IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 20 ක් නිදහස් කරන්න

(විනීතා එම් ගමගේ)
         
පවතින ආර්ථික අපහසුතා සමනය කිරීමේ වැඩපිළිවෙළක් ලෙස සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් වෙත එම අරමුදලින් සියයට විස්සක් එනම් රුපියල් බිලියන 500 ක් පමණ කොන්දේසි විරහිතව නිදහස් කරන්නැයි  අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඞ් කබ්රාල් මහතා රජයට යෝජනා කර තිබේ.
 
කොවිඞ් 19 වසංගතය අවසන් වීමෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ උපාය මාර්ගික සැලසුම් අතරින් එක් යෝජනාවක් ලෙස කබ්රාල් මහතා මෙම යෝජනාව රජයට ඉදිරිපත් කර ඇත.
 
පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය ඇතුළු සිද්ධින් නිසා ආර්ථිකය තවදුරටත් අර්බුදයකට ලක්වූ බවත් එය යළි යහපත් අතර හැරවීම සඳහා දැවැන්ත බදු කප්පාදුවක් සහ ණය සහන රාශියක් ලබාදෙමින් නව රජය 2020 ජනවාරි මාසයේ දී ආර්ථිකයට නව උත්තේජනයක් ලබා දෙන්නට උත්සාහ දරමින් සිටින අතර වර්තමානයේ පවතින අර්බුදකාරි වාතාවරණය නිර්මාණය වූ බවත් පෙන්වා දෙන අජිත් නිවාඞ් කබ්රාල් මහතා මේ නිසා ආර්ථිකය යලි නගා සිටුවීමට පියවර ගත යුතුව ඇතැයි පෙන්වා දී තිබේ. 
 
ශ්‍රී ලංකා රජයට ජනතාව වෙනුවෙන් ඍජු මූල්‍ය දායකත්වයක් සැපයීමට නොහැකි බැවින්  ඊට විකල්පයක් ලෙස සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ගේ රුපියල් බිලියන 2500 ක් පමණ වර්තමාන අරමුදල් ශේෂයෙන් සියයට විස්සක් පමණ එම සාමාජිකයින්ට කොන්දේසි විරහිතව ලබාදීමෙන් රුපියල් බිිලියන 500 ක් පමණ මුදලක් රටේ මුදල් සංසරණයට  එක්කළ හැකි යැයි ද ඔහු සිය යෝජනාවෙන් පෙන්වා දී තිබේ.
 
මෙම මුදල විසිපන්  ලක්ෂයක් පමණ පුද්ගල සමූහයක් අතට පත්වූ විට එම මුදල් පදනම් කරගනිමින් ණය දෙන ආයතනවලින් ලබාගන්නට හැකිවන තවත් ණය අරමුදල් ඔස්සේ එම මුදල තවදුරටත් පුළුල් වී සමහර විට දෙගුණයක් විය හැකි බව ද ඔහු සඳහන් කර තිබේ.



අදහස් (5)

සේවක අර්ථසාධක අරමුදලෙන් සියයට 20 ක් නිදහස් කරන්න

ravin Tuesday, 31 March 2020 01:03 PM

ඔය ඔස්තාඩ් හදන්නේ අපේ අර්ථසාධකයට කෙලින්නයි. වරක් රට කෑවා.

:       0       0

රවින් Tuesday, 31 March 2020 01:04 PM

අපෝ !! ග්‍රීසියේ ගනුදෙනුව අපිට තාම මතකයි. මෙයා කොහොමත් සේවක අර්ථසාදක අරමුදලට සෙවල හලාගෙන ඉන්න විත්තියත් දන්නවා.

:       0       0

Nishantha Tuesday, 31 March 2020 01:22 PM

මෙයාලටම පේන්නේම මෙකනේ....

:       0       7

Ruwan Tuesday, 31 March 2020 02:38 PM

කබ්රාල් මහත්තයට නම් මොකද? අර්ථ සාධකේ කියන්නේ ඉතිරිකිරීමේ ගිණුමක් නෙමෙයි. ඒක තියෙන්නේ විශ්‍රාම යාමෙන් පසු භාවිතය සදහාය.

:       0       0

But Tuesday, 31 March 2020 05:30 PM

බුදු මහත්තයෝ අනේ EPF එකට නම් මුකුත් කරන්න එපා . ඕක තියෙන්නේ සේවකයා වයසට ගියාම බැරි කලෙක ගන්න. මොකද එයාලට විශ්‍රාම වැටුපක් නෑ. රජයට එයාලට දැන් යමක් දෙන්න බැරුව වයසට ගියාම මොනවා දෙන්නද ? (මෙය දේසපාලන ප්‍රකාශයක් නොව , සත්‍ය වේ )

:       0       6

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 10 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 46 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2424 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1298 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 965 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 423 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site