IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සුඩකුඩා දාගැබ සමතලා කළ ඩෝසර්කරුට බරපතලයි

(ත්‍රිකුණාමලය අමදෝරු අමරජීව)

සාම්පූර් සුඩකුඩා ප්‍රදේශයේ  පුරාවිද්‍යා ගවේශණයක දී සොයාගත් දාගැබ ඩොසර් කිරීමට යොදාගත් ඩෝසරය හා එම ඩෝසරය පටවාගෙන ගිය ලොරිය සොයා ගැනීමට පොලීසිය ඊයේ සමත් විය.

මුතූර් දාගැබ ඩෝසර් කළ එහි ක්‍රියාකරු ඉකුත් 26 වැනිදා හලාවත ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්ව රෝහල්ගත කිරීමෙන් පසු ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර ඩෝසර් යන්ත්‍ර සැඟවීමට එය පටවා ගෙන ගිය ලොරි රථයේ රියදුරු එදිනම මුතූර්, තෝපූර් ප්‍රදේශයේ දී යතුරුපැදියෙන් ඇදවැටී මුතූර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රිකුණාමලය රෝහලට ඇතුළත් කර තිබේ.

මූතූර් සහකාර පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් දින ගණනාවක් පරීක්ෂණ පවත්වා අධිකරණයෙන් ලබාගත් නියෝග හා විද්‍යාත්තමක සාක්ෂි පදනම් කරගෙන ඩෝසරය සහ ලොරිය අත් අඩංගුවට ගනු ලැබීය. ඩෝසරය සේරුනුවර පොලිස් වසමට අයත් ඊච්චලන්පත්තු ප්‍රදේශයේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් අතර ලොරිය තෝපූර් ප්‍රෙද්ශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. ලොරියේ ඉදිරිපස ඉහළ බුදු සරණයි යන වැකිය ප්‍රදර්ශනය කර ඇත. සහකාර පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා මුතූර් මහේස්ත්‍රාත් එම්. අයි. රිස්වාන් මහතාගෙන් ලබාගත් අධිකරණ නියෝග අනුව ලොරිය සහ ඩෝසරය යන දෙකම එක හිමිකරුවෙකුට අයත් බව අනාවරණය කරගනු ලැබීය. මේ අනුව අයිතිකරු දන්කොටුව ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකු වන අතු ඔහු තොරතුරු වසන් කිරීමේ චෝදනාවට අත්අඩංතුවට ගෙන තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඩෝසර් ක්‍රියාකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක්ද මේ වන විට පිටත්ව ගොස් තිබේ.

ඉකුත් 19 දා මෙම දාගැබ ඩෝසර් කර ඇති අතර 21 දින එය අනාවරණය වීමෙන් පසු ඩෝසරය ලොරියක පටවාගෙන ගිය බව අයිතිකරු පොලිසියට ප්‍රකාශ කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මූතූර් සහකාර පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවීම මත සාම්පූර් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.



අදහස් (27)

සුඩකුඩා දාගැබ සමතලා කළ ඩෝසර්කරුට බරපතලයි

sam Friday, 29 December 2017 05:21 AM

දිට්ට ධම්ම වේදනීය කම්ම!!!!!!

:       5       346

pitigala Friday, 29 December 2017 05:29 AM

ඕවට තමටි දිට්ඨධම්ම වේදනීය කර්ම කියන්නේ. නීතියෙන් බේරුනත් මේ පාප කර්මයෙන් බේරෙන්න බැරි බව කව්රු කව්රුත් දැනගෙන හිටියොත් හොඳයි.

:       4       370

Perakum Friday, 29 December 2017 06:08 AM

ඇයි කවුරුත් දිට්ඨධම්ම වේදනීය කර්ම ගැන විතරක් කතාකරන්නේ? පොලිසිය නිකම් උඩ බලාගෙන හිටියේ නෑ. එයාලගේ හැකියාවත් අගය කරන්න ඕන.

:       339       106

Bamunuarachchi Friday, 29 December 2017 06:12 AM

අපි සනසන්න කියන බොරුද දන්නේ නැත එක සැරේ විස්වාස කොරන්න එපා. කොහොම නමුත් ඩොසර්කිරීම සම්බන්දව අග සිට මුලට දැනගැනීමේ අයිතිය බෞද්ධයන්ට තිබෙනවා.

:       68       554

cisco Friday, 29 December 2017 06:14 AM

මේකට උපදෙස් දුන්න කට්ටිය තමයි මේකට වැඩියෙන් වග කියන්න ඕනේ. ඒගොල්ලන්ගේ තත්වය කොහොමද?

:       0       134

daham Friday, 29 December 2017 06:18 AM

ඔන්න ඉගෙනගන්නවානම් පාඩම්!!!!!!!!!!

:       9       72

Sanjay Friday, 29 December 2017 06:23 AM

ඇයි දිට්ඨ ධර්මවේදනීය කර්ම පොඩි මිනිස්සුන්ට විතරක්.....

:       5       115

Sanjay Friday, 29 December 2017 06:24 AM

දැන් ඒ කියන්නේ බුදුදහම කියන්නේ පළිගන්න දෙයක්ද?

