IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


සේවිකාවකට පහරදුන් ආයතන ප්‍රධානියා ඇප මත මුදාහරියි

(ටෝනි කරුණානායක)

ගම්පහ උඩුගම්පොළ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ කලමනාකාර සහකාරවරියකට කාර්‍ය්ලය තුලදි පහර දුන් එම ආයතන ප්‍රධානියාව රුපියල් ලක්ෂ 02 බැගින් වූ ශරීර ඇප 02 ක් මත මුදාහරින ලෙස ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (25) නියම කළේය.

නුවර පාර, කෑගල්ල ප්‍රදේශයේ පදිංචි ඩී. ලලිත් සිරිසුමන නැමති සැකකරුව මෙසේ ඇප මත මුදාහරින ලෙස නියම කෙරුණි .
ගම්පහ අස්ගිරියේ පදිංචි ආර් .එම්.එන්.ලක්මාලි නැමැත්තිය පැමිනිලිකාරිය වූවාය.

ඇප පනතේ සදහන් කරුනු වලට අදාළව ඇප ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය කරුනු අනාවරණය නොවීම හේතුවෙන් සැකකරුට මෙසේ ඇප නියම කරන බවට අධිකරයේදී සදහන් විය .

සැකකරු පැමිනිකාරිය ගෙන් ආයතනයක දුරකථන අංකයක් ඉල්ලා ඇති බවත් එම දුරකථන අංකය ලබා දීමට පැමිනිකාරිය ප්‍රමාද වීම හේතුවෙන් එම පහර දීම 24 වෙනිදා සිදුව ඇතත් විද්යුත් මාධ්‍යවල සිද්ධිය අනාවරණය වීමෙන් අනතුරුවය. පැමිණිලිකාරිය ගම්පහ පොලිසියට අද (25) පැමිනිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකාර ආයතන ප්‍රධානියාව අත් අඩංගුවට ගෙන අධිකරණය ට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගත් බව ගම්පහ පොලිසිය අධිකරණය හමුවේ වැඩ්දුරටත් සදහන් කලේය.

ඇප නියම වූ උඩුගම්පොළ පිහිටි මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානියා වූ ලලිත් සිරිසුමන නැමති සැකකරුට නැවත ලබන ජනවාරි මස 27 වෙනිදා ට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස අධිකරණයෙන් වැඩ්දුරටත් නියම කෙරුණි .



අදහස් (9)

සේවිකාවකට පහරදුන් ආයතන ප්‍රධානියා ඇප මත මුදාහරියි

banda Wednesday, 25 November 2020 12:48 PM

ගෑණුන්ට ගහන තිරිසනා..

:       2       72

Raveendra Wednesday, 25 November 2020 02:37 PM

අනේ මන්දා මේ "උගත්, මෝඩ නූගතාට" මොනවා කියන්නද?

:       1       58

Hafeel Wednesday, 25 November 2020 03:58 PM

ඔන්න දියවන්නාවට සුදුස්සෙක්...

:       0       31

සන්ජන Wednesday, 25 November 2020 04:01 PM

කුමන හෝ පුද්ගලයකුගෙන් කුමන හෝ කාර්ය‍‍යක් තමන්ට අවශ්‍ය පරිදි ඉටුකර ගැනීම කලාවකි. එය නොදන්නා කමට උගතුන් යයි කියාගන්නන් ( බොහෝදුරට වත්මන් පරම්පරාවේ අය ) දැන් දැන් මුල් පුටුවලට පත්වෙමින් පවතී. මෙය ඉන්ජිනේරු පාලනය ඇති ආයතනතුළ පිලිලයන් බවට පත්වෙමින් පවතී. උදා : ලන්කා විදුලි බල මන්ඩලය. මෙවැන්නන් සඳහා වෙනම මානව සම්පත් කලමනාකරණ පාඨමාලා අනිවාර්ය කළයුතු අතර, හික්මීමක් නොමැත්තන් මෙවැනි තනතුරුවලට පත්කිරීම නතර කළයුතුයි...

