IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සිරකරුවන් 267කට ජනපති සමාව

(ජයන්ත සමරකෝන්)

බන්ධනාගාරගත  කර සිටින    සිරකරුවන්  267 ක් මැතිවරණයෙන් පසු  ජනාධිපති පොදු සමාව යටතේ  නිදහස් කිරීමට   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබි ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ( පාලන) බන්දුල ජයසිංහ මහතා අද පැවසීය.
 
 මිනීමැරිම්,මංකොල්ල කෑම්,ස්ත්‍රී දූෂණ,ළමා අපචාර,මත්කුඩු   ඇතුළු සංවිධානාත්මක අපරාධ ඇතුළු වැරදී 40 කට සම්බන්ධ නොමැති සිරකරුවන් පිරිසකට මෙලෙස නිදහස හිමි වේ.
 
 වයස අවුරුදු 65 ට වැඩි  සිරකරුවන්  සඳහා  මෙම සහනය ක්‍රියාත්මක වන බවද බන්ධනාගාර කොමසාරිස්වරයා (පාලන) පැවසීය.



අදහස් (18)

සිරකරුවන් 267කට ජනපති සමාව

රවින් Wednesday, 13 November 2019 09:46 AM

දැන් අර නිදහස දුන්නු කෙනා මොන වර්ගයට අයත්ද? හොඳට බලන්න හිටන් පිස්සුකෙලින එකේ සීමාවල් නැහැ. කොරහත් බිඳගෙන රටත් ඉවරෙටම ඉවරකරලා යන්නයි හදන්නේ...

:       53       956

MaheeThursday, 14 November 2019 03:23 AM

එයා අයිති "සාධු" වර්ගයට. මාධ්‍ය ඒකකයෙන් කියල තිබුනනේ ඒ සත්ගුණවත් තැනැත්තා නිදහස් කරන්න කියල ඉල්ලපු හාමුදුරුවරුන් තුන්දෙනෙකුගේ නම්.

:       1       17

ලසන්තThursday, 14 November 2019 03:47 AM

මනුෂ්‍යත්වය පිලිබඳ සැබෑ ලෙස සිතයිනම්, සුළු වැරදි වලට සිරගතවූ මුදල් ඇති නැති, දඩ ගෙවාගත නොහැකි, අවුරුදු 70 ට වැඩි සියලු ගැහැනු සිරකරුවන් සහ 75 ට වැඩි සියලු පිරිමි සිරකරුවන් නිදහස් කරන්න.

:       1       41

sena Wednesday, 13 November 2019 09:49 AM

මේ ටික එළියට ආපුවාම අපිට රටක් ඉතුරු වේද? එක අපරාධකාරයෙක් එළියට දාපු වැරැද්ද වහගන්න තවත් අපරාධ කාරයෝ මහගොඩක් එළියේ... ගිනිගහගෙනම යන්න වගේ කල්පනාව..

:       44       505

සචිත් Wednesday, 13 November 2019 09:51 AM

කුඩුකාරයෝ එල්ලනවා කියකිය ඉඳලා දැන් හිරේ ඉන්න අයවත් නිදහස් කරනවා. මහින්දව මිනිස්සුන්ට එපා වෙච්ච නිසා මෙයා ජනාධිපති වුණාට රටක් පාලනය කරන්න තරම් කොහෙත්ම සුදුසු නැහැ.

:       0       643

sirimal Wednesday, 13 November 2019 11:30 AM

නිදහස් කරගන්න ඔය තරම් වලිකන එක්කෙනා ඔය ගොඩේ නැද්ද අප්පා?

:       0       277

lankasri Wednesday, 13 November 2019 12:07 PM

UNP ය කෙරුවයින් කලේ නැහැ මේ වගේ දෙයක්. මෙයාව ගෙනැල්ල අන්තිමේ පක්ෂෙට තිබුණු තැනත් නැති කරගත්තා. රනිලුත් රට අරගෙන ඇදගෙන ගියා මිසක් දුෂණ නැති වුණාට හරියකට හොරු ඇල්ලුවේ නැහැ. සජිත් පරාද වුණොත් ඉතින් මේ අය තමයි වග කියන්න ඕනේ...

