IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඬුවම

(මනෝප‍්‍රිය ගුණසේකර)

කොළඹ මහවත්ත ප‍්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබූ වයස අවුරුදු 25 ක කුඩු ජාවාරම්කරුවෙක්ට කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහෙන්ද්‍රන් මහතා අද (18) මරණ දඬුවම නියම කළේය.

හෙරොයින් නිසා සමාජය මහත් ඛේදජනක තත්වයකට මුහුණ පා ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා ඒ තත්වයෙන් සමාජය මුදා ගැනීම සඳහා සමාජයට ආදර්ශයක් වන අන්දමට විත්තිකරුවන්ට දැඩි දැඩි දඬුවම් නියම කරන බව විත්තිකරුවන්ට දඬුවම් නියම කරමින් විනිසුරවරයා සඳහන් කළේය.

චෝදනාවන්ට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ කොළඹ 10 මහවත්ත ප‍්‍රදේශයේ පදිංචි 25 හැවරිදි තරුණයකු වන ජේ.ඒ. ප‍්‍රසන්න කුමාර නමැත්තාටය.

2016 ජුනි මස 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ 10 මහවත්ත ප‍්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10.28 ක් ලඟ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යටතේ විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් චෝදනා නඟා තිබිණි.

මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී කොළඹ උතුර පොලිස් දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව කොළඹ 10 මහවත්ත ප‍්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී එවකට 22 හැවරිදි වියේ පසුවු මෙම විත්තිකරු පරීක්‍ෂාවට ලක් කොට ඇති බවත් ඒ අවස්ථාවේ හෙරොයින් අඩංගු පාර්සලය විත්තිකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති බවත් නඩු විභාගයේදී හෙළි විය.

අත්අඩංගුවට ගනු ලැබු හෙරොයින් පරීක්‍ෂාවට ලක් කළ රජයේ රස පරීක්‍ෂවරයා එහි ශූද්ධ හෙරොයින් ග්රූම්  10.28 ක් ඇති බව දැනුම් දී තිබු අතර මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා විත්තිකරුට මරණීය දඬුවම් නියම කළේය.

 

 

 



අදහස් (3)

හෙරොයින් ජාවාරම්කරුවෙකුට මරණ දඬුවම

asanka Thursday, 18 July 2019 06:35 PM

ඇත්තටම මේක අරුම පුදුම රටක්

:       0       14

Chanak los angelesFriday, 19 July 2019 05:02 AM

කිසිම අරුම පුදුමයක් නැහැ ලෝකය සාධාරණය ඉෂ්ට කර තිබෙනවා. ඔහු ඔය හෙරොයින් තොගයෙන් කී දෙනෙකුට ලෙඩ රෝග අකල් මරණ අත්කර දෙනවාද? සමහර විට මොහු ඔය ජාවාරමේ ප්‍රධාන මුදුන් මුල නොවන්න පුළුවනි ? නමුත් ඔහුට නම් මෙයට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නේ එය වලක්වන්න කිසිවෙකුටත් බැරිය .

:       0       0

Sanath apura Friday, 19 July 2019 05:00 AM

උසාවියෙන් දෙන මරණ දඩුවමට කොහොමද අනිත් අය විරුද්ද වෙන්න මේක උසාවියට අපහාසයක් නෙවේ ද

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 289 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 588 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 715 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 573 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 165 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1758 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site