IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හැරී-මේගන්ගේ පෞද්ගලිකත්වය රකින බව කැනේඩියානුවෝ කියති

රාජකීය භූමිකාවෙන් ඉවත් වූ හැරී-මේගන් යුවල කැනඩාවේ ගතකරන නිදහස් ජීවිතයට අදාළව ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බව ඔවුන්ගේ නව අසල්වැසියෝ පවසති.

හැරී-මේගන් යුවල රජ පවුලෙන් ඉවත් වීමට ඉකුත් දා තීරණය කළ අතර එම තීරණය රජ මාලිගය කැලඹීය.

ඒත් සමඟ බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජින හදිසි රැස්වීමක් කැඳවූ අතර හැරී කුමරුන්ගේ පියා වන චාල්ස් කුමරු, හැරී කුමරුන්ගේ සහෝදරයා වන විලියම් කුමරු ඇතුළු රජ පවුලේ ජ්‍යෙෂ්ඨයෝ කිහිපදෙනෙක් ඊට එක්වූහ. එම සාකච්ඡාවෙන් පසු රාජකීය වගකීම් අඩු කර වැඩි කාලයක් නිදහසේ ගත කිරීමට හැරී-මේගන් යුවල ගත් තීරණයට මහ රැජිනගේ අවසරය හිමිවිය.

ඒ අනුව හැරී-මේගන් යුවල තවදුරටත් රජ පවුලේ තවදුරටත් රාජකීය පවුලේ නම්බුනාම සහිත සාමාජිකයන් නොවන බව බකිංහැම් මාලිගය සෙනසුරාදා (18) නිවේදනය කළේය.

එසේ වුවත් චාල්ස් සහ ඩයනා දෙපළගේ බාල පුත් වන හැරීට ‘රාජකීය කුමරු’ යන්නත් හැරී-මේගන් යුවලට සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය යන ගෞරව නාම ද භාවිත කළ හැකිය.
හැරී-මේගන් යුවලට මාස 8ක පුතෙක් ද සිටී. ඔහු ආර්චී මවුන්ට්බැට්න්ය. බ්‍රිතාන්‍ය රජ කිරුළට උරුමකම් කියන 6 වැනියා හැරී කුමරුන් ය.

හැරී-මේගන් යුවල දැන් ජීවත් වෙන්නේ කැනඩාවේ වැන්කුවර් දූපත්වල උතුරු සානික්හි අසල්වාසීන් සමඟය. එම පරිසරය ගස් කොළන් සහිත සුන්දර පරිසරයකි. කෙසේ නමුත් ඔවුන් ජීවත් වන්නේ දැවැන්ත ගහ කොළවලින් වටවූ මිලියන ගණනක් වටිනා සුඛෝපභෝගී නිවසක ය.

නිවසට යා යුත්තේ පෞද්ගලික පාරකින් වන අතර ඒ මාර්ගය අවසානයේ අඳුරු ලෝහ ගේට්ටුවකි.
රාජකීය භූමිකා අවසන් කර අදාළ ලියකියවිලි ආදී නිල කටයුතු අවසන් කිරීමෙන් පසු හැරී කුමරුද මෙම නිවසට පැමිණ සිටී.

හැරී-මේගන් යුවලට ඔවුන්ගේ නිදහස ලබාදෙන බවත් ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන බවත් ප්‍රදේශවාසීහු කීහ.  

ඒ.එෆ්.පී. සහ ඬේලිමේල් ඇසුරිනි 
 
055



අදහස් (4)

හැරී-මේගන්ගේ පෞද්ගලිකත්වය රකින බව කැනේඩියානුවෝ කියති

jayath Wednesday, 22 January 2020 04:12 AM

හරිම වාසනා වන්ත මිනිස්සු. මේ වගේ අපූරු තැනක ජීවත් වෙන්න. මොනවා උනත් මෙයත් ඩයනා වගේම "විප්ලවකාරී " චරිතයක් නැත්නම් මෙහෙම කරාවිද ?

:       39       31

Sanka Bambarawana Wednesday, 22 January 2020 04:39 AM

සාලිය කුමරු අවුරුදු දහස් ගණනකට පෙර ඔය දේම කරා. හැබයි ගියේ මිලියන් ගණනක් වටිනා නිවසකට නොවේ. සාලිය කුමරුගේ කැප කිරීම සමග මෙය සංසන්දනය කරන්න බෑ. කොහොම උනත් හැරී, ඔබ ඔබලාගේ තීරණය ගැන පසුතැවිලි වෙන්නේ නැතිවෙයි කියා බලාපොරොත්තු වෙනවා. මෙගන්ගේ කැමැත්තට මෙය සිදුවූවානන් පසුතැවෙන්න වැඩිකල් නොයාවි.

:       21       8

Bamunuarachchi Wednesday, 22 January 2020 01:15 PM

කැනේඩියානුවන්ට, ඇමරිකානුවන්ට පෙළපතක්වත් රකින්න පෞද්ගලිකත්වයක් නැහැ. මේ ආවෙත් ඔබලාගේ මුතුන් මිත්තන් මෙන් උපන් රට අත්හැරපු ජෝඩුවක්ද ?

:       6       0

කසුන් කෞෂල්‍ය Wednesday, 22 January 2020 02:56 PM

මීට සති කිහිපයකට කලින් මම හිටියෙ සානිච් වල.. ඉතාම සොඳුරු පරිසරයක් තිබෙන පලාතක්. ප්‍රදේශවාසීන් උනත් පරිසරයට බොහොම ආදරය කරන අය. එම ප්‍රදේශයේ ඉඩම් හරිම මිල අධිකයි. මගේ සේවා ආයතනය හිමිකාරිණියගේ ගෙදර ඉඳන් මේ අයගේ ගෙදරට පයින් යන දුර. ආව අළුතම ගම්බද පාරක මේ අය ඇවිදිද්දි අසල්වාසීන් දැක තිබෙනවා. මගේ ආයතන හිමිකාරිණියගේ බාල දුවට හමුවී තිබෙනවා. කිසිම මාන්නයක් නැතිව බොහොම සරල මිනිස්සු වගේ කථාබහ කරල තියෙනව. කැමතිනම් ෆොටෝ එකක් ගන්න කීවාලු.. එහෙත් ඒ අයගේ නිදහසට බාධාවේවි කියල ඇය ඡායාරූප අරන් නැහැ. මෙහෙ තියෙනවා ගම්බද කුඩා පොලවල්. සුළුවෙන් ගෙදර ඉඳන් කරන ගොවිතැන් , අත්කම් ගෙත්තම් චිත්‍ර වගේ දේවල් අලෙවි කරන ගමේ පොලවල්. මෙයාලා එහෙම එවායෙත් ඇවිදින්න ගිහින්.. ඒත් කැනඩාවේ අය කිසිම කරදරයක් කරල නෑ.. කතා කරන්න, ෆොටෝ ගන්න. අපේ රටේ උනා නම් කොහොමට හිටීවිද ? සරල මිනිස්සු , ජීවිතයේ යථාර්තය කෙමෙන් කෙමෙන් අවබෝධ වෙද්දි , මිනිස්සුන් සරල වෙනවා නිහතමානී වෙනවා. මේ අය ඊට හොඳම උදාහරණයක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 459 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 847 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 721 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 990 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 772 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 108 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1684 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site