:       410       47

BamunuarachchiFriday, 29 December 2017 07:35 AM

ඕක තේරෙන්නේ බෞද්ධයින්ට සහ නුවණැති අන්‍ය ආගමිකයින්ට. ඔබට තේරුම් ගන්න බැරිවෙයි අපි වෙන දෙයක් කතාකරමු.

:       18       166

bandaraFriday, 29 December 2017 08:28 AM

මල්ලි මොලේ නැත නම් කට වහගන ඉන්න. ඔයා තම යහතින් ඉන්නවද?

:       0       45

Perakum Friday, 29 December 2017 06:25 AM

දිට්ඨධම්ම වේදනීය කර්ම බව ඉතා පැහැදිලියි. එහෙම කියල පොලීසිය කන්තෝරුවට සීමා කලොත් හොඳට හිටියි. උසාවි වහල ඒගොල්ලටත් නිවාඩු දෙමු. දිට්ඨධම්ම වේදනීය ක්‍රමයට සියල්ල සිදුවෙනකල් බලා ඉමු.

:       1       54

BamunuarachchiFriday, 29 December 2017 10:45 AM

ඕවා තේරුම් ගන්න බුදුදහම තරමක්වත් හදාරලා තිබිය යුතුයි. අඩු වශයෙන් ඕ ලෙවල් විභාගයේ බුද්ධධර්මය පාස් වෙලා තිබිය යුතුය. නැතුව හඳේ ඇන්ද හාවා බලන්න පොහොය දාට හඳ බලන අයට දිට්ඨධම්මවේදනීය කර්ම තේරුම් ගන්න බැරිය.

:       0       28

kasun Friday, 29 December 2017 06:41 AM

බුදුදහම කියන්නේ ඕකට තමා..........

:       107       289

chaminda Friday, 29 December 2017 06:41 AM

වැරදි කාරය ඩෝසර් පදවන්නා සහ අයිතිකරු ද ? මේකට උපදෙස් දුන්න අයගේ නම් කියන්න බැරි තරම් ම දෙන්නටම අසධ්‍යද ? කුපිත වුන ජනතාව සනසන්නද හදන්නේ........

:       0       128

dias Friday, 29 December 2017 07:10 AM

මේ දාගැබ දෙගුණයක් විශාල කරලා හදමු...

:       0       158

BANDULASaturday, 30 December 2017 11:52 AM

ඩයස් ඔයා හරි, එ්ත් එ්කට මුදල් පාස් කරවන්න ඕනෑ මූතුර් ප්‍රාදේශිය සභාවෙන්මයි.

:       0       6

නීල් පෙරේරා Friday, 29 December 2017 07:36 AM

දිට්ඨධම්ම වේදනීය කර්මය මෙතන්ට ගෙනල්ල බුද්ධ දර්ශනය විකෘති කරන්න එපා කියා මා ඉල්ලා සිටිනවා. හරිනම් මේවට මූලික වෙච්ච දේශපාලකයින්ටයි මේ දේවල් වෙන්ට ඕනෙ . අනික ඕක ලොකු කුඩා දුප්පත් පෝසත් බේද අනුව ක්‍රියාත්මකවන කර්මයක් වගේ, මේ රටේ ඉතාමත් දුප්පත් පොදු මහජනතාවගේ බදු මුදල් දූෂණයෙන් බොරුවෙන් ගසාකාගන පව්කාර සැපවිඳින ධනකුවේර දේශපාලන තක්කඩින්ට ඔය කියන මොනම කර්මයක්වත් නෑනෙ . පන්සල්වල දාගැබ් පවා හාරලා නිදන් සොරකම්කරපු දේශපාලන තක්කඩින් අදත් ⁣හිටියට වඩා හොඳට ඉන්නෙ. කවුරු හරි දන්න කෙනෙක් මට කියලාදෙන්න මේ කර්මය පොඩි මිනිස්සුන්ට විතරක් ක්‍රියාත්මක වන එකක්ද කියලා . ස්තුතීයි !

:       105       43

SAM Friday, 29 December 2017 08:31 AM

පැරකුම්, පොලීසිය වැඩ පෙන්නන්ඩ පෙරහැර යනකම්ම හිටියද.

:       1       4

asanka Friday, 29 December 2017 09:02 AM

මේ රට ආරක්ෂා කිරීමට බුදුරජාණන් වහන්සේ උපුල්වන් දෙවියන්ට පිරිනිවන් මංචකයේදී බාර දුන් බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ. වසර 2600ක වකවානුව තුල මේ රට, ජාතිය, සම්බුද්ධ ශාසනය වැනසීමට කුමන්ත්‍රණය කළ අය පිඹුරුපත් හැදූ අයට එය ඉටු කරගැනීමට නොහැකි වූයේ ඒ නිසාය. ඉදිරියටත් ඝෘජුව හෝ වක්‍රව දැන හෝ නොදැන මේ රටට, ජාතියට, සම්බුද්ධ ශාසනයට හානි වන තීන්දු තීරණ ගන්නා අයට සිදුවන්නේද ඉතිහාසයේ බොහෝ අයට සිදු වූ ඉරණම්වලට මුහුණ දීමටයි. මේ රට දෙවියන්, බුදුන් අදහන ජනතාව රකින බලයක් ඇති දේශයක් බව මතක තබාගත යුතුය.

