IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හදිසි අනතුරුවලදී තුවාලකරුවන් ගෙනියන්න ගුවන් සේවයක්

ඩයනා උදයංගනී
 
හදිසි අනතුරු හේතුවෙන් තුවාල ලබන පුද්ගලයින් ප්‍රතිකාර සඳහා අනතුර සිදු වූ ස්ථානයේ සිට ආසන්නතම රෝහල වෙතගුවන් මඟින් ගෙන යාමට කඩිනමින් ප්‍රතිචාර දක්වන ‘හදිසි ගුවන් හා තාක්ෂණික මුදවා ගැනීමේ පද්ධතියක්‘ මෙරට ස්ථාපනය කිරීමට යෝජනා වී තිබේ. 

 
හදිසි අවස්ථාවලදී ප්‍රතිචාර දක්වන හෙලිකොප්ටර් 08ක් සහ තාක්ෂණික මුදවා ගැනීමේ රථ 25ක් යොදාගනිමින් මෙම සේවාවන් සැපයීමට සැලසුම් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
 
ජර්මනියේ ස්ථාපිත ‘බිජෝර්න් ස්ටෙයිජර් ස්ටිෆ්ටන්ග්‘ නැමති ලාභ නොලබන සංවිධානයක් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මෙම ව්‍යාපෘති යෝජනාව සඳහා ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 190ක් වන අතර, එම මුදල දීර්ඝකාලීන සහන ණයක් වශයෙන් ලබා දීමට යෝජනා කර ඇති බව ද අමාත්‍යවරයා කීවේය.
 
එම යෝජිත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ශක්‍යතා අධ්‍යයනයක් සිදු කිරීම සඳහා ව්‍යාපෘති කමිටුවක් හා සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ යෝජනාව   අමාත්‍ය මණ්ඩලය   අනුමත කළ බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය.



අදහස් (16)

හදිසි අනතුරුවලදී තුවාලකරුවන් ගෙනියන්න ගුවන් සේවයක්

de silva berlin Wednesday, 16 May 2018 01:42 PM

මෙය අත්‍යවශ්‍ය කාලෝචිත දෙයක්

:       326       415

සමන්ත Wednesday, 16 May 2018 01:56 PM

මීට කලින් බොහෝ ඉස්සර කරන්න තිබුණු දෙයක්... නවීන රාජ්‍යක් කරා යාමේදී මේ අංග ඉතා අවශ්‍යයි. මේ පටන් ගැනීම ගැන අපගේ රජය සහ ජර්මන් රජයට ස්තුතිවන්ත වෙනවා. ඉතා ඕනෑකමින් ඉල්ලනවා මේ සඳහා අවශ්‍ය පුහුණුවත්, නඩත්තු කටයුතු උදෙසා තාක්ෂණික දැනුම හුවමාරුවත් ලබා දෙන ලෙස... අපේ මිනිස්සු වැඩ පටන්ගත්තට කරගෙන යන්නවත්, නියම ආකාරයෙන් නඩත්තු කරන්නවත්, වැඩි දියුණු කරන්නවත් නොදන්නකමත්, කම්මැලිකමත් නිසා සැම අංශයක්ම අද වෙනවිට අඩපණව පවතිනවා.

:       75       125

MISHAL-MATARA Wednesday, 16 May 2018 01:59 PM

ඉතාමත් හොඳ වගේම, පිං අතේ වැඩක්.. දේශපාලන කෝණයෙන් නොව රටේ මිනිස්සු වෙනුවෙන්..

:       0       79

prabha Wednesday, 16 May 2018 02:00 PM

බලමු අපේ දොස්තර මහත්වරු මේ ගැන මොකද කියන්නේ කියලා...?

:       84       49

C.K.Lankaputhra Wednesday, 16 May 2018 02:51 PM

අපේ රටේ දොස්තර මහත්වරුන්ට නම් කියන්න මොනවා නැතත් මොකක් හරි කියාගෙන ස්ට්‍රයික් කරන්න කාරණාවක් කරගනී. මේ කට්ටිය වැටිලා ඉන්නේ, සිංහයින් නැගිට්ටවන්නටනේ..

:       162       49

noel Wednesday, 16 May 2018 02:06 PM

මේක දියුණු රටක තිබිය යුතු සේවාවක්... අපි දැන් හිඟාකන ජාතියක්... තවත් මිලියන 190ක ණය අරන් කරන්න අත්‍යවශ්‍ය සේවයක් නොවේ. මේවා ගෙවන්න පරම්පරා ගණනකට සිදුවෙනවා. අනතුර වෙන ඕනෑම තැනක හෙලිකොප්ටර් යානා බාන්න බැහැ. අපේ පාරවල්, සෞඛ්‍ය සේවය දියුණු කරන්න. තව ගිලන්රථ යොදවන්න. දැන් මහා පරිමාණ කොමිස් ගැහුවා ඇති නේද?

