IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


හැටන් කාන්තා සම්මේලනයේ මුලසුන ජලනි ප්‍රේමදාසට


(හැටන් රංජිත් රාජපක්ෂ)                       
ජාතික මහ සභාවේ හැටන් කලාපයේ පළමු කාන්තා සම්මේලනය අමාත්‍යය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරි
වන ජලනි ප්‍රේමදාස මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (13) හැටන් ඩි.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාවේදි පැවැත්විය.

ඩී.කේ.ඩබ්ලිව් සංස්කෘතික ශාලාව වෙත පැමිණි ජලනි ප්‍රේමදාස මහත්මියව වතුකරයේ තරුණියන් විසින් උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

මෙම සමුළුවේදි වතු ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ ජීවන තත්වය, ආදායම් තත්වය, වතු කම්කරුවන්ගේ පෝෂණ තත්වය සහ අධ්‍යාපන තත්වය පිළිබඳව විග්‍රහ කෙරිණි.

ජාතික මහ සභාවේ දි අදහස් දැක් වු ජාතික මහජන සභාවේ කැඳවුම්කරු චමීර පෙරේරා මහතා කියාසිටියේ ඉදිරියේදි පැවැත්වෙන ජනාධිපතිවරණය තිරාණාත්මක ජනාධිපතිවරණයක් බවත්, එම මැතිවරණයේදි රාජපක්ෂ පවුල කර ගහගෙන යාමට මේ රටේ ජනතාව කිසිසේත් කටයුතු නොකරන බවයි.

සාම්ප්‍රදායික දේශාපලන පක්ෂවල නායකයින්ගෙන් මිදී පොදු ජනතාවගේ දුක හඳුනන,  පොදු ජනතාව ඉල්ලන පොදු ජන නායකයෙකු මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත් කළ යුතු බව චමීර පෙරේරා මහතා කියා සිටියේය.

ජාතික මහ සභාවේ කාන්තා සම්මේලනයේදි අදහස් දැක් වු ජලනි ප්‍රේමදාස මහත්මිය කියා සිටියේ මේ රටේ සමස්ත  පොදු ජනතාව වෙනුවෙන් කටයුතු කරන අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වශයෙන් එතුමාගේ දර්ශනය මත ගමන් කරමින්  තමන්ද මේ රටේ පොදු ජනතාවට කැපවී වැඩ කිරීමට කටයුතු කරන බවයි.

සම්මේලනයේදි වතු කම්කරු කාන්තාවන් ඉදිරිපත් කළ ගැටළු සම්බන්ධයෙන් හැකිතාක් දුරට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවය ජලනි ප්‍රේමදාස මහත්මිය කියා සිටියාය.

ජාතික  මහ සභාවේ පළමු කාන්තා සම්මේලනයට වතුකරය නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වූහ.



අදහස් (36)

හැටන් කාන්තා සම්මේලනයේ මුලසුන ජලනි ප්‍රේමදාසට

shantha Qatar Saturday, 13 July 2019 11:39 AM

මේ කව්ද අප්පේ මේ? හතු පිපෙන කාලේ ඇවිත් වගේ...

:       134       831

RaveendraSunday, 14 July 2019 11:04 AM

අම්මප නංගියේ දන් නැහැ අපි නුබ කව්ද..// දැක්කේ අදයි නැහැ පෙරනම් දැකලා කිසිවිටක..// සජිත් ගොයියා ගියේ හැමතැන තනපන්ගලෙමේ..// ආදර්ශයට ගත්තොත් හොදා හික්මීමක් යන තැනට..//

:       0       30

රවින් Saturday, 13 July 2019 11:44 AM

පොඩ්ඩක් ඉන්න... රාජපක්ෂලාගේ පවුල් වාදය, මල්ලිලා, අයියලා, පුතාලා. අවිවාදයෙන් හැමෝම පිළිගන්නවා. එතකොට ප්‍රේමදාසලාගේ...? තාත්තා,පුතා, ලේලිය... ඒකට කියන්නේ?

:       99       777

RaveendraSaturday, 13 July 2019 03:50 PM

බියනොවන්න දැන්නම් සියලුම පුරවැසියන්ට නානාප්‍රකාර වර්ගයේ හතු පිපෙනු දැකිය හැක. මෙය එහි එක් පෙරහුරුවකි....

