IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හිටපු නාවික හමුදාපති පැය 4 ක් බන්ධනාගාර බසයේ

(ලහිරු හර්ෂණ) 


හිටපු  නාවික හමුදාපති  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී  රියර් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න  මහතා අද (05) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට  බන්ධනාගාර බසයකින්  රැගෙන අවේය.

 උදෑසන 10.30 ට පමණ  එම බන්ධනාගාර බසය  කොටුව අධිකරණ භූමියට පැමිණියද  රවීන්ද්‍ර විජේගුණරත්න  මහතාට අදාළ නඩු කටයුතු ඇරැඹිමේ  වේලාව පැමිණෙන තුරු  ඔහු බසයේම රඳවා සිටීමට නිලධාරීන් කටයුතු කර  තිබිණි.


 ඒ අනුව සවස  2.10 ට පමණ   හිටපු නාවික හමුදාපතිවරයා  අධිකරණය තුළට රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් කටයුතු කළ අතර  පැය  4කට අධික කාලයක්   ඔහු  බන්ධනාගාර බස් රථයේම  රඳවා සිටියේය.


  නඩු කටයුතු මේ වන විට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් පවති.

 (ඡායාරූප - ලහිරු හර්ෂණ)

 

 



අදහස් (27)

හිටපු නාවික හමුදාපති පැය 4 ක් බන්ධනාගාර බසයේ

hira Wednesday, 05 December 2018 09:46 AM

රනිල්ගේ යහපාලන රණවිරු දඩයම....

:       563       297

Hafeel Wednesday, 05 December 2018 04:12 PM

දැනුත් රනිල්ගේ යහපාලනයද බලයේ ඉන්නේ?

:       54       226

minisaFriday, 07 December 2018 04:05 AM

මුන් හිතාගෙන ඉන්නේ රනිල් අවුරුදු 3.5 ක් තිස්සේ කරපු මජර වැඩ ඔක්කොම මහින්ද ආපු ගමන් එක රැයින් වෙනස් වෙන්න ඕන කියල. මේවට නඩු දැම්මේ රනිල් හාමුගේ කාලේ. ඒවයි ප්‍රතිඵල තමයි මේ. නිකමට හරි මහින්ද මෙතුමාව නිදහස් කරොත් මේ කට්ටියම තමයි මුලින්ම එන්නේ, උසාවියට ඇඟිලි ගහනවා කියල.

:       163       327

Amila Wednesday, 05 December 2018 09:48 AM

මේ රටේ අරක්ෂක නිලධාරීන්ගෙන් පලිගන්නා එක තරයේ හෙළාදකිනවා. තව මෙයා හිටියොත් හමුදාපති, පොලිස්පතිවරයාටත් ඕකම කරන්න බැරි නෑ.

:       298       175

sahan Wednesday, 05 December 2018 09:52 AM

බත් පාර්සලයක් එක්ක අර ගුටිකාපු කෙනාව හිරගෙදරට යවන්න ඕනේ මෙතුමාව බලල එන්න කියල.

:       55       21

රොෂාන් Wednesday, 05 December 2018 10:14 AM

ඕවා නං කියලම කරන දේවල්. මහා කැත වැඩ. අපිටවත් අව්වේ බස් එකක් ඇතුලේ විනාඩි කීපයක් ඉන්නකොට කොච්චර අපහසුද? මෙතුමාව පැය 4ක් බස් එක ඇතුලේ රත් වේවි තියාගෙන. දැන් රණවිරුවන්ගෙන් පළිගන්නවෝ කියලා කෑ ගහපු අය කෝ? හැම වෙලාවේම රණවිරුවන් මුරුංගා අත්තේ තියන උදවිය?

:       141       513

රොෂාන්Wednesday, 05 December 2018 11:52 AM

මට මේ නෙගටිව් දාලා තියෙන්නේ බස් එකක් ඇතුලේ පැය 4කට වැඩිය ඉන්න පුළුවන් අය වෙන්න ඕනේ... සන්තෝසයි...

:       65       127

MaheeThursday, 06 December 2018 08:39 AM

රොෂාන්, ඒ බස් එක ඇතුලේ හිටියේ සැකකරුවෙක්. එයාව බස් එකේ නොතියා උසාවිය අතුල ගෙනාව නම් ඉන්න වෙන්නේ කූඩුව ඇතුලේ. ඔයා කැමති දෙකෙන් කොයි එකටද?

