IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සිරුරු ආදාහනය කිරීමට එරෙහිව බදියුදීන්ලාගේ පෙත්සම ජූලි 22 දාට

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

කෝවිඩ් 19 වයිරසය  ආසාදනය වී මරණයට පත්වන මුස්ලිම් ජාතිකයින්ගේ  සිරුරු ආදාහනය  කිරීම ඉස්ලාම් දහමට සහ ඉගැන්වීමට පටහැනි බව පවසමින් හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් සිව්දෙනෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන ජූලි මස 22 දින සලකා  බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම  මූලික අයිතිවාසිකම් පෙත්සම මුර්දු ප්‍රනාන්දු, එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ  යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහි දී  පෙත්සම වෙනත්  දිනයක  කැඳවීමට  ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  මඩුල්ල නියම කළේය.

හිටපු අමාත්‍යවරන් හා හිටපු  මන්ත්‍රීවරුන් වන  රිෂාඩ්  බදුද්දීන් ,අමීර් අලි,ඒ.එම්. මහරූප්,හුසේන්   බහිලා යන මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සම් වල වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසින්හ, සෞඛ්‍ය  අමාත්‍යංශ ලේකම් සහ නීතිපති  නම් කරනු ලැබ සිටිති.

කෝවිඩ් වසංගත යට ගොදුරු වී  මියගිය අයගේ  සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය  පිළිබඳ  සඳහන් කරමින්  ඉකුත් අප්‍රේල්  මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව පෙත්සම්කරුවෝ කියති.

එහි "61 a " දරන රෙගුලාසියට අනුව එම සිරුරු ආදාහනය කළ යුතු බවට සඳහන් කර තිබුණද එහෙත්  ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කර ඇති  මාර්ගෝපදේශ  මාලාව  අනුව එම සිරුරු ආදාහනය  කිරීම හෝ මිහිදන් කිරීමට  හැකි බව පෙත්සම්කරුවෝ කියා සිටිති.

එසේ තිබියදී  මෙරට සිදුවන  මරණ සම්බන්ධයෙන්  කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ ගැසට් නිවේදනයක් නිකුත් කර  එම සිරුරු ආදාහනය කළ යුතු බව ට රෙගුලාසි  පැනවීම  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්  බව පෙත්සම්කරුවෝ කියති.

සෙසු රටවල එසේ මියගිය අයගේ සිරුරු ආදාහනය මෙන්ම භූමදානය කරන බව ඔවූහූ පෙන්වා දී ඇත. ඉස්ලාම් දහම අදහන මුස්ලිම් ජාතිකයන් එම දහමට අනුව  මිහිදන්  කළ යුතුය.

එහෙත්  ඊට පටහැනිව යමින්  මියගිය  අයගේ සිරුරු ආදාහනය කළ බවද එය අයිතිවාසිකම්  උල්ලංඝනය කිරීමක්  බවද මෙම පෙත්සම මගින් පෙන්වා දී ඇත.

එබැවින් මෙම  රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය  ක්‍රියාත්මක වීම අත්හිටුවන    අතුරු   නියෝගයක් නිකුත් කරන ලෙස ද කෝවිඩ් වසංගත ය නිසා  මියයන  මුස්ලිම් ජාතිකයන් ආදාහනය  නොකරන ලෙසට  බලධාරීන්ට නියෝගයක් කරන්නැයිද පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.  

 



අදහස් (24)

සිරුරු ආදාහනය කිරීමට එරෙහිව බදියුදීන්ලාගේ පෙත්සම ජූලි 22 දාට

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 27 May 2020 11:49 AM

නිරෝධායන කටයුතුවලට සහයෝගය දී තම අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නොනගණ කිතුණු හා කතෝලික සොහොයුරන් හට අපගේ ප්‍රණාමය...! එමෙන්ම, මුස්ලිම්වරුන්ව නොමඟ යවන ජාතිවාදී, අන්තවාදී සමහර දේශපාලුවන්ට අපගේ විරෝධය...

