IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


‘එජාපය සමඟ ආණ්ඩු පිහිටුවීමේ අදහසක් ශ්‍රීලනිපයට නැහැ’


(ඩයනා උදයංගනී)
            

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්‍ෂය එක්ව යළිත් ජාතික ආණ්ඩුවක පිහිටුවීමට යන බවට පැතිර යන ප‍්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මාධ්‍ය ඒකකයේ ප‍්‍රධානී, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතා පැවසීය.
            
ඉදිරි මහ මැතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව තරග කර නව ආණ්ඩුවක් පිහිටුවීම මිස යළිත් එක්සත් ජාතික පක්‍ෂය හා ආණ්ඩු පිහිටුවීමේ කිසිදු අදහසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නොමැති බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
            
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය එක්ව ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා මේ වන විටත් ප‍්‍රධාන කරුණු 20ක් යටතේ සිදුකරමින් පවතින බව කී තිලංග සුමතිපාල මහතා දෙපාර්ශවයම එක්ව ඉදිරි ජනාධිපතිවරණය සඳහා එකම අපේක්‍ෂකයෙක් ඉදිරිපත් කිරීම තම කණ්ඩායමේ අරමුණ බව ද කීවේය.
            
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අරමුණ ඒ වෙනුවෙන් පක්‍ෂ නායක ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීම බව ද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
            
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මගින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණ අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කරන බවට මාධ්‍ය වාර්තා කර තිබුණත් මෙතෙක් ඔවුන් එවැනි තීරණයක් ගෙන නැතැයිද සුමතිපාල මහතා පැවසීය.
            
මන්ත‍්‍රීවරයා මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පරිවර්තන කේන්ද්‍රයේදී අද (26) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
            
අයවැය පරදවන්නට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සහය නොදුන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශවයේ ඇතැම් මන්ත‍්‍රීවරුන් චෝදනා කරන බව කී තිලංග සුමතිපාල මහතා මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය ආණ්ඩු පෙරළියෙන් පසු අග‍්‍රාමාත්‍යධූරයෙන් ඉවත්වූයේ අයවැයක් ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් රට අරාජික වන නිසා බව ඔවුන්ට අමතක වී ඇතැයිද කීවේය.
            
සැම විටම දේශපාලන වශයෙන් ලැබෙන වාසි ගැන සිතා තීන්දු ගත නොහැකි බව කී සුමතිපාල මහතා අයවැයට විරෝධය පා ඡන්දය භාවිතා නොකර සිටීමට පමණක් තීරණය කළේ රට ගැන සිතා බව සඳහන් කළේය.
            
අයවැය ඔස්සේ ආණ්ඩු පෙරළන ක‍්‍රියාදාමයකට යාමේ අවශ්‍යතාවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නොමැති බව ද මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේය.



අදහස් (9)

‘එජාපය සමඟ ආණ්ඩු පිහිටුවීමේ අදහසක් ශ්‍රීලනිපයට නැහැ’

sirimal Tuesday, 26 March 2019 12:46 PM

ඔය කතාව සමහරවිට තව සති දෙක තුනකින් වෙනස් වෙන්නත් පුළුවන්. කීයද ඔට්ටු?

:       0       27

fasmy Tuesday, 26 March 2019 02:07 PM

මොන පිස්සුද අපි සෙට් වෙන්නේ ඔයාලා ඔක්කොම එකට තියලා පරද්දලා ගෙදර යවන්න වසර 71ක් කරන්න බැරි වුන වැඩේ අලුත් කට්ටියකට දීලා කරන්න අපේ උත්සාහය. ඔක්කොම හිටියා ඇති කරුණාකරලා පව් නොදී ගෙදර යන්න.

:       0       11

chandima Tuesday, 26 March 2019 02:51 PM

තිලංග මහත්තයෝ ආණ්ඩු පිහිටුවන්න එකතු වුනත් එකයි, යන්තම් දිනුවහම කට්ටියක් යවල මුක්කුවක් ගැහැව්වත් එකයි. ඒ කාලේ තමයි අපි ඔව්වට රැවටුනේ? ඔන්න බිහොම ඉස්සර කලේ නම්, ඒ කියන්නේ අර ඔට්ටු දාපු මිනිස්සුන්ට වැඩිපුර ගෙවන්න වුනාම බුකිය ගිනිගන්න කාලේ නම් ඔව්වට මිනිස්සු රැවටෙනවා. දැන් රවට්ටන්න බැහැ.

:       0       9

himal Tuesday, 26 March 2019 04:52 PM

ඒ පැත්තෙන් මේ පැත්තට පැනපු මෙයා කියන ඒවා කොහොමද පිළිගන්නේ? අනික පොහොට්‍ටුවයි ශ්‍රීලනිපයයි අමුතුවෙන් සන්ධානගත වෙන්න දෙයක් නෑ. කොහොමත් සන්ධානේ හිටපු අයම තමයි පොහොට්‍ටුවේ ඉන්නේ.

:       0       3

arjuna Wednesday, 27 March 2019 01:54 AM

පින් මන්ත්‍රීතුමාට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන තීරණ ගන්න හැකිද?

:       0       202

Shehan Wednesday, 27 March 2019 08:19 AM

පින් ඇමති

:       0       4

Hafeel Wednesday, 27 March 2019 08:23 AM

යු එන් පි එකේ රවී කරුණානායක වගේ තමයි, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙයා. ඇත ගාන්න සේරම විනාශයි. ක්‍රිකට් එක විනාශ කළා.

:       0       29

sirimal Wednesday, 27 March 2019 09:20 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය තියාගෙන පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන ඉන්නා අය ගැන විනය නීති ක්‍රියාත්මක කරන්න කොන්දක් නැත්තේ මොකද කියලා පහදා දෙන්න පුළුවන් නම් ඔය කයිවාරුවලට වැඩිය වටිනවා. හම්බන්තොටදී ඌව පළාතේ මන්ත්‍රීවරයෙක් කීවා නේද ඔය කතාවේ අනිත් පැත්ත? ඇහෙන්න ඇතිනේ?

:       0       51

Deepal Nirosh Wednesday, 27 March 2019 10:13 AM

එහෙනම් හොඳයි... ලැජ්ජා බය තියනවා වගේ...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 2 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 315 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 442 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1212 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2654 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1764 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site