:       20       214

amila Wednesday, 13 November 2019 12:27 PM

ලක්ෂ 62ක් ඡන්ද ගත්තේ කොහොමද කියලා හිතාගන්න බෑ. ලංකාවේ මිනිස්සු ඒ වෙලාවේ මොනවා හිතාගෙනද මන්දා මෙයාට ඡන්දේ දුන්නේ...

:       119       151

පිටිගල මිලානෝ Wednesday, 13 November 2019 12:33 PM

දුමින්දවයි, තංගල්ලේ සභාපතියි එළියට දාගන්න නේද මේ කුරුමානම...?

:       44       439

gunarathna Wednesday, 13 November 2019 02:58 PM

ජනාධිපති ඡන්දෙන් පස්සේ එයාට කොහෙද බලයක් තියෙන්නේ ඒවාට ඇඟිලි ගහන්ට? ඔය හදන්නේ ඡන්දෙන් පස්සේ කුඩුකාරයන් එකතුවෙලා එල්ලුම්ගහ යවන්න හදාවි කියලා බයට...

:       0       61

පින්සිරි Wednesday, 13 November 2019 04:23 PM

සිරිසේන ජනපතිතුමනි ඔබට, අප රට නොවටිනා බව අප තේරුම් ගත්තෙමු. නමුත් අපට අපගේ ඉදිරි දරු පරපුරට මෙම රට වටිනා බැවින් එය කිලිටි නොකර පුටුවෙන් බැස යන්න. ඉන්පසුව ඔබතුමාට අවශ්‍ය පින්දහම් පුරන්න. සිරකරුවන් නිදහස් කර ලබාගත හැකි පින් නොව පව් පමණි.

:       12       342

Ruhunu Wednesday, 13 November 2019 06:49 PM

මේ රටේ ජනාධිපතිද? නැත්නම් උසාවියේ නඩුකාරතුමාද? මෙහෙම බලන්ගියොත් රටකට උසාවි වැඩක් නැහැනේ. ආවේ හොරු අල්ලන්න නමුත් දැන් ඉන්න හොරු ටිකත් නිදහස් කරනවා.

:       2       25

prasad Wednesday, 13 November 2019 10:27 PM

හිර ගෙදර සල්ලි ඉතුරු කරන්න කියලා ඔක්කොම හිරකාරයෝ නිදහස් කරයිද දන්නේ නැහැ. අපිටයි දැන් එල්ලෙන්න හිතෙන්නේ. අනේ අපිට මෙහෙම මෝඩ වැඩ දිහා බලන් ඉන්න වුනානේ?

:       0       19

Chathuri Wednesday, 13 November 2019 11:21 PM

ජනාධිපති වුනේ හොරු අල්ලනවා කියලා නමුත් අල්ලපු හොරෙක් නැහැ. කාට පේන්නද මේවා කරන්නේ, පෝයටත් නිදහස් කරන්න පටන් ගනියි ඔහොම යනකොට

:       0       71

kap Thursday, 14 November 2019 04:15 AM

මඩ සෝදා ගත් කල ගොවියා රජ කමටත් සුදුසුය කියපු කෙනාව මට හම්බ උනානම්...

:       0       5

de silva Thursday, 14 November 2019 05:19 AM

තංගල්ලේ සබාපති කොහොමත් තව අවරුදු 3-4 කින් එලියට එනවා ,

:       0       9

උපුල Thursday, 14 November 2019 06:57 AM

පින් රැස් කරනවා වගේ මට පෙන්නේ.

:       0       0

dd Thursday, 14 November 2019 06:36 PM

නීතිය අතට ගන්න එපා.

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 14 0

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 34 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 54 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 174 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2601 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


’’නිලධාරීන්ගෙ වැරදි නිසා බැනුම් අහන්නෙ අපි’’
2024 අප්‍රේල් මස 25 213 1

ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේ වැරැදි තීන්දු තීරණ නිසා රජයටත් ජනතාවටත් විශාල පාඩු සිදු වෙන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1697 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1543 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site