:       540       836

RaveendraWednesday, 27 May 2020 12:11 PM

ඔබගේ වටිනා අදහස්වලට ගරු කරන අතර මොවුන් සැමවිටම කරන්නේද අන්තවාදය පැතිරවීම නොවේද? එබැවින් මෙම ඌරන් දුටු තැන ප්‍රතික්ෂේප කිරීම වැදගත් නොවන්නේද?

:       555       571

Jose vasWednesday, 27 May 2020 12:29 PM

කතෝලිකයන් හැටියට අපි නම් විරුද්ධයි ආදාහනය කරනවට... මොකද ලෝක සෞක්‍ය සංවිධානය කියන්නේ නිකන් අටවා ගත්තු මගුලක් නෙවෙයි. ලෝකයේ සිටින අති විශිෂ්ටයන්ගෙන් සැදුම් ලත් කාර්ය මණ්ඩලයක්... හැම තීරණයක්ම ලෝක සෞක්‍ය සංවිධානය කියන විදිහට කරනවා. නමුත් මෙතැනදී ජාතිවාදීව හැසිරෙනවා...

:       467       554

සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 27 May 2020 01:24 PM

රවීන්ද්‍ර මහතාටත්, jose Vas මහතාටත් ස්තූතියි. කිතුණු හා කතෝලික සොහොයුරනි, ඔබලාගේ වේදනාව අප හඳුනන්නෙමු. අපද දේශපාලකයන් වන්දනා මාන නොකරමු. ඒත්, අන්තවාදීන්ගේ සටනට පණ නොදෙමු. සහරාන් වාදීන් මේ සටන පසුපස සිටිනවාදැයි නොදනිමු. බුද්ධිමත් වෙමු.

:       1       0

කපුරුහාමි Wednesday, 27 May 2020 12:14 PM

ඔක්කොම වැඩ කරලා තියෙන්නේ දහමට සහ ඉගැන්වීම්වලට අනුව වෙන්න ඇති. මොකටද මගේ කට. අරාබිකරයේ ඉන්න අය කරන දේවල් දන්නේ නැහැ වගේ...

:       277       326

Jerad Wednesday, 27 May 2020 12:23 PM

කතොලිකයන් හැටියට අපිත් විරුද්ධයි මේ ක්‍රමයට... ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙද්දී භූමදානය කරන්න පුළුවන් කියලා. ලෝකයේ සෑමරටක්ම භූමදානය කරද්දී අපේ රටේ විතරක් මුස්ලිම් සහ කතෝලික අපේ අයිතිවාසිකම්වලට එරෙහිව කටයුතු කරනවා. විද්‍යාත්මක ක්‍රමයට මේ ගැන කටයුතු කරන්න කියලා තියෙද්දී මේ වගේ මෝඩ වැඩ කරන්නේ. ලෝක සෞක්‍ය සංවිධානයේ අනිත් නීති එකහෙලාම පිළිගන්නවා.. මේක කරන්න කැමති නැහැ. විද්‍යාත්මක පැහැදිලි කිරීමකුත් නැහැ.

:       582       552

NuwanWednesday, 27 May 2020 12:58 PM

හලෝ ලංකාව දුප්පත් රටක්... එ්ක දුප්පත් වුනේ 1948 ඉඳන් රට කරපු දේශපාලුවෝ හින්දා. මේ වගේ වසංගත තත්ත්ව ආවම ඔය කියන විදිහට භූමදාන, අරවා, මෙව්වා කරන්න ගියොත් ඕක තවත් පැතිරෙන්න තියෙන ඉඩ කඩ වැඩියි... ඒ වගේම ඒවට සම්පත් සහ සෞක්‍ය අංශයේ අය යොදවන්න ගියොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නැහැ. අප්‍රිකාවේ එබෝලා පැතිරුණෙත් වළ දාපු මුස්ලිම් අයගේ මිනී ඕජස් බොන වතුරට එක්වෙලා. ඒ වගේම දෙයක් ලංකාවෙත් වෙන්න පුළුවන්. තම covid පටන් ගත්තා විතරයි ඡන්දෙන් පස්සේ ඕවා ගණන් කරන එකත් නවත්වයි. මෙතන මළමිනී බදාගෙන දඟලන්නේ නැතුව රටේ තියෙන තත්වයට අනුව හැඩ ගැහෙනවා. ඔහෙලා වගේම බෞද්ධ අයත් මේකට මුහුණ දෙනවා. ඉන්න බැරි නම් ආපු දිහාකට යන්න පුළුවන්...

