IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ඇහුවා‘

(සනත් ගමගේ)

හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිරීක්ෂණය කිරිමට 2014 අප්‍රේල් 17 දා  හම්බන්තොට වරායට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදී එළවා නොදැම්මේ  ඇයිදැයි, එවකට එක්සත් ජාතික පක්ෂයේ  හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් ජනාධිපති  අපේක්ෂක  සජිත් ප්‍රේමදාස මහතා  සිද්ධිය  වූ  දිනට පසුදින  දුරකථන ඇමැතුමක් ලබා දී තමාගෙන් විමසූ බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට දී  පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කළේ හම්බන්තොට නගරයේ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති මැතිවරණ කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවැති රැස්වීමකදීය.

වැඩිදුර අදහස් දැක්වූ  එරාජ් රවීන්ද්‍ර මහතා  මෙසේද  කීවේය.

‘හම්බන්තොට  ජාත්‍යන්තර  වරායේ එදා වූ  සිද්ධිය මිරිජ්ජවිල  ජනතාවත් හම්බන්තොට වරායේ සේවය කළ  අයත් හොඳට දන්නවා. මම සී . අයි. ඩී  එකට  කියනවා  මගේ දුරකතන  වාර්තා ගන්න. ඒ සිදුවීම  වූ දිනට  ( අප්‍රේල් 17)  පසුදා ( අප්‍රේල් 18)  උදෑසන සජිත් ප්‍රේමදාස මහත්තයා කතා කරලා ඇහැව්ව දේ අහන්න. මට කිව්වේ ‘එරාජ් මොකටද ඔය මන්ත්‍රීවරු බේරුවේ  මටත් නොකිය හම්බන්තොටට ආවේ. අපරාදේ ගහල එළවන්න තිබුණේ‘ කියලා.

නවීන තාක්ෂණය මගින් දුරකථන වාර්තා අරගෙන මට කතා කළේ කාගේ දුරකතනයෙන්ද එය සොයාබලා විස්තර ගන්න කියලා මම කියනවා. අරගෙන බලන්න සජිත් ප්‍රේමදාස මට මොනවාද කිව්වේ කියලා. මේක නැහැ කියල  කියනවා නම් මම සජිත් ප්‍රේමදාසට  අභියෝග කරනවා හම්බන්තොටට ඇවිල්ල කියන්න එදා මම එරාජ්ට එහෙම කතාවක් කිව්වේ නැහැ කියලා‘ යනුවෙන් පැවසීය.



අදහස් (38)

‘එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ඇහුවා‘

මුණසිංහ Friday, 25 October 2019 07:50 AM

ඩබල් ගේම්කාරයෙක් බව දැන් පැහැදිලියි නේද? ද්‍රවිඩ සන්ධානේ ඉල්ලීම් වලට එකගතාව පල කරන්නෙත් මේ විදියටම තමා.

:       765       1056

athuraFriday, 25 October 2019 08:17 AM

ඔය මහත්මයාගේ වීරයෙක් නේද මෙතුමා.

:       12       285

Dasa PFriday, 25 October 2019 03:23 PM

සෙල්ලම් පිස්තෝලේ දුන්නේ සජිත් කිව්වා නම් ඔයිට වඩා මාර්කට්...

:       8       169

ලසන්ත Saturday, 26 October 2019 03:12 AM

ඔව්, ඔබ වැනි ඉතා ශීලාචාර, උසස් දේශපාලඥයකු පවසන දේ උසාවිය මෙන්ම අපද ඉඳුරා පිළිගනිමු. ඔබ සහය දෙන, ඔබව ආරක්ෂා කරන, ඔබට නියෝග දෙන සහ භාවිතා කරන නායකයින් පිළිබඳ ඔබෙන් මැනගත හැකිය!

:       2       83

naweenMonday, 28 October 2019 03:37 AM

මෙයා ඉන්නේ සිරිසේන සමග...

:       1       1

Amila Friday, 25 October 2019 07:57 AM

බොරුවක් වුනත් කියන වෙලාවක් ක්‍රමයක් තියෙනවා. අතේ මාට්ටු වෙන පච කියන්න එපා.

:       388       1427

Mahee Friday, 25 October 2019 08:13 AM

සජිත් ගැනවත් වෙන මොන දේශපාලුවා ගැනවත් මට කිසිම ප්‍රසාදයක් නෑ. හැබැයි මේ හාදයා ගැන නම් තියෙන්නේ පිළිකුලක්.

:       3       1107

අරුණ Friday, 25 October 2019 08:16 AM

මහින්ද ගෝඨා ළඟ වැදගත් මිනිස්සු නැද්ද? මේවගේ මිනිස්සු නේද වැඩිය ඉන්නේ. එක්කෝ ඇපමත නිදහස්. නැත්නම් වරෙන්තු. අනේ මන්දා අපේ රටේ ජනතාව මොන විදිහට ජනතා නියෝජිතයෝ තෝරයිද කියලා ?

