IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හිටපු ප්‍රධාන කතෘවරයකු වු බන්ධුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි

 


(සිරංගිකා ලොකුකරවිට)

ඩේලි නිවුස් පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘවරයකු වූ බන්දුල ජයසේකර මහතා අද (05) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේය. මියයන විට ඒ මහතා 60 හැවිරිදි වියේ පසුවිය.

රුධිරගත පිළිකා රෝගයකින් වසර දෙකක් පමණ පීඩා විඳි ජයසේකර මහතා සිරස නිවුස් ෆස්ට් හි උපදේශකවරයකු ලෙස සේවය කරමින් සිටියේය. කැනඩාවේ ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කළ හෙතෙම ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල තානාපති සේවයේ ද කටයුතු කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයකු ලෙස ද බන්දුල ජයසේකර මහතා කලක් සේවය කළේය.  


මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරය හෙබවූ 2011 වර්ෂයේ සිට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ද කළක් කටයුතු කළේය.

මියයන විට ඔහු කරාපිටිය රෝහලේ සහන සත්කාරක මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබමින් සිටියේ ය. 

 



අදහස් (9)

හිටපු ප්‍රධාන කතෘවරයකු වු බන්ධුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි

sharm warn Friday, 05 March 2021 05:09 AM

ඔබට නිවන් සුව ලැබේවා...!!! 

:       1       9

Raveendra Friday, 05 March 2021 05:23 AM

අප දන්නා පරිදි දක්ෂ මාධ්‍ය වේදියෙක්... ඔබට නිවන් සුව අත්වේවා..!!!

:       2       18

Keppetipola Friday, 05 March 2021 05:48 AM

තවත් ශ්‍රේෂ්ඨ පුතණුවෙක් ජාතියටත්, ලක් මතාවටත් අහිමි විය​. බන්දුල ඔබට නිවන් සුව පතමි.

:       1       14

Mohan Friday, 05 March 2021 06:19 AM

පුද්ගලික නාලිකා වල වැඩ කරන අය නං ඉක්මණටම යන්න ඕනේ රටට කරන විනාශයට...

:       25       1

kamal Friday, 05 March 2021 07:24 AM

නිවන් සුව පතමි. මෙතුමා ජීවත් වෙලා ඉන්න කාලේ අපේ සර්ගේ විද්වත් මණ්ඩලේ එහෙම සේවය කරලා ඇති.

:       5       3

කපුරුහාමි Friday, 05 March 2021 08:16 AM

ඔබට අමා මහ නිවන්සුව අත්වේවා..!!!

:       1       5

විජිත් Friday, 05 March 2021 09:49 AM

මරණය කියන, අප සිහිකිරීමටවත් අකමැති ඒ වගේම අත්දැක නැති, කාරුණිකද අකාරුණිකද යන්නවත් නොදන්නා අප සැම කවදා හෝ මුහුණ දෙන්නට අනිවාර්යයෙන්ම බැඳී සිටින " යථාර්තය " ට බිය නැතිව මුහුණ දුන් තවත් ජීවිතයක්. මරණය තමන් සොයා ඇවිත්, තමන් ළඟ ගැවසෙමින් " නියම " වෙලාව පැමිණෙන තෙක් බලා සිටින බව දැන.." මම ලැහැස්තියි .." කීව කිහිප දෙනෙක් මට හොඳටම මතකයි. ප්‍රංශයේ හිටපු ජනාධිපති ෆ්රන්ශුවා මිතරෝන් මහත්මයා, ඉන්දිරා ජයසුරිය මහත්මිය... දැන් බන්දුල ජයසේකර මහත්මයා. මේ සියලු දෙනාම ජිවිතයේ අන්තිම කාලයේ " මරණය මොන වගේ එකක් ද .." යන්න ආශ්වාදනය කළ අයයි. හිතවත් බන්දුල ජයසේකර මහත්මයාණෙනි සුබ ගමන්. ඔබට උතුම්වූ නිවන් සුවය පතන්නම්...!!! 

:       0       7

මෝ Friday, 05 March 2021 11:08 AM

එතුමා අවසන් වරට සහභාගී වූ මාත්‍රා වැඩසටහන බැලුවා. ඔහු ජීවිතය වටහාගෙන සිටියා. දේශීය ප්‍රතිකර්ම, ප්‍රතික්සේප කිරීම වරදක් සේ දකිමි. මෙවන් අකල් මරණයකට සසරේදී පත් නොවේවා!!!.

:       0       5

ශ්‍රියන්ත වල්පොළ Friday, 05 March 2021 01:39 PM

බන්දුල සහෘදයාණෙනි, අප බෙදාගත් දිගුකාලීන වෘත්තීය ජීවිතය සහ ඔබේ ජීවිතය අප දෙදෙනාටම කියාදුන් පාඩම් බොහොමයක් මැයි. කෙරෝනාව පසුගිය වසර අප දුරස් නොකරන්නට, යළිත් ඔබ හමුවන්නට, දැකබලා ගන්නට, කතාබහ කරන්නට මසිතේ ඇති ආසාව පහව නොගොස් තිබුණි. සුබ, සන්සුන්, සැහැල්ලු ගමනක් මා ප්‍රිය හිතවතාණෙනි!...

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1109 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 358 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 433 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 354 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 533 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4417 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site