:       258       207

Jay Wednesday, 27 May 2020 08:37 PM

Jerad, විද්‍යාත්මක පැහැදිලි කිරීම ඉතා හොඳින් තියෙනව අදාළ වෙබ් සයිට් වල. භූමදානය කළාම අනාගතයේ මුහුන දෙන්න වෙන ප්‍රශ්න, සහ ආදාහනය කළාම කොහොමද රිස්ක් එක නැති වෙන්නේ කියලා. හොයල බලල, කියවලම කමෙන්ට් කළා නම් තමයි හොඳ...

:       0       0

Sheron Wednesday, 27 May 2020 12:26 PM

කතෝලිකයන් හැටියට අපිත් විරුද්ධයි... මෙවැනි මෝඩ තීරණ වලට... ලෝක සෞඛ්‍ය සංවිධානයට උඩින් දාන්න දෙයක් මේ ගොල්ලන්ට තියෙනවද? හැමදේම ලෝක සෞක්‍ය සංවිධානයෙන් ගන්න පුළුවන්... භූමදානය කරන්න බැහැලු. තනිකර ජාතිවාදී තීරණයක්... කිසිම විද්‍යාත්මක සොයාගැනීමක් කරන්නේ නැතිව ගත්තු මෝඩ තීරණයක්... ජලයේ මේ වයිරසය ජීවත්වෙන්නේ නැහැ කියල ඔප්පු කරලා තිබෙද්දී මෝඩ තීරණ අරන් තියන්නේ...

:       513       521

Linse Wednesday, 27 May 2020 12:52 PM

කතෝලික අපිත් විරුද්ධයි මිනී පුච්චනවට. හොඳ නැද්ද වැදගත් විදිහට භූමදානය කරා නම්...

:       468       458

samanthiWednesday, 27 May 2020 03:12 PM

හොඳ නැද්ද වැදගත් විදිහට අපියි, ඔයගොල්ලෝයි කට්ටියම භූගත ජලය උඩ මට්ටමේ තියෙන දිහාවලදී කොරෝනා වතුර බීලා නහිනකොට?

:       0       0

saman Wednesday, 27 May 2020 12:56 PM

කතෝලිකයන් හැටියට ඉහත අදහස් දක්වා ඇත්තේ කතෝලිකයන්මද? මට නම් පෙනෙන්නේ එකම කෙනා නම් තුනකින් එකම අදහස ලියා තිබෙන බවයි