:       1       326

Amara Saturday, 13 July 2019 11:48 AM

කහ පාට ඇඳගෙන කියන කොළ කතා...

:       8       192

Bamunuarachchi Saturday, 13 July 2019 12:02 PM

ඉතින් අපිට මොකෝ. ඊළඟට එන එජාප ජනාධිපති අපේක්ෂකයාගේ ඡන්ද ටික කැඩුවාම අපිට ඇති...

:       173       440

Bamunuarachchi Saturday, 13 July 2019 12:03 PM

මොකද ගැහැණු දෙන්නෙක් කසාද බන්දනවා වගේ පෙනෙන්නේ...

:       168       258

Bamunuarachchi Saturday, 13 July 2019 12:06 PM

අර රතු ෂර්ට් කාරයා යූ ටියුබ් එකේ අපෙන් බැනුම් අහන ලිට්රෝ ගෑස් එකෙන් පඩි ගන්න අඟර දඟර හිමිගේ ගෝලයා නේද?

:       504       2084

BamunuarachchiSunday, 14 July 2019 04:26 AM

ඒ සැරේ මු නැෂනල් පීපල්ස් කවුන්සිල් කියලා එකක් අටෝගෙන. ඡන්දෙන් පස්සේ හමබවෙයන්.

:       13       160

ranilSunday, 14 July 2019 05:59 AM

තමුසේ චණ්ඩියෙක් ද ..?

:       13       22

Bamunuarachchi Saturday, 13 July 2019 12:13 PM

වතු දෙමලුන්ගේ ජීවන තත්වය මේ මාස 6න් නගා සිටුවන්න තමයි ඇවිත් ඉන්නේ. එතකොට තොණ්ඩු මෑන්ලාට බැරි වුණු දේ මෙයා මාස 6න් කරන්න යනවා. සිංහල 62 ගොනාට අැන්දුවාට මොවුන්ව අන්දන්න බැහැ හලෝ.

:       481       668

AMILA GAS Saturday, 13 July 2019 01:05 PM

නිදි මරලා, මහන්සිවෙලා, ඇස් ගිල්වගෙන පුලුවන්ද බන් මේ වාහනේ එලවන්න.

:       0       574

RaveendraSunday, 14 July 2019 10:47 AM

බලපත්‍රයක් නැති නිසා කමක් නැහැ කොහොම එලෙව්වත් කන්න වෙනවා දඩ ?? අනික ඉතින් වාහනේ එලවන්නේ නැති වෙලාවර සිකුරිටි වැඩේනේ කරන්නේ ???? උස නම් සිකිරුටි, කොටනම් කම්කරු...හරිම සරලයි වැඩිය හිතන්න එපා...

:       0       28

Saman Saturday, 13 July 2019 01:09 PM

දළු කඩන්න ගෙනාපු ඉන්දියන් කාන්තාවන්ට ඕනෑවට වඩා උදව් කරන්න ගිහින් තේ කර්මාන්තයම කාලා තියෙන්නේ. තව නිධන් හොරාගේ අය ගැනත් විකාර කරන්න හදනවා.

:       10       434

Prabha Saturday, 13 July 2019 08:09 PM

මගේ සිහිනය මට දකින්න ඉඩහරින්න.. මීට ජලනි ...

:       0       45

chandima Saturday, 13 July 2019 08:38 PM

අම්මද බෝල මෙය දැන්මම ආර්යාව වෙලා. අන්න අරහේ නවින් දිසානායකව ජනාධිපති තරඟෙට ඉදිරිපත් කරවල දිනවන්න මල්පහන් පුද පුජා පවත්වනවා . කෝ ලොකු ආර්යාව අවේ නැතිද මිටිමට?

:       0       45

Nonis Sunday, 14 July 2019 02:50 AM

සජිත්ගේ බිරිඳ නැතිව ආර්යාව කියලා කියන්න.

