IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


සියයට 25 කට කාන්තා නියෝජනය ලබාදීම අර්බුදයක් - මහින්ද දේශප්‍රිය

රංජන් කස්තුරි
පළාත් පාලන ආයතනවල සියයට 25 ක කාන්තා නියෝජනය ලබාදීම මේ වන විට අර්බුදයක් බවට පත්ව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
 
සෑම පළාත් පාලන ආයතනයකම සියයට 25 ක කාන්තා නියෝජනය අනිවාර්ය කර ඇතත් මන්ත්‍රීවරුන් පත්ව ඇති ආකාරය අනුව එය අර්බුදයක් බවට පත්ව ඇතැයි සභාපතිවරයා සඳහන් කළේය.
 
එම නිසා පනත සංශෝධනය කර කාන්තා නියෝජනය පිළිබඳ සංශෝධනයක් ගෙන එන්නැයි තමන් පාර්ලිමේන්තුවට යෝජනා කරන බව ද සභාපතිවරයා කියා සිටියේය.
 
පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රමාද වූයේ පරිගණක වැඩසටහනෙහි ඇති වූ දෝෂයක් නිසා බව කී දේශප්‍රිය මහතා එහි සියලු වරද තමන් තනිව භාරගන්නා බව ද කීවේය.
 
මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ රාජගිරියේ පිහිටි මැතිවරණ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
 



අදහස් (8)

සියයට 25 කට කාන්තා නියෝජනය ලබාදීම අර්බුදයක් - මහින්ද දේශප්‍රිය

sirimal Wednesday, 14 February 2018 05:54 PM

සැබෑවක්ද ඔබ පවසන්නේ? (දෙබස් කැවූ ටෙලි නාට්‍යයක කෑල්ලක් නෙවේ)

:       0       0

Nandalal DE SILVA - France Wednesday, 14 February 2018 10:23 PM

ඕකටත් එහෙනම් කොමිසමක්වත් පත් කරලා බලමුද ? දැනට රටේ තිබෙන කොමිසම් ගොඩ උඩට තවත් එකක් වැටුනට කමක් නැහැ නේ.

:       0       0

Bamunuarachchi Thursday, 15 February 2018 01:47 AM

කාන්තා නියෝජනය අවශ්‍යම දෙයක්ද? මොකක්ද විශේෂත්වය?

:       0       0

KANDEPOLA Thursday, 15 February 2018 02:57 AM

ඔන්න අපේ රට. අර්බුධයක් එන බව කල් තියා දැන ගන්න තරම් විචාර බුද්ධියක් අපේ නීති සම්මත කරන අයට නෑ.

:       0       0

indika Thursday, 15 February 2018 03:06 AM

මේකනේ ප්‍රශ්නේ නීති හදනවා පසුව වෙනස් කරනවා උවමනා විදිහට. ඕක නෙවේ කරන්න උවමනා. නීතියේ විදිහට පක්ෂ වලට අපේක්ෂකයන් දාන කියන්න. නැතිනම් මන්ත්‍රී වරුන් සංඛ්‍යාවකින් මණ්ඩලය නියෝජනය කරන්න. පක්ෂ හරි විදිහට වැඩ කරේ නැතිනම් ඒගොල්ලන්ට පාඩුව. දැන්වත් සංයමයක් ඇති කරන්නකෝ අපි කරන වැඩ වල.

:       0       0

පැරකුම් Thursday, 15 February 2018 03:25 AM

අනිවාර්ය කාන්තා නියෝජනය බංග්ලාදේශයේ සහ පාකිස්තානයේ දැනටමත් තියෙනවා.

:       0       0

එච්.ටී.ඒ.තිලකසිරි Thursday, 15 February 2018 04:07 AM

ප්‍රකාශ කිරීම පහසුයි, නමුත් ක්‍රියාත්මක කිරීමේදී ගැටළු ඇතිවන බව ආචාර්යවරුන්ද සිහිතබා ගතයුතුය.

:       0       2

kalpa Thursday, 15 February 2018 02:32 PM

පළාත්පාලන ආයතන පනත සංශෝධනය කරද්දී රාජ්‍ය ආයතන කීයකින් පරික්ෂා කළද, ඔවුන්‍ කාටවත් මෙවැනි ප්‍රශ්න ඇතිවෙයි කියලා කාටවත් හිතුනේ නැද්ද? අපරට ගැන හරිම කණගාටුවක් හිතෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොත්තු රොටියට 1900ක් ඉල්ලූ මුදලාලි කූඩුවට
2024 අප්‍රේල් මස 16 1716 0

විදේශිකයකු කෙසෙල්වත්ත අලුත් කඩේ ප්‍රදේශයේ ස්ට්‍රීට් ෆුඩ් නමින් හඳුන්වන ප්‍රදේශයේදී ආහාර මිලදී ගැනීමට පැමිණි සිටියදී ඔහුට පරුෂ වචනයෙන් බැණ වැදී හිර


අවුරුදු කන්න මැති ඇමැති විස්සක් රට යති
2024 අප්‍රේල් මස 16 672 0

මැති ඇමතිවරුන් විස්සකට වැඩි පිරිසක් විදේශගතව සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


පෙම් හබේ දුරදිග ගිහින් මවට-පෙම්වතියට පිහිපහර:පෙම්වතා මරුට
2024 අප්‍රේල් මස 16 1071 0

යාපනය ඉලවාලෙයිහිදී පුද්ගලයෙකු සිය පෙම්වතියට හා ඇයගේ මවට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව ඔහුද මිය ගොස් ඇති බව ඉලවාලෙයි පොලිසිය සදහ


කෙහෙළිය රඹුක්වැල්ලගේ නිල වාහන තවම බාර දී නැහැ
2024 අප්‍රේල් මස 16 1008 0

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල රක්ෂිත බන්ධනාගාර ගත කර මාස තුනකට ආසන්න වී ඇතත් ඔහු අමාත්‍යවරයාව සිටියදී ලබා දුන් නිල වාහන දෙක තවමත් ඔහුගේ පවු


ගවයින් රකින්න ගිය කත වන අලියාට බිලි
2024 අප්‍රේල් මස 16 384 0

මඩාටුගම නිදිගම ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ගවයින් රැගෙන ඒමට ගිය අවස්ථාවේදී වන අලියෙකුගේ පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව මඩඅටුගම් පොලිසිය පවසයි.


නවතා තිබූ ලොරියේ බසයක් ගැටී 10ක් රෝහලේ
2024 අප්‍රේල් මස 16 569 0

ලංගම බස් රථයක් නවතා තිබු ලොරියකට පිටුපස ගැටීමෙන් කොන්දොස්තරවරයා ඇතුලු දස දෙනෙකු පොල්පිතිගම මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 152 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1431 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site