IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හොන්ඩා - ටොයෝටා කර්මාන්ත ශ්‍රී ලංකාවේ

(විනීතා එම් ගමගේ ඡායාරූප-ජයමාල් චන්ද්‍රසිරි)

ජපානයේ හොන්ඩා සමාගම සහ ටොයෝටා සමාගම ශ්‍රී ලංකාවේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සාකච්ඡා කර ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ප‍්‍රකාශ කරයි.
 
එම කර්මාන්ත සඳහා කළුතර මිල්ලනිය ප‍්‍රදේශයේ අක්කර 20000ක් සංවර්ධනය කරමින් පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.

සේනසිංහ මහතා මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී අද (14) පැවැති ජනාධිපති අපනයන සම්මාන 2016 උත්සවයේ දීය.

“අපි අක්කර 20000ක් පමණ දියුණු කිරීම තුළින් අපනයන දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. කෘෂිකර්මය, මත්ස්‍ය කර්මාන්තය ඇඟඵම් මෙන්ම තාක්ෂණික භාන්ඩ නිෂ්පාදන ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.

කළුතර මිල්ලනිය ප‍්‍රදේශයේ මේ වෙනකොට හඳුනාගත් අක්කර දහසකින් පමණ අක්කර 400 ක් දියුණු කරමින් පවතිනවා. සාමාන්‍ය කි‍්‍රියා කළාපය තුළ අවුරුදු ගණනාවක් යන මේ ව්‍යාපෘතිය ඉක්මනින්ම අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

එන අවුරුද්දේ දෙසැම්බර් වනවිට මේ වෙළෙඳ කලාපයේ වැඩ අවසන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජපානයේ කර්මාන්ත සියයක් පමණ මේ වෙළෙඳ කලාපය තුළ ආරම්භ කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ වෙනකොට ටොයෝටා සමාගම, හොන්ඩා සමාගම ඇතුළු සමාගම් විශාල  ප‍්‍රමාණයක් අපි සමඟ සාකච්ඡා කරල තියෙනවා මේ කර්මාන්ත ලංකාවේ ආරම්භ කරන්න.

මෙහි විශේෂත්වය අපි ඉන්දියාවත් එක්ක අස්සන් කරපු ගිවිසුමෙන් වාහන අලෙවි කිරීමේ අවස්ථාව දෙනවා. ඒ වගේම අනිකුත් අපි අස්සන් කරන ගිවිසුම් වලින් චීනය මැලේසියාව සිංගප්පූරුව වැනි රටවල්වලින් අපට බිලියන හතරහමාරක විතර වෙළෙඳපොලක් ලැබෙනවා. ඒ වගේම ජී එස් පී සහන ලබාගෙන  තිබෙනවා. ’’ යැයි ද සේනසිංහ මහතා ප‍්‍රකාශ කරයි.



අදහස් (41)

හොන්ඩා - ටොයෝටා කර්මාන්ත ශ්‍රී ලංකාවේ

Nalin Thursday, 14 September 2017 01:08 PM

ඡන්ද ලංවෙද්දි කියන කතා..

:       209       236

රජින්ද Thursday, 14 September 2017 01:08 PM

මෙන්න ඊළඟ ජන්දෙට කස කාරයෝ එකා දෙන්නා පෙරහැරේ එනවා. ඉස්සරහට තව තව ඒවා හදනවා කියයි, නොමිලේ දෙනවා කියයි, මුල්ගල් තියයි, වාර්තා පෙන්නයි. ගොනාට අදිනවා දැන දැනම මේ රටේ මිනිස්සුන්ව මෙහෙම අන්දන එක ඇත්තටම පව් වැඩක් නේද.

:       461       506

Rajith Thursday, 14 September 2017 01:20 PM

වෙන කතන්දර නැද්ද

:       7       117

Mams Thursday, 14 September 2017 01:22 PM

වොක්ස්වැග්න් ආවා වගේද ?

:       9       364

MAHINDA ITALY,,, Thursday, 14 September 2017 01:27 PM

කටින් බතල හිටවනවා.

:       8       164

Roshan Thursday, 14 September 2017 01:34 PM

හා හා හා තවත් විහිලු කතාවක්ද

:       5       173

mahinda Thursday, 14 September 2017 02:02 PM

අනේ මන්දා? මීට ඉස්සරත් වාහන කර්මාන්ත පටන් ගත්තා.

