IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සිල්රෙදි නඩුවේ අභියාචන පෙත්සම් සම්බන්ධ පිළිතුරු දේශන සඳහා දිනයක්


(තිළිණි ද සිල්වා   සහ රංජන් කටුගම්පොළ )
 
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම සතු රුපියල් මිලියන 600 ක මුදලක් 2015 ජනාධිපතිවරණ සමයේදී සිල් රෙදි බෙදා දීමේ ව්‍යාපෘතියක් සදහා වැයකිරීමෙන් රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ කිරීමේ චෝදනාවට වරදකරුවන් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තමාට එරෙහි පැනවූ බරපතල වැඩ සහිත සිර දඩුවමින් නිදොස් කොට නිදහස් කරන්නැයි ඉල්ලා ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට මහත්වරුන් විසින් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම් සම්බන්ධයෙන් විත්තිකාර අභියාචකවරුන් පිළිතුරු දේශන ලබන 24 සහ 30 දෙදින සිදු කිරීමට අභියාචනාධිකරණය අද (16) දින නියම කළේය.
 
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලි ගේ මහතා දින හයක් තුළ නඩු වාර හයකදී කළ කරුණු දැක්වීම් අද (16) දිනයෙන් අවසන් වූ අතර ඒ අනුව විත්තිකාර අභියාචක පාර්ශ⁣වයේ පිළිතුරු දේශන එදිනට කල් තැබීමට අධිකරණය නියම කළේය.
 
 
කුමුදිනී වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම අභියාචන පෙත්සම් කැදවිණි.
 
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම හරහා  රජයට අයත් රුපියල් මිලියන 625 ක මුදල් අවභාවිත කිරීම හා පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට විත්තිකාර අභියාචකයින්ට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා නඩු විභාගයක් පැවතණි.එමනඩු විභාගයේ තීන්දුව ඉකුත් 2017 සැප් 07 වැනිදා ප්‍රකාශයට පත් කෙරුණු අතර එහිදී වැරදිකරු බවට තීන්දු කෙරුණු හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන අයට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් හා මිලියන 2 බැගින් වන දඩ මුදලක් සහ මිලියන 50 ක වන්දි මුදලක් නියම කළේය.
 
එම දඩ මුදල් හා සිර දඩුවම් නියම කර ඇති ආකාරය නීති විරෝධී යැයි  පෙන්වා දෙමින් අභියාචනා ඉදිරිපත් කරන පෙත්සම්කරුවන් එම දඬුවම අහෝසි කර තමන් ව සියලූ චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද අභියාචනාධිකරණය හමුවේ ගොනු කළ අභියාචනා පෙත්සම් වලින් ඉල්ලා තිබිණි.
 
විත්තිකාර අභියාචක පෙත්සම්කරුවන් වන හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට යන මහත්වරුන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාපා නීතීඥ කාංචන රත්වත්තේ යන මහත්වරුන් පෙනී සිටියහ.නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.



අදහස් (2)

සිල්රෙදි නඩුවේ අභියාචන පෙත්සම් සම්බන්ධ පිළිතුරු දේශන සඳහා දිනයක්

kamal Wednesday, 16 September 2020 09:15 AM

බුද්ධාලම්භන ප්‍රීතියට කළ දෙයක්නේ... ඔන්න ඔහේ නිදහස් කරලා දාන්න.

:       0       154

fairoos Wednesday, 16 September 2020 10:23 AM

මේක පවුලේ නඩුවක්නේ... ලබන සැරේ ඉල්ලා අස්කරගන්ඩ.

:       0       371

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2286 9

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 54 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මහින්දානන්දට එරෙහි නඩුවක තීන්දුව දෙන්න දිනයක්
2024 අප්‍රේල් මස 25 176 1

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ සමයේ අයථා ක්‍රම වලින් උපයාගත් රුපියල් කෝටි දෙකාහමාරකට අධික මුදලක් වියදම් කොට බොරැල්ල කින්සි පාරෙන් සුඛෝපභෝගී නිවසක් මිල


ගෝඨාභය කාදිනල් හිමිගේ චෝදනා ප්‍රතික්ෂේප කරයි
2024 අප්‍රේල් මස 25 149 0

කාදිනල් හිමිපාණන් එල්ල කළ ප්‍රධාන චෝදනා හතරම ප්‍රතික්ෂේප කරන බව ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනය නිකුත් කර තිබේ.


පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 170 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 679 2

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 315 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1696 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1542 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site