IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


හැරී-මේඝන්ට ආරක්ෂාව සැපයීම ඉක්මණින් නවත්වන බව කැනඩා රජය කියයි

හැරී කුමරුට සහ මේඝන් කුමරියට ආරක්ෂාව සැපයීම ඉතා ඉක්මණින් නවත්වන බව කැනඩා රජය තහවුරු කර තිබේ.

රාජකීය කැනේඩියානු අශ්වාරෝහක පොලිසිය (ආර්සීඑම්පී) මෙම යුවළ කැනඩාවට පැමිණි 2019 නොවැම්බර් මාසයේ  සිට වරින් වර ඔවුන්ට ආරක්ෂාව සැපයීම සිදු කළේය.

මෙම යුවළ මාර්තු 31 වැනිදා සිට ජ්‍යෙෂ්ඨ රාජකීයත්වයෙන් නිල වශයෙන් ඉවත් වනු ඇති අතර එයින් පසු ඔවුන් තවදුරටත් රැජින වෙනුවෙන් රාජකාරි ඉටු නොකරනු ඇත. 

නමුත් මාස 12 කට පසු මෙම සැලැස්ම සමාලෝචනය කරනු ඇතැයි ද සඳහන් වේ.

කෙසේවුවද කැනඩාවේ ෆෙඩරල් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය බිල් බ්ලෙයාර් බ්‍රහස්පතින්දා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ “අර්ධ කාලීන පදනමක් මත කැනඩාවට නැවත පදිංචි වීමට තෝරා ගැනීමෙන් සසෙක්ස් හි ආදිපාදවරිය සහ ආදිපාදවරිය අපේ රජයට සුවිශේෂී හා පෙර නොවූ විරූ තත්වයන් ඉදිරිපත් කළේය." යනුවෙනි. 

ආදිපාදවරිය සහ ආදිපාදවරයා දැනට ජාත්‍යන්තරව ආරක්‍ෂිත පුද්ගලයන් ලෙස පිළිගෙන ඇති හෙයින්, අවශ්‍ය පදනම මත ආරක්ෂක ආධාර සැපයීමට කැනඩාවට බැඳීමක් තිබෙන බවද ඔහු පවසයි.

මේ අනුව කුමරුට සහ ඔහුගේ බිරිඳ මේඝන්ට ආරක්ෂාව සැපයීම සඳහා මුදල් ගෙවන්නේ කවුරුන්ද යන්න පිළිබඳ ප්‍රශ්නයට නැවත නැවතත් මුහුණ දීමට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝට සිදුවී තිබේ.

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශයේ ප්‍රකාශයට අනුව  යුවළගේ තත්වය වෙනස් කිරීමට අනුකූලව ඉදිරි සති කිහිපයේදී ආරක්ෂක ආධාර නතර වනු ඇත.එසේ වුවද ආරක්ෂක කාරණා සම්බන්ධයෙන් මෙට්‍රොපොලිටන් පොලිසිය හෝ යුවළගේ ප්‍රකාශකයෙකු අදහස් දක්වා නැත.

මෙම යුවළ ඔවුන්ගේ කාලයෙන් වැඩි කොටසක් පෞද්ගලික පුරවැසියන් ලෙස කැනඩාවේ ගත කරන බවට ප්‍රවෘත්ති පළ වූ විට, ප්‍රධාන අවධානයක් යොමු වූයේ ඔවුන්ගේ වියදම් දරන්නේ කවුරුන් ද යන්න සම්බන්ධවයි.

ස්වාධීන ආයතනයක් වන ඇන්ගස් රීඩ් විසින් ජනවාරියේ දී නිකුත් කරන ලද මහජන මත විමසුමකට අනුව කැනේඩියානු ජාතිකයන්ගෙන් 73% ක් ඔවුන්ගේ නැවත ස්ථානගත කිරීම හා සම්බන්ධ ආරක්ෂාව සහ වෙනත් වියදම් සඳහා කිසිදු මුදලක් ගෙවීමට උනන්දුවක් නොදක්වන බව පෙන්වා දී තිබේ.

 

(බීබීසී ඇසුරිනි - 085)



අදහස් (4)

හැරී-මේඝන්ට ආරක්ෂාව සැපයීම ඉක්මණින් නවත්වන බව කැනඩා රජය කියයි

eresh S kumara Friday, 28 February 2020 11:39 AM

ඉල්ලන් කෑවද මන්දා...?

:       64       11

කුසුම් Friday, 28 February 2020 03:38 PM

එක් යුවලකට ආරක්ෂාව සැපයීමේ වියදමත් ලොකුවට හිතන කැනේඩියානු රජය වෙනත් රටවල ජනතාවගේ මුදල් කාබාසිනියා කරන හැටි දන්නවානම් මොනවා හිතයිද?

:       0       21

Rohana Saturday, 29 February 2020 06:08 AM

උපතින් ලැබුණු දේවල් භුක්ති විඳීමට වාසනාව නැතිකම...

:       0       2

Bamunuarachchi Monday, 02 March 2020 12:25 AM

හැරී-මේඝන්ට එරට සාමාන්‍ය මිනිස්සු. ජනතාවගේ බදු මුදලින් ඔවුනට ආරක්ෂාව සැපයීම එරට ජනතාව අනුමත කරන එකක් නැහැ.

:       0       13

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 29 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී..ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 68 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 312 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 115 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1524 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3655 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site