IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘එජාප නායකත්වය සමඟ මටත් බරපතල ගැටුමක් තියෙනවා’

අංජුල මහික වීරරත්න
 
දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන් විනාශ කර අවසානයක් දැකිය යුතු පුද්ගලයකු යම් ප්‍රමාණයකට පමණක් විනාශ කර තබා ගැනීම පිළිබඳව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සමඟ තමන්ට ද බරපතල මත ගැටුමක් ඇතැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ විනාශයක් ගැන කතා කරන ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතීත්වය භාර ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය  බබළවමින් එය මෙරට විශිෂ්ඨතම පක්ෂය බවට පත්කර තිබේ දැයි  නලීන් බණ්ඩාර මහතා ප්‍රශ්න කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා ජනපති විනාශ කිරීමට කළ එක් ක්‍රියාවක් හෝ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නැයි අභියෝගයක් කරන බවද නලීන් බණ්ඩාර මහතා කීය.

ශ්‍රේෂ්ඨ නායකත්වයකින් ඇරැඹුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊළඟ මැතිවරණයේදී මුළු ශ්‍රී ලංකාවෙන්ම ආසන හයක් පමණක් ගන්නා විට පක්ෂය විනාශ කළේ කවුදැයි මුළු ලෝකයටම ඔප්පු වනු ඇතැයි ද ඔහු පැවැසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සම්මේලනය අමතමින් ජනපති එක්සත් ජාතික පක්ෂ නායකත්වයට සහ පක්ෂයට එල්ල කළ චෝදනා සියල්ලටම පක්ෂයක් ලෙස ඉදිරියේදී ප්‍රතිචාර දක්වන බවද නලීන් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (11)

‘එජාප නායකත්වය සමඟ මටත් බරපතල ගැටුමක් තියෙනවා’

sandy123 Wednesday, 05 December 2018 06:20 AM

ගමු කඩුව. යමු සටනට.

:       64       103

indra Wednesday, 05 December 2018 06:36 AM

ඔබතුමා තාම පාසැල් අවදියේ ඒ නිසා වැටහෙන්නේ නෑ මහා දවල් මුළු රටේම ජනතාව ඇහැරලා ඉද්දි මහජනයාගේ මුදල් හොරකම් කරා...දෙවැනි ,තුන්වැනි වතාවටත් එහෙම කරා එහෙම කරේ නෑ කියල පොතක් ලියපු කෙනෙකුත් හිටිය , ඔබ තුමාට ඇහිලවත් තියනවද ? හිතෙන හිතෙන වෙලාවට රටේ සම්පත් විදේශිකයන්ට දෙන්න ගත්තේ ඔබලාගේ කණ්ඩායම , දැන් රට බෙදීමට පොරොන්දු ඇතිව 122 හදාගෙන ඉන්නවා හිතන්න එපා රටේ ජනතාව රැවටෙයි කියල ආයෙත්,

:       1599       2271

athuraWednesday, 05 December 2018 07:24 AM

ඔබතුමාට අනුව අනිත් අය ඔක්කොම සුද්ධවන්තයෝය. අනේ මෙහෙමත් සාමාන්‍ය ජනතාවක්.

:       551       601

sandy123Wednesday, 05 December 2018 07:53 AM

සුනාමි ව්‍යසනයේදී රටම නට්ටම් වෙත්දී ඒ මුදල් හොර කෑවේ කව්ද මහත්තයෝ....

:       29       116

kapWednesday, 05 December 2018 09:22 AM

රටේ සම්පත් විකුණන්න වුනේ මේ රටේ රාජ්‍ය සේවයේ ඉන්න අය අමුකම්මැලියි... කිසිම සේවයක් කරන්නේ නැති, රාජ්‍ය දේපල විනාශ කරන, ලාභ ලබන්න කිසිම දෙයක් වෙනස් කරන්න නොදෙන, හැමදාම ආණ්ඩුවේ භාණ්ඩාගාරේ පිහිටෙන් දුවන ආයතන නඩත්තු කරන්න වෙන නිසා.... තමන්ගේ බිස්නස් එක්ක හැමදාම පාඩුවට දුවනවා නම්, ඔයා මොකක්ද කරන්නේ..? ඒක දියුණු කරන්න හදනකොට ඒකෙ වැඩ කරන අය දෙන්නැතිකොට මොනවද ඔයා කරන්නේ..?