:       2       114

sampath Thursday, 14 September 2017 02:02 PM

ආයෝජකයෝ පැමිණීම ආරම්භ වීම සතුටට කාරණයක්. අමතක කරන්න එපා මහින්ද හම්බතොට වරාය සහ මත්තල ගුවන් තොටුපොල හැදුවේ මේ වගේ ආයෝජකයෝ ඉලක්ක කරගෙන කියල. එකෙන් අපිට වාසි දෙකක් ගන්න තිබුන. 1) ලංකාවේ විරැකියාව අඩු කිරීම 2). භාණ්ඩ ප්‍රති අපනයනය මගින් වරාය සහ ගුවන්තොටුපොළ ලබන ඉහල ආදායම. අද ඩුබායි රට දියුණු උනේ මේ ක්‍රමවේදය අනුගමනය කල නිසා. දැන් ඉතින් වරාය විකුණා හමාරයි. එකේ ආදායම දැන් චීනෙට. හම්බතොට වරාය විකිණීම රත්තරන් බිත්තර වැඩියෙන් ලබාගෙන ඉක්මනින් පෝසත් වෙන්න කිකිළිව මාරුව වගේ වැඩක්.

:       22       1200

akilaFriday, 15 September 2017 02:29 AM

කැලේ ගුවන් තොටුපළවල් හැදුවම කොහොමද විරැකියාව දුරුවෙලා රටක් දියුණු වෙන්නේ ?

:       812       491

savanthFriday, 15 September 2017 08:31 AM

ආර්ථිකය අතින් දියුණු රටවල් ඔබ කියන විදිහට නගරයටම පමණක් දියුණුව කොටු කරානම් ඔවුන් අද දියුණු රටවල් බවට ලෝකය පිළිගන්නේ නැත. ඇමරිකාව 1800 ගණන්වලදී තමයි රටේ මැද සහ බටහිර ප්‍රාන්තවල වෙනස්කම් ඇති කරේ ඒවාද කැලෑවල් සහ කාන්තාර ලෙස තිබෙද්දීය. ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගරයේ ආසන්නව තිබෙන කිංග්ස්ෆර්ඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉඩ මදි වේගෙන යන නිසා සිඩ්නි වලට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් සැදීමට තෝරාගෙන ඇත්තේ නගරයෙන් බොහෝ ඈත පළාතක තිබෙන බැජරිස් ක්‍රීක් නම් කුඩා ගම්මානයකි. සිඩ්නි වල තවත් සුළු ගුවන් තොටුපොළවල් ගණනක්ම තිබේ නමුත් ඇතිවිය හැකි වෙනත් ප්‍රශ්න සහ නොදියුණු පළාතක් දියුණු කිරීමේ අවශ්‍යතාවය සලකා එසේ ඈත පළාතකට තෝරා ඇත. බිල්ඩිමක් දැක්කම වී ගබඩා කරනවා කියන මනස සහ දේශපාලන දුර දක්නා නුවණ නැතිකමත් පලිගන්න මනස නිසයි අපිට දියුණුවක් ලබන්න බැරි. දැන් අවුරුදු හතරකට කලින් සිඩ්නි සිට මෙල්බර්න් දක්වා දිවෙන කිලෝ මීටර් 850ක් පමණ දුර හියුම් හයිවේ මාර්ග පද්ධතිය හැදුවේ... 1962 සිට 2013 දක්වා පවතී. සියලුම රජයන් වල මහන්සියෙන්. එහි අන්තිම කොටස 2013 විවෘර්ත කල එකල අගමැතිනි ජුලියා ගිලාඩ් පැවසුවේ ඒ බවයි.

:       0       219

sunandaSunday, 17 September 2017 12:49 PM

අකිල .. එයාර් පෝර්ට් හදන්න ඕනේ ඉඩ තියෙන තැනක.. කටුනායක ඉස්සර පට්ට කැලේ...

:       0       34

Sanjay Thursday, 14 September 2017 02:13 PM

දන්නා කාලේ ඉඳන් කියවනවා විතරයි. වැඩ නැ. පුලුවන්නම් කරලම කියන්න ඕවා.

:       1       229

Saditha Thursday, 14 September 2017 02:48 PM

පච තමයි ඉතින් ඉතින්

:       15       260

Vajira Thursday, 14 September 2017 03:25 PM

හුරේ දැන් ඔන්න අපිට ටොයෝටා හොන්ඩා අඩු මිලට ගන්ඩ පුළුවන්. යාන්තං ඇති ඒ ප්‍රශ්නෙත් විසඳුනා. එතකොට අර වොක්ස් වැගන් එක වහනවද? ඒකෙන් අඩු මිලට කාර් ගත්ත අයට අපරාදේ කියල හිතෙයි නේද?