:       0       19

thilakasiri Sunday, 14 July 2019 03:56 AM

සජිත්ට වඩා පළපුරුදු අය එජාපයේ වගේම අනිත් සියලු පක්ෂවලත් රටේ බුද්ධිමතුන් අතරත් ඉන්න බව නොදැන, තමාට විතරයි පුළුවන් කියල හිතල, තමා ගැන තමන්ම වර්ණනා කරගනිමින්, බල තණ්හාව නමැති මෝහන්ධකාරයෙන් වේලි, තමනට අවස්ථාව දෙනකන් නොඉද, පක්ෂේ මතයට විරුද්ධ අදහස් දක්වමින් පෝලිම පනින්න හදන මෝඩයින් රටේ නායකයා කිරීමට තරම් මෝඩ බහුතරයක් අද මේ රටේ නැත. මොහු මේ පිස්සු කෙලින්නේ කියලවත් බල තණ්හාව හැදුනු ඔහුට නොවැටහුනාට බලා ඉන්න බහුතරයට වැටහෙන බව දතයුතුය. මොහු බලය නැති බව නොදැන බලය පෙන්වන්න යන මෛත්‍රීට හපන් වනු ඇත.

:       0       307

Cisco Sunday, 14 July 2019 04:36 AM

එක පවුලක් එපා තියගා තව පවුලක් ඕනේ කියන්න වෙලා තියෙන්නේ....

:       0       60

ප්‍රසන්න Sunday, 14 July 2019 05:48 AM

අනාගත ජනපති අපේක්ෂකලු ඒ උනාට කවම දාකවත් රූපවාහිනී සංවාදයකට එන්නේ නැහැ..... පාලුගෙයි වලං බිඳිනවා වගේ පොර ටෝක් දෙනවා මිසක, තවම යූඇන්පී එකෙන් ජනපති අපේක්ශකයෙක් නම් කරලත් නැතුව මෙයාගේ නෝනා ආර්‍යාවක් වෙන්න හදනවා..

:       0       131

Amare Sunday, 14 July 2019 06:02 AM

ඔන්න මහජනතාවනි තියන පටි තවත් තදකරගනිල්ල , පේනවා නේද එසේ මෙසේ අය නෙවේ අපට ඉස්සරහට බදු සල්ලි වලින් නඩත්තු කරන්න වෙන්නේ මොකද අවුරුදු ගණනක් වේලි වේලි හිටියේ දැන් ඡන්දෙන් පස්සේ දිණුවම බලන්න පුළුවන් කන කෑම ..දැන්මම සටනට බැහැල ...වතුකරේ ඉදන්ම සුද්දකරන්න යන්නේ බදු ගෙවන මි හරක් වන අපට ජයවේවා ...

:       0       27

Uditha - London Sunday, 14 July 2019 06:23 AM

බොලේ මේ මොකක්ද ? මේ අලුත් නාටකේ...

:       0       33

Dayan Sunday, 14 July 2019 06:37 AM

එයත් පොටකට එන්න වගේ. මහජන මුදල් හිතේ හැටියට වියදම් කළහැකි.

:       0       33

Chandima Sunday, 14 July 2019 06:40 AM

මෙදා පාරත් අපට රූපවාහිනියෙන් ආර්යාව සින්දු කියනවා බලන්න ලැබෙයි වගේ.

:       0       54

දිසානායක මුද්යන්සේලාගේ දිසානායක Sunday, 14 July 2019 07:01 AM

අපි ප්‍රේමදාස මහත්තයාට ආදරෙයි. අදටත් ඉදලා හිටලා ෆොටෝ එකට හදුන්කූරක් ගහනවා. සජිත් මහත්තයා ටිකක් නොවෙයි හොදටෝම හදිස්සි වෙලා ආපහු නොනැගිටින්න වැටෙන්නයි හදන්නේ. රටේ රැල්ල හමන්නේ වෙන අතකට. රනිල්ගේ කපටිකම සජිත්ගේ දුර්වලකම දෙකම හේතුවෙන් සජිත්ගේ දේශපාලන අනාගතයම බිලිදෙන්නයි හදන්නේ. ඉතිහාසයේ සුද්දෝ කොල්ල කාපු උඩරට අපේ ඉඩම් වල තේ වවලා ඉන්දියාවෙන් දෙමල කම්කරුවන් ගෙන්වලා පදිංචි කරලා කරපු හානියට තවත් ඌන පූරණ තියන්න හදන මේ වගේ මොට්ට වැඩ කරන සජිත් ගැන අපිටත් කිසිම විශ්වාසයක් නම් නැහැ. අපි අවරුදු 400ක් අපේ මුතුන් මිත්තන්ගේ උරුමය මිනියක් වලදාගන්න පර්චස් එකක් ඉල්ලුවාම නොදුන් පාලකයන් දැන් දෙමළ කම්කරුවන්ට සින්නක්කර ඉඩම් ලියලා දෙන්න හදිස්සි වෙලා ඡන්දය බලාගෙන. මේ අවනඩුව උඩරට උරුමයක් ඇති අපි ඉවසන්නේ නැහැ. අපි ප්‍රේමදාස මහත්තයාට ආදරෙයි. ඒත් අපිට දුකයි දේශපාලන විඥ්ඥාණයක් නැති, එන්න එන්න මුවහත් වෙනවා වෙනුවට මොට්ට වෙන සජිත් ගැන...

