758

ගල්කටස් Sunday, 10 November 2019 11:57 AM

සජිත් අපේක්ෂක ගන්නකොට නම් අපිටත් හිතුණා හොඳ නායකයෙක් කියලා. එ්ත් කථා කරගෙන යනකොට දැනුනා හරයක් නැහැ කියලා මට කියනවද..? මම පළමුවෙන්ම කරනවයි කියලා... ගම් කීයකට පොරොන්දු වුණාද...? එ් පොරොන්දු මොනවද..? ජනාධිපති කාර්ය සාධක බලකා කීයක් හදන්න පොරොන්දු වුණාද? මගේ මතකයේ හැටියට 23ක් හා 19ක් එ්වා විහිළු පමණයි..

:       69       603

Cps Sunday, 10 November 2019 12:23 PM

2015 තරම් පහසුවෙන් දිනන්න බෑ.. නමුත් සජිත් දිනනවා. බොහෝ විට 2005ටත් වඩා තියුණු සටනක් වෙයි.

:       824       322

Thissa Sunday, 10 November 2019 12:40 PM

අනේ බුද්ධ චීවර දරාගෙන මෙහෙම කරනවද?

:       32       120

kap Sunday, 10 November 2019 12:57 PM

ගෝඨාභය වෙනුවෙන් කතා කළොත් දේශප්‍රේමි... ගෝඨාභයට විරුද්ධව අදහස් පලකළොත් "සල්ලි අරගෙන". NGO සල්ලි අරගෙන... ගෝඨා ඉන්න පැත්තට පැන්නොත් දේශප්‍රේමී. අනික් පැත්තට උදව් කළොත් සල්ලි අරගෙන... අධිරාජ්‍යවාදී කොන්ත්‍රාත් කරන්න සල්ලි අරගෙන... මේවා තමයි බයියන්ගේ තියරි...

:       319       182

sira Sunday, 10 November 2019 01:09 PM

එක සිල්පදයක්වත් රැක්කා නම් හොඳයි.. එතකොටවත් පිනක් වෙනවනේ..

:       9       115

පී දයානන්ද Sunday, 10 November 2019 01:47 PM

ඇයි හාමුදුරුවනේ ජාතිවාදීන් හා ජාතිවාදීන් නොවන අය හරියට අඳුනාගන්න නොහැකි. ජාතිය මතම පදනම්ව ඒ නමින් අඳුන්වන පක්ෂ ගොඩනගාගෙන එම පක්ෂ නායකයින් අප සුළු ජාතීන් යයි කියමින් තම ජන කොටසට ලේබල් ගසා වෙන්කරගෙන ඒ ජනතා ඡන්දයෙන් ඒ ඒ ප්‍රදේශවල බලයට පැමිණ අන්තිමට ප්‍රධාන පක්ෂ වලට එකතු වී තමන්ගේම පුද්ගලික පැවැත්මට කටයුතු සලසාගන්නවා. මේ අය වැඩියක් එකතුවී ඉන්නේ කා සමගද කියා නොතේරෙන්නේද? ජාතිවාදය ගැන කතාකරන හැම දෙනාටම ඇයි ජාතිවාදී නමින් පෙනීනොසිටින ප්‍රධාන පක්ෂ දෙකට එකතු වන්නට නොහැකි...?

:       2       116

පියදාස වීරතුන්ග Sunday, 10 November 2019 01:59 PM

මේ රටට ඕනෑ ආගම් හා ජාතිය පදනම්ව ගොඩනොනැගුණු පක්ෂ දේශපාලනයෙන් තුරන්වීමයි. මේ අය ජාතිවාදී කියන තේරුමවත් වටහා නොගෙනයි කතාකරන්නේ...

:       0       22

Chathuri Sunday, 10 November 2019 02:36 PM

රටට මොනවද කෙරුවේ? ලොකුකම විතරයි... තරුණ කාලේ සම්පූර්ණයෙන් රටේ හමුදාවත් සමග බැඳිලා වැඩ කෙරුවා වගේ කතාව. මහින්ද ජනාධිපති වුණා විතරයි, ලොකුම තැන ගෝඨාට දුන්නා. මොනවද තියෙන සුදුසු කම්, ග්‍රාමසේවක තනතුරක් හෝ දැරුවද? අඩුම ගානේ හමුදා නිලධාරියෙක් නම් ඉලක්කෙට වෙඩිතියන්න හරි දන්නවද?

:       394       8

ChandiSunday, 10 November 2019 04:01 PM

ඔයාට පුලුවන්ද වෙඩි තියන්න? නිකන් බොරුවට කියවන්නේ නැතිව ඉන්න...

