(ප්‍රසාද් මුතුකුඩ)
කොළඹ කටුනායක අධිවේගි මාර්ගයේ සීදුව පිටවීමේ දොරටුව ආසන්නයේ පිහිටා ඇති අම්බලන්මුල්ල කුණු කන්ද අද (07) ගිනි ගැනීම හේතුවෙන් එම ප්‍රදේශය පුරා දැඩි දුමාරයක් පැතිර ගොස් තිබේ.
සවස් වන විටත් ඊට වගකිව යුතු නිසි නිලධාරීන් කිසිවෙකු එහි පැමිණ නොසිටි බව සීදුව ප්‍රදේශවාසීහු පැවසූහ.
මේ හේතුවෙන් කටුනායක කොළඹ අධිවේගි මාර්ගයේ සීදුව ප්‍රදේශය දුමින් වැසි තිබුණේය.
කටුනායක සීදුව නගරයේ කැලි කසල සීදුව නගර සභාවෙන් එකතුකොට අම්බලන්මුල්ල කුණු කන්දට ගෙනවිත් දමන අතර එම ප්‍රදේශයේ ඇති කර්මාන්තශාලා මගින් ඉවතලන කුණු අතර යකඩ ද්‍රව්‍ය ඇති හෙයින් ඒවා ලබාගැනීමට මෙලෙස කුණු කන්දට යම් පිරිස් පැමිණ ගිනි තබන බවත් එමගින් ඇති වන විෂ සහිත දුමාරය හේතුවෙන් දැඩි සෞඛ්‍යමය ගැටළු රැසකට මුහුණදී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
ප්‍රදේශවාසීන් කරන ලද දැනුම් දීමකට අනුව ගම්පහ ගිනි නිවීමේ ඒකකයේ රථ පැමිණියද දැඩි උෂ්ණත්වය සහ සුළං තත්ත්වය හේතුවෙන් එම කටයුත්ත අසාර්ථක විය.
ගිනි නිවීමට භාවිතා කරන ඔක්සිජන් ටැංකි සහ අමතර ජල බවුසර් නොමැති වීම හේතුවෙන් ගම්පහ ගිනි නිවීම් ඒකකය ආපසු හැරි ගියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.
සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සීදුව අම්බලන්මුල්ල කුණු කන්දේ ගින්නක්