ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ්පත් උපයෝගී කර ගනිමින් අන්තර් ජාලය ඔස්සේ මුදල් වංචා කිරීමේ නිරත වූ ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු තිදෙනෙකු ඉන්දිය මධ්‍යම අපරාධ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බැංගලෝර් නුවරදී අත්අඩංගුවට ගෙන ඇතැයි ඩෙකෑන් හෙරල්ඩ් වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ දිව්යාන් නමැති ශ්‍රී ලාංකිකයෙකි. මොහු යාපනය ප්‍රදේශයේ පදිංචිව සිට මීට වසරකට පමණ පෙර සරණාගතයෙකු ලෙස ඉන්දියාවට ගිය අයෙකි.
සැකකාර ශ්‍රී ලාංකිකයා තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු සමඟ එක්ව විවිධ පුද්ගලයින්ගේ ක්‍රෙඩිට් කාඩ්පත්වල තොරතුරු ලබාගෙන ව්‍යාජ කාඩ්පත් සකස් කර ඒවා මාර්ගයෙන් අන්තර්ජාල මිලදී ගැනීම් සිදුකර ඇති බව ඉන්දීය මධ්‍යම අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත. අත්අඩංගුවට ගනු ලැබූ ලාංකිකයා සහ අනෙක් සැකකරුවන් සතුව තිබූ එලෙස සකස් කරන ලද ව්‍යාජ ක්‍රෙඩිට් කාඩ් පත් 144ක් ද සොයාගෙන තිබේ. ඊට අමතරව එම ව්‍යාජ කාඩ්පත් බෙදාගනිමින් අන්තර්ජාලය ඔස්සේ මිලදී ගන්නා ලද ඉන්දීය රුපියල් ලක්ෂයකට අධික වටිනාකමින් යුතු රූපවාහිනි යන්ත්‍ර තුනක් ද පොලීසිය විසින් සොයාගෙන ඇති බව ඩෙකෑන් හෙලරඩ් පුවත්පත් වාර්තාවේ සඳහන්ව ඇත.
- 125
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙයි..
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හොර ක්‍රෙඩිට් කාඩ් සැකසූ ලාංකිකයෙක් ඉන්දියාවේ දී දැලේ
narada Sunday, 16 July 2017 10:31 AM
දැන් ඉන්දියාවට සනීපද? ... සරණාගතයන් ගන්න අනෙක් රටවලටත් ටික කාලෙකින් වෙන්නේ මේක තමයි.
suneth bandara New YorkSunday, 16 July 2017 02:03 PM
සමහර අය ප්‍රචාරය කරන්නේ "ශ්‍රී ලාංකික" කියලා. හොඳ වැඩක් කළොත් "ශ්‍රී ලාංකික දමිල" කියලා ක්‍රෙඩිට් ඒක දා ගන්නවා. වරක් ලලිත් ඇතුලත්මුදලි ඇමතිතුමා යෝජනා කළා වගේ ශ්‍රී ලාංකික පාස්පෝට් එකේ ජාතිකත්වය වගේම ජන වර්ගයත් දාන්නයි තියෙන්නේ...