:       230       905

Harsha Thursday, 17 May 2018 12:30 AM

ඔයා හරි මේක රාජ් මම නවසීලන්තයේ වෙසෙන තවමත් මෙවැනි ව්‍යාපෘතියක් පවත්වා ගැනීමට ආන්ඩුවට නොහැක. මේ සියල්ලම ඔහුගේ සාක්කුවට වැඩි කොමිස් ලබා ගන්න

:       16       5

rasiThursday, 17 May 2018 07:25 AM

හර්ෂ , ඔයා ඉන්න රටේ මෙවැනි පහසුකමක් නැත්නම් කරබාගෙන ඉන්නවා මිසක් ලංකාවට ලැබෙන්න යන පහසුකම් ගැන ගරහන්න එපා..............

:       10       0

heswawiotharana Wednesday, 16 May 2018 08:28 PM

ඊට කලින් දුෂ්කර පළාත් වල දුගී දුප්පත් ලෙඩුන් ගේ යහපත තකා පාරක් පාලමක් සහ බර කරත්ත ගිලන් රියක් හෝ ලබා දෙන්නේ නම් අමා මහා නිවන් සුව ලැබෙනවා

:       38       88

ROSHAN Thursday, 17 May 2018 01:21 AM

මේවා දියුණු රටවල තියෙනවා. මම ඉන්න රටෙත් තියෙනවා . නමුත් මෙඉන් ප්‍රතිලාබය ලබන්නේ තමුන්ගේ අස්වැන්න කැලයට විසිකරන ගොවි මහත්වරුන්ද ? අපේ රටේ ආර්ථික ප්‍රතිපත්තියක් නොමැත . සමදෙනම් තමන්ට රිසිසේ පිටරටවල්වලින් ණය ලබාගනී . නමුත් පිටරටවලින් මුදල් අපි උපයන්නට පෙළ නොගැසේ . නමුත් චීනය කලේ එයයි . චීනයේ නිෂ්පාදනය නොකරන දෙයක් නොමැත. ගුවන් හමුදාව මෙයට විකල්පයක් ලෙස යොදාගත හැකිය.

:       21       2

sanath Thursday, 17 May 2018 03:22 AM

අපි ඉන්න කැලේ ගමට නම් හෙලිකොප්ටර් බාන්න බැහැ. තියෙන ගුරු පාරේ ඩබල් කැබ් වගේ කැලේ යන්න පුළුවන් වාහන වලට විතරයි එන්න පුළුවන්. ලඟම තියෙන පිට්ටනියට කිලෝමීටර් 5ක් දුරයි.

:       13       1

himal Thursday, 17 May 2018 04:24 AM

ගුවන් මගින් හෝ අනතුරට පත් වූවන්ගේ ජීවිත බේරා ගැනීම ඉතා හොඳ දෙයක්. ඒක ඒරොප්පේ කොහේ හෝ රටක තියෙනවද කියන එක අදාළ නෑ. ලංකාවේ ඔන් ද ස්පොට් රක්ෂණ වන්දි ගෙවන ක්‍රමය පටන් ගන්න කොට ඒක ආසියාවේ කොහේවත් තිබ්බේ නෑ. ඒ වගේම අනතුරක් සිද්ධ වෙන තැනට හෙලිකොප්ටර් බාන කතාවක් මේකේ නෑ. ඒකට පිට්ටනි වගේ තැන් යොදා ගන්න පුළුවන්. පාරවල් පළල් කරන වැඩේ ප්‍රායෝගිකද කියලා බලන්න තිබ්බා ඒක කරන්න ඉන්න අයගේ ඉඩම් අත්පත් කරන්න ආවොත් පාර පළල් කරන්න.

:       56       0

tikiri Thursday, 17 May 2018 05:19 AM

මෙම ක්‍රමය විශාල රටවල්වලට ගැලපුනට ලංකාවට හරියයිද ? ලංකාවේ ලංගම රෝහලට යන්න හෙලිකොප්ටර් ඕනද ? අනික හදිස්සියකදී හෙලිකොප්ටරයකට පණිවුඩය ලැබිල , හෙලිකොප්ටරය පුළුවන් තැනක බාලා එතැනට ලෙඩා ගෙනිහිල්ල , ලඟම තියන රෝහලට යනකොට බබා හම්බුවෙලා තියෙයි .

:       9       100

Ruhunu Thursday, 17 May 2018 05:31 AM

ඔය මොනවා තිබුනත් අපටනම් ඉතින් ත්‍රිවිල් එකේ පිහිට තමයි.

:       0       49

Ranjan Thursday, 17 May 2018 08:19 AM

මෙවැනි දේවල් පටන් ගන්න පෙර යටිතල පහසුකම් සදා තිබෙන්නේ ඕනේ............. ලංකාවේ මොන රෝහල ළඟද හෙලිකොප්ටර් එකකක් බාන්න පුළුවන්.....හොදම දේ ගිලන් රථ වැඩිකිරීම මිසක් හෙලිකොප්ටර් නොවේ. රෝහල් වල අඩුපාඩු මුලින් බලා ඒ වාට පහසුකම් සලසා දීම මුලින් කර පසුව බලමු මේ ගැන මෑතකදී ශෛල්‍යාගාරයේ අඩක් ඔපරේෂන් කරන විට කඩා වැටුණ මේවා හදන්න මුලින්ම

:       0       0

Bamunuarachchi Saturday, 19 May 2018 09:31 AM

මේවා සෝභන කතා... විලුඹෙන් ඉහළට මායිම් කරන්න එපා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 614 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 115 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 843 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 865 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1240 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1128 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 217 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1534 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1428 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site