IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


හිටපු අගවිනිසුරුගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ ආකාරයෙයන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවත් එම සංශෝධන පනත නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන්නැයි ඉල්ලා හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක්  විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියම කළේය.
 
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර  තීන්දුවක් මත මෙලෙස පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කෙරිණි.


එම පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ සහ නලීන් පෙරේරා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සළකා බලනු ලැබීය.


එහි තීරණය ප්‍රකාශයට පත් කළ අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීරණය මත පෙත්සම විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන බවයි.


හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා තම පෙත්සමෙන් සඳහන් කර තිබුණේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ජනමත විචාරණයකට යොමු නොකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

එහෙත් එම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් අදාළ පනත් කෙටුම්පත දැනටමත් පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති නිසා එය අධිකරණ හමුවේ ප්‍රශ්න කළ නොහැකි බව සඳහන් කළේය.

සියලු කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පසුව මෙම  පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලදී.
 



අදහස් (4)

හිටපු අගවිනිසුරුගේ පෙත්සම විභාගයට නොගෙනම ඉවතට

Mahee Thursday, 14 June 2018 07:44 AM

හිරේ ඉන්න ඕන කෙනාව මං වැරදි විදිහට නිදහස් කළා කියලා පිළිඅරන්, අපේ පරමාධිකාරී බලය වැරදියට පාවිච්චි කල බව ඔප්පු කිරීමෙන් මගේ මුලික අයිතිවාසිකමුත් කඩවුණා නේ.

:       2       121

උදය Thursday, 14 June 2018 07:52 AM

ඒ කාලේ රස්සාව කලේ කොහොමද කියලා හිතාගන්නවත් බෑ.

:       0       3

රවින් Thursday, 14 June 2018 08:49 AM

වැදගත්ම දේ තමා හිටපු අග්‍ර විනිශ්‍යකාර නිලයේ තත්වය ආරක්ෂා වනවිදියට කටයුතු කිරීම. පෞද්ගලික ප්‍රසිද්ධියට නීතියේ පිහිට පැතීම නුසුදුසු බව වටහා නොගත්තෙක ඊටත් වඩා භයානක වැඩකි.

:       0       0

sumith Thursday, 14 June 2018 09:15 AM

මට මතක විදිහට එතුමා පාර්ලිමේන්තුව පැත්තේ කූඹි කැලේ හුට පටයකුත් තිබුණා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 104 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 235 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1012 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 127 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 318 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 293 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site