IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


හිටපු ජනපතිට නොතිසි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ජනාධිපති සමාව ලැබ නිදහස්ව සිටින රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු වන දොන් ශ‍්‍රාමන්ත ඇන්තනී ජයමහට මෙරටින් පිටවිම වළකාලමින් නිකුත් කළ අතුරු නියෝගය ලබන ජුනි 01 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10)  නියම කළේය .


මේ සම්බන්ධ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර සිටින  භිටපු ජනපති මෛති‍්‍රපාල සිරිසේන මභතාට මැයි 29 වැනිදින අදිකරනයේ පෙනී සිටින ලෙස  නොතීසි දන්වා යවන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර නීතීඥවරයා වෙත නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ රාජගිරිය රෝයල් පාර්ක් මිනීමැරුම් නඩුවේ විත්තිකරු  වහාම යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (10 ) දින සලකා බැලූ  අවස්ථාවේදීය.

මෙම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන , විජිත් මළල්ගොඩ සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන් ගෙන් යුතු ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.

අධිකරණයෙන් නියම කර තිබූ මරණ දඬුවම අහෝසි කර ඔහු නිදහස් කිරීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ගෙන ඇති තීරණය මඟින් මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව සඳහන් කරමින් එම විත්තිකරු වහාම යළි අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලෙස ඉල්ලා කාන්තා මාධ්‍ය එකමුතුව සංවිධානය විසින්  ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගෙනු කරන ලදී.
කොළඹ 08 , කාසල් පාරේ පිහිටි කාන්තා මාධ්‍ය එකමුතුව මඟින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නීතිපති , දොන් ශ‍්‍රාමන්ත ඇන්තනී ජයමහ , බන්ධනාගාර කොමසාරිස් ජනරාල් , ආගමන විගමන පාලක ඇතුළු 10 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

‘‘දෙවැනි වගඋත්තරකරු රෝයල් පාර්ක් ඝාතන නඩුවේ විත්තකරු වේ. ඔහුට නියම කර ඇති මරණ දඬුවමෙන් නිදහස් කිරීම සඳහා ජනාධිපති සමාව ලබා දී ඇති බව  මාධ්‍ය මඟින් දැන ගන්නට ලැබිණි.

ජනාධිපතිවරයාට මෙවැනි සමාවක් ලබා දීමට බලයක් තිබුණද අමානුෂික මිනීමැරුමක විත්තිකරුවකු වන දෙවැනි වගඋත්තරකරුට සමාව නොදිය යුතුව තිබිණි.

මෙයින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවේ.එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප‍්‍රකාශ කරන ලෙස ද පෙත්සම්කාර සංවිධානය සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.

එසේම දෙවැනි වගඋත්තරකරුට රටින් පිටවීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද මෙම පෙත්සම් විභාගය නිමවන තුරු ජනාධිපති සමාව දීම  අත්හිටුවන ලෙසද පෙත්සම්කරුවෝ වැඩිදුරටත් ඉල්ලා සිටිති.

පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නිතිඥ සංජීව  ජයවර්ධන මහතා පෙනි සිටියේය.අගතියට පාර්වය වෙනුවෙන් ජනාධිපති නිතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනි සිටියේයනීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනි සිටියේය.ශි‍්‍ර ලංකා නිතීඥ සංගමයේ සභාපති ජනාධිපති නිතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා පෙනි සිටියේය.



අදහස් (20)

හිටපු ජනපතිට නොතිසි

Ruhunu Tuesday, 10 December 2019 10:27 AM

දෙන්නම ඇතුලට දාන්න ඕනේ.

:       6       682

Abdul Tuesday, 10 December 2019 10:58 AM

මෙයා ගෙනාපු දඩුවම් මෙයාටම දෙන්න ඕනේ.

