IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හිටපු ජනාධිපතිනිය ශ්‍රීලනිපයේ අනුශාසක ධූරයෙන්ද ඉවත් කිරීමට යයි

(අජන්ත කුමාර අගලකඩ)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූරයෙන්ද ඉවත් කෙරෙනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වයද අත්හිටුවීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳ යෝජනාව හෙට (05) පැවැත්වෙන පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී අනුමත කර ගැනීමට නියමිතය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කර තිබියදී පක්ෂයේ මධ්‍යම කාරක සභා තීරණයට පිටින් යමින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීමට ගිවිසුම් ගතවීම නිසා ඇය අනුශාසක ධූරයෙන් ඉවත් කිරීමටත් ඇයගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවීමටත් මෙසේ තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව එහි වැඩබලන සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රදානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී හෙට (05) පැවැත්වේ.



අදහස් (19)

හිටපු ජනාධිපතිනිය ශ්‍රීලනිපයේ අනුශාසක ධූරයෙන්ද ඉවත් කිරීමට යයි

Dimuwa Monday, 04 November 2019 04:37 PM

එතකොට කවුද අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්නේ ?

:       0       0

Mahee Monday, 04 November 2019 05:53 PM

කොහොමත් එයා එක පාරකුත් මහජන පක්ෂෙට ගියා නොවැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතැරලා. පක්ෂේ නායකයෝම එහෙම යනකොට සොක්කන් ගැන කවර කතාද? දැනුත් ඕකෙ ඉහල තනතුරු දරන කී දෙනාද ගෙම්බො නොවන අය ඉන්නෙ?

:       0       0

surath Monday, 04 November 2019 05:54 PM

පරණ චන්ඩි පාර්ට් දැන් හරියන්නේ නැහැ.

:       0       0

Bandara Monday, 04 November 2019 08:15 PM

හොඳයි. කොහොමත් එයා යූ.එන්.පී

:       0       567

සේන Monday, 04 November 2019 08:27 PM

මේ මනුස්සයා රටට අයහපතක් කරන්න බලාගෙන වෙලාවට කොහෙන් හරි පහත් වෙනවනේ. රටේ ජීවත් වෙන්නෙත් නෑ. හැබැයි රටට විනයක් කටින්න බලාගෙන වෙලාවට ඇවිත් මොකක් හරි කරනවා. මහා කරුමයක්නේ.

:       1       209

ruchiTuesday, 05 November 2019 10:40 AM

100% ක් එකඟයි.

:       0       101

sisira Monday, 04 November 2019 10:09 PM

අනුශාසක ධුරයෙන් විතරක් නෙමෙයි රටින්ම පන්නා දැමිය යුතුයි.

:       12       14

namali Monday, 04 November 2019 10:14 PM

එළවන්න ඕන.

:       11       3

Chathuri Monday, 04 November 2019 10:45 PM

එකෙක් නෙමේ සේරම එළවන්න ඕන. චන්ද්‍රිකාව එළවන්න හදන කෙනා තමන්ට උරුම පක්ෂයක් තියෙද්දී වෙන කෙනෙක්ගේ පස්සෙන් ගිහින්. ඔලුවේ අමාරුවක්. පස්සෙන් ආවේ නැහැ කියලා පක්ෂ තහනම් කරනවා. පොඩි කකුළුවෝ මහා එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා. මහා උන්,පොඩි උන් සේරම ඇදේට යනවා. 17 වෙනිදා වෙනකොට සේරම නැති වෙලා යනවා.

:       0       4

ලුම්බිණි Monday, 04 November 2019 11:27 PM

මෛත්‍රීපාල සිරිසේන එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව ගිහින් ජනාධිපති උනා. අස් කලාද පක්ෂෙන්? උනේ පක්ෂයේ සභාපති වීම. මොකද චන්ද්‍රිකාට වෙන පිළිවෙතක්?

:       101       21

ranjith Monday, 04 November 2019 11:46 PM

හෙක්ටර් කොබ්බෑකඩුව මහතා පරාජය කරන්න එදා උත්සාහා කර පක්ෂය ගොඩගත්තේ මෙතුමිය 1994 දීය. නැවත පක්ෂයට පිටින් ඇවිත් පක්ෂය විනාශ කරන්න තමා උත්සාහා කරන්නේ. ජාතිවාදීයෝ ටිකක් එකතු වෙලා මේ පක්ෂය විනාශ කර අද චන්ද්‍රිකා මැතිණියටත් කෙනෙහිලිකම් කරනවා.

:       0       9

RamaniTuesday, 05 November 2019 09:13 AM

එතුමිය 1983දි පක්ෂයේ කොටසක් කඩාගෙන ගිහින් මහජන පක්ෂය හැදුවා. ඊට පස්සේ රාජිත එක්ක බහුජන නිදහස් පක්ෂය කියල එකකුත් හදලා තමයි ආපහු ආවේ කියල මතක නැද්ද?

:       2       3

gunarathna Tuesday, 05 November 2019 01:28 AM

මේක කවදාවත් කෙරෙන දෙයක් නොවේ. මම කියනවා මෙහෙම දෙයක් කරන්න ශ්‍රීලංකා එකේ කොන්ද පන තියෙන මිනිහෙක් නැහැ. අවසානයේ වෙන්නේ මේ ප්‍රශ්නය විසදන්න ජනදිපතිට බලය දෙනවා කියාවි. ජනාධිපති කතා කර කර ඉඳලා 17 ගෙදර යන්න යාවි. කොහොම උනත් ගෝඨා තවම කිසිම පක්ෂ සාමාජිකයෙක් නොවෙන නිසා සමහර විට ගෝඨා සභාපති වෙන්න පුළුවන් ජනාධිපති උනොත්.

:       1       13

mp Tuesday, 05 November 2019 01:38 AM

හොඳ තීරණයක්. මේ වගේ අනුශාසකයන් පොල්පිත්තෙනුත් කපා ගන්න පුළුවන්.

:       5       166

Gamarala Tuesday, 05 November 2019 02:06 AM

ඇයට තිබුනේ ඇයත් රැකිලා පක්ෂයත් රැකගෙන පැත්තකට වෙලා ඉන්නයි.

:       0       45

Bamunuarachchi Tuesday, 05 November 2019 03:59 AM

පළාතට ගන්න එපා. එලවා දමන්න.

:       134       152

ashan Tuesday, 05 November 2019 07:15 AM

හොදම විහිලුව. මේ අස් කරන්න යන්නේ ශ්‍රිලනිපය කඩලා පොහොට්ටුව කියලා වෙනත් පක්ෂයක් හදපු අයට සහය නොදුන්නා කියලයි. එතකොට වෙනත් පක්ෂයක් හදපු ඔවුන් තවමත් ශ්‍රිලනිපයෙන් නෙරපුවේ නැහැ. බල ලෝභයට ලැජ්ජාවක් නැහැ කියන්නෙ ඕක තමයි.

:       0       10

BamunuarachchiThursday, 07 November 2019 01:55 AM

දන්නා දෙයක් කතා කරන. කොම්පැනියක වැඩිපුර කොටස් අයිති වෙච්ච පුද්ගලයින් කොම්පැනියේ පරණ සභාපතිව එලියට තල්ලු කරන බව දන්නේ නැද්ද.?

:       0       9

gobbaya Tuesday, 05 November 2019 07:38 AM

නිකම් නෙවෙයි එළවන්න ඕනි....

:       2       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 24 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 74 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 194 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 477 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 203 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 122 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site