:       196       220

Hafeel Wednesday, 05 December 2018 07:13 AM

රනිල් සහ මෛත්‍රී දෙදෙනාම තමන්ගේ පක්ෂය විනාශ කරලා ඉවරයි. ආයිත් විනාශ කරන්න මොකුත් නැහැ. මේ දෙදෙනාම එක කරත්තයක ගැට ගහන්න ඕනේ..

:       2       135

aseWednesday, 05 December 2018 11:10 AM

අනේ මන්දා මහින්දත් තමන්ගේ වරිගය හින්දා අනන එකේ කෙළවරක් නෑ නේද?

:       0       44

Nimal Wednesday, 05 December 2018 09:49 AM

අපිත් ඒජාපෙ පක්ෂයේ හිටපු කාලයක් තුබුණා එහි සාමාජික දේශපාලකයින් තමුන්ගේ දේපල වස්තුව පක්ෂය නිසා නැති කරගත්තු. ඒ වැදගත් මහත්තුරු දේශපාලනයෙන් අද මේ කට්ටිය වගේ හම්බකරගත්තේ නැහැ. එවැනි එජාප යක් නොවේ අද තියෙන්නේ.

:       1       54

sandy123Wednesday, 05 December 2018 12:18 PM

හැමෝම දැන් මුදලට කෑදරයි. ඒකට පක්ෂ හෝ ආගම් නැහැ...

:       0       14

Raveendra Wednesday, 05 December 2018 12:33 PM

අම්මපා... මේ ගොයියට එක පාරටම මොකද වුනේ? මේ තල් අත්තට බොරළු හලනවා වගේ දෙන්නේ හතර අතට...?

:       0       11

lakmal Wednesday, 05 December 2018 02:32 PM

අනිත් පැත්තට පනින්ටවත් හිතිලද?

:       0       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිවෙස් බිඳින ළමා කල්ලියක් අල්ලයි
2024 අප්‍රේල් මස 18 678 0

මුහුණු ආවරණය කර අත් ආවරණ පැළඳ නිවස බිදුම් කරන බාලවයස් කාර කල්ලියක සාමාජිකයන් තිදෙනකු කහතූඩුව පොලිස් අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පො


නරක් වූ සිරුරු දෙකක් කලුතර නිවසක
2024 අප්‍රේල් මස 18 708 3

සැක කටයුතු අන්දමින් මියගිය බවට සැකකරන කාන්තා මළ සිරුරු දෙකක් කළුතර නිවසක් තුළ තිබී සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 509 1

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


සිව් හැවිරිදි දරුවාට සීනි කරිඤ්ඤං පොවලා
2024 අප්‍රේල් මස 18 657 0

අවුරුදු හතරක දරුවකුට සීනි කරිඤ්ඤං පොවන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වැසි නිවසයක 52 හැවිරිදි කාන්තාවක් හිඟුරුකඩුව පොලීසිය විසින් අත්අඩංගුව


දවසේ කාලගුණය
2024 අප්‍රේල් මස 18 81 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්


මගී වලියෙන් බදුලු දුම්රිය පැයක් ප්‍රමාද වේ
2024 අප්‍රේල් මස 18 1000 0

බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ රාත්‍රි තැපැල් දුම්රියට හැටන් දුම්රිය ස්ථානයේදී ගොඩවීමට ගිය මගින් පිරිසක් සහ දුම්රිය මැදිරියක සිටි මගීන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 188 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1478 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1388 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site