:       6       62

abiya Sunday, 14 July 2019 07:07 AM

මමයි ඊළඟ අර්ර්යව. මදැයි පත් වෙන්නත් කලින් අර්යාවෙනි බලන්නේ.

:       0       74

Sanath Sunday, 14 July 2019 07:44 AM

මෙතුමිය ගේ මහතය ජනාදිපති වෙන්නත් කලින් ආර්යාව වෙලා සජිත් මහතයටත් දෙවි පිහිටයි..............

:       0       41

Thilina Sunday, 14 July 2019 07:53 AM

මේ කතාවේ මුල ටික යූ ටියුබ් එකේ තියෙනවා ..හොයලා බලන්න .මෙයා කියන්නේ ඊලඟ ජනාධිපති ආර්යාව මේයා කියලා .ස්වාමියා ජනාධිපති වෙලා තමන් ආර්යාව වුන ගමන් මෙයාලගේ ප්‍රශ්න විසඳනවලු. යන විදිහට ඔක්කොටම හපන් වෙයි වගේ මෙයා

:       1       41

padmini Sunday, 14 July 2019 07:54 AM

ආර්යාවක් කියා තමන්වම හදුන්වා ගැනීම කොපමණ වටිනවද

:       0       12

Bamunuarachchi Sunday, 14 July 2019 07:58 AM

සෙනග කොළඹින් ගෙනිහිල්ලා වගෙයි. අඟර දඟර හිමියා කොහෙද? හිමියා පාරේ යන්න බයයි වගේ? තාර ගෑවොත්?

:       19       110

menna Sunday, 14 July 2019 08:07 AM

ලංකාවේ මිනිසුන්ගේ ජනජිවිතයෙන් සහ ඔවුන්ගේ මානසිකත්වයෙන් දේශපාලනය කියන එක අයින් කරන වැඩ පිළිවෙලක් තිබුනොත් හොඳයි. මිනිසුන්ගේ ජනජීවිතය සඳහා කියක් හරි හන්බ කරගෙන කොහොමද ජිවත්වෙන්නේ.. කොහොමද විනෝද වෙන්නේ.. කියල හිතන්න පුළුවන් සමාජ ක්‍රමයක් තිබුනොත් හොඳයි. දේශපාලනයට සම්බන්ද පුද්ගලනේගේ භාර්යාවන් මුලසුනට ආවම, පොදු මහජනතාවට හොඳ පුර්වාදර්ශයක් කියා මා හිතනෙනේ නැහැ. මේ විදියේ වැඩ වුනාම මිනිස්සු හිතන්නේ හැමදෙකටම දේශපලනය අවශ්‍යයි කියල. ඒහෙම වුනමා තම පාස්කු ප්‍රහාරය වගේ සමාජීය ව්‍යසනයන් වල වගකීම ගන්න කවුරුත් නැත්තේ. නිලධාරීන් දේශපාලකයන්ට වගකීම පටවනවා. දේශපාලකයෝ නිලධාරීන්ට වැරදි පටවනවා. අන්තිමේදී වගකීම් ගන්න කවුරුත් නැහැ. හැමදේටම වගකියන්න ඕනේ රට වැසියෝ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී මහා මෝඩ ජනරජය.

:       0       35

Sanath Sunday, 14 July 2019 10:38 AM

මෙතුමියගේ නැන්දම්මටත් තිබ්බා.. ඔය අාර්යාව ඇඟට ගහලද කොහේද?