:       16       244

naradaMonday, 11 November 2019 02:55 AM

ගෝඨාභය විශ්‍රාම ගියේ කොතලාවල ආරක්ෂක විද්‍යාලයේ ප්‍රධානිය විදියට..

:       5       28

ChathuriSunday, 10 November 2019 11:25 PM

මට පුලුවන්ද කියල අහන්නේ. මම තරග කරන්නේ නැහැනේ. බොරු චන්ඩිකම් කියමින් , විද්දේ හාවට වැදුනේ පඳුරට. ඔන්න ඔයවගේ කට්ටියද යුද්දේ දිනුවා කියන්නේ ආරක්ෂක ඇමති මිසක්. , අණදෙන නිලධාරී තනතුර දැරුවේ නැහැනේ , මටත් දෙන්නකෝ ආරක්ෂ. ඇමතිකමක් , උපදේශකයි ,ලේකම් තුන්දෙනයි වැඩබලන කට්ටියත්. සමග මමත් කරන්නම්. තමන්ට තියෙන්නේ. කකුල් දෙක වන වන , නිලධරීන් ගේ කොළවලට අත්සන් කරන්න , එහෙම කරලා කියනවා. යුද්දේ දිනුවලු රාජපක්ෂලා. මේවට කොහෙන් හිනහ වෙන්නද . තුවක්කුව අතේ අරන්. හමුදා ඇඳුම පිටින් ගත්තු පොටෝ එකක් තියෙනවද ගොටගේ . අහන්නකො. සරත්. පොන්සේකගෙන් , ඇස්දෙක පියාගෙන බංකර යටින් අරගෙන යයි නියම රණවිරුවෝ

:       0       1

ChathuriSunday, 10 November 2019 11:25 PM

මට පුලුවන්ද කියලා අහන්නේ...? මම තරග කරන්නේ නැහැනේ... බොරු චණ්ඩිකම් කියමින්.., විද්දේ හාවට වැදුනේ පඳුරට... ඔන්න ඔය වගේ කට්ටියද? යුද්දේ දිනුවා කියන්නේ ආරක්ෂක ඇමති මිසක්.., අණදෙන නිලධාරි තනතුර දැරුවේ නැහැනේ... මටත් දෙන්නකෝ ආරක්ෂක ඇමතිකමක්... උපදේශකයි ලේකම් තුන්දෙනයි වැඩබලන කට්ටියත් සමග මමත් කරන්නම්... තමන්ට තියෙන්නේ කකුල් දෙක වනවන නිලධාරීන්ගේ කොළවලට අත්සන් කරන්න. එහෙම කරලා කියනවා. යුද්දේ දිනුවලු රාජපක්ෂලා. මේවට කොහෙන් හිනහා වෙන්නද? තුවක්කුව අතේ අරන්... හමුදා ඇඳුම පිටින් ගත්තු පොටෝ එකක් තියෙනවද?

:       0       1

Vijitha Sunday, 10 November 2019 03:04 PM

සඟවිනය කමිටු මේ ගැන තීරණයක් ගත යුතුය. ඒ මදිවට ගිහියන්ටත් පව් පුරවනවා...

:       0       114

Appuhami Sunday, 10 November 2019 03:12 PM

මේ ඉන්නේ හාමුදුරුවරු කියලා කියන්න බැහැ.

:       0       96

gamarala Sunday, 10 November 2019 04:35 PM

17වෙනිදාට පසුව සල්ලිවලින් කාපු අයට සිරගෙට යන්න වෙනවා නියතයි.

:       1       174

Rata Perata Sunday, 10 November 2019 05:36 PM

කාටද ඡන්දෙ දෙන්න ඕනෑ කියන එකට මම එකඟ නැති වුණාට, නන්දසේන ගැන කියලා තියෙන ඒවා ඇත්ත. ඡන්දෙ දෙන එකත් ඡන්ද දායකයා බුද්ධිමත්ව කළ යුතුයි.

:       177       76

ධම්මසිරි හිමි Sunday, 10 November 2019 06:33 PM

වැඩිහිටි භික්ෂුවක සතු කාර්යභාරය අමතක කර, පක්ෂය ලොකු කරගෙන කරන මේ දේශද්‍රෝහී ප්‍රකාශ ගැන අපගේ බලවත් පිළිකුල ප්‍රකාශ කරමි. භික්ෂූන් වහන්සේලාට මෙන්ම ශාසනයේ අනාගතය බරපතල අර්බුදයක පවතින අවස්ථාවක ඊට මග හෙළිකළ දුර්දාන්ත ආණ්ඩුවට කඩේ යන මෙවැනි නිර්ලජ්ජිත භික්ෂූන් කවර තනතුරක් දැරුවද ඔවුන් වර්ජනය කිරීම සඳහා බෞද්‍ධයන් ක්‍රියාත්මක විය යුතු කාලය එළැඹ තිබේ.