:       9       216

Cisco Tuesday, 10 December 2019 11:06 AM

මිට අමතරව අර පැජෙට් පාරේ මෙයාගේ සන්තකයේ තියෙන ගෙදරටත් නඩුවක් දාන්නකෝ. මොහු රටට අපරිමිත සේවයක් කළා නම් ඔය වගේ වටිනා දේවල් දුන්නත් කමක් නැහැ. තේරුමක් නැති කතා වේදිකා වල කියව කියවා හිටිය මිසක් රටට කළ සේවයක් නම් නැත.

:       309       1006

Kumara Tuesday, 10 December 2019 11:27 AM

තරාතිරම නොබලා පුලුවන් උපරිම දඩුවම දිය යුතුයි ඉන්න අයට දැනගන්න.

:       4       220

wedage Tuesday, 10 December 2019 11:29 AM

දෙපාරක් මරණ දඬුවම තහවුරු උන කෙනෙකුට සමාව දීම වැරදි දෙයක් නම් මේවට ලිපිගොනු හදල සමාව දෙන්න කියලා ඉල්ලපු අයටත් දඬුවම් හිමි විය යුතුයි.

:       9       218

Nandalal DE SILVA - France Tuesday, 10 December 2019 11:42 AM

ඇතුලට දාන්න ඉස්සරවෙලා පොළොන්නරුවේ කෙනා යෝජනා කරපු මඩු වලිගයෙන් ඇතිවෙන්න තලන්න ඕන. මෙහෙම ඔලමොට්ටල වැඩ කරපු හිටපු ලොක්කාට මීට වඩා මතක හිටින දඬුවමක් දෙන තුරු සාමය අදහන මුළු රටවැසියාම බලා ඉන්නවා. කොහොම උනත් අධිකරණ ඇමති හෝ රජය මේ නඩුවට අත නොපැවිය යුතු වෙනවා.

:       0       227

sena Tuesday, 10 December 2019 11:45 AM

දුරයේ ඉන්න තාක් කල් කරේම පිස්සු වැඩ. දැන් ඉතින් යන්නකෝ උසාවි ගානේ.

:       0       162

Appuhamy Tuesday, 10 December 2019 11:47 AM

මේ කියන පුද්ගලයා තමන්ගේ ජීවිතයේ හොඳම කාලයෙන් අවුරුදු 10 කට වඩා තමා කරපු වරදට අපායක ගත කරා. ඔහු ඒ වෙනුවෙන් සමාව ඉල්ලුවා. තවත් මොහුගෙන් පලි ගන්නවනම් මනුස්ස ජාතියක් නොවෙයි. ආගම ඉස්සරහට දාගත් ජාතියක්.

:       1136       103

UdayaTuesday, 10 December 2019 12:59 PM

ඔබ ආගම කියා කුමන ආගමක් හෝ ආගම් අදහස් කළාදැයි දන්නේ නෑ. බුදු දහම තුල නම් පලි ගැනීමක් නැත. කර්මය නිසි දඩුවම් දෙයි. පෙර පුන්‍ය කර්මයන් ප්‍රබල වූ නිසා මිනිසුන් මැරූ අකුසල කර්ම යටපත් වී අංගුලිමාල රහතන් වහන්සේ නමක් විය.

:       0       0

lankasriTuesday, 10 December 2019 04:20 PM

අහිංසක ජීවිතයක් නැති කලාට අවුරුදු 10 හිරේ හිටියම ඇතිද අප්පුහාමී ? කිසිම සමාවක් නැහැ මුළු ජීවිතේම හිරේ දැම්මත් මදි ඔය වගේ නොසන්ඩාලයින්ව.

:       0       0

මාරයා.Tuesday, 10 December 2019 07:04 PM

ඒ ගෑනු ළමයාගේ ඔලුව 55 පාරක් බිත්තියේ ගහලා ගහලා මරපු මිනි මරුවාට සමාව...? මොහු අනිවාර්යෙන්ම මැරිය යුතුයි.