:       4       1099

kanthiMonday, 28 October 2019 03:35 AM

මොහු ඉන්නේ සිරිසේන සමගයි. එහෙම නේද?

:       1       1

ANURA Friday, 25 October 2019 08:17 AM

ඵල ඇති රුකට ගල් මුල් වදිනවා. මොනවා කළත් පරද්දන එක බොරු.

:       376       1134

Nishan Friday, 25 October 2019 08:18 AM

මෙයාලා පක්ෂ කාර්යාල අරිනවා. විරුද්ධ පක්ෂ කාර්යාල කුඩුපට්ටම් කරනවා. කොහොමද හම්බන්තොට රාජපක්ෂලාගේ ප්‍රජාතන්ත්‍රවාදය?

:       238       581

lalithm Friday, 25 October 2019 08:20 AM

මේ වගේ අය එක්කද ගෝඨා රට ගොඩනගන්න හදන්නේ? හරිම අජූවයි.

:       38       588

Bishan Friday, 25 October 2019 08:24 AM

මොකක්ද අනේ බොරුවක්වත් කියන්න තේරෙන්නේ නැත්තේ ?

:       2       234

MAHINDA WEERASINGHASaturday, 26 October 2019 06:40 AM

රාජපක්ෂලාගේ ඉරාජ්ගේ කුමන්ත්‍රණ කතා සිද්ධිය වූ දවස්වල කියන්න වචන නැතුව දැන් කතා හදලා කියනවා ඉරිසියාව දෝරෙ ගලනවා.

:       1       5

David Friday, 25 October 2019 08:28 AM

එහෙනම් ඉතින් එරාජ්ගේ සෙල්ලම් පිස්තෝල කතාවත් ඇත්තම වෙන්න ඇති. ඇත්තම කියන මිනිස්සු. මොකටද ඉතින් මගේ කට.

:       1       152

sirimal Friday, 25 October 2019 08:42 AM

දැන් තමා මතක් වෙලා තියෙන්නේ. මේ කතා විශ්වාස කරලා හුරේ දාන අයටයි තලන්න ඕනෑ.

:       1       201

k perera Friday, 25 October 2019 08:52 AM

ඕක එදා නොකිය දැන් කියලා පෙන්නුම් කෙරුවේ දේශපාලන බංකොලොත්කම නේද?

:       1       252

SARATH SILVA Friday, 25 October 2019 08:57 AM

මේ හාදයා දැනුයි මේ කතාව කියන්නේ. ඡන්ද කාලේ මිනිස්සුන්ගේ මොළ හෝදනවා.

:       1       84

නිමල් Friday, 25 October 2019 09:12 AM

මේ වගේ සියගණනක් මහින්දලා ගෝඨලා එක්ක....

:       4       236

Amila Friday, 25 October 2019 09:39 AM

අර මහලු මනුස්සයා නම් කියන්නේ ආවහම විනය හදනවලු... හැබැයි වටකරන් ඉන්නේ මේ වගේ වැරැදිකාරයෝ වූ අයයි.

:       13       290

Anura Friday, 25 October 2019 09:43 AM

අතේ තිබුණු පිස්තෝලේ සෙල්ලම් එකක් කියපු එක්කෙනානේ මේ...

:       1       237

සම්පත් Friday, 25 October 2019 09:56 AM

මේ කතාවද පිස්තෝල කතාවද අපි දැන් පිළිගන්න ඕනේ?

:       1       88

dilal Friday, 25 October 2019 10:04 AM

සජිත් ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවුණා නම් මේ කතාව කවදාවත් ගොතන්නේ නැහැ නේද? මේ වගේ කතාවලට කියන්නේ මිතුරන් කෙටවීමට තැත්කිරීම කියායි. අපේ සාහිත්‍ය පොත්වල තිබෙනවාට වඩා අපේ දේශපාලකයින් දක්ෂයි ඔය වගේ කතා ගොතන්න..

:       1       130

Rata Perata Friday, 25 October 2019 10:25 AM

රාජපක්ෂලා මේ වගේ අය එක්ක අපේ රටට කරන විනාශේ ඉක්මනින්ම නැවැත්විය යුතුයි. කරුණාකර බුද්ධිමත්ව හිතන්න. වැරදි අඩුම අපේක්ෂකයාට ඡන්දය දෙන්න. මොකද මේ තියෙන ක්‍රමය තුළ වැරදි නැති කෙනෙක් හොයන්න බැරි නිසා.

:       5       220

Rattharan Friday, 25 October 2019 10:36 AM

චෝදනාවලට අවුරුදු 7ක් වත් යවන්නයි තිබුනේ... අනුන්ට මඩ ගහනවා. නමුත් තමුන් ඉන්නේ මඩවලක බව නොදැනුවත්ද ?