:       98       99

නරේන්ද්‍ර ගුණතිලක Wednesday, 27 May 2020 01:20 PM

මෙම කරුණේදී අප සලකා බලන්න වෙන්නේ ඉස්ලාමීය ආගමික විශ්වාසයන් හා මෙම ව්‍යසනය හා ගැටෙන පුරුදු කිහිපයක් ගැන. උදාහරණයක් ලෙස ඉස්ලාමීය පුද්ගලයෙක් මියගිය විට ඔහුගේ දේහය සම්පූර්ණයෙන් විවෘත කොට ජල ස්නානය කිරීම පළමු ගැටළුවයි. එහිදී එම නාවා ඉවත් කරන ජළය හා ස්නානය කරවන්නන් පිලිබඳව මතුවන සෞඛ්‍ය ආරක්ෂක වැඩ පිලිවෙල කුමක්ද? දෙවැන්න තමයි මියගිය අයගේ දේහය රෙදි කඩකින් වසා මුහුණ සම්පූර්ණයෙන් විවෘත කිරීම. ඊලඟට දේහය ඉදිරිපිට සිදු කළ යුතු ආගම ඇදහීම. 4වැන්න තමයි දේහය වැලලීම සදහා වල කැපීම පිලිබඳව විවිධ ප්‍රදේශ සඳහා ඇති භූගෝලීය පිහිටීම. මොකද හුඟාක් වෙලාවකට වල අඩි 4ක් හෝ 5ක් පමණය. ලෝක සංවිධානය යෝජනා කර ඇත්තේ අඩි 8 ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වල කපන ලෙසයි. එනමුත් ලංකාවේ බොහෝ ස්ථාන වල අඩි 5 හෝ 6ක් කපන විට භූගත ජලය මතුවේ. එමනිසා මේ දේහය රෙදි කැබැල්ලකින් වසා ඇති බැවින් භූගත ජලය සමග මිශ්‍ර වීමේ විශාල බළපෑමක්‍ ඇත. මේ සියල්ල සලකා බලා කෝවිඩ්-19 මගින් මියයන මුස්ලිම්වරු පමණක් නොව සියළු අයගේ දේහයන් ආදාහනය කිරීම ඉතාමත් උචිත ක්‍රියාවක් බව පැහැදිලිය. කතෝලික හෝ ක්‍රිස්තියානි අයගේ විරුද්ධ වීම ගැන විග්‍රහ කිරීම අනවශ්‍යයි.

:       0       0

Dan Wednesday, 27 May 2020 01:20 PM

සාමාන්‍යයෙන් සතෙක් මැරුණාම පුච්චනවද? ඉතින් ඇයි මිනිස්සුන්ව පුච්චන්නේ?

:       0       0

Upul Wednesday, 27 May 2020 01:20 PM

කතෝලික නමින් අපේ අරාබි අයියල කොමෙන්ටු දානවා හිරිකිතේ බැහැ...! අර පාස්කු බෝම්බකාරයෝත් ගිනි අරගෙනනේ මැරුනේ.. එ් ගොල්ලන්ට නම් කන්‍යාවියන් 72ක් ලැබුණා. මේ ගොල්ලන්ට නොලැබෙයි කියලයි ප්‍රශ්නේ.

:       0       0

Fernando Wednesday, 27 May 2020 02:13 PM

මම කතෝලික. අපේ පවුල්වල නම් කිසිම විරුද්ධත්වයක් නැහැ ආදාහනයට... මොකද මම අදහන දහමෙ විශ්වාස කරන්නේ දවසක අපි දූවිල්ලට හැරෙනවා කියලා මිසක්, මේ භෞතික ශරීරය පිටින් ස්වර්ගෙට යනවා කියලා නෙවෙයි. මැරුණාට පස්සෙ අවසන්කටයුතු කොහොම කළත් මොකෝ... කොහෙ ගියත් යන්නේ ආත්මය විතරක් නිසා... අනික අපේ ආගමේ කොතැනද ආදාහනය තහනම්...?

:       0       0

රාහුල හිමි Wednesday, 27 May 2020 02:36 PM

බෞද්ධයින්ට නම් මලමිනියට කරනදේ වැදගත් නෑ. මොකද අපි වැදගත්කොට සළකන්නෙ ජීවිතය නිසා.

