IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනියත් ලේකම්වරියත් ගැටුමක

විනීතා එම් ගමගේ

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති කැඳවිය යුතු අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම්වරිය නීත්‍යානුකූල නොවන අන්දමින් කැඳවතැයි ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය චෝදනා කරයි. 
 
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරිය ඉකුත් (7) වැනිදා අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමක් කැඳවා තිබු අතර ඊට තමන් සහභාගි නොවුයේ එය නීත්‍යානුකූල නොවන බැවින් යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනී නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ලංකාදීපයට පැවැසුවාය. 
 
මීට පෙර අවස්ථා දෙකක දී අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වීමට තමා ගත් උත්සාහය ලේකම්වරිය අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ට බලපෑම් කර වළක්වා තිබු බව ද ලිවේරා මහත්මිය ප‍්‍රකාශ කළාය. 
 
මේ සම්බන්ධව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැනුවත් කළ බව කී සභාපතිනිය අමාත්‍යංශ ලේකම්වරිය වෙත ද ලිපියක් යැවූ බව කීවාය. 
 
කෙසේ වෙතත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශ ලේකම් චන්ද්‍රානි සේනාරත්න මහත්මියගෙන් ලංකාදීපය  කළ විමසුමක දී ඇය ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියගේ චෝදනා ප‍්‍රතික්ෂේප කළාය. 
 
මීට පෙර අවස්ථා කිහිපයක දීම අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් පැවැත්වුව ද සභාපතිනිය එම රැස්වීම්වලට සහභාගි නොවු බව ද ලේකම්වරිය තව දුරටත් පැවැසුවාය.



අදහස් (15)

ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනියත් ලේකම්වරියත් ගැටුමක

Raveendra Friday, 09 February 2018 12:16 PM

අනේ මන්දා. මෙහෙම කාන්තවන් "ඇණකොටා" ගන්නකොට දරුවන්ගේ ආරක්ෂාව ගැන කතාකිරීම ගැන සිතීමටවත් පුලුවන්ද? දැන් බැලුවම "බල අරගලය, නිලධාරිවාදය" මේ නෝනලා ගාවත් යහමින් තියෙනවා වගේ.....

:       0       43

පිටිගල මිලානෝ Friday, 09 February 2018 12:23 PM

තමන් කල යුත්තේ කුමක්ද? නොකළ යුත්තේ කුමක්ද? නොදන්නා මේ අය කොණ්ඩවලු පටලවා ගැනීම අරුමයක් නොවේ. නුවර පැත්තේ සිදුවූ විවාහයක මනාලියගේ සාරිපොට උස්සන්න දේශපාලකයකුගේ අණින් යවපු පාසල් ළමයි ගැන කල පරීක්ෂණයට කුමක් වුණාද?

:       0       65

rocky Friday, 09 February 2018 12:43 PM

සභාපතිනි, ඕනෑ නැත්නම් සභාව ඕනත් නැහැ. ඇමතිතුමියටයි, ලේකම් වරියටයි ඔක්කොම කරන්න පුලුවනිනේ!

:       1       1

සතයපාල Friday, 09 February 2018 01:50 PM

ගැහැණුන් වැඩිවේ... කළගෙඩි වේලේ කියලා පැරණි කියමනක් තියනවා. ඒවගේ තමයි ගැහැණු දෙන්නෙක් එකතු වුණාම සමගියෙන් වැඩක් කරන්න ටිකක් විතර අමාරුයි.

:       155       44

Rojer Basnayake Friday, 09 February 2018 01:56 PM

ළමයි හම්බවෙන අම්මලාද ඔය ගහ මරාගන්න හදන්නේ?

:       0       21

RaveendraFriday, 09 February 2018 02:36 PM

අපි විශ්වාස කරනවා මේ නෝනලා දෙන්නා රොබෝ නෝනලා දෙන්නා වෙන්න ඇති කියලා...

:       0       7

daham Friday, 09 February 2018 02:55 PM

ඇයි මේ විදිහට මේ අය හැසිරෙන්නේ? වැදගත් අය නෙමෙයිද?

:       0       3

BamunuarachchiSaturday, 10 February 2018 06:24 AM

නැහැ වැදගත් අය නොවෙයි ඔරිජින් එක සොයා බැලුවොත්...

:       0       0

Sunil Friday, 09 February 2018 03:11 PM

ළමයින් ආරක්ෂා කරගන්න මැඩම් ලා දෙන්න පොරකනවා වෙන්නැති...

:       0       3

Sampath Friday, 09 February 2018 04:23 PM

ළමයි කටයුතු නිසා වැඩේ ගණන් ගන්න එපා. ළමයින්ට අබ සරණයි.

:       0       3

gayan niroshan Saturday, 10 February 2018 01:11 AM

ඔතන තියෙන්නේ ඇමැතිවරිය සභාපතිතුමියට කෙළින් වැඩකරන්න දෙන්නේ නැති අවුලක්... අලුතින් නිලධාරීන් බඳවා ගනිද්දී ඇමැති තුමියට ඕනෑ අය ගන්නේ නැහැ කියලා සභාපතිට අවුල් දානවා. ජරා දේශපාලනයක්... සභාපතිතුමිය නිවැරැදියි.

:       0       0

kalpa Saturday, 10 February 2018 01:20 AM

අමාත්‍යංශ ලේකම්වරයා හෝ වරාය අධිකාරියක සභාපතිට වඩා ඉහල තනතුරක් දරන්නේ එය නොදන්නා සභාපතිවරිය වහාම ඉවත්කල යුතුය

:       0       0

නුමා Saturday, 10 February 2018 02:46 AM

ඕනෑම ආයතනයක් පාලනයේදී, යම් තනතුරකට අයත් වගකීම් සහ එම වගකීම් ඉටු කිරීම සඳහා අත්‍යාවශ්‍ය බලය පිළිබඳව නිශ්චිත සහ නිරවුල් සැකැස්මක් අවශ්‍යයි. එය මෙම ආයතන තුල පවතින බවයි මගේ හැඟීම. නමුත් මෙහිදී දෙදෙනාගෙන් කෙනෙක් තම බලය අනිසි ලෙස භාවිතා කර ඇති බවයි පෙනෙන්නේ. විධායක සභා රැස්වීම් සභාපති කැඳවිය යුත්තේ නම්, ලේකම්වරිය සිය බලතල අනිසි ලෙස අවභාවිත කර ඇති බවයි පෙනෙන්නේ.

:       0       0

mahinda Saturday, 10 February 2018 04:09 AM

දප්පුල ලිවේරගේ නෝනා මහත්මිය නිසාද මෙහෙම කරන්නේ?

:       0       0

Bamunuarachchi Saturday, 10 February 2018 06:22 AM

රවීන්ද්‍ර ගැහැණු කීපදෙනෙක් එකතු වී වැඩක් කලේ කවදාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 219 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 577 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1477 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1719 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 540 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 252 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site