:       0       0

ranjith Sunday, 10 November 2019 11:39 PM

හාමුදුරුවරු තමන්ගේ පක්ෂයට කඩේ යන කොට හරි විරුද්ධව යමක් කියනකොට... එ්ක රුස්සන්නේ නෑ... ඕනේ කෙනෙකුට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න බැරිද? තමන්ට තියෙන්නේ එක ඡන්දෙනේ... එ්ක විතරයිනේ විශ්වාසයෙන් දෙන්න පුළුවන් අනෙක් මිනිස්සු මෝඩයින් නෙවෙයිනේ...

:       0       0

Missaka Monday, 11 November 2019 01:43 AM

ඔවුන්ට රට ගැන නම් කිසිම හැඟීමක් නැහැ තමයි! දැන් ලංකාවේත් අපි අත්විඳින්නේ ඒ ඉරණම...!.

:       0       0

premarathne Monday, 11 November 2019 02:19 AM

පුදුම හාමුදුරුවෝ නමක්..!!! 2015 වැටුණු වලට සිංහල ජාතිය ඇදලා දාන්නද ඕනේ...?

:       0       0

දිලුම් Monday, 11 November 2019 03:20 AM

බෝපිටියේ ධම්මිස්සරලා මේ රටේ පන්සල් ටික ගැන උනන්දු වුණොත් හොඳයි. එක එක දේශපාලුවාට කඩේ යමින් ගිහිගෙය අත්හැරි බවට බොරු මවා පාමින් මෙලෝ මිහිපිට තියන සුර සැප සියල්ල විඳිමින් චීවරය පොරවාගෙන ජාතිය අවුස්සන එක ශාසනයට කැපද? කෝ අනිත් ආගම් එකක්වත් පූජකයින් බුද්ධාගමේ පූජකයන් වගේ බුරනවා අපිට ඇහෙන්නේ නෑ. ඔහෙලා බුද්ධාගමට අයිති වැඩටික නැතුව අනිත් හැම මගුලම කරනවා.

:       0       117

ජනා Monday, 11 November 2019 04:19 AM

ඒකාධිපතියන් ගැන කියද්දී අපේ රටේ හිටපු අර පාරේ මරුණු කෙනාව මතක් වෙනවා අපේ හාමුදුරුවනේ..!

:       1       120

දන්තනාරයන රණවක Monday, 11 November 2019 04:35 AM

කොන්ත්‍රාත්තුව හරි වගෙයි.., ඔන්න හාමුදුරුවනේ පන්සලේ විහාරගෙයි හා දාන ශාලාවේ වැඩකටයුතු සඳහා ලක්ශ 10ක් එවනවා. පින්වත් සිතින් බාරගන්න.

:       1       1

නන්දාවතී Monday, 11 November 2019 04:50 AM

ජනා, ඇත්ත තමයි. එතකොට ලයිට්කණුවල මිනිසුන් මැරීසිටි කාලය. ඒකත් මතක් කරමු.

:       1       76

Saudi jude Monday, 11 November 2019 05:10 AM

රටේ තියෙන දේවල් විකුණන රටකන්න බලන් ඉන්න කට්ටියකට රට බාරදෙන්නද කියන්නේ..?

:       19       75

dissa Monday, 11 November 2019 05:56 AM

2007 -2009 කාලයේ ප්‍රභාකරන්ට පන්න පන්නා ගහනකොට ඇමෙරිකන් කාරයක් කියලා මේ හමුදුරුවොට මතක් වුනේ නැද්ද? කොන්ත්‍රාත්තුවට ගාන කීයද? දෙනවා කීයපු වෙන වරප්‍රසාද මොනවද? නෙලුම් පොහොට්ටුව සේ ඔය මඩ වගුරන් ගොඩට එන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි. ඇමෙරිකන් කාරයක් හෝ වැඩ කල හැකි මිනිහෙක් තොරා ගැනීමට රටේ ඡන්දය හිමි ජනතාවට තීරණය කීරීමට ඉඩ දෙන්න.

:       0       69

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 940 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 184 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1092 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1131 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1408 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1251 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1432 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site