IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


සී.අයි.ඩියට පැමිණි ශානිට යන්න සිය නිල රථය දුන් ඒ.එස්.පී. ගැන පරීක්ෂණයක්

( +++ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

අධිකරණ නියෝගයක් අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඉකුත් 23 වැනිදා රහස් පොලිසියට පැමිණි එහි හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතාට පිටත්ව යාමට සිය නිල රථය ලබාදුන් බව කියන රහස් පොලිසියේ රාජකාරි කරන සහකාර පොලිස් අධිකාරිවරයකු සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණයක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග කියයි.

වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් නිලධාරියකුට ගමන් කිරීමට පොලිස් නිල රථයක් ලබාදීම වැරදි ක්‍රියාවක් බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට ඊයේ (26) පැවසීය.

වැඩ තහනමකට ලක්ව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට රහස් පොලිසියේ සිට යෑමට සිය නිල රථය ලබාදුන් බව කියන එම සහකාර පොලිස් අධිකාරිවරයාගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කර ප්‍රකාශයක් ද ලබාගත් බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට රහස් පොලිසියේ සිට පිටත්ව යාමට පොලිස් නිල රථයට අමතරව පොලිස් රියැදුරකු ද සහකාර පොලිස් අධිකාරිවරයා විසින් සපයා ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ගවලින් දැනගැනීමට ඇත.

පොලිස්පතිවරයා ගමන් කරන ප්‍රවේශ මාර්ගය ඔස්සේ රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂවරයා පිටව ගොස් ඇති බව ද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

සී.සී.ටී.වී. කැමරාවල රූප රාමු පරික්ෂා කර බැලීමේ දී මේ බව හෙළිවී තිබෙන බව ද පොලිසිය කීය.



අදහස් (18)

සී.අයි.ඩියට පැමිණි ශානිට යන්න සිය නිල රථය දුන් ඒ.එස්.පී. ගැන පරීක්ෂණයක්

ලුම්බිණි Monday, 27 January 2020 05:28 AM

අපේ දේශපාලකයින් රජයේ වාහන තම තමන්ගේ මිතුරන්, නෑදෑයන් වෙනුවෙන් හැමදා පාවිච්චියට දෙන එකේ කිසිම වැරද්දක් නැහැ...

:       241       856

dilanMonday, 27 January 2020 11:42 AM

බලය නැතුව චුදිතයෙක් විදියට මෙයාගේ හැසිරීම මෙහෙමනම් මේ මනුස්සය බලයේ ඉද්දි කොහොම, මොනවා කරයිද කියලා හිතා ගන්නත් බැහැ.

:       187       101

lalMonday, 27 January 2020 12:34 PM

රජයේ සමහර නිලධාරින්ගේ නිල වාහන තමයි ළමයි පන්ති යන්නේ, නෝනා වැඩට යන්නේ.. අවුරුද්දට ගමේ යන්නේ. රජයේ වාහන, රජයේ ඉන්ධන, රජයේ රියදුරු. මේවා එදත් වුණා. අදත් වෙනවා. මේවට ගෙවන්නේ දුප්පත් අපි සහ මරුකතරේ දුක්විඳින ජනතාව. මේවායි හොයලා දඬුවම් කරන්න ඕනේ...

:       17       107

BamunuarachchiMonday, 27 January 2020 04:55 PM

"වැඩ තහනමකට ලක්ව සිටින පොලිස් නිලධාරියකුට ගමන් කිරීමට පොලිස් නිල රථයක් ලබාදීම වැරදි ක්‍රියාවක් බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය." දන්නා මගුලක් කතා කරන්න. හලෝ ගම්වල ගැහැණු කියන කතා නොකියා...

:       0       0

eresh S kumara Monday, 27 January 2020 05:47 AM

රාජ්‍ය දේපල අවභාවිතය යටතේ නඩු පැවරිය හැකිය.

:       275       314

samurai Monday, 27 January 2020 05:50 AM

ඔහුට තමන්ගේ කියලා වාහනයක් නැතුව ඇති ගෙදර තට්ටුවේ කොන්ක්‍රීට් එක දාගන්න බැරි මිනිහට වෙන කවුරුවත් උදව් කරයිද?

:       349       519

lalithm Monday, 27 January 2020 06:00 AM

අපි පළිගන්නේ නැහැ කියලා උදේ හවා බෙරිහන් දෙනවා. ඒත් මේ මොනවා ගැනද හොයන්නේ. හූණු බිත්තර වත් මෙච්චර ලොකු නැහැ.

