IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලීමක්

(බිඟුන් මේනක ගමගේ) 

රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන්ගේ හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය යටතේ සඳහන් විධි විධානවලට යටත්ව සිර දඬුවම් ලැබූවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන වැඩපිළිවෙළක් සකසන්නැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

සැකකරුවන් වශයෙන් බන්ධනාගාරගත වන්නන්ට හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තිය යටතේ සඳහන් විධි විධානවලට යටත්ව සිර දඬුවම් ලැබූවන්ට මැතිවරණයකදී ඡන්ද අයිතිය හිමිවන නමුත් මෙතෙක් ඊට ප්‍රායෝගික වැඩපිළිවෙළක් බන්ධනාගාර මට්ටමින් ක්‍රියාත්මක නොවන්නේ යැයි එම සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

මේ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 හා 4 වගන්ති අනුව සුදුසුකම් ලැබූ සිරකරුවන්ට තමන්ගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාව අහිමි වී ඇතැයි ද එමගින් සිරකරුවන්ට සැලකීම පිළිබඳ එක්සත් ජාතින්ගේ අවම ප්‍රමිති උල්ලංඝනය වී ඇතැයි ද නීතිඥ සේනක පෙරේරා මහතා කියයි.

මේ නිසා සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන ප්‍රායෝගික වැඩපිළිවෙළක් සැකසීමට පියවර ගන්නා මෙන් ඉල්ලා සිටින්නේ යැයි ද සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව මැතිවරණ කොමිෂන් සභාවෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.  

 



අදහස් (10)

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය තහවුරු කරන්නැයි ඉල්ලීමක්

ලසන්ත Thursday, 18 July 2019 01:19 AM

මෙම ඉල්ලීම ක්‍රියාත්මක කලොත් සිර දඬුවම් නියම කිරීම තේරුමක් නැති වැඩක් වෙනවා. සිවිල් සමාජයට අනර්තකාරී දේ සිදුකළාට දඬුවම් දුන්නාම ඡන්ද අයිතිය නොදුන්නොත් මෙන්ම නිදහස් වී පැමිණ වසර පහක්වත් යනතුරු ඡන්ද අයිතිය නොදුන්නොත් ඔවුන් නැවත නැවතත් වැරදිවලට යොමුවීම අඩුවේවි. එහෙම නැතිව සිරගතකළා කියලා සිරකරුවන්ට මොවුන් කියන ලෙසට ජනතා මුදල් යොදවමින් පෝෂ්‍යදායක ආහාර දෙමින් වැරදිකරුවන් නඩත්තු කළහොත් මේ රටේ කිසිදාක අපරාධ අඩුකිරීමට හැකියාවක් නොලැබේවි. ඒ වගේම මෙවැනි දූෂිතයින්ට රැකවරණ ඉල්ලන සංවිධානත් සම්පූර්ණයෙන් රටතුළ තහනම් කළයුතුය...

:       46       222

සේන Thursday, 18 July 2019 05:35 AM

සිරකරුවන් ත්‍රස්තවාදීන් තම අයිතීන් දිනාගන්නා පාලනයක්. ⁣අහෝ ! රටකට ගිය කලක්.

:       0       0

Adhikaari Thursday, 18 July 2019 06:20 AM

සිරකරුවන්ගේ ඡන්ද අයිතිය දෙන්න කලින් රටට ලැබෙන ලොකුම අාදායම වන විදේශ විනිමය එවන පිටරට වැඩකරන අපේ ඡන්ද අයිතිය ලබාදෙන්න. ඒ සඳහා කවුරුවත් කතා නැත.

