IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සේපෑන්ග් නඩුව ක්වාලාලම්පූර් වෙත යැවීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(ෆ්‍රී මැලේසියා ඇසුරිනි - 125)

මැලේසියාවේ හිටපු  ශ්‍රී ලංකා මහකොමසාරිස් අයි .අන්සාර් මහතාට එරට සිටි එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයට අදාළව සේපෑන්ග් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය ක්වාලාලම්පූර් අධිකරණය වෙතට මාරු කරන්නැයි ඉල්ලා එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් තිදෙනා කළ ඉල්ලීම මැලේසියා මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි එරට පළවන   ‘ෆ්‍රී මැලේසියා‘  පුවත්පත වාර්තා කරයි.

ආරක්ෂත හේතුන් මත අදාළ නඩු විභාගය සේපෑන්ග් අධිකරණයෙන්  ක්වාලාලම්පූර් අධිකරණය වෙතට මාරු කරන්නැයි එම සැකකරුවන් නීතීඥවරුන් මාර්ගයෙන් මහාධිකරණය වෙත අයැදුම්පත යොමු කර තිබූ අතර එය කැඳවූ අවස්ථාවේදී එම ඉල්ලීම මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

සේපෑන්ග් අධිකරණයේ දැනට පැවත්වෙන නඩු විභායේ යම් අනාරක්ෂිතභාවයක් පවතින්නේ නම් එය එම අධිකරණ විනිසුරුවරයාට හෝ නීතීය හා සාමය ආරක්ෂා කරන ආයතන වෙත පැමිණිලි කිරීමේ හැකියාව පවතින බවත් , එලෙස පැමිණිලි කිරීමේ හැකියාව තිබියදී එම නඩු විභාගය මාරු කිරීම් පිලියමක් නොවන බව  පෙන්වා දෙමින් මැලේසියා මහාධිකරණ විනිසුරු නූර්දීන් හසන් මෙම අයැදුම් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේදී හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ මැලේසියාවේ සංචාරයක් සඳහා ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාව ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ඇරලවා යළි පැමිණෙමින් සිටි අවස්ථාවේදී  ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා දෙමළ ඩයස්පෝරා කණ්ඩායමක ප්‍රහාරයට ලක්වූයේය.   එම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන සේපෑන්ග් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබීය



අදහස් (1)

සේපෑන්ග් නඩුව ක්වාලාලම්පූර් වෙත යැවීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Chanak Los Angeles Thursday, 20 April 2017 02:06 PM

හිතාමතා සැලසුම් කර අනුන්ට විපත් කරන ඕනෙම පුද්ගලයෙක් තමන්ට එන විපත් වලට භය වෙනවා වගේම එයින් ආරක්ෂා වීමට නොකරන දෙයක් නැහැ. කල වරදට දඬුවම් ලැබීමට බයනම් තම ජීවිතයට ආදරේ නම් අන් අයට හිරිහැර කිරීමෙන් වැලකී සිටිය යුතුයි . නැතිනම් මහා ඇලෙක්සෙන්ඩර් වගේ කෙලින් සිටිය යුතුයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 6 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 503 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 885 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 747 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 1016 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 783 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1685 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site