:       888       1370

රවින් Monday, 27 January 2020 06:55 AM

අනේ කාලේ වනේ වාසේ ! ඉස්සර මේවාට කිවේ පැන්ෂන් ගිය පොලිස්කාරයා වගේ කියලා. "කම්මන්නා වසලෝ හොති කම්මන්නා හෝති බ්‍රහම්මිනෝ " මොනා උනත් ඒ ඇස් පි මහත්තයාට ඉස්සර තම උසස් නිලධාරියෙක්. මහා ලොකුවට උදේ හවහා බුදුන් වැඳ , නැතිනම් පල්ලියට ගිහින් , කෝවිලට ගිහින් , දවසට පස් පාරක් දෙවියන් වැන්දත් වැඩක් නැහැ ගුරු ගෞරවය දන්නේ නැතිනම්.

:       47       315

perera Monday, 27 January 2020 07:04 AM

ආණ්ඩුවේ ගොන් පාට්...

:       148       434

AmaraMonday, 27 January 2020 07:41 AM

මේ මනුස්සයාගේ ජීවිතේට අනතුරක් නොවෙන්න කටයුතු කළ ඒ නිලධාරියාව අගය කළයුතුයි...

:       273       671

vijitha Monday, 27 January 2020 08:25 AM

ශානි කියන්නේ තමන්ගේ ජීවිතය ගැන නොසලකා රාජකාරිය අවංකව කළ නිලධාරියෙක්... එහෙම මනුස්සයෙකුට ගෙදර යන්න වාහනයක් දුන්නු එකේ වරද මොකක්ද? සමහර විට ශානිට පුද්ගලික වාහනයක්වත් නැතුව ඇති. ඔහුත් රාජකාරී කරන කොට බිලියන ගණන් මහජන මුදල් පිල්ලි ගැහුවා නම් වාහන එකක් නෙවේ කීපයක්ම පුද්ගලිකව ගන්න තිබුණා.

:       142       813

Lakmal Monday, 27 January 2020 08:57 AM

ඔව් ඔව් සල්ලි නැති නිසානේ රන්ජන්ගේ ගෙදර වලන් හෝදන්න එන්නම් කිව්වේ.?

:       297       99

Mahesh Monday, 27 January 2020 08:41 AM

නිලධාරීන්ගෙන් පලිගැනීම එදත් කලා ආයෙත් ඒකම කරනවා. නිලධාරීන් මීට එරෙහිව නැගීසිටිය යුතුය. ජනාධිපතිවරයාගේ වැඩ ඔක්කොම ආන්ඩුව කඩාකප්පල් කරමින් සිටීම කනගාටුයි.

:       301       309

wedage Monday, 27 January 2020 09:51 AM

මේ නිලධාරියාට මොනයම් හෝ අනතුරක් සිදුවුණානම් වගකියන්නේ කව්රුන්ද? මනුස්සයෙක් අනතුරකින් ගලවාගැනීමට වාහනයක් ලබාදීම උතුම් ක්‍රියාවක්...

:       121       295

කපුරුහාමි Monday, 27 January 2020 11:12 AM

නිල රථය දෙන්න ඇත්තෙ සමහරවිට සුදු වෑන් එකක් ඇවිත් උස්සයි කියලා වෙන්න ඇති . පවුල් පාලනේ අය බලයේ ඉන්න කාලේ සිද්ධ වෙච්ච් දේවල් කවුද නොදන්නේ ?

:       206       130

sampath Monday, 27 January 2020 01:04 PM

අපේ හිටපු ලොක්කනේ කියලා මානුෂිකව හිතලා කරපු උදව්වක්... එ්ක ගැන ඕනෑවට වඩා වෙන්න ඕනේ නෑ කියලයි මට නම් හිතෙන්නේ...

:       0       123

lanka Monday, 27 January 2020 02:19 PM

ශානි එන හැම ආණ්ඩුවකටම දෙකට නැමිලා වැඩ කළා නම් අද SSP නෙමෙයි DIG කෙනෙක්...

:       0       2

ajith Tuesday, 28 January 2020 06:03 AM

මේ ගැන ලියන්න ඉස්සෙල්ල කියන්න ඕනේ දෙයක් තියෙනවා. බැඳුම්කරේ වෝහාරික වාර්තාව නව රජයේ කට්ටිය පිළිගන්නේ නැතිලුනේ. ඒක හදල තියෙන්නේ ඒගොල්ලන්ගේ වැරදිත් පෙන්නළලු. ඒක නිසා ඒක වැරදිලු. මොකද එම වාර්තාව රජයට අවාසියි. ෂානි මහත්තයත් රජයට පක්ෂව ඉඳල චුදිතයෙක් උනා නම් නිල වාහනය දීපු එකේ වැරද්දක් කිසි කෙනෙක් නොකියන තිබුන සිකුරුයි. ඒ වගේම වාහනේ දීපු නිලධාරියට උසස්වීමකුත් ලැබෙනවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු.

:       1       7

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1441 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 564 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 979 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 932 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 362 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 541 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site