නීතිවිරෝධී ලෙස තරුණයන් සිවුදෙනකුට ඉතාලියට පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු බව පැවසෙන අයකු ඉතාලි ගුවන් තොටුපොළ පොලිසියේ අත්අඩංගුවට පත්ව ඇත.
මෙම අත්අඩංගුවට පත්වීම සිදුව ඇත්තේ පසුගිය සතියේ වන අතර ඉතාලි මාධ්‍යය කිහිපයක්ම ඒ බව වාර්තා කර තිබිණි.
රාජ්‍ය තාන්ත්‍රිකයකු බව කියන අත්අඩංගුවට ගත් පනස් හැවිරිදි පුද්ගලයා දෝහා සිට ඔහුගේ බිරිඳ සහ තරුණියන් දෙදෙනකු සහ තරුණයන් දෙදෙනකු සමඟ ඉතාලියට පැමිණ ඇත. එම තරුණ තරුණියන් සිවුදෙනා අවුරුදු 20ට ආසන්න බව පැවසේ.
ආගමන විගමන නිලධාරීන්ට තමන් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියකු ලෙස හඳුන්වා දී ඇති අත්අඩංගුවට ගත් පුද්ගලයා රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් ඉතාලි ගුවන් තොටුපොළ පොලිසියට ඉදිරිපත් කර ඇතැයි පැවසේ. එමෙන්ම ඔහුගේ බිරිඳ සතුව ද රාජ්‍ය තාන්ත්‍රික බලපත්‍රයක් තිබී ඇතැයි වාර්තා වේ. ප්‍රංශ රාජ්‍ය තාන්ත්‍රික අධිකාරිය නිකුත් කළ ෂෙනගන් වීසා සටහන් ද එම ගමන් බලපත්‍රවල සටහන් වී තිබී ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් එහිදි තරුණ තරුණියන් සිවුදෙනාගේ ගමන් බලපත්‍රවල සත්‍ය අසත්‍ය බව පිළිබඳව සැකයක් මතුව වී ඇත.
තරුණියන් දෙදෙනා තම දියණියන් දෙදෙනා බවත් තරුණයන් දෙදෙනා තම බැණනුවන් දෙදෙනා බවත් රාජ්‍ය තාන්ත්‍රිකයකු බව කියන පුද්ගලයා මෙහිදි ඉතාලි දේශසීමා/ගුවන් තොටුපොළ පොලිසියට පවසා ඇත.
මෙහිදි මොවුන් සියලු දෙනා කැඳවා ගුවන් තොටුපොළ පොලිසිය විශේෂඥයන්ගේ සහාය ඇතිව විශේෂ විමර්ශනයක් කර ඇත. තරුණයන් දෙදෙනාගේ සහ තරුණියන් දෙදෙනාගේ ගමන් බලපත්‍ර ව්‍යාජ ලෙස සකස් කරන ලද ඒවා බව එහිදි අනාවරණය වී ඇත.
මෙම අවස්ථාවේදී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියගේ ගමන් මල්ලේ තිබූ තරුණ තරුණියන් සිවුදෙනාගේ සත්‍ය ගමන් බලපත්‍ර හමු වී ඇති අතර ඔවුන් ශ්‍රී ලංකාවෙන් පිටවී ඇත්තේ එම ගමන් බලපත්‍ර භාවිත කරමින් යැයි ද ඉතාලියේ වරීස්ප්රෙස් වාර්තා කර තිබිණි.
ඬේලිමිරර්
055
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිවු දෙනකුට ඉතාලියට පැමිණීමට උදව් කළ ලාංකිකයා අත්අඩංගුවට
sirimal Friday, 14 September 2018 07:08 PM
ලෝකයේ බොහෝ තානාපති සහ මහ කොමසාරිස් කාර්යාල වගේම ඉතාලි තානාපති කාර්යාලයද ඉස්සර කාලේ පහල සිට ඉහල දක්වාම දේශපාලන පත්වීම්වලින් පුරවලයි තිබුනේ. එහෙම එක්කෙනෙක්ද දන්නේ නැහැ.
Anil Nanayakkara Saturday, 15 September 2018 01:55 AM
කවුද මේ රාජතාන්ත්‍රිකයා?
පිටිගල මිලානෝ Saturday, 15 September 2018 08:39 AM
සියලු දෙනාම රට ඇතුලේ නිසා ප්‍රශ්නයක් නැහැ. මේ දේට ලොකු දඬුවමක් ලැබෙන්නෙත් නැහැ. ඉතාලි නීතියට අනුව මේ අයව ඩිපොර්ට් කරන්න තරම් වරදක් වෙලත් නැහැ. තව අවුරුදු කීපයකින් තවත් අලුත් ශ්‍රී ලාංකික කෝටිපතියන් හතර දෙනෙක් ලංකාවට යයි නිවාඩුවක් ගත කරන්න...
senakaSaturday, 15 September 2018 12:36 PM
හරියට හරි. ලංකාවේ ඉඳලා දුක් විඳිනවට වඩා ඉතාලියට ගොස් මහන්සියෙන් රැකියාවක් කර දියුණු වීමේ වරද කුමක්ද?
prabha Saturday, 15 September 2018 01:10 PM
පිටිගල මේ අය ගුවන්තොටුපළෙන් එළියට ඇවිත් නෑ. මෝඩ කතා කියන්න එපා.
AppuhamySunday, 16 September 2018 12:38 AM
රාජ්‍ය තාන්ත්‍රික බන්ධනාගාරය........ අනිත්කට්ටිය ආපසු එවයි...
පිටිගල මිලානෝ Saturday, 15 September 2018 04:47 PM
මේ අයව ගුවන්තොටුපළෙන් පොලීසියටත්, ඉන්පසු තාවකාලික රිමාන්ඩ් භාරයේ තබා විනිශ්චයකාරයෙක් වෙතට පත් කරනවා. ත්‍රස්ත ක්‍රියා සහ මිනීමැරුම් හෝ ඉතා බරපතල අපරාධවලට සම්බන්ධ බවට තොරතුරු නැත්නම් නැවත උසාවි එන දිනයක් දන්වා රට තුළට නිදහස් කරනවා. උසාවි පැමිණියාම ඉතාලියෙන් පැය හතලිස් අටක් තුළ පිටවෙන ලෙස දන්වා තීන්දුවක් දෙනවා. ඉන්පසු එම ලියවිල්ලත් අරගෙන උසාවියෙන් පිටවනවා.
prabha Saturday, 15 September 2018 11:47 PM
ඔබතුමා ඉතාලියේ අලුත් නීති ගැන යාවත්කාලින උනොත් හොදා.........
Uditha Sunday, 16 September 2018 04:54 AM
මොන දේ කරන්නත් නීත්‍යනුකුල විදිහට රටකට ඇතුළු වෙනවා නම් තමයි හොද... නීතිවිරෝධී ලෙස රටකට ඇතුළු වෙන එක හොද වැඩක් නෙමේ....