:       0       0

Helen Wednesday, 27 May 2020 02:53 PM

Jose vase නමින් ව්‍යාජ කතෝලික බැතිමතෙක් අදහස් දක්වා තිබේ. මෙවැනි බොරු නම්වලින් පෙනී සිටිමින් අන්තවාදී න්‍යාය පත්‍ර ගෙන යන අය අපි නිතරම දකිමු. කතෝලික අපට කෙලින් කතා කරන, කිව යුත්ත නොවලහා පවසන නායකත්වයක් ඇත. සමස්ත කතෝලික ප්‍රජාව නියෝජනය කරන උන්වහන්සේ ඉහත සඳහන් අවසන් කටයුතු පිළිබඳ ගැටලූවක් ඇත්නම් මෙලහකටත් ඒ ගැන හඬනගා ඇතිවාට සැකයක් නැත. කෑම බීම, ආවාහ විවාහ ආදී සබ්බ සකල මනාවම තම අභිමතය පරිදි බලාපොරොත්තු වන මේ මිනිසුන් සැලසුම් සහගතව සිංහලයා භේද භින්න කිරීමට දඟ දැමුවද? හැමදාමත් හැමෝම රැවටීමට නොහැකි බව මතක තබා ගත යුතුය.

:       0       0

Prabha Wednesday, 27 May 2020 03:11 PM

අපේ මිනිස්සු හැමදේකටම ආගම නැතිනම් දේශපාලනය ගාවා ගන්නවා. මේ අවස්ථාවේ මුල්තැන දියයුත්තේ සෞඛ්‍ය මිස වෙනත් දේවල්වලට නොවේ.

:       0       0

ගයාන් සමරසේකර Wednesday, 27 May 2020 03:52 PM

ලෝක සෞඛ්‍ය සංවිධානයට තවත් රටක් වෙත නීති පැණවීමේ හැකියාවක් නෑ. ඔවුන් කරන්නේ නිර්දේශ ඉදිරිපත් කිරීම පමණයි. එමෙන්ම එම නිර්දේශ ඉදිරිපත් කරණ විටම ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කර සිටිනවා ඒවා අවම අත්‍යවශ්‍ය නිර්දේශ පමණක් බවත්, අදාල රාජ්‍යයන් පවතින විද්‍යාත්මක හේතු (උදා. ශ්‍රී ලංකාවේ ජල ස්ථරය ඉතා ඉහළින් පිහිටා තිබීම ) අනුව සුදුසු ලෙස වැඩි දියුණු කල යුතු බව. මම කිසිම ආගමක් නො අදහන හේතු වාදී පුද්ගලයෙකු ලෙස රජය විසින් ගත් එම තීරණය නිවැරදි බව විද්‍යාත්මක මනසකින් බලන ඕනෑම කෙනෙකුට එකඟ විය හැකි බව පවසා සිටින්න කැමතියි.

:       0       0

Thilina Wednesday, 27 May 2020 03:59 PM

කතෝලික කියලා එක එක නම් වලින් එකම විදිහට කොමෙන්ට් දානකොට අපිට තේරෙන්නේ නැහැ කියලා හිතුවද දන්නේ නැහැ .. බදුර්දීන්ගේ සෙට් එකම බැහැල වෙන නම්වලින්.. කතෝලික මිනිස්සු කවදාවත් ඔහෙලා වගේ අන්තවාදී විදිහට හැසිරීලා නැහැ .

:       0       0

rasi Wednesday, 27 May 2020 06:25 PM

ඉහත ආගම මුලික කරගෙන අදහස් පළකරපු අයට කියන්න තියෙන්නේ ..මේක දෙවියන්ගේ කැමැත්ත කියලයි.

:       0       0

ferna Wednesday, 27 May 2020 10:11 PM

කතෝලික කියාගත් පිරිසක් පලකල අදහස්වලින් ලෝකය පිලිබඳ දැනුම පෙනි යනවා. වසංගතයකින් මරුමුවට පත් කෙනෙක් ආදාහනය කිරීමේ වරදක් නැති බව වටහා නොගැනීම දුකට කරුණක්...

:       0       0

Gagana Thursday, 28 May 2020 05:49 AM

ඔව් මේක මටත් ප්‍රහේලිකාවක්... ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙද්දී මොකටද ජාතිවාදේ විදිහට වැඩ කරන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 145 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 1469 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1243 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 722 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1795 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 89 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1546 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1435 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site