IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හොරොව්පොතානේ සාමණේර හිමිවරු දෙදෙනකුට පහර දුන් අයෙක් අත්අඩංගුවට

(මනෝජ් හර්ෂික)

හොරොව්පොතාන ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩසිටින සාමණේර හිමිවරුන් දෙදෙනකුට අමානුෂික ලෙස පහර දුන් පුද්ගලයෙකු අද (10) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

පෞද්ගලික ඔත්තුකරුවෙකුගෙන් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් පසුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ හොරොව්පොතාන ගම්මැද්ද ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එක් දරු පියෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු සිය නිවස ඉදිරිපිට කුඩා ප්‍රමාණයේ වෙළෙඳසැලක් පවත්වාගෙන යන බවත් පහරකෑමට ලක්වූ හිමිවරුන් වැඩ සිටින විහාරස්ථානය එම වෙළඳසැල ආසන්නයේ පිහිටා ඇති බවත් පොලිසිය කියයි.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ අවුරුදු 11 සහ 14 වයස් සීමාවන් වල පසු වන සාමණේර හිමිවරු දෙනමකි.

ඉකුත් 7 වනදා දහවල් තම වෙළදසැලට පැමිණි මෙම හිමිවරුන් දෙනම එහි අලෙවි කිරීමට තිබූ චොකලට් එකක් සහ පැණි පැණි බීම අඩංගු අසුරණයක් සොරකම් කළ බවත් එම නිසා මෙම පහරදීම සිදුකළ බවත් අත්අඩංගුවට ගත් සැකකරු පවසා තිබේ.

කෙසේ වෙතත් සැකකරු අදාළ හිමිවරුන්ට අමානුෂික ලෙස පහර දෙන ආකාරය වෙනත් අයෙකු විසින් වීඩියෝගත කර සමාජ ජාලා වෙබ් අඩවිවලට මුදා හැර ඇති අතර ඒ සම්බන්ධයෙන් විශාල විරෝධතාවක් ද මතුව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු හෙට (11)කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හොරොව්පතාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් සංජිව මහතාගේ උපදෙස් අනුව උප පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි මහතා ඇතුළු නිලධාරීහු ඉදිරි පරීක්ෂණ සිදු කරති.

 



අදහස් (3)

හොරොව්පොතානේ සාමණේර හිමිවරු දෙදෙනකුට පහර දුන් අයෙක් අත්අඩංගුවට

kule Tuesday, 10 September 2019 05:33 PM

චීවරය හා සොරකම මොහොතකට අමතක කරමු... මේ දරුවන් දෙදෙනෙකුටයි පහර දෙන්නේ... මෙසේ පහරදීම තිරිසන් ක්‍රියාවකි. මෙන්න මිනිස් තිරිසන්නු...

:       0       1

roshan Wednesday, 11 September 2019 02:35 AM

මේ සාමනේර දෙනමගේ ළමා කාලයයි. සෑම දෙනාම තමන්ගේ ළමා කාලය විවිධ ආකාරයට ගෙවි යයි. නමුත් කුමක් හෝ හේතුවක් මත මේ දෙනම සාසනයට ඇතුලත්ව තිබේ. සාසනයට ඇතුලත් වන වයස සීමාවක් තිබිය යුතු අතර නැවත සිතා බැලීමට අවස්ථාවක් තිබිය යුතුය.එවිට සාසනය විනයක් සහිතව දිගු කාලයක් රදා පවතියි. නමුත් මේ නරුම මිනිසා මේ දෙනමට මෙසේ පහර දෙනවානම් ඔහුගේ දරුවා ගැනද සොයාබැලිය යුතුය.

:       0       1

sunil milano Wednesday, 11 September 2019 10:39 AM

මේකාට දෙන්න ඕනෑ අරාබියේ දඬුවමක්.. අත්දෙකම කපලා දාන්න ඕනෑ. මෙහෙම ලිව්වට මට පව් සිද්ධ වෙන්නේ නැහැ. ඒ තරමටම තිරිසන් වැඩක්..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 49 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 124 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 207 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 630 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1024 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 847 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site