:       0       0

සමන්ත Wednesday, 11 December 2019 01:45 AM

ඒ කියන්නේ ඕනෙම ජඩ වැඩ කරලා සමාව ගත්තාම හරි කියලල ? හැබැයි සමාව දිය යුත්තේ ඒ අසාධාරණයට ලක්වූ පුද්ගලයායට මිස ජනාධිපතිට නෙමේ. කොටි මරපු රණවිරුවන්ට දෙන්න බැරිවුණ ජනාධිපති සමාව මිනි මරුවෙක්ට දුන්නා යස අපූරුවට.

:       0       0

Mahesh Tuesday, 10 December 2019 12:30 PM

මිනීමරුවාව එලියට ගත් පොළොන්නරුවේ එක්කෙනා අල්ලලා ඇතුලට දාන්න තියෙන්නේ. බලේ ඉන්නකන් මෙයා රාජපක්ෂ මහත්තයාලගේන් දේශපාලන පලිගැනීම් කරමින් රට කෑවා.

:       0       0

රවින් Tuesday, 10 December 2019 12:31 PM

රාජ්‍ය මුදල් අවභාවිතය වගේම බලය අවභාවිතවත් උපරිම දඬුවම් ලැබිය හැකි වරදක් විය යුතුයි.

:       0       0

Champa Tuesday, 10 December 2019 03:17 PM

ජනාධිපති විදහට තනතුරේ ඉඳන් ගත්ත තීරණ වලට එරෙහිව නඩු දාන්න බැහැ. තීරණය සම්පූර්ණයෙන්ම වැරදියි. නමුත් ක්‍රියාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට දීලා තිබෙන බලතල වලට අනුකූලයි.

:       0       8

tharidu Tuesday, 10 December 2019 04:37 PM

හිටපු ජනපති සිරිසේනට . යු. එන්.පි .යේ හොරු දීපු මහජන දේපොළක් වන පැජට් පාරේ ගෙවල් 2 ත් ඉක්මනින් නැවත රජයට පවරා ගන්න මේ වගේ පෙත්සමක් සේවාධිකරණයට ඉක්මනින් බාරදිය යුතුයි .

:       0       0

Nandalal DE SILVA - France Tuesday, 10 December 2019 06:04 PM

ඕකද එයාට භාරදීපු පළමුවැනි නොතිසිය ? කලබල වෙන්න එපා... තව තව සිතාසි, නොතිසි වගේ දේවල් තවම එන්න පටන් ගත්තේ නැහැ !

:       0       0

Chathuri Tuesday, 10 December 2019 09:57 PM

මිට කලින් ජනාධිපති පවුලට අධිකරණයේ පෙනී හිටින්න වුනේ නැහැ නේද ? නීතිපතිවරුන් කකුල් දෙක ලගට ගිහින් උත්තර ලියාගෙන අවා ඒවා පරික්ෂා කෙරුවෙත්. දැන් බලමු ඉදිරියට මොනවද වෙන්නේ කියලා අපේ රටේ අධිකරණයට. හොඳ තෙලක් හිදින්න ඕන කොන්ද කෙලින් තියන් වැඩ කරන්න. මොන ව්‍යවස්ථාවේද තියෙන්නේ වරද කරුගේ නිවසට ගොස් සාක්ෂි ගන්න ? ඒ පිළිවෙල ගෙනාවනම් කාටත් හොඳයි. අධිකරණ සියල්ලම හිරගෙවල් වලට ගන්න පුළුවන්.

:       0       1

janahitha Wednesday, 11 December 2019 03:07 AM

මුදලට රටම පවා දෙන්න තිබුන 62 ලක්ෂයක් අපි රැවටුන ජයමහ රට හැර ගිහින් වසර 4 පමණයි සිර දඬුවම් ලැබුනේ. ඔවුන්ට කළ හැකි දෙයක් නොමැත.

:       0       0

vidya Friday, 13 December 2019 11:46 PM

අපි හිතුවේ නොතිසි වෙනුවට නොබෙල් තියාගය හම්බ වෙයි කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 315 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 640 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 779 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 596 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 168 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1779 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1636 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1516 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site