:       0       51

RaveendraThursday, 26 November 2020 02:02 AM

ඔබ විසින් වැඩි පිරිසක් කතා කිරීමටවත් අකමැති, එහෙත් ඉතාමත්ම වැදගත් "කාර්ය‍‍යක් තමන්ට අවශ්‍ය පරිදි ඉටුකර ගැනීම කලාවකි" අදහසක් දැක්වීම පිළිබඳව අප සතුටු වෙන්නෙමු. විශේෂයෙන් ඔබ සඳහන් කළ කරුණු කාරණා ආයතන ප්‍රධානියකු සතුව තිබිය යුතුම මූලිකම සුදුසුකමකි. (හික්මීම ඉවසීම වැනි වැදගත් ගතිගුණවලට අමතරව)... අවාසනාවකට අපගේ අධ්‍යාපන ක්‍රමය මගින් වැඩිපුරම සමාජයට දායාද කරන්නේ පොතපතේ දැනුමින් පමණක් සන්නද්ධ හාරත බූරුවන් වීම ඉතාමත්ම කණගාටුවකි. එලෙසම අපගේ මෙම අදහස්වලට අධ්‍යාපනයේ කෙළ පැමිණි මෝඩ තකතීරුවන් නම් එකහෙලා විරුද්ධ වනු නියතයි. එනමුත් අප මධ්‍යස්ථව බැලූකල අපගේ අධ්‍යාපන ක්‍රමය මගින් බිහිවන්නේ රටට වැඩදායි, අවංක, නීතිගරුක, යුක්තිගරුක විනීත පුරවැසියකුද? නැතිනම් කිසිඳු වැඩකට නැති කොළයට පමණක් සීමාවූ දැනුමක් ඇති "ලොන්ත බූරුවන්ද" යන්න තීරණය කිරීම මෙම අදහස් කියවන ඔබලාට බාරය. මෙම කඩාවැටීම සෑම ක්ෂේත්‍රයකම ඉතාම බරපතල ලෙස තිබෙන බව නොරහසකි.

:       0       1

Chamara-MinuwangodaThursday, 26 November 2020 07:09 AM

මෙවන්නන් මට්ටුවෙන්නේ මගේ පවුලේ කෙනෙකුට පහරදුන් දාට බවත් සඳහන් කරන්න කැමැතියි. තරාතිරම අදාළ නැත. කලිසම් මහපාරෙදීම ඔලුවෙන් ගලවමු.

:       1       0

Lelwala Thursday, 26 November 2020 04:12 AM

කාන්තා අයිතීන් ගැන කතාකරන සංවිධාන කෝ දැන්..?

:       1       5

sharm warn Thursday, 26 November 2020 04:42 AM

වියත් මගෙන් පාර්ලිමේන්තුවට යවමු. ගොඩක් සුදුසුකම් සපුරලා තියෙනවා වගේ පේනවා. කම්කරු නීතිය යටතේ කිසිම වරදකට සේවකයන්ට ශාරීරික හිංසා කිරීමට ආයතන ප්‍රධානියෙකුට බලයක් දීලා නැහැ කියලයි මම නම් ඉගෙනගෙන තියෙන්නේ. මේගොල්ලෝ දන්න අහවල් මානව සම්පත් කළමනාකරණයක් නැහැ කියලා මේකෙන්ම තේරෙනවනේ..

:       1       4

RaveendraThursday, 26 November 2020 09:47 AM

ගිරවුන් විලසින් පතපොත පාඩම් කෙරුවානේ... ගිරවා නිසා උපාධියත් යහමින් ගොඩ ගියානේ... එමගින් ලොකු ලොකු තනතුරුත් ලැබුනානේ... එනමුත් ඉවසීමක් නැති මා ඇණ ගත්තානේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 99 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 210 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 274 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 397 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 132 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1603 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 281 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site