(දයාරත්න ඇඹෝගම)
දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් නිවාස බිද සොරා ගන්නා ලද රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමකින් යුක්ත රන් ආබරණ සමඟ සැකකරුවන් 12 දෙනෙකු නොච්චියාගම ප්‍රදේශයේදි අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.
නොච්චියාගම පොලිස් වසමේ හල්මිල්ලකුලම ප්‍රදේශයෙන් සැකකරැවන් 05 දෙනෙකුද ඕලුවැව ප්‍රදේශයෙන් සැකකරුවන් 07 දෙනෙකුද පසුගිය 07 වැනි දින සහ 08 වැනි දින මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි.
අත් අඩංගුවට ගනු ලැබු සැකකරුවන් සමඟ ඔවුන් නිවාස මංකොල්ල කැම සදහා භාවිතා කරන ලද ව්‍යාජ පිස්තෝල දෙකක්.ජංගම දුරකතන දෙකක්. බොරු කොණ්ඩයක්.දැලි පිහියක්.විදුලි පන්දමක් සහ කුලි පදනම මත ලබා ගෙන තිබු මොටර් රථයක් සහ වෑන් රථයක්ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.
නොච්චියාගම, තඹුත්තේගම, අලව්ව, අඹන්පොල, වාරියපොල, ගිරිඋල්ල, දංකොටුව, සහ ගිරාදුරුකොට්ටේ වැනි ප්‍රදේශවලද මෙම සැකරුවන් විසින් ගිනි අවි පෙන්වා මංකොල්ල කැම් 19 ක් පමණ සිදුකර ඇති බව පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතා මෙම මාධ්‍ය හමුවේදි පැවසිය.
නිවැසියන් බිය ගන්වා මෙසේ කොල්ල කෑ රන් භාණ්ඩ උගස් කර තිබියද පොලිසිය විසින් සොයා ගෙන තිබේ.
සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් සිවු දෙනෙකු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර ඔවුන් අත් අඩංගුවට ගැනිම සදහා විශේෂ පොලිස් මෙහෙයුමක් අරඹා ඇති බවද පොලිස් අධිකාරිවරයා මෙහිදි පැවසිය
කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය
ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ
ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සොරාගත් රන් අබරණ සමඟ 12 දෙනෙකු අත්අඩංගුවට