:       1       0

රොෂාන්Friday, 07 December 2018 03:46 AM

කූඩුව හොඳයි පැය 4ක් එක තැන රත් වෙලා තියන බස් එකක් ඇතුලේ තැම්බි තැම්බි ඉන්නවට වඩා. නිකන් හිතන්න අපි නගින බස් එකක් උනත් විනාඩි දහයක් අව්වේ නවත්තලා තියනකොට අපිට කොච්චර අමාරුද?

:       0       0

sadis Wednesday, 05 December 2018 10:52 AM

කරන කලට පව් මීරිය මී සේ ... විඳින කලට දුක් දැඩිවෙයි ගිනිසේ !

:       445       617

SiriSaturday, 08 December 2018 04:44 AM

අන්න හරි ! අනික මෙයාලා රණවිරුවන් නොවේ. කතා වැඩ කරපු මිනිස්සු .

:       0       1

රවින් Wednesday, 05 December 2018 10:56 AM

බන්ධනාගාරේ තාප්පේ නම් ගහලා තියෙන්නේ " හිරකාරයොත් මනුෂ්‍යයෝය" කියලා. පිදිය යුත්තාට පිදිය යුතුය. මේ මනුස්සයෝ තම ජීවිත පරදුවට තබා ලාංකීය එක්සේසත් බව ගැන සිතුවේ කාලකන්නින්ට කොමිස් ගහන්න රට විකුණන් කන්න ඉදිමිච්ච ඔලු ගෙඩි ටිකට හෙන ගහගන්න නොවේ. පොදු යහපත තකා. ඔක්කොම පැත්තකින් තියලා පිටරටකට ගියා නම් දෙයියනේ කියලා හොඳින් ඉන්න තිබුණා. කාලකන්නි නොසිටිය තැන්වලට ගියාම වෙනදේ...

:       304       285

Buddika Wednesday, 05 December 2018 10:56 AM

වැරැද්ද උසාවිය තීරණය කරයි. ඒත් ඔහු යුද වීරයෙක්. ගිය රජයේ හොරු උසාවියට ආවේ ඒසී කරපු වාහනවල. හොඳට ඇවිදලා හිටපු අය හිරයට ගියාම බරපතල ලෙඩ්ඩු වෙනවා. වැරැද්දට දඬුවම් දෙන්න. ඒ වීරයන්ට අගෞරව කරන්න එපා.

:       116       277

Gamini Wijeweera Wednesday, 05 December 2018 11:13 AM

ගොඩක් කණගාටුයි.. මෙතුමා වගේ රට වෙනුවෙන් සටන් කරපු අභීත නිලධාරියෙක්ට අද වුණු දේට... මෙත්මාව ඉක්මණින් නිදහස් කරනු... අද අපි ඉන්නේ මෙතුමා වගේ අය නිසයි.

:       205       179

Manju Wednesday, 05 December 2018 11:31 AM

මොහු සැබෑ යුද වීරයෙක්' ඔහු රට වෙනුවෙන් විශාල සේවයක් කලා. නමුත් ඔහුට නිලතල තානාන්තර ලැබුනම සියලු දේ අමතක උනා. උද්දච්ච කම වැඩි උනා

:       176       240

manoda Wednesday, 05 December 2018 12:11 PM

කරුණාව හිරභාරයට ගත යුතුයි. නැතිනම් ඉදිරියටත් බරපතල අපරාධ කරනු ඇත.

:       26       41

[email protected] Wednesday, 05 December 2018 12:39 PM

මේවා හෙන ගහන අපරාධ...

:       106       82

shan saudi Wednesday, 05 December 2018 01:30 PM

මේකට හා මේ සම්බන්දව සිදුවුණා වූ සිදුවීම් මාලාව ගැන මෙලෝ දෙයක් නොදන්නා අයවලුන් බොරුවට කෑගහන්න එපා මෙතුමා මේ කිසිම වරදක් කරලා නෙවේ මේ දඩුවම විදින්නේ මෙතුමාගේ හමුදා ඛණ්ඩයේ යම් අයවලුන් කල වැරදි නිසා මෙතුමාට අද මෙහෙම වෙලා තියෙන්නේ මේ කරන කිසි දේකින් ඒ වැරදි කරවපු කිසිම කෙනෙකුට දඩුවම් ලැබෙන නේ නැහැ දඩුවම් ලබන්නේ ඔවූන් යටතේ උන්න අහිංසක සොල්දාදුවන්ට පමණයි.

