(මහින්ද නිශ්ශංක)
ඝෝෂාකාරී සංගීතයෙන් මිදී සුභාවිත ගීත හෙට (15) සිට ප්‍රචාරය නොකරන මගී ප්‍රවාහන බස්රථ පරීක්ෂාවට ලක් කිරීමේ වැඩපිළිවෙලක් ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක කරන බව ජාතික ගමනා ගමන කොමිසම පැවසීය.
මගී බස්රථ සඳහා සුභාවිත ගීත රැසක් ඉකුත් දෙසැම්බර් 31 වැනිදා හඳුන්වා දුන් අතර ඝෝෂාකාරී සංගීතය ප්‍රචාරය කරන මගී බස්රථ පිළිබඳව 1955 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස ජාතික ගමනා ගමන කොමිසම මගීන්ගෙන් ඉල්ලා සිටි.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සුභාවිත ගීත ප්‍රචාරය නොකරන බස් රථ හෙට සිට පරීක්ෂාවට
Mahee Tuesday, 14 January 2020 03:34 PM
ඒ කියන්නේ බස්කාරයින්ගේ බයිලාවලින් කන්අඩි පලා ගන්නේ නැතුව ආණ්ඩුවේ බයිලාවලින් කන්අඩි පලා ගන්න කියන එකද? අපි බස් එකේ අපේ පාඩුවේ ගියොත් හාල්, එළවලු මිල මතක් වෙයි කියලා බයද?
magiya Tuesday, 14 January 2020 03:43 PM
මිනිස්සු බස් එකකට නගින්නේ සංගීතය රස විඳින්න නෙමෙයි. රස වින්දනය කියන එක එක්එක් අයගේ පුද්ගලික කරුණක් නිසා කුමන ආකාරයේ හෝ ගීත බලෙන් ඇස්සවීමට කටයුතු නොකර සිටීම වැදගත් යයි සිතමි. කළයුතු වන්නේ දැනට ඇති සියළුම ඝෝෂාකාරී සංගීත වාදනයන්ද බස් රථවල බලහත්කාරයෙන් ඇස්සවීම නවත්වා දැමීමට කටයුතු කිරීමයි. අනාරක්ෂිත ධාවනයන් හා මගීන් එදිනෙදා මුහුණපාන අනෙකුත් දුෂ්කරතාවයන්ට පිළිතුරු ලබාදීමට ප්‍රමුඛත්වය දිය යුතුයි.
Ratne Tuesday, 14 January 2020 05:38 PM
මොන ගීතය දැම්මත් අධික ශබ්දය සහිතව භාවිතා කරන්නේ නම් මඟීන්ට හිරිහැරයක් වේ. ඇතැම් රියදුරු /කොන්දොස්තරවරු අධික ශබ්දයට ඇබ්බැහි වී ඇති ආකාරයක් දැකිය හැකිය. ඒ පිළිබඳවද අවධානය යොමු කිරීම ඉතා වැදගත්ය...
Wijaya Wednesday, 15 January 2020 12:55 AM
බස් එකේ ඉතිරි සල්ලි දෙන්න කියලා නීතියක් තියෙද්දී, ඒක දෙනවද, නැද්ද, කියලා බලන්නේ නැති අය සුභාවිත ගීත ගැන බලාවිද? අපි නොදන්න බයිලා...
Dad Wednesday, 15 January 2020 03:18 AM
දියුණු රටවල නම් කිසිම සංගීතයක් වාදනය වෙන්නේ නැහැ. මිනිසුන්ට තමන්ගේ පාඩුවේ යන්න පුළුවන්.. ඕනෑනම් කන් බණු ගන්න පුළුවන්නේ.. පන්සල්, පල්ලි වලටත් ශබ්දයක් විකාශනය තහනම් කළ යුතුයි.
පීකර් කවිබණ එපා Wednesday, 15 January 2020 04:10 AM
අධික ශබ්දයෙන් අසල්වැසියන්ට හිරිහැරවෙන විදිහට ලවුඩ්ස්පීකර් දාන්න බෑ කියලා මේ රටේ නීති තියෙද්දීත්, එව්වා තඹ සතයකට මායිම් නොකර කන් පැලෙන්න ලවුඩ්ස්පීකර් දමන අයට නීතිය ක්‍රියාත්මක වෙන්නේ කවදාද? පොලීසිය ආගමික නායකයින්ට බයනිසාද ඒ නීති ක්‍රියාත්මක නොකරන්නේ?
සේන Wednesday, 15 January 2020 05:17 AM
ඉතා උසස් තීරණයක්...!!!
kamal Koyrala Wednesday, 15 January 2020 05:35 AM
හොදයි අපි සුභාවිත් ගීත අහන්න ෆ්ම් නාලිකා දාමු
සෙනෙවිරත්න Wednesday, 15 January 2020 08:14 AM
ඔබට මේ කළ කටයුත්ත වෙනුවෙන් අනේක වාරයක් ස්තුතියි. නොදැමුණු බස් කොන්දොස්තරගේ සහ රියදුරුගේ අත්අඩංගුවෙන් අප සියල්ල මුදවා ගැනීම සම්බන්ධයෙන්...