:       14       569

lalith Thursday, 14 September 2017 03:52 PM

සාකච්චා නම් එමටයි. බලමුකෝ තව ටික එහෙනම්?

:       3       41

අප්පුහාමි Thursday, 14 September 2017 04:13 PM

එතකොට අර වොක්ස්වගොන් එක? දැන් වැඩ ඉවරද මහත්තයෝ? මම දන්නේ නැති නිසයි අහන්නේ.

:       2       242

sunil Thursday, 14 September 2017 04:31 PM

වොක්ස්වැගන් ඇවිත් කාර් හදල ඉවර නිසා හොන්ඩා ටොයෝටා එනවා ඇති.

:       4       331

sujeeva Thursday, 14 September 2017 04:59 PM

වාහන හදන රටක් වෙන්නේ මූලික කරුණු තුනක් සම්පූර්ණ කලයුතුයි . 1. දේශීය වෙළදපොල විශාල වියයුතුයි (Scale of economy ) 2. තරගකාරී ශ්‍රමය, බලශක්තිය සහ ඉඩ, 3.අමතර කොටස් නිෂ්පාදන හැකියාව. අපි මුළු කලාපයටම වැඩිය පස්සෙන් ඉන්නේ මේ කරුණු තුන ගැනම (ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, තායිලන්තය, මැලේසියාව, චීනය එක්ක) අපේ දේශපාලකයෝ මූලික දැනීමවත් නැතුව මේවගේ ප්‍රකාශ කරන එක හරිම කණගාටුදායක දෙයක්. මේ කරුණු නිසාම ඔස්ට්‍ට්‍රේලියාවත් වාහන කර්මාන්තශාලා ඔක්කොම වහල අවුරුදු ගානක්. බදු සහන වලින් විතරක් පවතින ව්‍යාපාර ගොඩනගන්න බැරිබව ටොයෝට නෙමෙයි ඕනෙම පොඩි ව්‍යාපාරිකයෙක් දන්නවා. මේක හරි මෝඩ වැඩක් අපි කරන්නේ, හරියට බයිසිකලයක්වත් හදාගන්න බැරුව අපි කාර් හදන්න කතා කරන එක. ඇත්තටම ලංකාවේ දැන් ඇල්පෙනෙත්තක්වත් හදනවද කියල මට සැකයි.

:       1       960

perakumFriday, 15 September 2017 03:36 AM

sujeeva : පැහැදිලිව අදහස් දැක්වීම ගැන සතුටුයි ඔබ හිතන අන්දමට ලංකාවේ කර්මාන්ත සංවර්ධනයට සුදුසු වාතාවරණයක් නැද්ද?

:       0       12

VipulaFriday, 15 September 2017 09:28 AM

මට පැහැදිලි නැති නිසා අහන්නේ. ජපානේ වත් ඔය කියන එක සාධකයක්වත් තිබිල නෙවෙයි... මේ වගේ දැවන්ත ව්‍යාපාර ආරම්භ කළේ...

:       0       3

sujeevaFriday, 15 September 2017 04:55 PM

මතුකළ කරුණු හතරක් ගැන පැහැදිලිකිරීම්, 1. විපුල , ජපානේ අවුරුදු සීයකටත් ඉස්ස්සර කාර් හදන්න ගනිද්දී තරගකාරයා වෙලා හිටියේ ඇමෙරිකාව සහ යුරෝපය විතරයි. එතකොට හොද පසුබිමක් හැම අතින්ම ජපානයට තිබුනා. ඒ වගේම ජපානය ලෝකේ දෙවන විශාලතම කාර් වෙලදපොලත් වුනා . අපි ඊට අවුරුදු සීයකට පස්සේත් තාමත් ඒ වගේ තමයි හිතන්නේ. 2. පැරකුම්, මගේ අදහස අනුව අපිට කර්මාන්ත අතින් තරගකරන්න අමාරුවෙයි. හැබැයි සේවා අතින් අපිට ලොකුම තැනකට යන්න පුළුවන් වෙයි, සිංගප්පූරුව වගේ. හැබැයි මම ඒ ගැන විශේසඥයෙක් නෙමෙයි. 3. ලංකාවේ හදනව කියන කාර් වර්ගයක් කරන්නේ හරි දෙයක් නෙවෙයි , බදු සහන වලින් යන්තම් බේරිලා ඉන්නවා. 4. රහීම්, අපේ අය කරන නව සොයාගැනීම් කියන ඒවා ඉදිරියට ගෙනියන්න අමාරුවෙයි, ව්‍යාපාරයක් විදියට. ඒවා ඇත්තටම ලෝකේ වෙනත් රටවලත් හදපුව. (වතුරෙන් දුවන වාහන වගේ, මීරිගම ළමයාගේ කාර් එක වගේ දේවල් )

