IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


හිටපු මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඇතුළු සිව් දෙනෙක්ට නීතිපති නඩු පවරයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

බලපත‍්‍රයක් නොමැතිව අලි පැටවකු ලඟ තබා ගැනීම සම්බන්ධයෙන් වැඩතහනමකට ලක්වී සිටින කොළඹ හිටපු අතිරේක මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ඇතුලු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව නීතීපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අද (19) නඩු පැවරුවේය.

වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට අමතරව ‘සකුරා’ නමැති අලි පැටවාගේ හිමිකරු බව කියන පෑස්සුම්කරුවනකුට, වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂවරයකුට සහ එම දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිනියකට එරෙහිව නීතීපතිවරයා මෙලෙස නඩු පවරා ඇත.

වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත්වරයකුට එරෙහි මෙම සිද්ධියට එරෙහිව නඩු පැවරිය යුතු බවට නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ගත් තීරණයකට අනුව මෙම විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

මීට පෙර අවස්ථාවකදී අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රෝෂාන් නමැත්තා ඇතුලු විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුවක් පවරා ඇත.

වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතාට අමතරව ‘සකුරා’ නමැති අලි පැටවාගේ හිමිකරු බව කියන පෑස්සුම්කරුවකු වන චන්ද්‍රරත්න බණ්ඩාර යටවර, වනජීවී දෙපාර්තමෙන්තුවේ අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිනියක වන එච්. පි‍්‍රයංකා සංජීවනී, වනජීවී දෙපාර්තමෙන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ පැස්කුවල් ෆොන්සේකාලාගේ උපාලි පද්මසිරි යන මහත්වරුන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා ඇත.

2008 නොවැම්බර් 06 වැනිදාත් 2015 මැයි 18 වැනිදාත් අතර කාලයේ මීගොඩ ගොඩගමුවේදී නිසි බලපත‍්‍රයක් නොමැතිව පොදු දේපලක් වන අලියෙකු ලඟ තබා ගැනීම සඳහා කුමන්ත‍්‍රණය කිරීම, ඒ අනුව වනයෙන් අල්ලා ගන්නා ලද ‘සකුරා’ වශ්‍යයෙන් හඳුන්වනු ලැබූ අලි පැටවකු ලඟ තබා ගැනීම ඒ සඳහා අධාර අනුබලදීම ඇතුලු චෝදනා 25ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල වෙනුවෙන් සාක්කිකරුවන් 25 දෙනෙකු හා ලේඛන 08ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.

වනජීවී ඇමති වසන්ත සේනානායක මහතා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමෙන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලදී.

පෑස්සුම්කරුවකු වන චන්ද්‍රරත්න බණ්ඩාර යටවර නමැත්තා ‘සකුරා’ නමැති අලි පැටවා තමාට අයත් බව පවසන බවත් වෘත්තියෙන් පෑස්සුම්කරුවකුට රුපියල් ලක්‍ෂ 70ක පමණ වටිනා අලි පැටවකු ලැබීමට ඇති හැකියාව ප‍්‍රශ්න සහගත බවත් 2008 සැප්තැම්බර් 02 වැනිදා මෙම අලි පැටවා ලියාපදිංචි කිරීමට ඇයැදුම් පත‍්‍රයක් ඉදිරිපත් කොට ඇතැත් වනජීවී දෙපාර්තමෙන්තුව ඒ සම්බන්ධ ගොනුව විවෘත කොට ඇත්තේ ඊට වසර 04කට පසු 2012 වසරේදී බව හෙළි වන්නේ යැයි සඳහන් කරන නීතීපතිවරයා මෙම අලි පැටවා සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමෙන්තුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව අලි පැටවා වනාන්තරයකින් අල්ලාගෙන ව්‍යාජ ලේඛන භාවිතා කොට ලියාපදිංචි කොට ඇති බව හෙළි වන බවට වැඩිදුරටත් සඳහන් කොට ඇත.

මෙම අලි පැටවා පෑස්සුම්කරුවකු වන චන්ද්‍රරත්න බණ්ඩාර යටවර නමැත්තා සන්තකයේ සිට නැති බවත් වැඩතහනමකට ලක්වී සිටින හිටපු මහෙස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ව්‍යාජ ලේඛන භාවිතා කරමින් අලි පැටවාගේ සන්තකය ගැනීමට ඉල්ලුම් පත ඉදිරිපත් කොට ඇත්තේ වනජීවී දෙපාර්තමෙන්තුවේ නිලධාරීන් සමඟ කළ කුමන්ත‍්‍රණයකට අනුව බව පැහැදිලි වන බවද සඳහන් කොට ඇත.

 

 

 



අදහස් (9)

හිටපු මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඇතුළු සිව් දෙනෙක්ට නීතිපති නඩු පවරයි

pujitha vijesundara Narammala. Friday, 19 July 2019 05:04 PM

අලියා බලාගන්ඩ ගෙනාපු කෙක්ක තියාගත්තට නඩු නෑ නේද?

:       0       13

Chanak los angeles Friday, 19 July 2019 09:25 PM

රටක යුක්තිය පසිඳලන්න ඉන්න පුද්ගලයා නීතිය කඩාකරනවානම් එරටේ නීති පද්දතිය ගැන කවර කතාද ?

:       0       0

Ratnamalala Friday, 19 July 2019 11:31 PM

අලුත් නීතිපති තුමා කඩිසරව යමක් කරන බව පෙනෙනවා. ඒ වගේම රජයේ මැති ඇමතිවරුන් ගැන විපක්ෂයෙන් ඉදිරිපත්කරන ලද අල්ලස් දූෂණ චෝදනා ගැනත් ඉක්මන් පරීක්ෂණයක් කලොත් තමයි වඩාත් වටින්නේ.

:       0       0

සෙනෙවිරත්න Saturday, 20 July 2019 03:00 AM

යාන්තම් ඇති

:       0       0

TNA Saturday, 20 July 2019 05:00 AM

අපට පමණි නඩු .

:       1       0

සේන Saturday, 20 July 2019 07:06 AM

ත්‍රස්තවාදීන් සහ බෝම්බ ඇදපු වාහන අරහේ එළියට එනවා. එව්වත් හෙව්වා නම් තමයි රටට වැඩක් ඇත්තේ...

:       5       26

Bamunuarachchi Saturday, 20 July 2019 11:02 AM

දෙමලුන්ගේ බලකොටු බින්ද දුටුගැමුණු රජුගේ කඩොල් ඇතාටත් බලපත්‍ර තිබෙන්න ඇතිනේද?

:       166       22

සෙනෙවිරත්න Sunday, 21 July 2019 01:13 AM

ඒ කාල​ නඩු අහලද උල තිබ්බේ.

:       0       1

sampath Sunday, 21 July 2019 04:31 AM

අලියෙක් ලග තියාගත්තා කියල චෝදනා 25ක් යටතේ නඩු පවරනවාලු අර කාන්තාවෝ 1000 ක් විතර වඳ කරපු එකට නඩු දාන්නයි. පාස්කු බෝම්බ කාරයන්ට නඩු දාන්නයි බැංකු හොරුන්ට නඩු දාන්නයි තවම චෝදනා හොයනවා.

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 104 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 229 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 286 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 401 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 132 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1603 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site