:       3       116

BamunuarachchiTuesday, 16 July 2019 01:42 AM

ඔයාටත් තුමා තුමී මානසිකත්වයෙන් මිදෙන්න බැහැ නේද?

:       0       0

Chanak los angeles Monday, 15 July 2019 01:22 AM

, “මා ඔබ අමතන්නේ ඔබ ආදරය කරන ඔබේ අනාගත නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ 'ආර්යාව' හැටියටයි..." හැටන් ඩී. කේ. ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේදී 13 වන දින පැවැති කාන්තා සම්මේලනයක් අමතමින් නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිඳ වන ජලනී ප්‍රේමදාස තමා විසින්ම තමන් හඳුන්වා දුන්නේ එසේය. ඇය එහි ප්‍රධාන ආරාධිත අමුත්තිය වූවාය. ජලනී ප්‍රේමදාස දැන්ම 'ආර්යාව' වී හමාරය. අඩුවකට ඇත්තේ සජිත් ප්‍රේමදාස තවමත් ජනාධිපති අපේක්ෂකයා ‌හෝ නොවීමය. යම් හෙයකින් එසේ වූ කල්හී මේ 'ආර්යාව' කොතැන නවතීදැයි අපට සිතා ගැනීම පවා අපහසුය. තවම ජනපතිකම නැතත් නෝනා ආර්යාවක් වීම ගැන සජිත් නම් අමන්දානන්දයට පත්ව ඇතයි සිතමු. කෙසේ වෙතත් නෝනාගේ කථාවෙන් කරුණු තුනක් ගම්‍ය වන බව අප පසක්කර සිටිමු. ඒ උද්දච්චකම, මෝඩකම සහ හීනමානයයි.

:       0       2

apeksha Monday, 15 July 2019 09:41 AM

හප්පද බොල මෙයාගේ කතාව මේ කොළඹදී ඔය කතාව කිව්වනම් ගහල එලවනවා දුප්පත් මිනිස්සු ඕනෑම දෙයක් පිලිගන්නවා අරව දෙන්නම් මෙව්වා දෙන්නම් කිව්වහම

:       0       0

Ariyathilaka Wednesday, 17 July 2019 05:09 AM

අපට නැත ඉරිසියාවක් පුදුමය මෙහෙව් ආර්යාවක් ප්‍රංශයේ දහසය වන, ලුවී රජුගේ බිසව මාරි ඇන්ටනොව් සිහි කර ගැනීම වැදගත්, රටේ නායක කම තවම ලැබිලා නැත වැසියා ද සතුටින් නැත, නැත පෙනෙන මානයේ විසදුමක් එහෙව් රට වැස්සන්ට නුඹත් බිසවක් ලෙස පිළිගන්නද කියන්නේ. බලව් රට වැසියනි! නුඹලාට ඒ බර ඇදිය හැකිදැයි කියා සිටිය පිලිපීන ජනපති, බිරිය "ඉමෙල්ඩා මාක්‍රොස්", කෙනෙක් නොවුනොත් පුදුමය අපට ඕනෑ කරන්නේ නම් හුවාගත් බිසවක් ඇති පාලකයෙක් නොව සියලු කතුන් බිසවුන් කළ හැකි, පිරුණු කළයක් බදු, රට නැගිය හැකි පැණැති පාලකයෙක් මිස, හිස් කළයක් බදු, පුගුලන් නොවේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 252 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 52 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 1045 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි
2024 අප්‍රේල් මස 22 1674 0

මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ ච


‘‘මුදල් වෙන් කළ හැටි රහස් පොලිසියට ප්‍රකාශයක් දෙන්න‘‘
2024 අප්‍රේල් මස 22 1010 0

ඖෂධ මිලදී ගැනීම සඳහා ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඩොලර් මිලියන 200ක මුදලක් වෙන් කර තිබියදී පෞද්ගලික අංශයෙන් ඖෂධ මිලදී ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුම


මෛත්‍රීපාල නිදහස් පක්‍ෂය වෙන්දේසි කරනවා
2024 අප්‍රේල් මස 22 393 0

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පක්‍ෂයේ හිටපු සභාපතිවරයා පක්‍ෂය වෙන්දේසි කරන බවත් ඔහුගේ ආරක්‍ෂාව, නඩු සහ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් මෙම පක්‍ෂය පාවිච්චි කරන්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 262 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1605 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site