:       0       65

Amila Chathuranga Thursday, 18 July 2019 06:38 AM

සියළු සත්වයන්ට මෛත්‍රී කරන්න කියලා තුන්වේලටම කියන රටේ සිරකරුවන්ට සලකන්න විධිවිධාන ගේන්න ගියාම ඒකට විරුද්ධ වෙනවා. සිරගත කරන අය නැවත ඒ ජාතියේ වරද නොකරන්න එයාලට මගපෙන්වනවා මිසක ඒ කට්ටියගෙන් පලිගන්න වැඩකරන එක ශිෂ්ඨ සමාජයට ගැලපෙන්නේ නැහැ. සාමාන්‍ය සමාජයේ ඉද්දි අනික් මිනිස්සුන්ට තවත් හිරිහැර වේය කියලා එයාලා වෙන් කරලා තියනවා මිසක මේ අය මනුස්සයෝ නෙමෙයි කියලා කොටුකරලා තියන්නේ නැහැ කවුරුවත්. සිරගෙදර බිත්තියේම ගහලා තියෙනවා සිරකරුවෝද මනුෂ්‍යයෝය කියලා. ඒ අයට හොඳට සැලකළා.. ඒ අයට අලුත් ජීවිතයක් ගෙනියන්න අවශ්‍ය කරන හැකියාව, ශක්තිය, මාර්ගෝපදේශනය හිරගෙදරින් ලැබෙනවා නම් කිහිපවතාවක්ම හිරගෙදර විසිට් යන පිරිස එන්න එන්නම අඩුවේවි....

:       36       259

AmalThursday, 18 July 2019 08:18 AM

සිරකාරයින්ට ඡන්ද අයිති දෙන්න කලින් එළියේ ඉන්න මිනිස්සුන්ට ජීවත් වෙන්න ක්‍රම හදපල්ලා.. එපා කියලා නෙමේ කියන්නේ ප්‍රමුඛත්වය අඳුනා ගනිල්ලා...

:       0       40

asoka Thursday, 18 July 2019 06:59 AM

බූරුවෙක් ලෝයර් කෙනෙක් වුණාම ඔහොම අදහස් පහළ වෙනවා..

:       0       16

sampath Thursday, 18 July 2019 07:56 AM

සිරකරුවන්ට ඡන්ද අයිතිය දීම හෝ නොදීම අපරාධ අඩුවක් හෝ වැඩියක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම විදෙස්වල ඉන්න අයටත් රෝහල් වල නේවාසිකව ඉන්න අයටත් මේ ඡන්දය භාවිතා කිරීමේ කිසියම් ක්‍රමවේදයක් හඳුන්ව‍ා දීම කාලෝචිතයි. ඒ වගේම සිරකරුවන්ට ඡන්දය දාන්න දෙනවා නම් විශේෂ වැඩපිළිවෙලක් අවශ්‍යයි. මොකද ඒ අය ස්වාධීනව ක්‍රියා කිරීම ප්‍රායෝගික නැහැ. මේ සඳහා සුදුසුම ක්‍රමය වන්නේ විද්‍යුත් ජන්ද ක්‍රමයක් හඳුන්වා දීමයි.

:       0       0

DhammikaThursday, 18 July 2019 08:20 AM

මේක ගේන්න හදන්නේ දේශපාලකයන් වෙනුවෙන් කඩේගිහින් මිනී මරලා, හොරමැරකම් කරලා හිරේ ගිය අයගේ ඡන්ද ලබාගන්න.

:       0       31

Prabha Thursday, 18 July 2019 08:56 AM

ඇතුලේ ඉන්න මන්ත්‍රීලා ඇමතිලා ඡන්ද ව්‍යාපාරයේ යෙදෙන්න අවස්ථාවක් දෙන්න වගේ හදන්නේ....

:       0       0

nimal Thursday, 18 July 2019 09:43 AM

මිනීමරුවන්ටත් ඡන්ද අයිතිය දෙනවා නම් ඔවුන් අතින් මැරුණු අයටත් ඡන්දය පාවිච්චි කිරීමේ ක්‍රමයක් යොදන්න. සියල්ලම සාධාරණව කරාවි කියලා හිතනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 693 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 931 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 530 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1435 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 74 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2583 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 230 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1543 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site