:       0       2

kumar (galf) Thursday, 14 September 2017 07:55 PM

මේ කාන්ඩේ ගේ තාත්තා කෙනෙක් නේ අර ඉරිසියාව, ආසියාවේ පළමු වරට ජපන් හා යුරෝපා කාර් ලංකාවේ හදපු රටක් වටිනා උපාලි මහත්තයාව උඩු ගුවනේ පුපුරවා හරියේ.

:       0       115

Thamaradamayanthi Thursday, 14 September 2017 08:27 PM

සිංහලයා මෝඩයා රැවටෙනවා බොළඳ බසට බෙහෙත් නැතො මෝඩ යට හැමදාමත් සිංහලයා මෝඩයා දේශපාලනය හැමදාමත් මනුෂ්‍යයාව රවට්ටනවා පොරොන්දු දහසක් දෙනවා උන්ව යම රජ්ජුරුවෝ අරන් යනවා.

:       0       69

siri Thursday, 14 September 2017 09:41 PM

මේ මිනිස්සුන් දැන් විනෝද සමය රගදක්වන්න පටන් අරන්.

:       0       4

nimal Thursday, 14 September 2017 10:59 PM

අනේ මේ බයිලා නම් ගහන්න එපා , ඔයාලගේ වොස්වොගන් කොම්පැණි එක දැන් හෝගාලා වැඩ , ඒ වැඩපළවල් නිසා , කටුගම්පල පාරයි , නාරම්මල පාරයි දෙන් මාර වාහන තදබදයක් තියෙන්නේ. ජනතාවට පචනම් ගහන්න එපා කෙරුවාව අපිටත් දැන් තේරිලා තියෙන්නේ.

:       0       15

perakum Friday, 15 September 2017 12:48 AM

කතාව ඇත්ත උනත් බොරු උනත් මං කියන්නේ පෙට්‍රෝල් ඩීසල් නැතුව විදුලි වාහන විතරක් හදන්න කියලයි

:       0       18

hewawitharana Friday, 15 September 2017 02:07 AM

මෙහි ඇති පින්තුර රාමු වල එකම එක ජපන් ජාතිකයෙක් වත් නැහැනේ.

:       0       5

vipula Friday, 15 September 2017 03:02 AM

වොක්ස්වැගන් එනවා කියල කුරුණෑගල අක්කර ගණනක පොල්වත්තක් කපල දැම්ම. දැන් මිල්ලනිය පැත්තේ අක්කර දෙසීයක ගස් ටික ඉවරයි වගා කරන්න පුළුවන් ප්‍රදේශ වගාකරන්න තියල හම්බන්තොට වැනි කලාප වල මේවා පටන්ගන්න . මේවා අපිට පෙන්නලා ගස්ටික විකුණලා දාන එක විතරයි වෙන්නේ. මේවගේ හොරණ පැත්තේ සරුසාර රබර් අක්කර සිය ගණනක් පර්ත් පැරඩයිස් නමින් කපල දැම්ම දැන් එතන ගසුත් නැහැ පටන් ගත්ත දෙයකුත් නැහැ

:       0       57

sanjeeva Friday, 15 September 2017 03:54 AM

අම්මප ලැජ්ජාවක් නැද්ද.?

:       0       3

දිලුම් Friday, 15 September 2017 04:02 AM

සුජීව ඔබ දන්නවාද ලංකාවේ කාර් නෙමෙයි එක ලොක්කෙක් ඊයෙ රුස්වීමක කියනවා රෝබෝලත් හදනවලු. දැං ඡන්දෙ ලගයි මේ අයට අමු කැවිලා තියෙන්නේ. මේ ඔක්කොම කොහාටහරි පටවන්න බැරිද දන්නෙ නෑ.