:       0       2

Shan Wednesday, 05 December 2018 01:41 PM

පැය 4 මොකක්ද? මේ අය ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය සමග යුද්ධ කළ අය... ගොඩබිමේත් නොව මුහුදේ ජීවිතය ගැන නොතකා පවුල් දරුවෝ අමතක කර රට වෙනුවෙන් එවන් වීරයින්ට සලකන්න ලංකාවේ අය දන්නේ නැහැ. මොහු ඇමෙරිකාවේ හිටියා නම් මොහුගේ කෙස් ගසකටවත් අත තියන්න හම්බ වෙන්නේ නැහැ. ජාතික වීරයෙක් කුහකයින්ගෙන් පිරි රටක ඉපදිලා ඒ අයව බේරාගත්ත එකට සලකන හැටි තමයි මේ...

:       210       214

අතුල Wednesday, 05 December 2018 01:50 PM

මෙතුමා යුද වීරයෙක්. නාවුක ප්‍රහාරක බෝට්ටු බලකායේ නිර්මාතෘවරයා. හැබැයි චෝදනාව බරපතලයි. කප්පම් වලට තරුණ ජීවිත 11 ක් අතුරුදහන්වූ නඩුවක්. මේ සිද්ධිය සමබන්ධව පරීක්ෂණ වලට "කටඋත්තරයක්" දීලා, වගකිවයුතු නිලධාරියෙකු විදියට විතරක් නොවෙයි, ලංකාවේ පුරවැසියෙකු විදියට තමන්ගේ වගකීම ඉටු කළානම්, මේ විදියට රිමාන්ඩ් එකේ ඉන්න ඕන නැහැනේ... නීතිය දන්නා නිලධාරියෙකු විදියට, නීතියට ගරු කරන්න.

:       18       332

Anura Wednesday, 05 December 2018 02:00 PM

මෙවැනි දසුන් දකින්න අපි පුදුම පවක් කරලා තියෙනවා. මොන තරම් දේවල් රටට කරපු නිලධාරියෙක් ද.?

:       0       0

sanju Wednesday, 05 December 2018 05:03 PM

ඔහු යුද වීරයෙක් බව ඇත්ත. එහෙත් කප්පම් ගන්න 11 දෙනෙක් අතුරුදන් කල කියන්නේ.ඒ පිළිබද පුවත් පසුගිය දවස්වල අපි දැක්ක. උසාවිය තීන්දු කරවී වැරදිද නිවැරදිද කියල. යුද වීරයෙක් කියල ඕන වැරද්දක් කරන්න ඉඩ දීල බලාගෙන ඉන්නද කියන්නේ. තමන්ගේ කෙනෙක් අතුරුදන් උනානම් මෙයාගේ අතින් ඔය කඳුළු හලන අය මොකද කියන්නේ.

:       0       28

vijitha Wednesday, 05 December 2018 05:31 PM

අර කියල තිබුණේ ජාත්‍යන්තරය එක්කල එකතුවෙලා පාඩම් උගන්වනවා කියල. තව ඒ පාඩම් පටන්ගත්ත විතරයි. අයෙත් අර පඹයාට ඡන්දෙ දීපල්ලා.

:       0       55

jaya Wednesday, 05 December 2018 11:20 PM

ප්‍රතිචාර දක්වන්නෝ බොහොමයක් පටලගෙන . වැරදි කරපු අයට දඩුවම් දිය යුතුමයි.

:       0       35

ලුම්බිණි Wednesday, 05 December 2018 11:47 PM

කරපු හොඳ වැඩ අගය කල යුතුයි. ඒ වගේම වරදක් කරලා නම් දඬුවම් විඳිය යුතුයි තරා තිරම නොබලා.

:       0       31

Mahee Thursday, 06 December 2018 08:44 AM

යුද වීරයෙක් වශයෙන් එතුමාට මගේ ගෞරවය පුද කරනවා. නමුත් අපරාධ නඩුවක සැකකරුවෙක් වශෙන් සහ මේ නඩුව සම්බන්ධව එතුමා හැසුරුණු ආකාරය නිසා නීතිය අනුව ඔහුට දිය යුතු දඬුවම ලබාදීමත් අනිවාර්යයෙන්ම කලයුතුයි.

:       0       2

Siri Saturday, 08 December 2018 04:50 AM

පේන්නේ නැද්ද? ටයි කෝට් දා්‍ගෙන ලක්සිරි බසයකින් එළියට එනවා. බන්ධනාගාර බසයේ ඉන්නේ වෙන අපි වගේ හිරකාරයෙක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 649 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 124 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 876 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 907 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1262 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1142 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site