:       1       47

Hafeel Friday, 25 October 2019 10:45 AM

ඇයි සජිත් ඔයාව ලංකර ගත්තේ නැද්ද? මේ නඩු ගොනු කළ වෙලාවේනම් මෙයා කිව්වේ බේබිලා නිසා තමයි එයා අමාරුවේ වැටුනේ කියලා. අඩු තරමින් බේබිලා හිරේ ඉන්නකොට බලන්නවත් ආවේ නැහැ කියලා. කොහොම හරි දැන් අනුන්ගේ කොන්ත්‍රාත්තුවක් කරලා හිරේ ඉන්න වෙන්නේ.

:       6       44

ඉන්දික Friday, 25 October 2019 11:06 AM

2014 කියපු දේ වමාරන්න 2019 ජනාධිපතිවරණේ එනකල්ම හිටපු හැටි.

:       8       137

Bernard Friday, 25 October 2019 11:59 AM

සජිත් කියපු හින්දද කෙරුවේ? නොවැම්බර් 17දාට හුඟක් දේවල් සජිත් කියනවා. ඒවත් ප්‍රනාන්දුට කරන්න වෙනවා නැත්තන් ඒ හැන්දම තමයි.

:       1       17

rocky Friday, 25 October 2019 01:01 PM

තක්කඩි වැඩ තමයි.. අනෙක ගල් පැලෙන බොරුත් කියනවා. යම රජ්ජුරුවොත් මේ අයට බයවෙන්න පුළුවන්! මේ අයට වෙනම අපායක් හොයන්න වේවි...

:       1       26

banda Friday, 25 October 2019 01:53 PM

අවුරුදු 5කට පස්සේ හීනෙන් බයවෙලාද?

:       1       18

banda Friday, 25 October 2019 01:56 PM

මෙයාට මොකුත් කියන්න එපා... අපේ අනාගත රට හදන ඇමති කෙනෙක්...

:       2       18

gamage Friday, 25 October 2019 02:51 PM

මේ ඇවිල්ලා මහින්දගේ දේශප්‍රේමියෙක් නේද? නියම දේශප්‍රේමීන් බන් මහින්දලට ඉන්නේ...

:       1       36

wije Friday, 25 October 2019 04:24 PM

දැන්ද කියන්නේ.

:       1       6

ranjith Friday, 25 October 2019 11:54 PM

ගොන් කතා...

:       1       4

ajith Saturday, 26 October 2019 01:27 AM

ඡන්දයක් ඉස්සරහ තියාගෙන කියන ඔය වගේ ප්‍රකාශ පිළිගන්න තරම් ඡන්දදායකයා මෝඩයි කියලද හිතන් ඉන්නේ? තවත් ලොක්කෙක් ඊයේ ඔය වගේ පාවාදීම් කරනවා දකින්න ඇතිනේ? මේ මිනිස්සු මුදලට උඩුබුරනවා කියල ජනතාව දන්නවා. කෝ දැන් අර නාමල් කුමාරය. තව බොරු දෙක තුනක් කියන්න හොඳ අවස්ථාවකනේ මේක.

:       1       16

de silva Saturday, 26 October 2019 07:37 AM

ගහලම එළවන්න ඕනේ... යහපාලන ආණ්ඩුවට ඔය නඩුව අහලා දඬුවම් නියම කරන්න පත්වෙලා අවුරුදු 5ක් විතර ගිය. ඊට පස්සේ අච්චු කළාම ඇප පිට එළියේ... මෙහෙම මිනිස්සු කොහොමද රටක් පාලනය කරන්නේ?

:       1       12

Bamunuarachchi Saturday, 26 October 2019 07:48 AM

2020 දී අපි ඒ ගොල්ලන්ව ගහලා එලවන්නම්... නොවැම්බර් 16 ඔහේව එලවන්නම්...

:       48       5

de silva Monday, 28 October 2019 09:04 AM

දැනට අවරුදු 30-40 කට ඉස්සර නගරයක නගරාධිපති කෙනෙක් කියන්නේ බොහෝවිට උගත් , සංවර ,වැදගත් ප්‍රභූ පුද්ගලයෙක් , දැන් බැලුවහම රටේ ඉන්න නගරාධිපති , ප්‍රාදේශීය සභා සභාපපතිලගේ 75% විතර ඉන්නේ අපොස උසස්පෙලවත් අසමත , රස්තියාදු කාර මැරයෝ , මෙහෙම කොහොමද රටක් දියුණු කරන්නේ ? මේකට සම්පුර්ණයෙන් වැරදිකාරයො ඡන්දදයක්යෝ ඔවුන් මනාපේ ගහන නිසානේ මේවගේ පුද්ගලයෝ බලයට එන්නේ ?

:       1       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 340 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 398 1

කළුතර ඉසුරු උයන ප්‍රදේශයේ නිවසක වයෝවෘධ අඹුසැමි යුවළක් සැකකටයුතු අන්දමින් මියගොස් සිටියදී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 305 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 442 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 53 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 616 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 187 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1474 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1387 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site