:       0       20

ජනිත් Friday, 15 September 2017 04:46 AM

මේක ඇත්තට වෙයිද නොවෙයිද කියන එක වෙනම ගැටළුවක්. මට තියන ප්‍රශ්නය ඇයි මේවා බස්නාහිර පළාත ආශ්‍රිතවම ගොඩනගන්නේ. දැනටමත් එහි අධික ජන ඝනත්වයක් මදිවට මේ භාණ්ඩ ඉක්මනට වරායට ප්‍රවාහණය කරන්න මාර්ග පහසුකම් තියනවද? අනික බස්නාහිර පළාතේ තිබෙන්නේ ඉතාමත් සාර ඉඩම් කෘෂිකර්මාන්තයට යෝග්‍ය... වැස්සෙන් අඩුවකුත් නෑ... නරකද ඔය ව්‍යාපෘති ත්‍රිකුණාමල වරාය කේන්ද්‍ර කරගනිමින් ඒ දෙසට ගෙනිච්චොත්... උතුරු පළාත ආශ්‍රිතව.

:       0       24

amila Friday, 15 September 2017 04:48 AM

වෝක්ස් වැගන් කොම්පැණිය නැද්ද දන්නේ නැහැ.?

:       0       16

amila Friday, 15 September 2017 04:52 AM

හැමෝම එකම කතාමයි කියන්නේ ඡන්දේ කිට්ටු හින්ද අපි රැවටෙයි ඕවට.

:       0       5

විශ් Friday, 15 September 2017 05:01 AM

මෙතුමාම නේද අර වොක්ස්වැගන් ගැන ජන්ද කාලේදී කිව්වේ?

:       0       8

raveendra Friday, 15 September 2017 05:18 AM

දිලුම් මයවෙත, අපට අලුතෙන් හදන්න රොබෝලා අවශ්‍ය නැත .දැනටමත් කකුල් හතරේ රොබෝලා 225 ට ආසන්න ප්‍රමාණයක් දියවන්නඔයේ පීන පීන ඉන්නේ රට වැඩකුත් නැහැ උන්ට වැඩකුත් නැහැ ....

:       0       83

raheem Friday, 15 September 2017 06:14 AM

වොක්ස්වෝගන්, ටොයෝටා, හොන්ඩා, මේවා හදන්න ඉස්සර, ලංකාවේ පොඩිකොල්ලෝ හදන වාහන ගැන බලන්න. මීරිගම පැත්තේ ඉස්කෝලේ යන ළමයෙක් හදපු වාහනේ ගැන බලන්න. ඒ වගේ අයව දිරිමත් කරන්න නිකම් වාද බයිලා නොකියා...

:       0       3

hasitha Friday, 15 September 2017 06:45 AM

ජාතික කොඩියත් පිට රටින් ගේන අපට මොන කාර් කොම්පැනිද මහත්තයෝ....

:       0       32

perakum Friday, 15 September 2017 07:54 AM

ලෝකයේ දියුණු රටවල් දැන් රියදුරන් නැති කාර් වලට යන එකේ අපි මොකටද මේ එන්න හදන්නේ?

:       0       1

wasanjaya Saturday, 16 September 2017 10:58 PM

අනේ කාර් කන්නද කියන්නේ උන්නැහේ?

:       0       1

තාරන Tuesday, 19 September 2017 02:52 AM

වොල්ක්ස්වාගොන් -> වෙස්ව්ටෙර්න් ඖටෝමොබිලේ වාගේ ටොයෝට -> ටාටා වෙහිද ?

:       0       0

bandula Tuesday, 19 September 2017 11:27 AM

ම දන්නා පරිදි මොටෝ රථ කර්මාන්තය යනුවෙන් ලංකාවේ කරන්න යන්නේ කොටස් CKD (Complete Knock Down )ගෙන්වා එකලස් කිරීම සහ පින්තාරු කිරීම. ලංකාවේ මිනිස් ශ්‍රමය එතරම් ලාභ නැහැ . බොහෝ රටවල් කොරියන් සහ චීන කාර් ඉතා ලාභයට දෙනවා. දියුණු රටවල කාර් හදන එක කරන්නේ රොබෝ මගින්. BMW පවා චීනේ හදනවා සමහර මොඩෙල්. ලංකාවේ කාර් මිල වැඩි බදු නිසා. මෙම කරුණු නිසා ලංකාවට බදු සහන බලාගෙන ආයෝජකයෝ එනව කියල හිතන්න අමාරු . කන බොන දෙයක් වවලා සංචාරකයෝ ටිකක් ගෙන්නවල සහ අන්තර්ජාතික විශ්ව විද්‍යාල පටන් ගත්තොත් ගොඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 1 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 37 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 227 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 251 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 557 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 380 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site