:       0       17

කුමාර් (ගල්ෆ්) Friday, 29 December 2017 09:10 AM

එන්.එම්. පෙරේරා මහත්තයා කීවා වගේ මේ පරණ දාගැබ් ඩෝසර් කරලා වැස්ස කාලෙට තල, උඳු හා අබ වපුරන්න ඕනෑ.. රටට, ගමට වැඩක් වෙන්නේ එතකොටලුනේ...

:       270       1

LapayaFriday, 29 December 2017 10:22 AM

වැලි කාන්තාරේ ඔබලාට ඕව හිටවා ගන්න බැරි නිසා අරාබි ඔටුවන්ට කර ගන්න අවශ්‍ය වෙලා තියෙන්නේ ඒ ටිකම තමයි. අතීතයේ බෞද්ධ රටවල් වූ පාකිස්තානෙට, ඇෆ්ගනිස්තානෙට, බංග්ලාදේශයට, ඉන්දුනීසියාවට කළා වගේ. මේ ලංකාවේ ඒක ටිකක් අමාරු වෙයි.

:       0       57

dhamneth Friday, 29 December 2017 09:29 AM

දිට්ඨධම්මවේදනීය කර්මය කියා වැරදි කරුවන්ට දඬුවම් නොදී සිටින්න එපා. නීතියෙන් දියහැකි උපරිම දඬුවම් දිය යුතුයි.

:       0       51

susantha Friday, 29 December 2017 10:49 AM

ඩෝසරය අයිතිකරුවා හෝ එහි රියැදුරු හෝ සහායකයා යනු කුමන්ත්‍රණවල සොක්කන් පමණි. අල්ලා ගත යුත්තේ කුමන්ත්‍රණ කරුවන් සහ මහා මොළකරුවන් විනා.... දවසේ පඩියට ඩෝසර පදවන රියැදුරු හෝ සහායකයා වැනි උදවිය නොවේ!

:       0       47

ONe of srilankan Friday, 29 December 2017 01:34 PM

මේ ඩෝසර් කළේ අතීත උරුමයයි. මෙවැනි පුරාවිද්‍යා නටඹුන් තුළින් ඉතිහාසය ගොඩනැගිය හැකිවේ. නමුත් දැන් කොහොමද? අනාගත පරපුරට මොනවාද උරුම කරලා දෙන්නේ... ඔබට සතුටුයිද දැන්?

:       0       2

ප්‍රසාද් Friday, 29 December 2017 02:23 PM

දුෂ්ට චේතනාවෙන් දාගැබ සමතලා කල අයට විපාක එසැනින්ම ලැබී ඇත. රෝහලේ කාලයක් ඉන්නට සිදුවීමත් අපා දුකකි. කුමාර්(ගල්ෆ්) නමැත්තා එහි තල , උඳු වපුරන්න යෝජනා කරයි. පළමුව ඔබේ කෝවිලක් සමතලා කොට එසේ කර බලන්න. ඔබට පරම්පරාවෙන් එන දුෂ්ට ගති ඇති බවයි පේන්නේ. අතීතයේදී මෙවැනි දුෂ්ටයන් ලංකාවට එනවිට ඉන්නට ඉඩ දුන්න එකයි සිංහල අපි කල වැරැද්ද.

:       0       24

Sathyayaa Saturday, 30 December 2017 10:56 PM

"...දේශපාලන තක්කඩින්ට ඔය කියන මොනම කර්මයක්වත් නෑනෙ.." හ්ම්ම් මෙහෙම කියල සුසුම් හෙළලා අපට කවදාවත් ප්‍රශ්නයෙන් ගොඩ එන්න ලැබෙන්නේ නැහැ. කරන ලද වැරදි වලට කර්මානුරුපව ලැබෙන ප්‍රතිපලය (දඬුවම ) බුදු දහමේ ඉගැන්වීමට අනුව සිදුවෙන දෙයක් නොව එය ලෝක ධාතුව තුළ ක්‍රියාත්මක වන ස්වභාවික නියාමයක්. බුදු රජාණන් වහන්සේ එය හේතු පල වාදයට අනුව තේරුම් ගෙන අකුසල් (වැරදි ) වලින් වැළකී සිටීමේ ධර්මතාවයන් මිනිස් සමාජයට කියා දුන්න. මේ රීතිය ඕනෑම ආගමකට අයත් ඕනෑම පුද්ගලයෙකුට අදාලයි. එයින් පැන යන්න රහතන් වහන්සේ කෙනෙකුට උවත් හැකියාවක් නැහැ.

:       1       0

Asanka Tuesday, 02 January 2018 08:58 AM

කළකම් පලදේ, සංසාරේ ගැලවීමක් නැත මෙලොවදී මෙන්ම පරලොවද ඒ ආකාරයෙන්ම පලදේ

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 98 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 462 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 470 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 728 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 629 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 96 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site