IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


හලාවත රෝහල පිළිකා රෝගින් අන්තර්ජාලයෙන් පරික්ෂාව අරඹයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

අන්තර් ජාලය මගින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ පිළිකා රෝගීන් නිවසේ සිටියදීම පරීක්ෂාවට ලක්කර ප්‍රතිකාර හා වෛද්‍ය උපදෙස් ලබාදීමේ වැඩසටහනක් හලාවත මහා රෝහලේ පිළිකා ඒකකය අද (03) දින ආරම්භ කළේය.

හලාවත මහා රෝහලේ රෝහල් අධ්‍යක්ෂ කපිල මල්වාරච්චි මහතාගේ අදහසකට අනුව මෙය ක්‍රියාත්මක වේ.

මෙම වැඩසටහන දිවයිනේ රෝහල් තුළ පවතින පිළිකා ඒකකයක් මගින් සිදුකරන ප්‍රථම වැඩසටහන බව රෝහල් අධ්‍යක්ෂ කපිල මල්ලවආරච්චි මහතා පවසයි.

කොරෝනා තත්වය හමුවේ රෝගින් පරික්ෂාවේදි පවතින සෞඛ්‍ය ගැටළු අවම කර ගැනිම මේ අනුව සිදුවන බව කියයි.

හලාවත මහරෝහලේ පිළිකා ප්‍රතිකාර සායනයට දෛනිකව රෝගීන් 40 -50 ත් අතර සංඛ්‍යාවක් සහභාගිව වන බවත් මෙම වීඩියෝ ප්‍රතිකාර ‍ක්‍රමය මගින් එම සංඛ්‍යාව අවම කර ගැනීමට හැකි වන බව රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත මහා රෝහලේ පමණක් පිළිකා ප්‍රතිකාර ලබාදීමේ ඒකකයක් පිහිටා තිබේ.

මන්නාරමේ සිට කොච්චිකඩේ දක්වා සායනවලට පැමිණෙන සියලුම රෝගීන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගෙන ඔවුන්ට පවතින ගැටලු සම්බන්ධව සොයා බැලීම් සිදුකර අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබාදිමට සැලසුම් කර තිබේ.

මන්නාරම, කල්පිටිය, පුත්තලම වැනි දුරස්ථ ප්‍රදේශවල සිට සායනයට පැමිණෙන රෝගීන් නිවසේ සිටම ප්‍රතිකාර ලබා ගැනීමට හැකිවීම ගැන රෝගීන් සිය ප්‍රසාදයට පළ කළහ.

ඉදිරියේ දී සෙසු සායනවල ද මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය. විශේෂඥ වෛද්‍ය නුදර් ජෝෂප් මහතා ඇතුළු පිළිකා ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරු සහ හෙද නිලධාරිනියන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

හලාවත රෝහල පිළිකා රෝගින් අන්තර්ජාලයෙන් පරික්ෂාව අරඹයි

sharm warn Thursday, 04 June 2020 05:21 AM

හරිම හොඳයි.. අපි මේක පටන් ගත්තා යාපනේ මහරෝහලේ 2011 වසරේදී... ඇත්තටම දුරපළාත් වල රෝහල්වලට මේ පහසුකම දෙන්නම ඕනෑ. මහරගම අපේක්ෂා රෝහලේ උපදේශන මධ්‍යස්ථානයේ වැඩ කරනකොට මම දැකපු දේ තමයි, දුර බැහැර ඉන්න රෝගීන් මිල මුදල් ප්‍රශ්න නිසා ප්‍රතිකාර මග අරින්න උත්සාහ කරනවා. එ්ක හරිම ඛේදනීය තත්වයක්... නමුත් මේ විදියට වෛද්‍යවරයෙක් එක්ක කතා කරන්න ඉඩ තිබෙනවා නම් ඒ අයගේ දුප්පත් ආර්ථිකයට හරිම පිටිවහලක් වේවි.. ඉතාම සතුටුයි..

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 1035 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 1016 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1188 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 460 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4986 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1322 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1384 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site